කැස්බෑව සතොස වෙළද සලෙන් මිල ගණන් වැඩි කිරිපිටි ටින් කිහිපයක් ඉනේද කළිසම් සාක්කුවලද සඟවාගෙන සොරකමේ යෙදුණු තරුණයන් දෙදෙනකු අල්ලා පිළියන්දල පොලීසියට භාර දීමට එහි සේවකයෝ සමත් වුහ.
මීට පෙරද මොවුන් සොරකමේ යෙදී ඇති අතර එය සීසීටීවී ආරක්ෂිත කැමරා වල සටහන් වී තිබු නිසා සොරුන් අල්ලා ගැනීමට ඔවුන්ට පහසු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් නේද කොල්ලො... (ස)
නෙරංජලා ඔබේ කතාව හරි ගොඩක් අය මෙය තේරුම් ගන්නේ නැහැ (ස)
විමුක්ති මහත්තයාගේ ස්වාධීන දෘෂ්ටි කෝණය ගැන දමන අදහස් වලින් අපිට නම් හොදට තේරෙනවා. (නි)
හොරකම් කල එක වැරදියි තමයි . ඒත් මෙහෙම පෙලන්න පුරුදු වන්න එපා . නීතියක් පොලිසියක් තියන නිසා .(නදී)
ගෙවල් වල ඉදෙන බත් හැලියත් උස්සාගෙන යන කාලයක් නොපැමිණේවා කියලා ප්‍රාර්ථනා කරමු. (නි)
මදැයි හොරෙන් කිරි බොන්න ගියා? (නි)
බන්දුල පෙරේරා, රටේ මිනිස්සු කුසගින්නේ මැරෙනවද නැද්ද කියා ඔබට නොපෙනෙන එක පුදුමයක් නොවේ.මොකද ඔබ අන්තගාමී දේශපාලන දෘෂ්ටි කෝණයකින් සමාජය දෙස බලන නිසා. නමුත් අපට සමාජය විනිවිද දකින්න පුළුවනි.මොකද අපි දේශපාලන අන්තගාමින් නොවී ස්වාධීන මතධාරීන් ලෙස පවත්නා සමාජ ආර්ථිකය අවලෝකනය කරන නිසා.ඔබ නොදන්නවාට දරුවන් තිදෙනෙක් සමඟ සිය දිවි නසා ගන්නට ගිය අහිංසක පවුලක් එයින් මුදවා ගත් මා කතා කරන්නේ සමාජ අත්දැකීම් සහිතවයි.ඔබ මෙන් දේශපාලන අතකොළුවක් බවට පත් වී නොවේ. (ස)
විමුක්තිගේ මාර තියරියක්නේ තියෙන්නේ..සපත්තු මේස් දාල ජැන්ඩියට ඇදලා සුපර් මාකට් ගිහින් බඩු හොරකම් කරන්නෙත් මේ අදායම් බෙදීමේ විෂමතා නිසාද? ..ඔබ තුමාගේ ඔය බෙදීමේ චක්කරේ සමාජවාදී චීනේවත් මම දන්නා විදියට ඇත්තේ නැහැ..මේ රටේ කවුරුවත් බඩගින්නේ මැරිලා නැහැ හල්මස්සෝ කෑවේ නැහැ කියලා..හොරු අහු උනානම් දෙකක් ඇනල පොලිසියට බාර දෙනවා මිසක් ප්‍රදර්ශනය කරන්න කාටවත් අයිතියක් නැහැ.. (ස)
මේකට මේ දුප්පත්කමයි දරිද්‍රතාවයි අසරණ කමයි කියල පව් කියන්න මං නම් කැමති නැහැ, මේ මිනිස්සු අසරණ නැහැ. අතපය හතර හොඳට තියෙනවා. ඒත් ලේසියෙන් අතපය වෙහෙසෙන්නේ නැතුව කාල ඇදල ඉන්න තමයි හිතන්නේ. හොරකන් කරලා කන්න තරම් අපේ රට එච්චරටම දුප්පත් රටක් නෙවේ. මේවා අපේ රටේ මිනිස්සුන්ගේ මානසික තත්වයේත් හැටි. මොකක් හරි අනුන්ගේ දෙයක් දැක්කොත් සල්ලි තිබ්බත් ඒක හොරට ගෙනියන්නමයි හදන්නේ. (ස)
පව් කියලා හිතෙනවා. නැති බැරිකමට ගත්ත වෙන්නත් පුළුවන්. (ස)
නිරංජලා, අද රටේ තියෙන තත්වය ඔබ මනාව පැහැදිලි කර දීලා තියෙනවා.තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගනීවි. ඔබට ස්තූතියි. (ස)
අත පය වෙහෙසලා වැඩක් කරන්න කම්මැලි අය ඕන තරම්. දවකට ලංකාවේ 1000ක් හොයා ගන්න පුළුවන්, සිමෙන්ති වැඩට අත්උදව් දුන්නත්. ලේසි ක්‍රම තමා හොයන්නෙ. ඕවට අනුකම්පා කරන්න. තමන්ගේ දේකටත් විදපු දවසට තේරේවි. එදාට කතා කරලා තව කීයක් හරි දෙන්න. හොරකම හොරකම්ම තමයි. (ස)
මම අද දැක්කා සුපිරි වෙලද සැලක කිරිපිටි පැකට්ටුවක හොරකමක්. හොරාගේ පසුබිම කලමණාකරු විමසා බලන විට සත්‍ය වශයෙන්ම ඔහු හොරෙක් නොවන බවත් මෙය ඔහුගේ ප්‍රථම හොරකම බවත් දැනගත්තා. ඔහුට දින ගණනක රැකියාවක් තිබී නොමැති බවත්, දරුවකුගේ බඩගින්න ඉවසාගන්න බැරි තැන පැමිණි බවත් දැනගත්තා. මොහු පොලීසියට යොමු නොකල බව නම් මතකයි. ලංකාවේ මහ හොරු රැල හොරකම නවත්වා මේවාට පිළියම් යෙදිය යුතුයි. (නදී)
ආසියාවේ ආශ්චර්ය නැති හින්දා මෙහෙම වෙනවා (නි)
නියමයි නියමයි (නි)
හොරකම් කර හෝ පිටිකිරි බොන්නමයි මිනිසුන් කැමති. දියර කිරි පුරුදු කරන එක ලේසි වැඩක් නොවෙයි. (ස)
හොරකම් කලත් ඔවුන් දෙස මානුෂිකව බැලු අයත් සිටීම වටිනවා. සමාජයේ පිළිගත් ඕනෑම වරදකට ඊට අදාල දඩුවම් දිය යුතුයි. එහිදී තරාතිරම අනුව දඩුවම් වෙනස් වීම සිදු නොවිය යුතුයි. එලෙසම දඩුවම් දීම මඟින් පමණක් නොනැවතී එම වරදෙහි මුලාශ්‍ර සොයා ඒවා වසා දැමීමට සමාජයක් ලෙස කටයුතු කල යුතු අතරම වැරදිකරුවන් සමාජයෙන් කොන් නොකළ යුතුයි . එහෙත් අවාසනාවකට අද සිදු නොවන්නේද එයමයි, එහෙයින් වැරදිවල අඩුවකුත් නැත, (බලයක් නැති අය වෙනුවෙන් පනවන) දඩුවම් වල අඩුවකුත් නැත. (ස)
නිරංජලා ඔයා හරියට හරි. (ස)
හොරකම් කරපු එක වැරදියි. වීඩියෝ කරපු එකත් වැරදිය්. අර ලස්සන නිළියටත් මෙහෙම කලා. නිතිය අතට ගන්න එපා. (ස)
හොරකම් කලානම් පොලිසියට බාර දෙනවා මිස වීඩියෝ කරන්න බඳින්න අයිතියක් නැහැ කාටවත්. ලොකු ලොකු අය හොරකම් කලාමත් මේ වගේ වීඩියෝ දාන්න.(නදී)
නිරංජලා ඔබේ කතාව හරියට හරි.(නදී)
සුපර් මාර්කට් ක්‍රමය ලංකාවට තවම හුරු නැහැ. තමන්ම භාන්ඩ තෝරන කොට කැමරා තියෙන බව අමතක වෙනවා. එක්කෝ දන්නේ නැහැ.(නදී)
මේ අයත් අපේ සමාජයේම කොටසක්නේ. අපි නොදන්නවට මොවුන් සමහර විට සිය පවුලම කුසගින්න දරාගත නොහැකිව ,සියදිවි නසා ගන්න බැරි කමට ,ජීවත් වෙන අය විය හැකිය. ඔවුන්ගේ හදවත විනිවිද දකින්න ඔබටද මට ද නොහැකිය. මේ නිසා මොවුන්ගේ මේ නොමනා ක්‍රියාවන්ට හේතුව නොදැන මොවුන්ව උපහාසයට ලක් කිරීම වැරදිය. කරුණාකර ඔය දේශප්‍රේමී කතා නවතා මොහොතක් ,අවට බලන්න ඇස් ඇරලා ,නැති බැරි මිනිහෙක් කොහොමද ජීවත්වෙන්නේ කියලා.(නදී)
කෝටි ගණන් හොරකම් කරපු එවුන්ට රජ සැප. පොල් ගෙඩියක් හොරකම් හොරපු එවුන් හිර ගෙදර. (ස)
ප්‍රමුඛ, විමුක්ති ඔබ හරි. අපි හොරකම් අනුමත කරන්නේ නෑ. හැබැයි අපි දන්නේ නෑ එයාලගේ පසුබිම. සමහරු කියනවා තරගෙට ළමයි හදන්න කියලා. ළමයි දෙන්නේකුටවත් කන්න අදින්න දෙන්න බෑ උපාධිධාරියෙක් ගේ පඩියෙන්. (නදී)
ප්‍රමුඛලා වගේ මෝඩ රැලක්. කන්න නැති මිනිස්සු මිලෙන් අධික කිරි පිටි හොරකම් කරනවද, වැස්සකටවත් ඉස්කෝලෙ ගියේ නැද්ද?? (ස)
රටේ ආදායම් බෙදී යාමේ විෂමත්වය මෙයට හේතුවයි.අය වැයෙන් තෝරාගත් කීප දෙනෙකුට සහන සලසන අතර බහුතරයක් ආර්ථික පීඩනයට පත් කර කුසගින්නේ මිය යා යුතු තැනට පත් කර ඇත.කෝටි ගණන් තියෙන එකාට ලම්බෝගිනි බදු සහන.කුලී වැඩක් කරලා දවසට රුපියල් 1000ක් හොයා ගන්න බැරි එකාට හාල්මැස්සෝ ටිකටත් බදු.නැති එකාට ඇති එකාගේ බොටුව මිරිකා ජීවත් විය යුතු තැනට රට පත් කර හමාරය. (ස)
මුහුණ පේන්න තිබුනා නම් හොඳයි. (ස)
මේ දිනවල දිගටම මේ වගේ හොරකම් සිදු වෙනවා.ගැහැණු පිරිමි භේදයකින් තොරව මේ හොරකම් වල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා.කිරිපිටි වගේ ආහාර පාන හොරකම් කිරීමෙන් පැහැදිලි වෙන්නේ දරිද්‍රතාවයි.මොවුන්ට අනුකම්පා කල යුතුය.මිනිසුන්ට සාධාරණව ජීවත් වෙන්න පුළුවන් සමාජ, ආර්ථික පරිසරයක් රටේ නැත.මේ නිසා පීඩනයට පත් ජනයා තම පණ නල ආරක්ෂා කර ගන්නට මෙසේ කුමන හෝ දෙයක් කිරීමට පෙළඹේ.සමහරවිට ගෙදර දරුවා කිරි නැතුව අඩන නිසා මේ සොරකමට මොහු පෙළඹුනා විය හැකිය. (ස)
මෙයාලගේ පිටුපස තවත් හොරු ඇති. (ස)