(දිනේෂ් උපේන්ද්‍ර)
පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.
ඒ මහතා අද (25) කුලියාපිටිය රුවිනී ලෙෂර් පාක් ආයතනයේ දී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව පැවසීය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ රත්නායක මහතා මෙසේද පැවසීය.
ඉකුත් කාලයේ බිත්තරයක් රුපියල් 65-70 අතර ගියා. එහෙත් සංගමයක් විදිහට මේ කර්මාන්තයත් ආරක්ෂා කරගන පාරිභෝගිකයාටත් බිත්තරයක් රුපියල් 45 අගයට ලබාදෙන්න අපි අපමණ වෙහෙසක් ගත්තා. බිත්තර මිල අඩු වැඩි වෙන්නේ අපි ඕන ඕන විදිහට කරන දෙයක් නිසා නෙවෙයි. අදවන විට බිත්තරය ගොවිපොලෙන් රුපියල් 30 සීමාව දක්වා අඩුවෙලා තියනවා. ඉදිරියෙදී මේ මිල තවත් අඩුවේවි කියලයි අපිට පේන්නෙ.
මිල අඩුවෙන්නෙත් අපි නොහිතන කරුණු එක්ක. ලංකාවට මව් සතුන් අවශ්‍යතාවය අසූ පන්දහසක් පමණ. එයින් තමයි බිත්තර ලක්ෂ 75ක් පමණ නිෂ්පාදනය කරගන්න පුලුවන් වුණේ. එහෙත් මේ වනවිට මවු සතුන් එක්ලක්ෂ හතලිස් දෙදහසක් ගෙනත් තියනවා. මසකට අවශ්‍ය පැටවු ලක්ෂ හත හමාරක් වුවත් එහිදී පැටවු ලක්ෂ 12ක් පමණ බිහිවෙනවා. ඒ අනුව සෑම මසකම බිත්තර නිෂ්පාදනය ලක්ෂ 5 බැගින් වැඩිවෙනවා. නමුත් පරිභෝජනය ඊට අනුරූපීව වැඩිවෙන්නෙ නැහැනේ. ඉකුත් ජනපතිවරණ සමයේ දී පාක්ෂිකයන්ට දෙන ආහාර වේලට පක්ෂ ප්රතිපක්ෂ කවුරුත් බිත්තර එකකාසු කිරීම නිසා බිත්තර අලෙවිය වැඩිවුණා. දැන් ඒක නැවතුන නිසා බිත්තර අතිරික්තයක් පවතිනවා. ඒ නිසා තමයි බිත්තර මිල අඩුවෙලා තියෙන්නේ.
අනිත් කාරනාව අද වනවට බිත්තර කර්මාන්තයට නව ව්‍යවසායකයින් එකතුවුණා. එය හොඳ තත්වයක්. ඒ අයත් නිෂ්පාදන කාර්යාවලියට ඒ විදිහට එකතුවුණ නිසා කොහොමත් මසක බිත්තර ප්‍රමාණය ලක්ෂ5කින් පමණ වැඩිවුණා. මේ සෑම හේතුවක්ම බලපානවා බිත්තර මිල සඳහා. අපිත් කැමති අපේ නිෂ්පාදන පාරිභොගිකයින්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලබාගන්නවාට. එහෙත් කර්මාන්තයක් විදිහට මේක වැටෙන්න දීලා බැහැ. එහෙම වුණොත් කුඩා පරිමාණ ගොවීන් මේ කර්මාන්තය අත් හරිනවා. එතකොට බිත්තර ප්‍රමාණය අඩුවෙනවා. අන්න මිල ඉහළහා හැකි හේතු.
ඒ වගේම අපි ගැබිණි මව් පෝෂණ මල්ලට බිත්තර නොමිලයේ දුන්නා. පාසල් සිසුන්ටත් නොමිලයේ දුන්නා. ඒ වගේම සහනදායී මිලට අපි පාසැල් සිසුන්ට බිත්තර දුන්නා. අපි ඒ දේවල් සමාජය වෙනුවෙන් සිදුකළා. ඒ නිසා රජය වැඩ පිළිවෙලක් සකසනවානම් අපිට හැකියාව තියනවා ළමා මන්දපෝෂණය තුරන්කිරීම වෙනුවෙන් පාසැල් සිසුන්ට රුපියල් 30කට බිත්තරයක් අදාළ ස්ථානවලට ප්‍රවාහනය කරලා දෙන්නත් යැයි පැවසීය.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිත්තරයක් 30ට බහියි
Ajantha Wednesday, 25 September 2024 02:59 PM
ඔයාලා බයවුණේ එහෙම නෑනේ...
Hasitha Wednesday, 25 September 2024 03:11 PM
බිත්තර මිල කොච්චර අඩු වුණත් කෑම වර්ග වල කිසිම අඩුවක් නෑ බිත්තර 65 තිබ්බ කාලේ කේක් බිත්තර රෝල් කොත්තු බිත්තර ආප්ප රෝටි තිබ්බ ගානමයි තාමත්.. මේ රටේ ඉන්න ඔක්කෝම නැති මිනිහා සූරා කනවා. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ.
RishadWednesday, 25 September 2024 03:57 PM
ඔව් එකඟයි අපිත්...
danushka Wednesday, 25 September 2024 03:39 PM
අපරාදේ අඩු කලේ.. බිත්තර 1 කට වියදම් රුපියල් 20 ක් වත් නෑ රනිල් එනකොට අසීමිතව ලාභ ලැබුවා .. දැන් බයවෙලා අඩු කරනවා
Bokka Wednesday, 25 September 2024 03:45 PM
සීනි වන්චාව කළ ගෝඨාභයව අල්ලන්න...
සිල්වා Wednesday, 25 September 2024 04:38 PM
මේකත් අර මැච් එක දිනන, පරදින අවස්ථාවන් වල කියන කතා වගේ...
අරවින්ද මොනරවිල Wednesday, 25 September 2024 04:46 PM
කිකිළියෝත් මාලිමාවට සපොර්ට් වගේ...!
පුරවැසියෙක් Wednesday, 25 September 2024 05:49 PM
බිත්තරේ මිල අඩු වුනේ නව ජනපතිට කිකිළියන් බය වෙලාද.?
Dasa PThursday, 26 September 2024 02:02 AM
නැ නෑ සතුටට වැඩිපුර බිත්තර දෙන්නේ..
බොරුකිකිලි Wednesday, 25 September 2024 06:54 PM
පාසල් දරුවන්ට නොමිලේ බිත්තර දුන්නේ කිකිළියන්ද?
Perera Thursday, 26 September 2024 06:30 AM
කළින් ඇමැතිගේ කොමිස් එක ගෙවන්න ඕනෙ නැහැනේ දැන්...
Perera Thursday, 26 September 2024 07:58 AM
දැන් ඉන්න ඇමතිට කොමිස් දෙන්න ඕනෑ නැහැනේ. ඒ නිසා බිත්තර ගණනත් සාපේක්ෂව අඩුවෙලා...!
egg centre Thursday, 26 September 2024 08:00 AM
අනේ ඔබලා වගේ කාලකන්නි නුඹලාට හිතවත් අය ආවාම බිත්තර මිල අඩු කරනවා. වැඩි කරන්න කියපු හේතුත් අපි පිළිගන්නේ නැහැ. අඩු කරන්න කියපු මොංගල් හේතුත් අපි පිළිගන්නේ නැහැ..