මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයා නිසා වගකීමෙන් බැහැර වන්නේ නැති මුත් මෙය එක්සත් ජාතික පක්ෂ අයවැයක් ලෙස තේරුම් ගත යුතු යැයි ද, එය ජනපති අමාරුවේ දැමීමේ අයවැයක්යැයි ද හිටපු ඇමැති සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
බඩු මිල පහත දැමීම අයවැයකින් අපේක්ෂා නොවන බවත්, මෙවර අය වැය පොදු ජනතාව තලා පෙලා ධනපති පන්තියට වාසි සලන ආකාරයේ ධනේෂ්වර ක්‍රමය සංවර්ධනය කරන අයවැයක් බවත් ඔහු පැවසීය.
මෙම මාධය සාකච්ඡාවට බද්දේගම සමිත හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරු කෑ කෝ ගැහැව්වත් අසරණ අපි තමයි හැමපැත්තෙන්ම බැටකන්නේ. (ර)
ඕක තමා කවුරුත් ඉල්ලපු වෙනස. (ර)
බඩු මිල අඩු නොකලානම් මිල වැඩීයි කියලා බෙරිහන් දෙනවා. අඩු කලාම එකටත් බනිනවා. (ර)
අඩු කරපු ඒවානම් වැඩි කල් තියෙන්නේ නැ. බූමි තෙල් , ගෑස් ලගදීම තෙල් වැඩි වෙන කොට වැඩි වෙනවා. අල ළූණු ගොවීන් ආරක්ෂා කරන්න කියලා ටැක්ස් එක ගහයි. ඉතුරු වෙන්නේ ඉතින් අපි හැමදාම කන පරිප්පුම තමයි. (ර)
කොහොමහරි මහත්තයෝ අපිට ඕන බඩු මිල අඩුවෙන්න. (ර)
බඩු මිල අඩුකළත් මේ මිනිස්සු බනිනවා. කොහොම නමුත් පොදු ජනතාවට නම් මෙම අයවැයෙන් ගොඩක් සහන ලැබුනා (නි)
බඩුමිල වැඩි කරන්නේ නැහැ සංශෝධනය කරනවා විතරයි. (නි)
අපි ඔබතුමා සමඟ එකඟයි (නි)
ගුණසේකර මහත්තයෝ, අපිට නම් මේක හොඳයි (නි)
සමහරු හැමදාම ධනපතියන්ට දොස්කියනවා. ඒත් එයාලගේ ධනය, බලය බැලුවහම එයාලාත් වැටෙන්නේ ලංකාවේ ඒ ගොඩටමයි. ලංකාවේ තියෙන්නේ සමාජවාදයක් නෙමෙයි කුහකවාදයක්. ඒක පෝෂණය කිරීම තමයි හැමදාම කළේ. දුප්පත් මිනිහාට කීයක්හරි බඩු මිල අඩුකළාම ඒකත් සටන් පාඨයක්. (නි)
සමහරුන්ට තමන් අකමැති කවුරුහරි හොඳක් කළත් ඒක පෙනෙන්නේ ඇදේට! (නි)
භූමිතෙල්,අල,ලුණු,පරිප්පු වගේ ආහාර ද්‍රව්‍ය අඩුකළ එක ධනපතියන්ට නෙමෙයි දුප්පත් අපිටයි සහනයක් වෙන්නේ. (නි)
අපිට ජීවන වියදම අඩු කරලා පෙන්වන්න. කාටත් ඒක කරන්න බැහැනේ (නි)
අපේ රටේ ඉන්න ඔක්කොම බොරුවට කටමැත දොඩවන අය. මේ කට්ටියටත් මොකක්හරි එකක තනතුරක් දීලා අපි නැහීගෙන හමිබකරන සල්ලි වලින් රු. හැට හැත්තෑදාහක පඩියක් දීලා වාහනයක් දුන්නහම කියවිලි මොකුත් නැහැ. අනේ අපිත් ඉපදුනානෙ මේ වගේ රටක! (නි)
මේ අයවැයන් පොදු ජනයට කිසිම සහනයක් නැ.. වැටුප් වැඩිවීම් නැ.. බදු බරනම් හොදට වැඩිකර.. වාහන මිල වැඩිකර දුප්පත් මිනිහෙකුට වාහනයක් ගන්න බැරි වෙනවා ආසාවකට (ම)