දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු වංචාවට සම්බන්ධ යැයි සැකපිට සමාගම් ප්‍රධානියෙක් ද කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. ඔහුගේ සමාගමෙන් ගෙවිය යුතු බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තු පරිගණකයෙන් මකා දැමීම සඳහා ඔහු එහි විශ්ලේශක ලෙස්ලි රොවෙල්ට හා තක්සේරු කරු ඩාර්ලිස් නාකන්දලට රුපියල් ලක්ෂ 30ක් ගෙවී යැයි පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ දෙදෙනා ද යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදායම් බදු ජාවත්තේ ශාඛාවෙත් පගා කාරයෙක් ඉන්නවා, කාටද කියන්න ඕනෑ? මට දන්නා කියන කෙනෙක් කියන්න, වාර්තා කරන්න ඕනෑ කාටද කියලා. (නි)
ඔය විදියට මොන තරම් නම් බදු වංචා කරනවා ඇද්ද ?(ස)
තද බල දඩුවම් දෙන්න ? ලක්ෂ 30තනියම ගත්තේ නෑනේ... වැඩේ ගාණට සිද්ධ වෙලා ඇති (ස)
මකන කෑලි කීයක් යන්න ඇද්ද ?(ස)
සමාගම් ප්‍රධානියගෙ නම නැහැ. අර දෙන්නගෙ නම් තියෙනවා. (නි)
වැරදිකරුවන් වුවහොත් තදබල දඩුවම් දියයුතුයි. (නි)
මේ වගේ වගකීමක් දරණ තැන්වලම මෙවැනි ජාතික අපරාධ සිදුවෙනවා නම්,අනිත් තැන්වල කොහොම දේවල් සිදුවෙනවා ඇද්ද? අපට ඉක්මනට ආශ්චර්යට ළඟා වෙන්න පුළුවන්. (නි)
අයියෝ සල්ලි
හොදයිනේ. (නි)
අයියෝ සල්ලි! (නි)
ඔය විදියට හම්බ කරලා විශ්‍රාම ගිය අය කොච්චර ඇද්ද? (නි)
නසාර්, නිකන් යනවා යන්න. (නි)
බදු බඩට... රට පෙරට.... අපි වළට.... නීතිය බල්ලාට.... (නි)
තෝරු මෝරු පොකිරිස්සෝ අපේ දැලට හසුවෙනවෝ.... (නි)
හරි හරි. හෙට අනිද්දට ඇප එක්ක එළියට දාන්න. මතක ඇතුව සෑම සතියකම ඉරු දින පොලිසිය පැත්තට ඇවිල්ලත් යන්න කියන්න. (නි)
කලොත් අවැඩක් හිමි වෙන්නේ දුකක් කරනු හොඳ පමණක්...... ලබන්නට නිති ජයක් (ස)
ඔහුගේ දේපළ රාජසන්තක කළ යුතුයි. (නි)
ෆයිල් නේද??? (ස)