මහියංගන ගිරාදුරුකෝට්ටේ ගල්පෝරුයාය කඹේදැම්මගල ( රන් කඹේ දැම්ම ගල) නම් ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක මාස කිහිපයක් තිස්සේ නිදන් හාරමින් සිටි බව කියන සිද්ධියක තොරතුරු ලැබ බොදුබල සේනාවේ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ප්‍රමුඛ සංඝරත්නය එහි වැඩම කළහ.
වනාන්තරයේ ගස් කපා, ගල්වෙඩි දමා නිදන හාරන බවට ප්‍රදේශවාසීහු අවස්ථා කිහිපයකදී පැමිණිලි කළත් බලධරයින් කිසිත් නොකළ බව ගැමියෝ කියති.
කඹේදැම්මගල කැලයට බොදුබලසේනාව ළගාවන විට නිදන් හාරමින් සිටි පිරිස පලාගොස් සිටි බවත් බොදුබළසේනාව එන බව දැන ඊට ප්‍රථම එම ස්ථානයට ගොස් ගිරාදුරුකෝට්ටේ පොලිසිය උපකරණ කිහිපයක් අත් අඩංගුවට ගෙන ඇති බවත් කියති.
මාස කිහිපයක් තිස්සේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් ප්‍රදේශයේ ජනතාව බියවද්දමින් ඉහළ පෙළේ ඇතැම් නිළධාරින්ගේ සහය ලබාගනිමින් මහියංගනය ව්‍යාපාරිකයන් බව කියන පිරිසක් සේවකයන් යොදා ගනිමින් කැලය වනසා ඇති බව ඥාණසාර හිමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවන්ට යෝද ශක්තිය ලැබෙන්න ඕන තව තවත් මේ වගේ ජරා වැඩ නවත්වන්න. මේවට වග කියන්න ඕන අය නින්දේ. හාමුදුරුවන්ට සිදු වෙලා මේ හැමදේම හොයන්න බලන්න. (ස)
ඔබ වහන්සේලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
අපේ හාමුදුරුවනේ මමත් ඔබවාන්සේ පසුපස එන්නෙමි. ඔන්න ඔබ වහාන්සේ තමයි රටට අවංකවම ආදරය කරන්නෙ මට හරිම ආඩම්බරයි ! (ස)
මෙහෙම හොද වැඩ කරන යට අද තැනක් නැහැ ඔබ වැනි හාමුදුරුවන් රටට හරි ආඩම්බරයක් තවත් ඉදිරියට යමු ගොඩක් පින් (ස)
ඇයි නිධාන් හොරැ අල්ලන්න අාරක්ෂක කැමරා පාවිචිනොකරන්නේ. (ස)
රටේ ලොක්කොත් ,පොලිස්සියත් ,නීතියත් නිදිනම් හාමුදුරුවනේ ඉදිරියටම යන්න.ඔබට ජයෙන් ජය. (ස)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. (ස)
බුද්ධික ඔය ගොඩක් හොදයි ......සමාව ගැනීම දේව ගතියක් ..... අපි අපේ රට මුලින්ම බේරගන්න ඕන ...... මේවගේ හාමුදුරුවෝ නැත්නම් මෙවෙනකොටත් රට වලපල්ලට ගිහිල්ල (දී)
අපේ හාමුදුරුවනේ ඔය වගේ වලකට වැටුනොත් ගොඩ එන්න අමාරුයි (දී)
මගේ අදහස් වලින් අනිත් අයගේ හිත් රිදුනා නම් සමාවෙන්න. (ස)
මාර වලක් නේද මෙතන තියෙන්නේ? (ස)
ලංකාවේ පුරාවිද්‍යාත්මක තැන් විනාශ කරන අමනයන්ට රටක් ජාතියක් නැහැ. නිධන් හාරන්නේ හොරු. ඔබ වහන්සේලාගේ කටයුතු ඉතා ප්‍රශංසනීයයි (නි)
එහෙම නම් මේ වැඩේ කළේ කව්ද? (නදී)
ඔබ වහන්සේ බුදු වේවා ! (ස)
පොලිසිවලට ඕවා ගැන හොයන්න වෙලාවක් නෑ. (ස)
රටට ගිය කලක් (ස)
අනේ ඔයගොල්ල බුද්දීකට බැන්නා ඇති. (ස)
බුද්දික පාඩුවේ ඉන්න (අ)..
ඇත්තටම අමල්ගේ කතාව හරි විනෝදශීලී කතාවක් නමුත් බුද්ධිකගේ බුද්ධියට අපහාස කිරීම මම හෙලා දකිමි. (අ)
බොදු බල සේනා රටේ පිනට පහලවූ පිරිසක්. ""බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැතුවම ගමනේ යෙදෙනවා"" කියලා කියනවානේ. (නදී)
මේ රටට පොලිසියක් අවශ්‍ය නැහැ වගෙයි. මොකද දැන් හොරු අල්ලන්න වෙලත් තියෙන්නේ බොදුබල සේනාවට (නි)
විරාජ් පේනවනේ ඉස්සර වගේ නෙමේ දැන් ලංකාව හුඟාක් හොඳයි ජාතික සමගිය ,අධ්‍යාත්මික දියුණුව, සිතුම් පැතුම් වලින් ඉතා ඉහලයි , අපේ රට ගැන අපි හැමෝම ආඩම්බර විය යුතුය...
මේ අයට මොන දඩුවමද දෙන්නේ? (නදී)
හිමියනි අපි හැමදා ඔබ සමගයි. ඔබ වහන්සේ ඇතුළු බුදුබල සේනාවට අපගේ උතමචාරය සියලු දෙනාට බුදු සරණයි.(නදී)
ඔබ වහන්සේ වැනි හිමියන් තව තව අපේ රටට පහල වේවා ඔබ වහන්සෙට බුදු සරණයි.(නදී)
ජය වේවා. කප් සුවස් කල් වොරැඳි තුන් හෙලේ රකින්නට අත වෙර දරා. (ස)
හා හා හා හාමුදුරුවනේ ඔය වලවල් වලට ඔලුව දාන්නේ බලාගෙන (ස)
අපේ රට ගැන කැක්කුමක් තියන මිනිස්සු හිටියට කතාවට විතරයි. මම වුනත් එහෙමයි.කොහොමද අපි මෙකට හවුල් වෙන්නෙ කියන එක තමයි ප්‍රශ්නය? (ස)
කට්ටිය බොහොම හොඳයි ලංකාවට ජයවේවා බුද්දිමත් අදහස් ටිකක් (ස)
සිරිසෝමත් දන්න දේවල් (ස)
නියමයි හිමියනි නියමයි. (ස)
මෙහෙමවත් ඔබවහන්සේලා කලේ නැත්තම් වෙන කෙනෙක් නෑ මේවා කරන්න. නීතිය අතට ගත්තත් කමක් නෑ, නීතිය කියන්නේ මේක තමා. මමත් පුළුවන් දෙයක් කරනවා පුළුවන් විදියට. මේවා නරකයි කියන අය ගේ ගෙවල් වලට හොරෙක් අවොත් හොරා පව්, හොරා තරහ වෙයි කියා කියා ඉන්නවද පොල්ලකින් ගහනවා මිසක් . (ස)
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි! (නි)
ආගම සහ ජාතිය පටලවා ගැනීමෙන් ශ්‍රී ලාංකිකයන්ට යන කලක් නැති බව නොදන්නේ අද උපදින කිරිසප්පයෝ විතරයි. රටක් හැදෙන්නේ විවිද ජාතිකත්වයන්ගේ මිශ්‍රණයකින් ..ඒ තුල විවිද සංස්කෘතීන් තිබිය හැකියි ..විවිද උප සංස්කෘතීන් උනත් තිබිය හැකියි. රටකට අවශ්‍ය මහජාතිය මොකක්ද පොඩි ජාතිය මොකක්ද කියන එක නෙමෙයි ..අපේ රට මේ අගාදයෙන් ගොඩ ගන්නේ කොහොමද කියන එක. (අ)
මම ගොඩක් සතුටු වෙනවා ලංකාවේ වෙනදේවල් මෙ මගින් දැන ගන්න ලබීම ගැන. (අ)
පිටිගල තවලම අදින්නෙ හරක්? (අ)
ආගම් වාදය පතුරුවලා තවත් කළු ජූලියක් ඇතිවෙයිද ? (ස)
ඇත්තටම මේවා තමයි වෙන්න ඕන මේවට ගත් කාලයත් වැඩියි බලනකොට ...මේ පිබිදීම වෙන්න ඕන ගොඩක් කලින් ඇත්තම මේ කරන දේවල් හොදයි...අවංකවම කරන වැඩ පිළිවෙල හොදයි...නමුත් ගොඩක් පරිස්සමින්...(ස)
හාමුදුරුවෝ මේ වැඩ ටික කරද්දී පොලිසිය අඩුම ගානේ අර මන්දබුද්ධිකලව අත්අඩංගුවට ගන්න ඕනේ....(ස)
බුද්ධික...ඔබ හඬ අවදිකළේ අප වෙනුවෙනි, ඔබ බැනුම් ඇසුවේ අප නිසාය, ඔබ නින්දා අපහාස වින්දේ අපගේ පැත්ත ගැනීම නිසාය......සොයුර නොසැලී ඉදිරියටම යන්න...(අ)
මේ රට සිංහල බෞද්ධ රට.මේක ආරක්ෂා කරන එක අපේ වගකීමක්.ඊට අපි කවුරුත් පෙළ ගැහෙන්න ඕනෑ. රට ජාතිය ආගම රකින්න අපේ ඥානසාර හාමුදුරුවන්ට තෙරුවන් සරණින් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
එදත් අපේ රට, ජාතිය, ආගම බේරගත්තෙ අපේ හාමුදුරුවරු. (නි)
මේ වගේ වැඩ හරිම අගෙයි. කව්රු හෝ අපේ ආගම ජාතිය රැකගන්න ඉදිරිපත් වීම අගය කළ යුතුයි.(නදී)
ඒ කාලෙත් අපේ රටේ අසාධාරණයක් වෙනකොට එවා ගැන බැලුවෙත් අපේ ගරුතර සංඝරත්නය. ඔබවහන්සෙලා ගොඩක් ලොකු මෙහෙයක් කරන්නෙ. නිදාගෙන ඉන්න ජාතිය ගොඩ ගන්න. ඔබවහන්සෙට ජයෙන් ජය. (ස)
සිල්වා, ඔයා කියන විදිහට හැමෝම නීතිය අතට ගන්න ගියෝතින් අගේට තියේවි. රටට පොලිසියක්, උසාවියක් මොකටද? තමන්ගේ නඩු තමන්ම විසඳන්න ගත්තම හොඳට හිටි. සිල්වාලටත් වෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කට බිම උලාගෙන ඉන්න තමා. යකඩෝ රටකට ගිය කලක්.(නදී)
බුද්දිකගේ නම් අඩුපාඩුවක් තියෙනවා වගේ පේන්නේ. තව ඥානසාර හාමුදුරුවරු 1000ක් විතර ඕන කාලයක් මේක.(නදී)
මෙන්න දැන් ලැබුණු අලුත්ම ප්‍රවෘර්තිය. බුද්ධික නිදන් හාරමින් සිටි අතර සෆ්රාස් ඊට අත් උදව් දෙමින් සිටියදී, දෙදෙනාම අත් අඩංගුවට පත්විය.(නදී)
බුද්ධික ඔයා ඔච්චරටම මෝඩද? (නදී)
මෙවා අගය කල යුතු දේවල්. හාමුදුරුවො හරි මේවට මැදිහත් වෙන එක ලොකු දෙයක්.(නදී)
හාමුදුරුවනේ සිරිපාදෙටත් බඩු හරිලු. එක ගැනත් ටිකක් බැලුවනම් (නදී)
ඔබ වහන්සේලා ට යෝද බල යෝද ශක්තිය ලැබෙනවා ! (නදී)
බුද්ධිකත් නිධන් හොරෙක් වගේ මට පේන්නෙ. (ස)
සෆ්රාස් සහෝදරයා, මම අදහස් කරේ නිදන් හාරනකොට, නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ අය නිදාගෙන ඉන්නවනම්, කවුරු හරි ඉදිරිපත් වෙලා ඒක නවත්වන්න ඕනේ කියලා විතරයි. ඔයා කියන විදිහට මෙතන නිදන් හාරපු අයට දැඩි අසාදාරනයක් වෙලා තියෙනවා. ඔබතුමා බලාපොරොත්තුවෙන්නේ ඒ අයට සාදාරනයක් කරන්නද? අපි අදහස් ප්‍රකාශ කරනකොට දෙපාරක් හිතන්න ඕනේ.(නදී)
කවුරු මොනවා කීවත් බොදුබල සේනාව ලොකු සේවයක් තමා කරන්නේ. අැත්තටම තමන්ගේ කම තම ජාතිය කියන හැගිම දැඩි උනාම නෙෙතික තත්ත්වයන් ගැන හිතෙන්නේ නැහැ ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා!(නදී)
මේ වැටලීම් හරියට සිදු වෙනවා නම් හාමුදුරුවන්ට පන්සලට වෙලා ඉන්න තිබ්බ බව බුද්දිකට තේරෙන්නේ නෑ. (ස)
මේවා කරන්නේ අදාල බලධාරීන්ගේ ඇස් ඇරවීමටයි. (ස)
සිල්වාගේ අදහසින් පෙනී යන්නේ බුද්දික වගේ සාදාරනයක් බලාපොරොත්තු වන අයට තැනක් නැහැ කියන එකද? (නදී)
මෙය නම් අගය කල යුතු වටිනා වැඩක්. (නදී)
මේවා නීතිවිරෝධී වැඩ. (නදී)
බුද්දික ටිකක් මන්ද බුද්දික වගේ නේද? (නදී)
උසාවියෙන් දුන්න අවවාදය මතකද? (නදී)
මේක නියම වැඩක්. (ස)
රටේ විසදන්න ඕන ප්‍රශ්න බොහොමයක් පවතිනවා. ඔබ වහන්සේ රටේ නීතිය හා සාමය අතට ගැනීමක් සිදු නොකරන්නේ නම් එය යහපතක් යැයි අප සිතන්නෙමු.(නදී)
මේ වගේ වැඩ හරිම අගෙයි. (ස)
ඇත්තෙන්ම මෙය නම් අගය කළ යුතු වටිනා වැඩක් (නි)
බලධරයින් නිදන් හාරන කොට පැමිණිලි කරලා මොටද ? (නදී)
අපේ ඊළඟ සිංහල නායකයා ඔබ වහන්සේයි (නි)
වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්. ක්ෂාන්තිවාදී තපස් රකින්නේ පිටකොදු බිදගත් ඕලමොට්ටලයින්.(නදී)
ආදරණීය බුද්ධික නම් අසාමාන්‍ය බුද්ධිමතා වෙත යටහත් පහත්ව ලියමි.මම කිසිම තැනක කිසිම ආගමකට අපහාස කර නැත. කොටින්ම ආගමක් ගැන සඳහනක් හෝ කර නැත. අනවශ්‍ය ලෙස ආගම්වාදය පැතිරවීමට ඔබ විසින්ම වර්ණනා කරන ලද ඔබගේ වටිනා බුද්ධි මහිමය යෙදවීමෙන් වළකින්න. යමක් ප්‍රකාශ කිරීමට පෙර නැවත වරක් සිතන්න. (නි)
අම්මෝ.. දිනුසාට තද වෙලා තියෙන තරම්.කව්ද අනේ කිව්වේ නීතිය අතට ගන්න කියලා. ඔයා වලිගෙ පාග ගෙනනේ. මට පව් කියලා හිතෙනවා. (ස)
හොඳ වැඩ අනිවාර්යෙන්ම අගය කළ යුතුය. (ස)
හොඳ වැඩක්. ඔබ වහන්සේට බුදුසරණින් මෙවැනි වැඩ කරගෙන යන්න ශක්තිය දිරිය ලැබේවා. (ස)
මෙහෙම වටිනා ස්ථාන විනාශ කරනව නම්, ඒවා විනාශ කරන කල් බලධාරීන් බලා ඉන්නවා නම්, කව්රු වුණත් කමක් නෑ මැදිහත් වෙලා මේවා නවත්වන්න ඕනේ. මේ විනාශ වෙන්නේ අපේ උරුමයන්. (ස)
මේක හොඳ වැඩක්.(නදී)
මෙවැනි දේවල් කලාට කමක් නැහැ. මේවා බලධාරීන්ට පෙන්නේ නැති නම්, ඔබල මෙය ලෝකයට පෙන්වා දෙන්න. මෙන්න මෙවැනි දේවල් කරන්නට මේ අයට බලය දෙන්න. (ස)
ඉතා හොඳයි. (ස)
හිතවත් සිල්වා, සංක, සමා, ඔබලාගේ අදහස් වලට ගරු කරමි. ලොව පවතින සියලුම ආගම් හට ගරු කරන්න. එවැනි පුද්ගලයන්ගේ ක්‍රියා සැමවිට අනුමත කරන්න. අනුවණ පුද්ගලයන් මෙන් අනෙකාගේ අදහස් හෙලා දැකීම ඔබලා වැනි පුද්ගලයන්ගේ මානසික මට්ටම සිතා ගත හැක. යමක් තේරුම් ගෙන සංවාදයේ යෙදෙන්න. යථාර්ථය නොදන්නා පුද්ගලයන් සමග මෙහි සංවාදයේ යෙදීම කාලය කා දැමීමකි. එබැවින් මා මෙතැනින් නවතිමි. (ස)
හාමුදුරුවෝ 1000 ඔබ වගේ තව බිහිවේවා. අපේ හාමුදුරුවන්ට බුදු සරණයි. (ස)
නීතිය රකින්න කවුරුත් නැත්නම් නීතිය රකින්න ඉදිරිපත් විය යුත්තේ කවුද? (ස)
මෙය නම් අගය කළ යුතු වටිනා වැඩක්. (ස)
එදත් අපේ ජාතිය, ආගම බේරගත්තෙ අපේ හාමුදුරුවරු. පරගැතියො එදා රට වනසද්දි අපේ හාමුදුරැවො සිවුර තියල ඇවිත් සුද්දො පන්නන්න යුද්ධ කළේ නැත්නම් අද මෙහෙමවත් රටක් අපට නෑ. (ස)
හොඳ වැඩක් අපේ හාමුදුරුවනේ. (ස)
තියෙන තැනත් දන්නා නිසා දැන් ඕන කෙනෙක්ට ගිහින් ඔය නිධානය ගන්න පුළුවන් ලේසියෙන්ම. (ස)