IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බදු නොගෙවෙන ලක්ෂ පහක් දැලට හසු කර ගන්නවා

(අංජුල මහික වීරරත්න)

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහල නංවා ගැනීමට නම් මේ ක්‍රියාව කළ යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීම බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ජනතාවද  එවැනි ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 



අදහස් (11)

බදු නොගෙවෙන ලක්ෂ පහක් දැලට හසු කර ගන්නවා

Rohana Monday, 08 January 2024 07:41 PM

එතකොට බදු නොගෙවන අර්ජුන් ඇලෝසියස් ඉස්කාගාර කොම්පැනි සීනිබදු සුදුළුෑනු බදු ඔයකියන දැලට අහුවෙන්නම නැතිද? එයාලත් අහුවුනානම් මේ සුළු බදුගෙවන කූනිස්සො හාල්මැස්සන්ට වඩා කොතරම් ශක්තිවන්තයොද කියල හිතාගන්නත් අමාරුයි.

:       0       1

Lalla Monday, 08 January 2024 08:27 PM

බදු ගෙවන්නාට දෙන වධය..... කොල මිටිය පුරවන්න තව කෙනෙකුට ගෙවන්න ඕන. සරල එක කොලයක් හදන්න. සංකීර්ණ වැඩි ක්‍රමවේදය හිරිහැරයක්.මේක අපරාධයක්....

:       0       2

Sharm Monday, 08 January 2024 08:51 PM

ලක්ෂ පහත් එපා.. 225න් කීදෙනෙක් හරියට බදු ගෙවනවද කියලා කියන්නකො ඔහේ හපනා නං... නිකං තප්පුලන්න එපා.. මේ පාර ඡන්ද ටිකත් නෑ

:       0       1

Prabha Monday, 08 January 2024 09:24 PM

ඊට කලින් අර අරක්කු වලට නොගෙවපු බදු ටික තෝරා ගන්නේ කොහොමද ,කවදාද කියලා පොඩ්ඩක් කියනවද ?

:       0       1

නිමල් Monday, 08 January 2024 09:32 PM

එතකොට තමුන්නැහැල බදු ගෙවීමට ලියාපදිංචි වී ඇති, ගෙවීමට හැකියාව ඇති එහෙත් ගෙවීම පැහැර හැර ඇති ධනවත් ව්‍යාපාරිකයන්ටයත් ඔය කියන දැල් එලනවාද?

:       0       1

chandima Monday, 08 January 2024 11:38 PM

ඉස්සරවෙලාම පසුගිය අවුරුදු විස්සක් තිහක් විතර කාලේ එකතු කරපු බදු සල්ලි වලට කෙලියා ,ක්ලීන් සූට් කාරයෝ අල්ලන්න දාලා එල්ලුවානම් නේද හොඳ ?නැතිනම් මේ එකතු කරන එව්වාටත් වදිනවා සිකුරුයි

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 January 2024 06:28 AM

රටක ජනතාව බදු ගෙවිය යුතුයි.ඒ වගේම ඒ රටේ ජනතාවට නිසි ආදායම් මාර්ග සඳහා පහසුකම් සැලසීම රජය විසින් සිදුකළ යුතුයි.ඒත් මේ රටේ ජනයා වෙනුවෙන් දේශපාලකයන් එම යුතුකම් හරිහැටි ඉටු කරනවාද ? රටේ මිනිසුන්ගේ ලේ බොන්න බලාගෙන ඉන්නේ නැතුව දේශපාලුවන් රටේ සම්පත් හොරා කෑ දේට පියවර ගත්තාද ? නැහැනේද ? පැන්ඩෝරා මුදල්,ඒ දිනවල පිටරට ඉන්න අය සාක්ෂි සහිතව අන්තර්ජාලයේ දැමූ විදෙස් වත්කම් ගැන කිසිම පියවරක් ගත්තාද ? පාර්ලිමේන්තුවේ ඉන්න ඇතැම් අය පාර්ලිමේන්තු එන්නට පෙර දිළින්දන්.පසුව ධන කුවෙරයන්.ඇයි මේ දේවල් නොපෙනෙන්නේ ඇස් අන්ධ වෙලාද ? බොරුවට කයිවාරු ගහන දේශපලනඥයින්ගෙන් තොර රටට සැබෑ ලෙස ආදරය කරන අය දේශපාලනයට ගෙන ඒමට රටේ ජනතාව දැන් හෝ හොඳ අවධි බුද්ධියෙන් විමසා බලා කටයුතු කළ යුතුයි.

:       0       2

චන්දන Tuesday, 09 January 2024 07:50 AM

ඔය කියන ලක්ෂ 5 සමානයි තමන්ගෙ ගජ මිතුරු බිලියනපති ව්‍යාපාරිකයන්ගෙන් අයවිය යුතුමුදල. සීනි, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර දුව්‍ය විතරක් වලින් කීයක් රජයට අහිමි උනාද? ඒ අයුතු ලාබ තියෙන්නෙ කා ළඟද? ඒව රජයට ගන්න මොකක්ද කළේ? ඒව අය කරගනිල්ල..අහිංසක මිනිස්සු බය කරල රීරි මාංශ හූරගෙන කන්නෙ නැතිව. උඹලට හෙණ ගහනව ෂුවර්.. ජනතාවගේ සාපය වදිනව..

:       0       1

upali Tuesday, 09 January 2024 09:39 AM

මගේ මුලික ප්‍රශ්නය......ඔබතුමාත් ඇමති ධූරයක් දැරූ ගෝඨා රජය යටතේ.....සීනි බදු වංචාව, ආනයනකරුවන්ට ලබාදුන් බදු සහනයෙන් 35%කට හිමිකම් කියන්න පුළුවන් කියලා. ඔවුන් ගෙව්වාද? එසේ නොවේ නම් ඇයි / එවැනි ක්‍රියාවකට වගකිව යුත්තේ කවුද?

:       0       5

Surain Tuesday, 09 January 2024 10:18 AM

ජනතාවට බදු ගෙවන්න ඕනේ ඔයාලට සුර සප විඳින්න

:       0       2

Chamila Fernando Tuesday, 09 January 2024 12:40 PM

බදු නොගෙවන මහා පරිමාන ඉස්කාගාර සහ අනෙකුත් සමාගම් වලින් බදු අය කර ගන්න බයයි වගේ නේද ? එයාලා යාළුවොනේ නේද මල්ලි ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 902 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2022 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 664 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 370 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 944 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1527 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site