IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බඩගින්න නිර්පාක්ෂිකයි

(අංජුල මහික වීරරත්න)

කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය.

එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි  දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මව්වරුන් විඳී පීඩාව කිසිවකු අමතක නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා අද දේශප්‍රේමය සහ ජනතාවගේ දුක පිළිබඳ වේදිකාවල කථා කරන නායකයන් එදා අභියෝගය හමුවේ පළා ගිය අන්දම මේ රටේ ජනතාවට අමතක නොවනු ඇති බව කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (9) පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට  නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස මම ඉදිරිපත් වන්නේ ඇයි කියා ඇතැම් අය මගෙන් ප්‍රශ්න කරනවා. කුසගින්න නිර්පාක්ෂිකයි. කුමන පක්ෂයකට අයත් වුවත් කුසගින්න දැනෙනවා. කුස පිරවීම නිර්පාක්ෂිකයි. ඒ නිසා අප දේශපාලන පක්ෂ පාට පසෙකට දමා රටේ ජනතාවගේ කුස පිරවීමට එක් විය යුතුයි. මේ රටේ ජනතාව විඳි දුක පිළිබඳ මට හොද අවබෝධයක් තිබෙනවා. විදුලිය නොමැතිව, ඉන්ධන හා ආහාර නොමැතිව දරුවන්ව පාසලට යවා ගත නොහැකිව එදා ඔබ සියලුදෙනා විශාල දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. නැවත අප මේ දුක විඳිය යුතුද, ඒ නිසා අප සියලුදෙනා එකට එක්ව මෙම තත්ත්වය වළක්වාගත යුතුයි. 

මම ජනාධිපති ධූරයට පත්වුයේ අනෙක් අය එම වගකීම බාර නොගෙන පැන ගිය නිසයි. මම ජනාධිපති ධූරය භාර ගැනිමෙන් පසු  “අප සියලුදෙනා එක්ව ජනතාව මෙම දුෂ්කරතාවන්ගේ මුදා ගැනීමට කටයුතු කරමු” කියා සජිත් ප්‍රේමදාස මහතාගෙන්  මෙන්ම අනුර දිසානායක මහතාගෙන් ද ඉල්ලීමක් කළා.නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. ඔවුන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට අපට සහාය ලබා දුන්නේ නැහැ.

එහිදී කාන්තාවන් තුන්දෙනෙක් මට සහාය ලබා දුන්නා.  ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා  ජෝර්ජිවා එම කාන්තාවන් තිදෙනායි. දේශප්‍රේමය ගැන කථා කරමින්, ජනතාව විඳින දුක තමන් දන්නවා කියන අය එදා පැනලා ගියා. විදේශ රටවල සිටින කාන්තාවන් තිදෙනෙක් මට රට ඉදිරියට ගෙන යාමට උදව් කළා. මේ තිදෙනාගේ උපකාර නොලැබුණානම් අද අපට මෙම තත්ත්වයට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

මේ රටේ පොහොර නැති වූ අවස්ථාවේ ඇමරිකාවේ සමන්තා පවර් මහත්මිය අපට සහාය ලබා දුන්නා. ඒ පොහොර ලබාදීම නිසා අපට එම යල කන්නය සාර්ථක කරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වුණා. ඒ නිසා අප මේ කාන්තාවන්ට ස්තූතිවන්ත විය යුතුයි. 

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමි පළපුරුදු නායකයෝ යැයි කියාගන්නා කිසිවෙක් එදා මේ රටේ වගකීම භාරගත්තේ නැහැ. අප රටක් ලෙස ඉදිරියට පැමිණියේ ඉතා අසීරුවෙන්. අප තවත් ඉදිරියට යා යුතුයි. අප සියලුදෙනා විඳි දුක මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

මම එක් උදාහරණයක් පෙන්වා දෙන්නම්. 2021 වාණිජ බැංකුවල උකස් කළ රත්‍රන් භාණ්ඩවල වටිනාකම රුපියල් බිලියන 250යි. අද එය රුපියල් බිලියන 500 පසුකර තිබෙනවා. ඒ නිසා අප ඒ පිළිබඳ සහන ලබාදීමට කටයුතු කළා. ඇතැම් නිවාසවල වැඩිහිටියන් එක් ආහාර වේලක් අත හැරීමට පුරුදුව සිටියා. තවත් පිරිසක් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය නොහැකිව දුක් වින්දා. 

මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය  ලබා දුන් උපකාරය නිසා අද අපට මෙම සහන ලැබී තිබෙනවා. ජැනට් යෙලන් මහත්මිය සහ නිර්මලා සීතාරමන් මහත්මිය අපට ට සහය ලබා දුන් නිසා අද අපට ශක්තිමත්ව ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම අපට ණය ලබාදෙන රටවල් ගණනාවක් සමඟ අප ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. එහිදී අප ඇතිකරගත් කොන්දේසි මම ආර්ථික පරිවර්තන නීතියට ඇතුළත් කර තිබෙනවා. මේ මාර්ගයේ ඉදිරියට යනවා නම් අපට රටක් ලෙස ගොඩඒමට හැකියාව තිබෙනවා.

නමුත් ඇතැම් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සංශෝධනය කරනවා කියලා. රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් පැන ගිය අය අද කාන්තාවන්ගේ සහයෙන් අපට ලැබුණු මෙම සහනය ඉවත් කරන බව ප්‍රකාශ කරනවා. 

අපි සියලුදෙනා මේ ගමන ආවේ ඉතා අසීරුවෙන්. ඒ නිසා මෙම සහනය නැති කර ගන්නවද, ආරක්ෂා කර ගන්නවාද කියා අප තීරණය කළ යුතුයි. එහිදී මුහුණු දෙස හෝ නම් දෙස නොව තමන්ගේ සහ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතිය යුතුයි. එම තීරණය ඔබගත යුතුයි. 

මෙම අසීරු ගමනේදි වුවද මම මේ රටේ  කාන්තාවන් අමතක කළේ නැහැ. අස්වැසුම, උරුමය, අඩු ආදායම්ලාභී ජනතාව ජීවත් වන මහල් නිවාසවල අයිතිය ලබාදීම, කඳුකරයේ ගම්මාන ඇති කිරීමේ වැසටහන, පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන වැනි වැඩසටහන්  ක්‍රියාත්මක කරමින් සහන ලබා දුන්නා. ඒ වගේම කාන්තාවන් බල ගැන්වීමට ද අප කටයුතු කර තිබෙනවා. 

ඒ වෙනුවෙන් අපි කාන්තාවන් බල ගැන්විමේ පනත සම්මත කර ගෙන තිබෙනවා. වසර 20-30ක් මේ රටේ සුළු ජාතින්ගේ අයිතීන් පිළිබඳ සටන් ක්‍රියාත්මක වුණා. අප දැන් සාකච්ඡා කරමින් ඒවා විසඳීමට කටයුතු කරමින් සිටිනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුයි. සුළුතරයකගේ ප්‍රශ්න මෙලෙස විසඳමින් සිටියදී මෙරට බහුතරයක් වන කාන්තාවන්ටත්  සමාන අයිතිවාසිකම් ලබාදීමට අප කටයුතු කරනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවද සියලු කාන්තාවන්ට මෙම අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් අප මේ වන විට පළමු නීතිය ගෙනවිත් තිබෙනවා. ඒ වගේම කාන්තාවන්ට පිරිමින් හා සමාන අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් නීති ගෙන එනවා. ඒ වගේම මෙරට කාන්තා අයිතිවාසකම් දිනා දීම වෙනුවෙන් අප තවත් පියවර රැසක් ගෙන ඇති බව කිවයුතුයි. 

මේ පිළිබඳ දැනුවත් කිරීමට රටේ ප්‍රධාන කාන්තා සංවිධාන සහ ගම් මට්ටමේ තිබෙන කාන්තා සංවිධාන නියෝජිනය වන පරිදි විශාල කාන්ත සමුළුවක් ලබන වසරේදී කැඳවීමට අප බලාපොරොත්තු වෙනවා. 

අප සියලුදෙනාට  හොඳ රටක් අවශ්‍යයි. ඔබේ දූ දරුවන්ට මීට වඩා හොඳ රටක් අවශ්‍යයි. ඊට පෙර අපේ නිවාවල තිබෙන ජීවන බර ඉවත් කර ගනිමින් ඉදිරියට යාමට නිර්පාක්ෂිව එකතුවෙමු. රට දියුණු කරමු කියා මා ඉල්ලා සිටිනවා යැයි ජනාධිපතිවරයා පැවසීය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ   සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන,ජාතික කාන්තා කමිටුවේ හිටපු සභාපති බියට්‍රිස් දිසානායක,එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝංගහගේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ පරිපාලන ලේකම්  කුමාරි පතිරගේකඳුරට තරුණ කාන්තා පෙරමුණේ සාමාජිකා කණිෂ්කා මයිකල් මහත්මීහු ද කතා කළහ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු ජනතා නියෝජිතවරියන් අැතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (9)

බඩගින්න නිර්පාක්ෂිකයි

ජයනාත් Friday, 09 August 2024 04:46 PM

එනිසා තමයි කනකර උකස් තියලා හරි මාකට් එකට යන්නේ.... එදා තුන් ගුණයක් ඉහළට ගිය මිල අදත් එහෙමයි. කිරිපිටි 1000 පැනලා. හාල් 200ට වැඩියි. පොල් 100ට වැඩියි. සීනි 250යි. අපට තවම සුබ පණිවිඩය ලැබිලා නැහැ...

:       37       25

පිනා Friday, 09 August 2024 04:49 PM

ඔය ස්ටේජ් එකේ ඉන්න උන්දැලාගේ බඩවලුයි ඉනයි, දැකලාවත් ඔය හාමතේ වගේ ඉස්සරහාම ඉඳගෙන ඉන්න අච්චිලා, නැන්දලාට යමක් තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනේ...!

:       34       25

achini Friday, 09 August 2024 06:13 PM

ලැජ්ජයි රනිල්... ලැජ්ජයි කියලා කව්දෝ කෑගැහුවා නේද ඉස්සර.. එයා දැන් මැරිලාද?

:       0       2

Pradeep Kumara Friday, 09 August 2024 06:14 PM

රටේ බහුතරයක් ජනයාගේ කෑම වේලටත් පහර ගැසූ අයම එය වෙන කෙනෙකුන් කළා සේ කතා කිරීම කොතරම් හාස්‍ය ජනකද? මේවා විශ්වාස කරන බූරු රැලකුත් ඉන්නවානේ....!

:       0       2

ගමේ එකාලා Friday, 09 August 2024 09:22 PM

බඩගින්න වඩාත්ම දැනෙන්නේ නැති බැරි අහින්සක ජනතාවට මිස,ජනතාවගේ ලේ දහඩිය මහන්සිය උරාබීපු ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරපු දූෂිත දේසපාලුවන්ට නෙවෙයි .

:       2       7

අමල් Saturday, 10 August 2024 09:55 AM

ඒක තේරුණේ UNP එක විනාශ වෙලා ගියාමද?

:       0       6

Rata Perata Saturday, 10 August 2024 01:07 PM

මට නම් මේ මනුස්සයාගේ එකම කතාව අහලා අප්පිරියයි දැන්. කවුරුවත් නැති වෙලාවේ බාරගත්තා කියන එක දැන් මෙයා 1000 පාරක් විතර කියලා ඇති... කිසිම දැක්මක් නැහැ.

:       1       8

Rupika WeerasinghaSaturday, 10 August 2024 02:50 PM

දහස් වාරයක් කියලාවත් ලංකාවේ ඉන්න නුඹ වගේ ළිං මැඩියන්ට තේරුම් ගන්න බැරිකම තමයි රටට කෙලවිලා තියෙන්නේ ඕක තමයි පර සුද්දා කිව්වේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා (පර සුද්දා දන්නේ නැහැ කැවුම්වල තියෙන පෝෂණීය තත්වය)

:       2       4

saman Saturday, 10 August 2024 03:49 PM

සම්පුර්ණ ඇත්ත. නිර්පාක්ෂික හැමෝටම බඩගින්න. පාක්ෂික ටික දෙනෙකුට සොරා කෑ ධනය...!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 716 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4612 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2775 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 255 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1364 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1476 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28012 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site