ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඇතුළේ සිරවී සිටින සිසුන් මාධ්‍යවේදීන්ට ද, පාරේ යන මගීන්ට ද, ළමයින් රැගෙන යාමට එන දෙමාපියන්ට ද හිරිහැර කරතියි පොලිසිය කියයි.
පාරේ යන බස්වලට ද විදුහල දෙසින් ගල් මුල් එල්ලවී ඇත.
විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය සම්බන්ධ ගැටළුවක් මීට මුල් වන්නට ඇති බවත්, ආදි ශිෂ්‍ය භටයන් කිහිප දෙනකු පාසල අවට ගැවසෙනු බටත් සිද්ධිය දුටුවෝ කියති.
සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යෙවේදියකුට සිසුහු පිරිසක් බිම පෙරළාගෙන පහර දුන්හ.
ගම්පහ නගරයේ සිට පැමිණි බව කියන පාසට සම්බන්ධ සියයක් පමණ පිරිසක් ගේට්ටුව බලෙන් ඇරගෙන විදුහලට ගොස් සිසුන් එළියට දමා ඇතැයි විද්‍යාල ආරංචි කියයි.
විදුහලේ සිසුහු 3000ක් පමණ වෙති
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10 වසර.(නදී)
මුන්ට බාගෙට පිස්සු, කරන දෙයක් කතාකරල බේරගන්න තිබුනා. දැන් කාලේ ළමයන්ට අවවාදයක් දෙන්නත් බැහෙනේ. මේවා දෙමව්පියන්ගේ වැරදි.(නදී)
ළමයින්ගේ ප්‍රශ්න පාසැලෙන් බේරගන්න ඕනේ. මේවට ගුරුවරු දෙමාපියෝ වග කියන්න ඕනේ. අද ගුරුවරු උගන්නනෙත් නැහැ විනය හදන්නෙත් නැහැ මේක කාගේ කුමන්ත්‍රණයක්ද ? (නදී)
ළමයින්ගේ ප්‍රශ්න පාසලෙන් බේරගන්න ඕනේ. මේවට ගුරුවරු දෙමාපියෝ වග කියන්න ඕනේ. අද ගුරුවරු උගන්නන්නෙත් නැහැ. විනය හදන්නෙත් නැහැ. මේක කාගේ කුමන්ත්‍රණයක්ද? (නදී)
පාසල් යන ළමයි අද හැසිරෙන විදිහ අන්තිමයි මේ විදිහට ගියොත් අනාගතයේ බිහිවෙන තරුණ තරුණියන් මොන විදිහට සමාජයට මුහුණ දේවිද කියල හිතාගන්නවත් බැහැ.(නදී)
දේශපාලනය විසින් මෙහෙයවන පාසල් අධ්‍යාපනය, බුද්ධිය වෙනුවට විනාශය කරා යාමට පටන්ගෙන ඇත. නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති තැන විනාශය කෙසේදැයි බලන්න..(නදී)
සමහර ඉහල පෙලේ පාසල් වල පාලනේ ගෙනියන්නේ ආදී ශිෂ්‍ය සංගම් වල කෙරුමෝ කිහිප දෙනෙක්. ඒ අය රජයට අයත් පාසලේ සම්පත් පවා තම බුදලේ වගේ පාලනය කරන්නේ. විදුහල්පති එයට විරුද්ධ් උනොත් මේ වගේ කුලප්පු කරවනවා.(නදී)
සත්‍යා ඔහොම කියන එකක් නැහැ කරුමෙට වත් එකෙක් වලපල්ලට ගියොත්. (නදී)
දැන් මේකටත් ෆේස් බුක් අල්ල ගත්ත නම් හරි. එහෙමත් නැති නම් විදුහල්පති වැරදි කාරය කළා නම් එත් හරි. ඒ මොකද දැන් විනයක් සහ මොලයක් යන දෙකම නැති පාසල් දරුවන් වීරවරියෝ වීරවරයෝ වෙන කාලයක් නේ. (අ)
බණ්ඩාරනායක කොල්ලො එක්ක හැප්පෙන්න පොලිසියත් භයයි නංගි...ගම්පහ හොල්ලගෙනනෙ අපිත් ඒ කාලෙ උන්නෙ...දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. (අ)
"ඇතුලේ සිර වී සිටින සිසුන්" යනුවෙන් ඔබ පවසා ඇත. එසේ වී ඇත්තේ ඇයි දැයි සත්‍ය දැනගන්න.(නදී)
හොදම වැඩේ බණ්ඩාර නායක කොල්ලොන්ට.(නදී)
එල කොල්ලනේ. අපි අපි වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ! අපිට අපේ කාලේ කරන්න බැරි වුන ඒවා උඹල හරි කරන්න ඕනේ. සුපිරියි කොල්ලනේ. උඹලට බුදු සරණයි! (නදී)
කොල්ලොත් දැන් යක්කු වෙලා.(නදී)
සිදුවුන දේ අපි දන්නවා. (නදී)
අනේ මන්ද, පාසල් සිසුන් මෙහෙම නම් මොවුන් උසස් අද්යපනයට ගියාම කොහොම වෙයිද? දැන් නම් විනය කියන දේ කොඩිවිනයක් වගේ! (නධී)
දැන් පොල් ගානවද අහනවා.. පොලිසිය මැදිහත් උනානම් ඊට පස්සේ පොලිසියට බනිනවා.. (අ)
මේවා වැඩි උනාම කියවන එක නෙමෙයි වැඩේ (දී)
මෙම සියලුම දෙනා තමන්ගේ ඉගෙනීම කරනවා මිස අනවශ්‍ය පරිපාලනයට සම්බන්දවිමට අවශ්‍ය නැත. මොවුන් සියලුම දෙන අත්අඩංගුවට ගෙන නිතිය හමුවට ගෙන දැඩි දඩුවන් දෙන්න, පොලිසිය වහාම පියවර ගන්න (දී)
මේවා නිය පොත්තෙන් කපන්න තිබුණු දේවල් (දී)
මේ සිද්දියට මුල දැනගන්නට තියෙන විදියට අලුත් විදුහල්පතිවරයාගේ යම් යම් තීන්දු සහ තීරණවලට එරෙහිව ඇතිවෙලා තියෙන අර්බුද තමයි. කට කතාවලට ඉඩ නොතිය කරුණාකරලා මේ සම්බන්ද දන්නා දෙමාපියෙක් හෝ ගුරුබවතෙක් මේ ගැන අදහස් පලකරන්න එය විද්‍යාලේ නමට හොඳයි. විශ්‍රාම ගිය විදුහල්පති හිමියන් විද්‍යාලයට ලබාදුන් කීර්තිය රැකගන්න ඉදිරිපත් වෙන්න.(දී)
මේ දවස්වල ලංකාවේ ඉස්කෝල වලට සැහෙන්න අපලයි (දී)
ඔය පාසලේ විදුහල්පති වරයා මේකට තාවකාලික විසදුමක්වත් ගන්න බැරි පොඩි ළමයෙක්ද ? (අ)
මෙච්චර ලොකු දෙයක් එතන උනේ නැ. ඒ නිසා බොරු ප්‍රචාර ගෙනියන්න එපා.....(අ)
විදුහල් පති වරුන්ට හමුදා පුහුණුව දුන්නා නේද කාලයක් දැන් කෝ ඒක තවම ක්‍රියාත්මකද (දී)
එක දෙක කරලා කියනවා වත්ද? (නදී)
පොලිසිය මොනවා කරන්නද ? කඳුලු ගෑස් ගහන්නද ? ඊට පස්සේ මානව හිමිකම් සමුලුවට කථා කරන්න තවත් මාතෘකාවක් ඒවි.(දිල්)
මෙම සිසුන්ට සහ පාසැලේ බලදාරින්ට විරුද්දව දෑඩි ක්‍රියාමාර්ග රජය සහ පොලිසිය ගත යුතුයි.(නදී)
ජයවේවා බංඩාරණායක කොල්ලනේ. මෙහෙම දේවලුත් වෙන්න ඕනේ නැතිනම් විදුහල්පතිවරුත් හිතුමතේට වැඩ කරනවා.(නදී)
පාසලක් නිසා පොලිසිය නැතුව බලධරයන්ට ප්‍රශ්නය දුර දිග යන්න කලින් විසදන්න තරම් කොන්දක් තිබුනේ නැද්ද ?(අ)
අර තියෙන්නේ බල්ලොත් එක්ක බෑ කියලා ගහලම.(නදී)
පාසැල් අසීරුවට පත් කරන අයට දැඩි දඬුවම් දෙන්න.(නදී)
පිස්සු යක්කු.(නදී)
පොලිසිය පොල් ගානවද මෙච්චර දෙයක් වෙද්දී.(නදී)
ඕකෙ ඉගෙන ගන්නවා ගම්පහ ඉන්න පතාලයෙක්ගේ ගෝලයෙක්. ඔය මනුස්සය තමා ඉස්කෝලෙ ඇතුලෙ ගන්ජා බෙදන්නෙ. සර්ලත් බයයි මිනිහට. බලධාරීන් පියවර ගන්නෙ නෑ.(නදී)
පික්තූරයේ තියෙන පෝස්ටරය නියමෙට ගැලපෙනවා.(නදී)
අනාගත නායකයෝ.(නදී)
අනේ මන්ද ළමයි ඉස්කෝලේ යන්නේ ඉගන ගන්නද එහෙම නැත්තම් වෙන මොනවා හරි කරන්නද? (නධී)
පොලීසිය ගියාම තව ඕක වන වෙනවා. මේ ගොල්ලොන්ට ඕනේ අවධානය ගන්නයි.(නදී)
ඉස්කෝලේ අපේ. නැතුව පිට ඉදන් ආපු එක එකාගේ නෙවෙයි. අපි ඉස්කෝලෙට ආදරෙයි. අපි කැමති නැහැ ඉස්කෝලෙට වරදක් වෙනවට. ළමයි කරපු දේ ගැන විතරක් හොයන්නේ නැතුව ළමයි ඒ වගේ දෙයකට යොමු වුනේ ඇයි කියල හොයල බලන්න. අපිට අසාධාරණයක් වෙද්දී අපි ඒකට විරුද්ද වෙනවා තමයි. ඒක කාගේත් අයිතිය. ගොඩක් තැන් වල එකමුතුකම , එකෙක්ට එකෙක් නැති නිසා තමයි ඒ අයට මේක වැරද්දක් විදියට පේන්නේ.(නදී)
මෙගොල්ලොත් වතුර ඉල්ලුවානම් දන්නවා දෙන බෙහෙත නේද ? මොනවා කරන්නද ඡන්දෙත් ළඟ නිසා කොල්ලන්ට ටිකක් විසේ අඩුකරගන්න දීල ඡන්දෙන් පස්සෙවත් බලමු නේද ? (නදී)
ඇමෙරිකාවේ වගේ ගිනි අවි අරගෙන පාසල් වලට කඩා පැන අහිංසක ජිවිත බිලිගන්නා අපරදකාරයෝ ඉදිරියේ බිහිවේවි මෙහෙම යනකොට.(නදී)
අපිත් එක පාරක් බලන්ගොඩ ඩිපෝවට ගල් ගැහුවා ඔය විදිහටම. මෝඩ වේද කියල දැන් තම තේරෙන්නේ. (අ)
ඉස්සර විශ්ව විද්‍යාල අද පාසැල් හෙට මොන්ටෝසොරි ....! (අ)
පොලිසියට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසි නැතිනම් ගෙදර ගියොත් අඹු නසි වගේ වැඩක්. නිතිය ක්‍රියාත්මක කරලත් බැහැ නොකරත් බැහැ, බලධාරියෝ, නිලධාරියෝ, දේශපාලකයෝ, ඥාතියෝ, අහල පහළ ඉන්න පිසාචයෝ හැම එකාම ඇඟිලි ගහන්න එනවානේ.(නධී)
එල කිරි .(නදී)
ඇත්ත තත්වය දන්නේ ළමයි විතරයි. මේකට පොලිසියට කරන්න දෙයක් නැහැ.(නදී)
නියමයි! (නදී)
දරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නේ කව්ද? පුංචි කමට කරන සන්ඩු වලට මොනවට පොලිසි ගානේ යන්නද? (නදී)
පොලිසියට පාසැල් අතුලේ සිට ළමයිව අත්අඩංගුවට ගන්න බැහැ.(නදී)
ශ්රී ලංකා පොලිසිය හරි නරකයි.(නදී)
දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? (නධී)
මේ ඉස්කෝලේ ඉස්සරත් කොහොමත් විනය අතින් පිරිහිලා තිබුනේ.. ගම්පහ පැත්තේ කට්ටිය දන්නවා ඇතිනේ... පරම්පරාවෙන් පරම්පරාවට ලෙඩේ බෝවෙනවා වගේ.(අ)
මානව හිමිකම්, සිසු අයතීන්, නව තාක්ෂණය, අලුත් ලෝකය සමග යන තරුණ මනස හ හා 'චමින්දලට' කොකා පෙන්වමින් ආපස්සට යන අපූරුව (අ)
ඔයාලා මේ වගේ පොඩි සිදුවීම් ලොකු කරලා පෙන්නන්න හදන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? (නධී)
නියමයි! (නදී)
ශිෂ්‍ය භට ඛණ්ඩායමේ විනය අනේ රටකට ගිය කලක්.(නදී)
ආශ්චර්යයේ ලක්ෂණ. (නදී)
ගහල එලවන්න සිසුන්ට.(නදී)