IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බිත්තර ගැටලුව විසඳන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක්

(අංජුල මහික වීරරත්න)

බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සියලු පාර්ශ්ව එක්ව ගැටළුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ගොවිපල අයිතිකරුවන්ගේ සංගමය, වෙළද හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන සියල්ලේම  සහභාගීත්වයෙන් කෘෂිකර්ම  සාකච්ඡාව පැවැත්විණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හා කුකුළු ගොවිපොළ අයිතිකරුවන් අතර මෑතක සිදුවූ ගැටුම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ විය. 

එහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී සියලු පාර්ශ්ව එක්ව කටයූතු කළ යුත්තේ රටේ පවතින බිත්තර හිඟය තුරන් කරලීම මෙන්ම ජනතාව මුහුණ දී සිටින පෝෂණ ඌනතාවලට පිළිතුරු සෙවිම විනා ගහමරා ගැනීමට නොවන බවයි.

දැනට දෛනික දේශීය බිත්තර අවශ්‍යතාවය මිලියන 07කි. මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය දෛනිකව මිලියන 5.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දෛනික බිත්තර අවශ්‍යතාවය සදහා පවතින  හිඟය මිලියන 1.4ක් පමණ වේ. මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට තවදුරටත් බිත්තර ආනයනය කිරීමේ ගැටළුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පැවසීය.

කෙසේ වුවද මෙම වසර අවසන් වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාමත් සමග බිත්තර තවදුරටත් මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව වෙළද හා පාරිභොගික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. එමනිසා රටේ පවතින බිත්තර ගැටළුව සියලු පාර්ශ්ව එක්ව විසඳා ගැනීමේ වැඩ පිළිවෙළක් අද සිට අරඹන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 

 

 



අදහස් (1)

බිත්තර ගැටලුව විසඳන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක්

Sunil Wednesday, 10 May 2023 10:40 AM

ජනතාව අතට බිත්තරයක් ලබා දෙන්නත් මාස ගාණක් මුළුල්ලේ කොමිටි දමන රජයක්. ප්‍රශංසනීයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 3 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 221 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 65 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 574 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 290 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1354 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site