( මහින්ද නිශ්ශංක)
දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය
පසුගිය කාලය තුළ දේශීය බිත්තර මිල රුපියල් 55,65 දක්වා ඉහළ යාම හේතුවෙන් සහන මිලකට ජනතාවට බිත්තර ලබා දීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගිය රජය පියවර ගත්තේය.
මාසයකට බිත්තර මිලියන 3 බැගින් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබූ බවද වාර්තාවේ.
මේ වනවිට දේශීය බිත්තර මිල පහළ යාම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම අවශ්‍ය නැතැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිත්තර ආනයනය නවතී
priyantha Thursday, 26 September 2024 10:56 AM
කුකුල් කෑම මිලත් අඩුකරන්න
de silva berlin Thursday, 26 September 2024 12:19 PM
ඉන්දියාවේ බිත්තර ගෙන එන එක පාලනය කරන්න රජය මැදිහත්වෙන්න එපා... ඉල්ලුම සහ සැපයුම මත රටේ බිත්තර මිල සහ අනෙකුත් අහාර මිල තීරණය වෙන්න ඉඩහරින්න. ලංකාවේ බිත්තර සහ සහල් වෙළඳාම තීරණය කරන්නේ මාෆියා කාරයෝ අතලොස්සක් ඔවුන් එකවර හිතු හිතූ පරිදි මිල ගණන් ඉහළ දමනවා... එහෙම කරාම බිත්තර මිල එකවර ඉහළ යනවා... බිත්තර මිල මෙහෙමවත් පාලනය වෙලා තිබෙන්නේ..., ඉන්දියාවෙන් එන බිත්තර නිසා, එක 100% නවත්වලා දමන්න එපා... දෙසැම්බර් මාසේ නත්තල් සහ ටුවරිස්ට් සීසන් එක ආරම්භ වෙන නිසා රටේ බිත්තර ඉල්ලුම වැඩි වෙනවා, මිල වැඩිවුණු ගමන් මිනිස්සු බනින්නේ ආණ්ඩුවට, රටේ බිත්තර නිෂ්පාදනය ඉහළ දමන්න ඕනේ නම් රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා (ගුණාත්මක කුකුල් කෑම, උසස් ප්‍රබේධයට අයත් මවු සතුන්, උපදෙස් ලබාදී) සුළු සහ මධ්‍යම පරිමාණ ගොවියා ශක්තිමත් කරන්න ඕනේ, රජයට අයත් කෘෂිකර්ම සහ පශු සම්පත් දෙපාර්තමේන්තුවල නිකරුනේ කාලය ගතකරමින් සිටින නිලධාරීන්ට ඉලක්ක ලබාදීලා ඔවුන්ගෙන් 100% දායකත්වය ලබාගන්න කටයුතු කළ යුතුයි. කෘෂිකර්ම ජ.වී.පෙට අලුත් දේවල් නොවේ.. 2004-2005 දී ඔවුන් කෘෂිකර්ම අමාත්‍යංශය පමණක් තිබෙන කොට මේවා ක්‍රියාවෙන් ඔප්පු කරලා තිබෙනවා..
AmalThursday, 26 September 2024 04:24 PM
ඉන්දියාවෙන් බිත්තර ගෙනාවෙ අමාත්‍ය වරයා නෙ. බිත්තර ගේන එකෙන් රජය ඉවත්වෙන එකනෙ වෙන්නෙ, බිත්තර ව්‍යාපාරිකයන්ටම ගේන්න අවසර දෙන එක වෙනම වැඩක්.
ගුණරත්න Thursday, 26 September 2024 06:17 PM
ඉල්ලුම සහ සැපයුමට ඉඩ දීලා තමයි මේ රට මාෆියා කාරයින්ගේ දඬු අඬුවට අහු වුණා, නැවත එහෙම කරන්න දෙන්න බැහැ. රජය මැදිහත් වෙලා පාලන මිලක් දැමිය යුතුයි. කොවිඩ් වසංගතයකට පෙර බිත්තරයක් රුපියල් 10යි, කාලය සමග සාධාරණ මිල වැඩිවීමක් සමග බිත්තරයක් රුපියල් 12ක මිලට විකිණිය යුතුයි...!
de silva Friday, 27 September 2024 12:12 AM
ගුණරතන ඉල්ලුම සහ සැපයුම මත භාණ්ඩ මිල තීරණය වෙන එක මගේ සොයා ගැනීමක් නොවේ . එක ලෝකේ පිළිගත්ත ආර්ථික න්‍යායක් , බිත්තරේ රුපියල් 10 ට දෙන්න බැහැ 2019 රුපියල් 17 වුණා , 23-30 අතර මිලක් සාධාරණ බව පෙනේ.