කුරුණෑගල මුත්තෙට්ටුගලදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු පැහැරගෙන ඉන් එක් අයකු බඩගමුව රක්ෂිතයේදී වෙඩි තබා මරා දැමු පිරිස ඝාතනය වු ස්ථානයේ දමා ගිය කැප් තොප්පියක් ද සොයා ගත් බව පොලීසිය කියයි.
මෙම දෙදෙනාගේම නිල ඇඳුම් හා යට ඇඳුම් සියල්ලම ගලවා රැගෙන යන්නට ඇති බවත් පොලීසිය පවසයි.සම්පත් සිසිර බණ්ඩාර කොස්තාපල්ට මුලින්ම කොන්දට වෙඩි තැබු පසු ඊ ළග වෙඩි උණ්ඩය තමාට එල්ලවන බව දැන ගත් කොස්තාපල් වීරසුරිය මිනීමරුවන් සමඟ පොර බදා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
ඔහු මහ රෑ නිරුවතින් අසල නිවසකට දිව ගොස් සැගවී ඇත.
ඝාතනය වු ස්ථානයේ තිබී ටී පනස් හයේ හිස් උණ්ඩ දෙකක් හා මිනීමරුවකු අත තිබෙන්නට ඇතැයි සැලකෙන ග්ලවුසයක කෑල්ලක් ද සොයාගෙන තිබේ.
(කොස්තාපල්වරුන් පැහැරගත් ස්ථානය (ගැට්ටුවාන) )
(දිවි බේරාගත් කොස්තාපල් වීරසුරිය රෝහලේ ප්‍රතිකාර ලබමින්)
(ඝාතනයට ලක් වු කොස්තාපල් සම්පත් සිසිර බණ්ඩාරගේ බිරිය හඩා වැටෙමින් )
(ඝාතනයට ලක් වු කොස්තාපල් සම්පත් සිසිර බණ්ඩාරගේ සිරුර)
(අසල්වාසියෙක්)
(අසල්වාසියෙක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරි හරි කියල මමත් හිතනවා.(ස)
කුමාරි , මැරුණට පස්සෙත් අපහාස කරන්න එපා. (නි)
අනිවාර්යයෙන්ම ඝාතකයන්ව අල්ලන්න ඕනෑ.ඒක රජයේ වගකීමක්. පසුව පොලිසියේ යුතුකම ඉටුකරාවි. (නි)
ආයුධ හොයන්න එක්කගෙන යනවද?(නි)
බන්දුල පෙරේරා , මම වයසට ගියාට තවම හොඳට ශක්තිමත්ව පිටරටක ගබඩා සුපවයිසර් කෙනෙක් විදිහට වැඩ කරනවා. නන්දන පනාගොඩ, මම ඔයා දන්නා පිටිගල මිලානෝ නෙමෙයි. මම ඉන්නේ ඉතාලියේ නෙමෙයි. මම පොලිසියේත් ,හමුදා අනු ඛණ්ඩයක සිවිල් ගබඩා කළමනාකරුවෙක් විදිහටත් වැඩකළා. දැන් පිටරටක ප්‍රසිද්ධ ඇමෙරිකන් වැඩබිමක ඉන්නේ. ගබඩා කළමනාකාරිත්ව ඩිප්ලෝමා එකක් මම සමත් වුණා.ඔයාලා නොදන්නා නිසයි කිව්වේ. බන්ධනාගාරයක වැඩ කළේ නැහැ මම නම්. (නි)
ලංකාවේ මේ දේවල් සිදුවීම පුදුමයක් නෙමෙයි. .ඒ තරමට විනය පිරිහිලා තියන්නේ. ජපානයේ වගේ තමන්ගේ රාජකාරිය දේවකාරිය මෙන් කළ යුතු අතරම තමන්ට අයිති නොවන දේවල් නොකිරීමට වගබලා ගතහොත් මෙවන් ක්‍රියා බොහෝ දුරට අඩුවේවි .අපි පිටරටක සිටියාට අපේ මවුබිමට බොහොම ආදරෙයි (නි)
මෙම මිනීමරුවන්ගේ ආයුධ හංගපුවා හොයන්න ඕනෑ (නි)
මේ මොනවා කිවුවත් යුද්ධයෙන් පසු මෙවැනි දේ ගොඩක් අහන්න ලැබෙනවා. මට අරගොල්ලෝ ගැන නිතරම සැකයි (නි)
පොලීසියේ රස්සාව දැලි පිහියෙන් කිරි කනව වගේ.ශ්‍රි ලංකා පොලිස් දෙපර්තුමේන්තුව දවසක් වසා තිබ්බොත් ලංකාවට වෙන දේ හිතාගන්න බෑ.පොලිස් නිලදාරින් කරන රජකාරිය ඉතාම් උතුම්.කරුනාකර රජයේ වගකිවයුත්තන් සිවිල් මිනිස්සු අතතිව ඇති ගිනි අවි සහා ඔවුන් වහාම අත් අඩංගුවට ගත යුතුය.යුක්තියක් නැති රටක සාමයක් නැත.පොලිස් නිලදාරි මහතාට නිවන්සුව (ස)
කුමාරිට මමත් එකග වෙනවා. (ස)
ටී 56 ආයුධයක් නීති විරෝදීව දරාගෙන ඉන්න ඉහල පෙලේ සම්බන්දයක් නොමෙතිව කොහොමත් බැහැ....(ස)
මෙගෙන පොලිස් බබා මොකද කියන්නේ ,කරලා තියන අපරාදය වැරදියි එත් කුරුණෑගල ප්‍රදේශයේ වාහනයකින් නම් යන්නම අමරුයි (ස)
සිද්දියෙන් දිවිගලවාගත් නිලධාරියාට රෝහල් ආරක්ෂාවත් හැකි ඉක්මනින් ඔහුගෙන් සිද්දිය පිළිබද විස්තරත් ලබාගෙන තාක්ෂනය උපයෝගිකර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමයි සිදු කලයුත්තේ.(නදී)
මිනීමරුවන් සොයාගත් සැණින් ආයුධ පෙන්වීම සඳහා එක්ක යන්න. කුමාරි ගැන පව්. ආයුධ පෙන්නන හැටි එයාටත් පෙන්නුවා නම් මොළය අමාරුවට ශෝක් (නි)
මියගිය කෙනාට නිවන් සුව ලැබේවා! (නි)
එහෙනම් එයාලත් ආයුධ පෙන්වන්න එක්කගෙන යමු (නි)
ඉතාම කණගාටුදායක සිද්ධියක්. මම නම් හිතන්නේ යුක්තිය අගයන පුරවැසියන් ලෙස අපි යෝජනා කළ යුත්තේ වැරදිකරුවන්ට දෙන දඬුවම නොවෙයි. මන්ද නිසි දඬුවම් පොලිසියෙන් හා නීතියෙන් මොවුන්ට ලැබෙන බව සිකුරුයි. ඉදිරියේදීවත් මෙවන් ඛේදවාචක නොවන්න නේද පොලිසිය වගබලාගත යුත්තේ. විශේෂයෙන් රාත්‍රී කාලයේදී මාර්ග පරික්ෂාව සඳහා නිරායුධ පොලිස් නිලධාරින් යෙදෙව්වා නම්, එය පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින විශාල අඩුපාඩුවක් නේද? අනික මෙය කලින් සැළසුම් කළ ඝාතනයක් ලෙසද පෙනෙන්නට තිබෙන නිසා, නිරායුධ පොලිස් නිලධාරීන් රාත්‍රී මුර සේවය සඳහා,දිනපතා එකම තැනක රඳවනවද? එය එසේ නම්, එයට කඩිනම් පිළියම් යෙදීමට නිසි කාලය එළඹ ඇත. (නි)
මේ පිටුවේ වෙන තැනක පළවී තිබෙන ''වෙරුගල් ආරුවෙත් කොටි හොල්මන්'' කියන පුවතේ නාවික හමුදාවේ භටයා බලාගෙන නියම වැඩකාරයෙක්. තුන්දෙනෙක් එක්ක තනියෙන් පොර බදලා ඔවුන් ළඟ තිබුණු ගිනි අවිය අල්ලා ගත්තා. මෙතන පොලිසියේ දෙන්නෙක් ඉඳලත් මේ වගේ මැරුම් කනකොට ,ගුටි කනකොට පොලිසියට ලැබෙන පුහුණුව [ආත්මාරක්ෂාව ,සතුරන් මෙල්ල කිරීම ,අනතුරක් හදුනාගැනීම ,පුර්ව සුදානම ]ගැන දෙපාරක් හිතන්න මේ හොඳම කාලයයි.මියගිය නිලධාරියාට නිවන් සැප ලැබේවා! තුවාලලත් නිලධාරියාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මම මේ ''කුමාරිට'' කියන්නේ. කවුරු මොනවා කිවුවත් මේ වගේ සාහසික අපරාධ සාධාරණීකරනය කරන කුමාරිලා වගේ අයට මේ වගේ දෙයකට මුහුණපාන්න සිද්්‍ධ වුණොත් මොන වගේ දුකක් ඇති වෙයිද කියලා හිතෙන්නේ නැද්ද? මේ ඡායාරූපයේ ඉන්න කාන්තාව විඳින වේදනාව කුමාරිලා වගේ කාන්තාවන්ට නොතේරෙන එක කණගාටුවට කරුණක්.නීතිය හා සාමය සුරකින්න සිටින නිලධාරීන්ට මෙහෙම සළකනවා නම් කුමාරිලා වගේ සාමාන්‍ය අයට කොහොම වෙයිද කියලා සමහරුන්ට අමතක වෙලා.මේක වහාම නවත්වන්න ඕනෑ.මේ වගේ අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. (නි)
රන්ජිත්, පිටිගල අයියේ, ඔයාලා වැඩ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නේද? ඒ අයටත් බැටන් පොලු වලින් සාමාන්‍ය ජනයාට ගහන්න පුලුවන්ද? (නි)
අනේ! මේ කාන්තාව වැළපෙන හැටි දැක්කහම මට ඉහළට ගත් හුස්ම පහළට ගන්න අමතක වුණා (නි)
මෙම සිදුවීම දුටුවම පුදුම දුකක් මගේ රටේ නීතිය ගැන දැනෙන්නේ.නිවන් සුව පතනවා මිය ගිය නිලධාරියාට! ඉක්මන් සුවය පතනවා තුවාල ලැබූ නිලධාරියාට. එල්ලුම් ගස ක්‍රියාත්මක කළොත් හොඳයි මගෙ හිතේ...!! (නි)
උසාවි නම් දාන්න එපා.දෙන්න ඕනෑ හොඳම බෙහෙත් දෙන්න. (නි)
කුමාරි, නිශාන්ත, ඇතුගල මට දුකයි ඔබල ගැන. (ස)
නිකන් මිනිස්සු මරන්නේ නැහැනේ. කඹුරුපිටියේ වුණෙත් ඔහොම වැඩක්. කුරුණෑගලත් එහෙමද දන්නෙ නම් නැහැ. නිල ඇඳුම ඇන්දම සමහර පොලිස් නිළධාරීන්ට දෙමවුපියන්වත් මතක නැහැ. කොහොම නමුත් අපරාදේ ජීවිත! (නි)
අපේ රටේ නීති ක්‍රියාත්මක කරන අය අහිංසකයන් පෙළනවා. වරද කරුවන් නිදහස් කරනවා. (ස)
මෙවැනි අපරාධ වලට සම්බන්ධ අපරාධකරැවන්ට නීතිෙයන් ගැලවී යාෙමි අවකාශ නැති කළ යුතුයි. ඒ් සදහා නව නීති සම්පාදනය කිරීම සුදුසුයි. (ස)
එල්ලුම් ගහ වහාම ක්‍රියාත්මක කළ යුතුමයි. (නි)
මේ මිනිමරුවන්ව අල්ලලා, අවි හොයන්න එක්ක යන්න වෙනවා අනිවාර්යෙන්. (ස)
මේවා රටකට හොද වැඩ නෙමෙයිනේ.(නදී)
රටක යුද්ධයක් ඉවර උනාම මේවගේ දේවල් වෙන්න බලනවා. උස්සපු දේවල් එලියට එන්න කල් යනවා. මිනිහෙක්ව මරන්න තරම් දෙයක් වෙන්නේ එයට කිට්ටු යමක් අනිත් පැත්තෙනුත් උනොත්. සල්ලිවලට නැත්නම්. කෙසේ හෝ රටේ මේ විදියට උනොත් තව දුරටත් පාතාලය නැවත රජ කරන්න පටන් ගනී. කුමාරිට මමත් ටිකක් එකගයි. අවසානයේදී වෙන්නේ අහිංසකයන් ටිකක් අනාත වෙනවා. ඉක්මනින් මේ දේවල් නතර කරන්න වෙනවා රටේ දියුනුවේ ගමනට.(නදී)
හැකි ඉක්මනින් අපරාද කරුවන් නිතිය ඉදිරියට ගෙන එන්න කටයුතු කරන්න.(නදී)
මෙවන් මිලේච්ච වැඩ කරන මිනිස්සුන්ට මරණ දඩුවම දෙන්න තියෙන්නේ (දී)
මිනීමරුවෝ ටික අල්ලගත්තොත් අල්ලගත්ත ගමන්ම ආයුද පෙන්නන්න එක්කගෙන ගිහින් තරු පෙන්නන්න.(නදී)
රූපා, ඔයා තාමත් ලංකාවේද? මමත් හදිසියේම ලංකාවට ගියා. මාර්තු 27 ගිහින් මැයි 3 ආවේ. මම පත්තරේට ලියනවා ඒත් වෙන නමකින්. සමගියෙන් ලියන්න ඕනෑ නිසයි එහෙම කරන්නේ. මගේ පෙර පුරුදු අංකයට කතා කරන්න (නි)
මනුස්සකම යටපත් කරලා අදහස් දාන්න එපා. මේ මැරිලා ඉන්නේ තරු පටි ගහපු කෙනෙක් නෙවේ. අහිංසක දරු පවුලක් රැක බලාගත්ත මනුස්සයෙක්. පොලිසියේ සමහර අය වැරදි කරන බව ඇත්ත. ඒත් හැමෝම නෑ. මෙතන සමහරු අදහස් දාන්නේ අන්තිම කැත විදියට. මන්නුස්සකම පාවාදීලා. හිතන්න ඔය මැරුණ කෙනා තමන්ගේ පවුලේ කෙනෙක් වුණා නම් එයා පොලිසියේ කියලා කමක් නෑ කියනවද?? (ස)
පොලිසියේ අයත් මොකෝ හොද මිනිස්සුමනේ.(නදී)
අහිංසක රියදුරන්ට වද දෙන නිලධාරිනුත් ඔය පාරේ ඉන්නවා. මමත් එවන් අවස්ථාවලට මුණ දීලා තියෙනවා. (නදී)
යුද්ද කාලේ හැම තැනම සොයා බැලිම් තිබු නිසා මෙවන් අපරාද අඩු උනා. සෝදිසි කිරීම් නැති එකේ ප්‍රථිපල තමයි මේ.(නදී)
සුදු වැන්..වැන් ..සුදු වැන් ..සුදු වැන් ...මේවට මොනවා කියන්නද? (නදී)
මෙකී බලවතා යුද්ධය පවතිද්දී එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ප්‍රවාහනය කළ බවටද චෝදනා එල්ල වූ අයෙක් නේද? (නි)
අපරාධකරුවන්ට ගැළවීමක් නම් නැත (නි)
මම නම් හිතන්නෙ මේ වැඩේ කරල තියෙන්නෙ කුලියට පොල් කඩන, කුලියට කාණු කපන කට්ටියක් කියලා. ඒකට හොදම සාක්කිය තමයි ටී-56 තුවක්කු තියෙන්නෙ එයාල ගාවනෙ.(නදී)
බන්දුල පෙරේරාගේ කතාව අනුමත කරනවා. (ස)
එල්ලුම් ගහ නැවත ගේන්න කාලය හරි. (නදී)
මෙවන් අපරාධයක් කරන්න තරම් බය නැති මිනිස්සු ලංකාවේ (දී)
මේ දේ කරපු කට්ටිය අහු වුණොත් ආයුධ පෙන්නන්න එක්ක යන්නකෝ. (ස)
ඔන්න තියෙනවා හොද සාක්කියක් වහාම පසු පස ලුහු බදින්න (දී)
අවනිතියට ඉඩ දිය නොහැක (දී)
මේකත් අදිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් (දී)
මොලයක් තියෙනවා නම් මිනිස්සු මරයිද (දී)
මෙවන් අපරාධ කරුවන් අල්ලා මරණ දඩුවම දෙන්න ඕනේ (දී)
අපාධයක් කරලා නිදැල්ලේ ඉන්නවානම් හීනයක් තමයි (දී)
මෙය අපේ නිවස අසලමයි සිදුවී තිබෙන්නේ? දකින විට ඇග හිරිවැටෙන තරම් ..? මිනීමරුවන් හැකි වහාම අත්අඩංගුවට ගැනීමට හැකිවේවා. මියගිය ඔහුට නිවන් සුව. අනික් දිවි බේරා ගත් ඔහුට ඉක්මන් සුව පතමි ..! අපේ රට ගැන නම් ඇතිවෙන්නේ හරිම දුකක් ..? (ස)
සාමය ඇති රටක සාමාන්‍ය පුද්ගලයන් අත ගිනිඅවි තිබිය නොහැකියි ආරක්ෂක අංශයේ සාමාජිකින්ට හැර අන් අය අතට අවි ආයුද පත්වීම වහා නීතියෙන් තහනම්කර යුතුයි (දී)
රටේ කුමන මතවාද තිබුනද මෙවෙනි අපරාද වෙනුවෙන් එල්ලුම් ගස වහාම ක්‍රියාත්මක කල යුතුය. රටේ අපරාද මැඩලීම සදහා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට ඉක්මන් පියවර ගන්න (දී)
"රටේ කුමන මතවාද තිබුනද මෙවෙනි අපරාද වෙනුවෙන් එල්ලුම් ගස වහාම ක්‍රියාත්මක කල යුතුය. රටේ අපරාද මැඩලීම සදහා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට ඉක්මන් පියවර ගන්න " මේවා ලියනවට වඩා හොඳ නැද්ද බීරි අලින්ට වීණා ගහන එක. නැතිනම් වීනාවෙන් ගහන එක (දී)
ඇත්තටම මොකද්ද මේ අපේ රටට වෙලා තියෙනේ? (ස)
පොලිසියේ උදවිය උස්සගෙන යනවනම් සාමාන්‍ය පුරවැසියන් ගැන කවර කතාද ? සංවර්ධන වැඩ අතරතුරේ මේ රටේ නීතියක් කියල දෙයක් තියනවද කියල හොයා බලන්න වගකිව යුත්තන්ට නුවණ පහල වේවා. (ස)
පොලිසියේ නිලධාරින් උස්සගෙන ගිහිල්ල මැරුවනම් සාමාන්‍ය ජනතාවට කාගේ පිහිටක්ද?? (ස)
මේක බරපතල සිදුවීමක්.පොලිසියට අත තිබ්බ අයට පහුගිය කාලේ අත්වුණ ඉරණම මතක තියෙන කෙනෙක් පොලිස් භටයෙක් ඝාතනය කරන්න හිතන්නේ නැහැ.මේ සිදුවීමට අදාළ පුද්ගලයින් මේ සතිය තුළම ආයුධ හොයන්න යන බව නම් මට ඉර හද වගේ විශ්වාසයි. සමහර සමහර දේශපාලකයෝ හොයාගන්න බැරි වුණාට මේ වගේ මැරයෝ, මිනීමරුවෝ, අපරාධකාරයෝ හොයාගන්න අපේ පොලිසිය ගොඩක් දක්ෂයි. (නි)
කොටි හොල්මන් තාමත් තියනවද කොහෙද? (නි)
දිලු හරි.ඉක්මණින්ම එය ඉටුවේවා!පොලීසියට මෙහෙම නම් සාමාන්‍ය මිනිසුන්ට කොහොම කරයිද? (නි)
සමාවෙන්න මම මෙහෙම කියනවට. ඔය පැත්තේ ඉන්න සමහර පොලිස් නිලධාරීන් කරන කියන දේවල් වල ප්‍රතිඵල වෙන්නත් පුළුවන් ඕක. (නි)
අනිවාර්යයෙන්ම මේ අපරාධකාරයට නිසි දඩුවම් දෙන්න ඕන. (ස)
රටේ නීති පද්ධතියේ අඩුපාඩු කම් හින්දා හැමදාම මේ වගේ පුවත් අපට අහන්න වෙනවා. (ස)
කරුණාකර වහාම ඝාතකයන් අත්අඩංගුවට ගන්න.පසුව අවි පෙන්නන්න එක්කන් ගියොත් හරි. (ස)
කලබලේට දාල යන්න වෙන්න ඇති (දී)
අපොයි පිටිගල මහත්තයෝ.අපි නම් දැනටත් බැටන් පොල්ලෙන් දෙතුන් දෙනෙකුට නෙමෙයි පරම්පරාවකට වගකියනවා.ඔබතුමා ඔය තරම් වයසට ගිය කෙනෙක් කියලා හිතුනේ නැහැ අදහස් දැක්කම. (නි)
තල වපුරලා මුං නෙලන්න බැහැ නේද? (නි)
නැවතත් පාතාලය රජ කරන්න පටන්ගෙන වගෙයි (නි)
අහිංසක රියදුරන්ට වද දෙන නිලධාරිනුත් ඔය පාරේ ඉන්නවා (නි)
කුමාරි සහ රූපවතී දෙන්නාගේ අදහස් බැලුවම වැටහෙනවා අනේ පව්,ඒගොල්ලන්ට අතීතයේ මේ මිනීමරුවන්ගෙන් කුමක් හෝ කරදරයක් වෙලා ඇති කියලා. (නි)
කෝ ආයුධ බලන්න රැගෙන යන නියෝගය? (නි)
පවු මියගිය අයගේ භාර්යාව! (නි)
අනේ මන්දා ධර්මද්වීපයකට වෙච්ච දෙයක් ! (නි)
ලංකාවේ මැරබලයට ඉඩක්නම් නැහැ කොහොමටවත් (දී)
අපි නම් ඒ කාලේ දෙතුන් දෙනෙකුට වග කියනවා තනියම අර බැටන් පොලු කෑල්ලෙන්. අපේ කොට කලිසමයි වම පැත්තෙන් ඉහලට නමපු තොප්පියයි දැක්කම ඇති. . හැබැයි ඉතින් ඒවායින් අපට ඉහලින් හිටිය ලොකු අයගේ තමයි නම ගියේ. අපේ හම ගියා විතරයි.එත් අනේ මන්දා දැන් හැදෙන ඉලන්දාරින්ට තුවක්කුත් දීල මොනවා වෙලාද කියලා. (දී)
ඉක්මනින්ම ඝාතකයෝ අහුවෙනවා ඒකාන්තයි. (ස)
මේ ඝාතකයින් යම ලොව යැවිය යුතුමයි. (දී)
ලංකාවේ පොලිසියෙ මහතුන්ට හදිසි අවස්ථාවකදී භාවිතා කරන්න ආයුධ නොදෙන්නේ ඇයි. ගලකින් ගහල බේරෙනවා මිස වෙන කරන්න දෙයක් ඔවුන්ට නැහැ. (ස)
මේ රට ක්‍රමානුකුලව අරාජික වේගන යන බව මට දැනෙනවා. (ස)
අප වෙනුවෙන් අපේ ආරක්‍ෂක මහතුන් දිවා රාත්‍රී අවදියෙන් සේවය කරන අය. ඔබට විපතක්වීම මහ ජනතාවටද තදින්ම බලපානවා.සෑම පොලිස් භටයකුටම රාජකාරීයට අවශ්‍ය පිස්තෝලයක්, බැටල් පොල්ලක්, මාංචුවක් වත් දිය යුතුයි. තමාගේ ආරාක්‍ෂාව පලමුව. ඉක්මන් සුවය පතන අතර ජීවිතයෙන් සමුගත් මහතාට නිවන් සුව පතමු. (ස)
මියගිය කොස්තාපල්ට නිවන් සුව ලැබේවා! ඔහුගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරමි. නැවතත් එල්ලුම්ගහ පැමිණේවා! (නි)
මේ බේරුනු එක්කෙනාව මම දන්නවනේ.. (නි)
රාජකාරිය අකුරට කරන්ට ගිහින් ලද ප්‍රතිඵලයක්ද? (ස)
මාර්ග සෝදිසියට යන නිලධාරියට ආයුධයක් නැතිනම් ඔහු කෙසේද මෙවන් අනතුරු වලින් වළකින්නේ. (ස)
මෙන්න මේ වෙලාවටම තමයි මරණ දඩුවම තිබ්බා නම් කියලා හිතෙන්නේ (දී)
"සාමය ඇති රටක සාමාන්‍ය පුද්ගලයන් අත ගිනිඅවි තිබිය නොහැකියි ආරක්ෂක අංශයේ සාමාජිකින්ට හැර අන් අය අතට අවි ආයුද පත්වීම වහා නීතියෙන් තහනම්කර යුතුයි " එතකොට දේශපාලකයෝ (දී)