IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘බිත්තර ගැසුවන් නිදැල්ලේ‘

හම්බන්තොට වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට හා මාධ්‍යවේදීනට තර්ජනය කර බිත්තරවලින් පහර දුන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි කියමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද හම්බන්තොට පොලිසිය ඉදිරිපිට පාරේ විරෝධතාවක් පැවැත්වූහ.

අනතුරුව පොලිසිය අසළට ගොස් බිම වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.

හම්බන්තොට බස් නැවතුම් පොළ අසල විරෝධය දක්වද්දී බස්නැවතුමේ සිටි පිරිසක් හූ කීහ.

 



අදහස් (0)

‘බිත්තර ගැසුවන් නිදැල්ලේ‘

හේරත් Saturday, 03 May 2014 11:14 PM

දොන් ඔයා කියනදේ මමත් හිතනවා (ස)

:       0       0

පාලිත Sunday, 04 May 2014 12:53 AM

හම්බන්තොට හොඳ සංවර්ධනයක් වගේම අශීලාචාර ජනතාවකුත් බිහිවෙලා වගෙයි (නි)

:       0       0

බණ්ඩා Sunday, 04 May 2014 01:52 AM

ඒ ගොල්ලන්ගේ වාහන වලට අධිවේගේ යන්න දෙන්න එපා (නි)

:       0       0

බිමල් Sunday, 04 May 2014 05:42 AM

හම්බන්තොට කොහොම සංවර්ධනය කලත් මිනිස්සුන්ගේ කල් ක්‍රියාව සිරිත් විරිත් අන්තිමයි. අපේ සිංහල මිනිස්සු ගෙදෙරට ආව තරහ කාරයෙකුටව්ත් එකපාරට ඇඟට කඩා පන්නින්නේ නැහැ. තව ටික කලකින් මේ පළාතේ පිරිමින් ට කසාදයක් කරගන්න දුවෙක් දෙන්න කැමති පවුලක් හොයා ගන්න වෙන්නේ නැහැ. (නදී)

:       0       0

චමිල් Sunday, 04 May 2014 05:03 AM

කොච්චර ගුවන් තොටුපල මහා මාර්ග හැදුවත් ස්ත්‍රී දුෂණ ප්‍රචණ්ඩ කම් වල ට හම්බන්තොට ලෝක ප්‍රසිද්ද වෙලා ඉවරයි. මම යු එන් පී පාක්ෂිකයෙක් නෙවෙයි. (නදී)

:       0       0

උපාලි Sunday, 04 May 2014 06:13 AM

කවුරුන්ට හෝ තම විරෝදය දන්වන්න ඇති අයිතිය පිළිගත යුතුය. ඒ සඳහා කිසිම බාදා නොදැක්විය යුතුය. ඒ පිරිස ට ඕන නම් වෙනම විරොදයක් පැවැත්විය හැක. සෙල්ලම් පිස්තෝල කරුවන් අල්ලන්න තවමත් බැරිඋනාද.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 04 May 2014 06:19 AM

බලය කියන්නේ බුදලයක් නෙවෙයි ! අද පක්සේ ඉන්න අය හෙට විපක්සෙ ඉන්න පුළුවන් ඒ නිසා හැමෝටම පිළිගන්න පුළුවන් විනිවිද බාවයෙන් යුතු පරික්සන්යක් කරලා වැරදි කාරයන්ට දඬුවම් කල යුතුයි , මොකද මේ ගහල තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ! ලෝකේ අපි දිහා බලන් ඉන්න ගමන් අහන්න බැරි නැහැ මන්ත්‍රී කෙනෙකුට මෙහෙමනම් රටේ සාමාන්‍ය ජනතාවට රජය මොන විදිහටද සලකන්නේ කියලා ? සමහරු මේ ප්‍රස්නේ දිහා පාට කන්නාඩි දාලා බලල තිබුන ඒ අය ගැන කනගාටු වෙනවා. එයාලගේ බුද්දිය ගැන.(නදී)

:       0       0

සලිම් Sunday, 04 May 2014 06:26 AM

වාතය වෙඩිල්ලක් කරගෙන.(නදී)

:       0       0

කසුන් Sunday, 04 May 2014 06:44 AM

බණ්ඩාගේ ගෙදෙරට යන පාරේ නම බණ්ඩා මාවත වෙන්න ඇති. ඔබේ ප්‍රකාශයෙන් ඔප්පු වෙන්නේ අධි වේගී මාර්ග හදල තියෙන්නේ "අපේ පාක්ෂිකයන් ට " විතරයි කියලා වෙන්න ඇති. පුදුම සංවර්ධන වැඩපිළිවෙලක් නේ. තව ටිකකින් රටේ නමට ඉස්සරහින් ලේබල් ගහවි ද දන්නේ නැහැ අහවල් පාක්ෂිකයන් ට පමණයි. කියලා. ඔය වගේ අදහස් තියන අය නිසා තමා මේ සංවර්ධන වැඩවලට අනවශ්‍ය විවේචන කරන්න මිනිස්සු පෙළඹෙන්නේ. (නදී)

:       0       0

කලන් Sunday, 04 May 2014 05:58 AM

බිත්තර ගැසුවේ දවල් කෑමට ආරාධනා කරන්නයි. එක අපේ පැත්තේ චාරිත්‍රයක්. (නදී)

:       0       0

සුනිල් Sunday, 04 May 2014 06:00 AM

බිමල් 2014-05-04 05:42:48- බෙන්තර ගගින් එහා අයට කවුද ගැණු දෙන්නේ? (නදී)

:       0       0

නිශාන්ත Sunday, 04 May 2014 06:01 AM

ආණ්ඩුවට කඩේ යන අය හිතන්නේ මේ සල්ලි බූදලයක් කියලා. මම යු.එන්.පි කාරයෙක් නොවේ.(නදී)

:       0       0

රංජන් Sunday, 04 May 2014 05:28 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඉතින් මොනවද කරන්නේ පොලිසිය අසරණයි.(නදී)

:       0       0

නවීන් Sunday, 04 May 2014 06:03 AM

කලන් බිත්තර ගසා විරුද්ධ පාක්ෂිකයන් ට කෑමට ආරාධනා කිරීම වගේම අඩම්තේට්ටම් කර බවලතුන් පිළිගැනීමත් ඔබේ පළාතේ චාරිත්‍රයක් වෙන්න ඇති. (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 04 May 2014 06:07 AM

ඉස්සර කාලේ හම්බන්තොට තංගල්ල පැතිවල මිනිසුන්ගේ තිබුන සීලාචාර ගති ගුණ, දේශපාලනයට පින්සිද්ධ වෙන්න, නැති වෙමින් යන හැටි දැක්කම කණගාටුවක් ඇති වෙනවා. (නදී)

:       0       0

රවී Sunday, 04 May 2014 06:56 AM

කලන් ගේ පළාතේ අරුම පුදුම චාරිත්‍ර නෙව තියෙන්නේ. පැමිණෙන විදේශීය කාන්තාවන් ව දුෂණය කර පිළිගැනීමත් ඒවායේ කොටසක් වෙන්න ඇති.(නදී)

:       0       0

මලික් Sunday, 04 May 2014 06:17 AM

අපි අධිවේගයේ හැටට හැටේ ලයිසනුත් නැතිව මිනිස්සුත් යට කරගෙන ගිහිල්ලා මත්තලින් ගොඩ බහින විදේශීය බවලතෙකුටත් සිංහල සිරිතට අනුව අඩම්තේට්ටම් කොට පිළිගෙන , හම්බන්තොට වරායේ සිරි සිරි නරඹමින් සිටි අපේ සිංහල කුල කාන්ත්වකටත් නොහොබිනා වදනින් ආචාර සමාචාර පවත්වා, පේවී ගොස් මැණික් ගඟේ නාමු. දේවාලයට ගොස් පුජා වට්ටිය දුන්නම රට තව තවත් දියුණු වේවි. අනේ හොඳයි. (නදී)

:       0       0

සමන්ත Sunday, 04 May 2014 06:44 AM

කලන් නරකද ඔබේ ගමට හම්බන්තොට වෙනුවට බිත්තරතොට කියා නම තබා ගත්තානම් !(නදී)

:       0       0

රාණා Sunday, 04 May 2014 08:24 AM

තුරුම්පු නැතිව ඉන්න විපක්ෂේ අයට ඒවා දෙන්නේ ප්‍රාදේශීය නායකයොයි. ප්‍රඥාවන්තයින්ට පමණක් පාලනය දීමට ජනතාව ඊළඟ වාරෙවත් සිතා ගන්න. (නදී)

:       0       0

සාරා Sunday, 04 May 2014 08:26 AM

බය වෙන්න එපා. මොන කචල් එක ආවත් පැය එකහමාරෙන් කොළඹටම දුවන්න පාර හදල තියෙන්නේ. (නදී)

:       0       0

අබේධීර Sunday, 04 May 2014 08:15 AM

ඔක්කොම එකයි. (ස)

:       0       0

ඩයස් Sunday, 04 May 2014 08:27 AM

කොළොඹ සිට කතරගම දක්වා විරෝද පා ගමනක් යමු. පක්ෂය එකමුතු කර ගනිමු. සුදුස්සාට සුදුසු තැන දෙමු.(නදී)

:       0       0

ප්‍රිමේශිකා Sunday, 04 May 2014 09:53 AM

මේ වගේ ‍දේ කරලා ආණ්ඩුවට විරුද්ධව ජන මතයක් ගොඩ නගල ආණ්ඩු වෙනස් කරන්න එ. ජා.ප. යට තව අවුරුදු 20ක් වත් ඕන. (ස)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 04 May 2014 09:35 AM

කුණු බිත්තර වලින් ගැහුවට බෝම්බ වලින් කඩු පොලු මුගුරු වලින් කාටවත් ගහල නැහැනේ.ඇත්ත එකක් හෝ බොරු එකක් වේවා පිස්තෝලයක් ගෙනාවට වෙඩි තිබ්බේ නැහැනේ.යු අන් පි ආණ්ඩුවක් ඉඳල සන්දානේ මන්ත්රිලා ටිකක් ඔය ටුවර් එක ගියානම් ඒවයෙන් අඩු නැතුව ලැබිල දෙතුන් දෙනෙකුට. පාන්ශකුලෙත් දෙන්න වෙනවා ස්ථිරවම..සන්දාන ආණ්ඩුවම හින්ද කට්ටිය බේරිලා ආව. (ස)

:       0       0

සංක Sunday, 04 May 2014 10:38 AM

බන්දුල,මොකෝ අද කඩේ යන්න පරක්කු වුනේ? (ස)

:       0       0

මංජුල Sunday, 04 May 2014 11:12 AM

චන්ද දායකයන්ට ගහන්න ඕනේ මඩු වලිගෙන්. (ස)

:       0       0

කමල් Sunday, 04 May 2014 11:31 AM

බන්දුල මහතා ඔබ හෙට අනිද්දට අනිවාර්යෙන් ම කියාවි අර තංගල්ලේ දුෂණය වුන විදේශීය කාන්තාවත් දුෂණය වුනා විතරයි නේ , මැරුණේ නැහැනේ කියලා. කලින් ආණ්ඩුව කළා අපිටත් බැරිද කියන්න නෙවයි මම නම් ඡන්දෙ දුන්නේ. තව අවුරු 20 ක් වත් මට පේන හැටියට කලින් ආණ්ඩුවත් මෙහෙම කළා කියා කියා ඉඳීවි. පලවෙනි පරාක්‍රමබාහු ගේ කාලේ ඉඳලා පහුගිය ආණ්ඩු මොකද කලේ කියලා හොයා හොයා ඉන්න. එතකොට රට වෙනුවෙන් ඉදිරියට කල යුතු වැඩ ටික ඉබේම වේවි. (ස)

:       0       0

සඳුන් Sunday, 04 May 2014 11:32 AM

කලින් කඩේ ගියානම් වෙන්නේ අනෙක් අය ඔක්කොම පැත්තක තියල එ්ක විවේචනය කරන එක. ස්තුතියි බන්දුල! (ස)

:       0       0

දයානන්ද කුවෛට් Sunday, 04 May 2014 11:45 AM

අවුරුදු 20ක් යනවිට විපක්ෂයට හොඳ පන යාවි (ස)

:       0       0

කලණ Sunday, 04 May 2014 12:50 PM

"හම්බන්තොට කොල්ලෝ සැරයි, අලි නාම්බෝ දන ගස්සයි." හම්බන්තොට ධර්මද්වීප දිස්ත්‍රියක්. අපි වැඩ කරන්නේ හෙළ කුල සිරිතට ඇල් හාලේ බත් කාලයි. (ස)

:       0       0

සම්පත් Sunday, 04 May 2014 12:06 PM

තව අවුරුදු 20 කින් රටේ ජන මතේ වෙනස් කරන්නේ කැසිනෝ මුදලාලිලාගේ ඡන්ද මුදල්. (ස)

:       0       0

සපුමල් Saturday, 03 May 2014 09:31 PM

යූ.එන්.පී. කාරයින්ට තව-තව පහර දෙන්න.(ස)

:       0       0

ධම්ම Saturday, 03 May 2014 09:01 PM

ගුවන්තොටක් වරායක් හැදුන තරමින්ම මිනිසුන් ශිෂ්ටාචාරය කරා ලඟා වන්නේ නැහැ. ඒකට ටික කලක් යාවි. එතකල් පරණ පුරුද්දට හූ කියපුදෙන්.(ස)

:       0       0

පිටිගල Saturday, 03 May 2014 10:34 PM

බිත්තර ගැසීම, ගල් ගැසීම, හූ කීම, මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ඒ කාලේ කිව්වේ තමුන්නාන්සේලාගේම හිටපු නායක තුමා නේද? දැන් එක ඔට්ටු නැද්ද? (ස)

:       0       0

සංක Saturday, 03 May 2014 10:44 PM

මත්තල අලි විතරක් නෙමේ නරිත් ඉන්නව වගේ.(ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 03 May 2014 09:58 PM

නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ පක්ෂපාතීව නෙමේ හැමකෙනට එක ලෙස.මේකෙන් වෙන්නේ රට තුල තවත් ප්‍රශ්න ඇති වීමයි.දේශපාලනේ ගත්තාම කොහොමද සාධාරණව ප්‍රශ්නයක් විසදන්නේ.වග කිව යුක්තෝ මේ දෙස ඇස්,කන්,ඇරලා බැලිය යුතුයි.මුනිවත රකින්නේ නැතිව.(ස)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Saturday, 03 May 2014 10:58 PM

මේ ගොල්ලන්ට හු කියල මදි නැවත බිත්තර සංග්‍රහයක් දුන්නනං තමා වටින්නේ (ස)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Saturday, 03 May 2014 10:15 PM

මේ ගොල්ලෝ කවුරුත් එකයි ජනතාව රවටනවා ඒ වුනාට සුවාරිස් රවටන්න අපහසුයි.(ස)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 04 May 2014 03:01 PM

කර් එකක් හැපිච්ච එක ලක්ෂෙකට කිට්ටු වෙන්න බලද්දී මේ පුවත බලල තියෙන කට්ටියගේ ගාන බැලුවම අපේ දැන උගත් ලංකාදීප පාඨකයෝ මේ ගොල්ලන්ට ගහපු එක අනුමත කරලා කියල තමයි මටනම් හිතෙන්නේ. (ස)

:       0       0

ලලිත් අපොන්සු Saturday, 03 May 2014 10:43 PM

බැලුවම හම්බන්තොට නරිත් ඉන්නවනේ අපි හිතුවේ අලියි කුරුල්ලොයි විතරයි ඉන්නේ කියලා. (ස)

:       0       0

වින්සන්ට් Saturday, 03 May 2014 11:54 PM

සෙල්ලන් පිස්තෝල අරගෙන දේසපාලකයන් දුවන ඒවා සහ බෝඩ් කැලි උස්සගෙන ඉන්න මේවා දකිනවිට දේසපාලනය මොන තරම් ලජ්ජා නැති රැකියාවක්ද කියා කාටද නොසිතෙන්නේ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 36 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 1111 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 1020 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 813 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 7044 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2177 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34252 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site