IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බොදු බලෙන් රන් කඹේගලට පනිති

මහියංගන ගිරාදුරුකෝට්ටේ  ගල්පෝරුයාය  කඹේදැම්මගල ( රන් කඹේ දැම්ම ගල) නම් ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති  ස්ථානයක මාස කිහිපයක් තිස්සේ නිදන් හාරමින් සිටි බව කියන සිද්ධියක තොරතුරු ලැබ බොදුබල සේනාවේ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ප්‍රමුඛ සංඝරත්නය එහි වැඩම කළහ.

වනාන්තරයේ ගස් කපා, ගල්වෙඩි දමා නිදන හාරන බවට ප්‍රදේශවාසීහු ‍අවස්ථා කිහිපයකදී පැමිණිලි කළත් බලධරයින් කිසිත් නොකළ බව ගැමියෝ කියති.

කඹේදැම්මගල කැලයට බොදුබලසේනාව ළගාවන විට නිදන් හාරමින් සිටි පිරිස පලාගොස් සිටි බවත් බොදුබළසේනාව එන බව දැන ඊට ප්‍රථම එම ස්ථානයට ගොස් ගිරාදුරුකෝට්ටේ පොලිසිය උපකරණ කිහිපයක් අත් අඩංගුවට ගෙන ඇති බවත් කියති.

මාස කිහිපයක් තිස්සේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් ප්‍රදේශයේ  ජනතාව බියවද්දමින් ඉහළ පෙළේ ඇතැම් නිළධාරින්ගේ සහය ලබාගනිමින් මහියංගනය  ව්‍යාපාරිකයන් බව කියන පිරිසක් සේවකයන් යොදා ගනිමින් කැලය වනසා ඇති බව ඥාණසාර හිමියෝ  කියති.

 

 

 



අදහස් (0)

බොදු බලෙන් රන් කඹේගලට පනිති

සිල්වා Friday, 09 May 2014 01:46 PM

සෆ්රාස් සහෝදරයා, මම අදහස් කරේ නිදන් හාරනකොට, නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ අය නිදාගෙන ඉන්නවනම්, කවුරු හරි ඉදිරිපත් වෙලා ඒක නවත්වන්න ඕනේ කියලා විතරයි. ඔයා කියන විදිහට මෙතන නිදන් හාරපු අයට දැඩි අසාදාරනයක් වෙලා තියෙනවා. ඔබතුමා බලාපොරොත්තුවෙන්නේ ඒ අයට සාදාරනයක් කරන්නද? අපි අදහස් ප්‍රකාශ කරනකොට දෙපාරක් හිතන්න ඕනේ.(නදී)

:       0       0

ජයා Friday, 09 May 2014 01:46 PM

බුද්ධිකත් නිධන් හොරෙක් වගේ මට පේන්නෙ. (ස)

:       0       0

රංජත් සෝමවංශ Friday, 09 May 2014 01:47 PM

ඔබ වහන්සේලා ට යෝද බල යෝද ශක්තිය ලැබෙනවා ! (නදී)

:       0       0

කසුන් Saturday, 10 May 2014 11:31 PM

සිරිසෝමත් දන්න දේවල් (ස)

:       0       0

සමන් රුසිරි Saturday, 10 May 2014 01:54 PM

මම ගොඩක් සතුටු වෙනවා ලංකාවේ වෙනදේවල් මෙ මගින් දැන ගන්න ලබීම ගැන. (අ)

:       0       0

කුමාර Friday, 09 May 2014 01:53 PM

හාමුදුරුවනේ සිරිපාදෙටත් බඩු හරිලු. එක ගැනත් ටිකක් බැලුවනම් (නදී)

:       0       0

ලහිරු Friday, 09 May 2014 01:58 PM

මෙවා අගය කල යුතු දේවල්. හාමුදුරුවො හරි මේවට මැදිහත් වෙන එක ලොකු දෙයක්.(නදී)

:       0       0

සංක Friday, 09 May 2014 02:00 PM

බුද්ධික ඔයා ඔච්චරටම මෝඩද? (නදී)

:       0       0

අමල් Friday, 09 May 2014 02:01 PM

මෙන්න දැන් ලැබුණු අලුත්ම ප්‍රවෘර්තිය. බුද්ධික නිදන් හාරමින් සිටි අතර සෆ්රාස් ඊට අත් උදව් දෙමින් සිටියදී, දෙදෙනාම අත් අඩංගුවට පත්විය.(නදී)

:       0       0

සාමා Friday, 09 May 2014 02:09 PM

බුද්දිකගේ නම් අඩුපාඩුවක් තියෙනවා වගේ පේන්නේ. තව ඥානසාර හාමුදුරුවරු 1000ක් විතර ඕන කාලයක් මේක.(නදී)

:       0       0

දිනුසා Friday, 09 May 2014 02:14 PM

සිල්වා, ඔයා කියන විදිහට හැමෝම නීතිය අතට ගන්න ගියෝතින් අගේට තියේවි. රටට පොලිසියක්, උසාවියක් මොකටද? තමන්ගේ නඩු තමන්ම විසඳන්න ගත්තම හොඳට හිටි. සිල්වාලටත් වෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කට බිම උලාගෙන ඉන්න තමා. යකඩෝ රටකට ගිය කලක්.(නදී)

:       0       0

සසංක Saturday, 10 May 2014 06:11 AM

ඔබ වහන්සේලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ප්‍රසන්ග Saturday, 10 May 2014 06:11 AM

ලංකාවේ පුරාවිද්‍යාත්මක තැන් විනාශ කරන අමනයන්ට රටක් ජාතියක් නැහැ. නිධන් හාරන්නේ හොරු. ඔබ වහන්සේලාගේ කටයුතු ඉතා ප්‍රශංසනීයයි (නි)

:       0       0

නාරද Friday, 09 May 2014 02:28 PM

ඒ කාලෙත් අපේ රටේ අසාධාරණයක් වෙනකොට එවා ගැන බැලුවෙත් අපේ ගරුතර සංඝරත්නය. ඔබවහන්සෙලා ගොඩක් ලොකු මෙහෙයක් කරන්නෙ. නිදාගෙන ඉන්න ජාතිය ගොඩ ගන්න. ඔබවහන්සෙට ජයෙන් ජය. (ස)

:       0       0

ධනුෂ්ක Friday, 09 May 2014 02:29 PM

කවුරු මොනවා කීවත් බොදුබල සේනාව ලොකු සේවයක් තමා කරන්නේ. අැත්තටම තමන්ගේ කම තම ජාතිය කියන හැගිම දැඩි උනාම නෙෙතික තත්ත්වයන් ගැන හිතෙන්නේ නැහැ ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා!(නදී)

:       0       0

සිරියලතා කෙන්ය Friday, 09 May 2014 02:32 PM

තියෙන තැනත් දන්නා නිසා දැන් ඕන කෙනෙක්ට ගිහින් ඔය නිධානය ගන්න පුළුවන් ලේසියෙන්ම. (ස)

:       0       0

රාවණ Friday, 09 May 2014 02:35 PM

හොඳ වැඩක් අපේ හාමුදුරුවනේ. (ස)

:       0       0

සුරංග Monday, 12 May 2014 03:54 PM

ජය වේවා. කප් සුවස් කල් වොරැඳි තුන් හෙලේ රකින්නට අත වෙර දරා. (ස)

:       0       0

සමීර Friday, 09 May 2014 02:37 PM

එදත් අපේ ජාතිය, ආගම බේරගත්තෙ අපේ හාමුදුරුවරු. පරගැතියො එදා රට වනසද්දි අපේ හාමුදුරැවො සිවුර තියල ඇවිත් සුද්දො පන්නන්න යුද්ධ කළේ නැත්නම් අද මෙහෙමවත් රටක් අපට නෑ. (ස)

:       0       0

රංග ප්‍රදීප් Friday, 09 May 2014 02:39 PM

මෙය නම් අගය කළ යුතු වටිනා වැඩක්. (ස)

:       0       0

සිල්වා Saturday, 10 May 2014 06:39 AM

එදත් අපේ රට, ජාතිය, ආගම බේරගත්තෙ අපේ හාමුදුරුවරු. (නි)

:       0       0

කමල් Friday, 09 May 2014 02:44 PM

නීතිය රකින්න කවුරුත් නැත්නම් නීතිය රකින්න ඉදිරිපත් විය යුත්තේ කවුද? (ස)

:       0       0

සිරිසෝම Saturday, 10 May 2014 03:31 PM

ආගම සහ ජාතිය පටලවා ගැනීමෙන් ශ්‍රී ලාංකිකයන්ට යන කලක් නැති බව නොදන්නේ අද උපදින කිරිසප්පයෝ විතරයි. රටක් හැදෙන්නේ විවිද ජාතිකත්වයන්ගේ මිශ්‍රණයකින් ..ඒ තුල විවිද සංස්කෘතීන් තිබිය හැකියි ..විවිද උප සංස්කෘතීන් උනත් තිබිය හැකියි. රටකට අවශ්‍ය මහජාතිය මොකක්ද පොඩි ජාතිය මොකක්ද කියන එක නෙමෙයි ..අපේ රට මේ අගාදයෙන් ගොඩ ගන්නේ කොහොමද කියන එක. (අ)

:       0       0

නිශා Friday, 09 May 2014 09:21 PM

අනේ ඔයගොල්ල බුද්දීකට බැන්නා ඇති. (ස)

:       0       0

නිශාන්ත Friday, 09 May 2014 02:53 PM

හාමුදුරුවෝ 1000 ඔබ වගේ තව බිහිවේවා. අපේ හාමුදුරුවන්ට බුදු සරණයි. (ස)

:       0       0

සුනිල් Friday, 09 May 2014 09:27 PM

රටට ගිය කලක් (ස)

:       0       0

බුද්ධික Friday, 09 May 2014 02:59 PM

හිතවත් සිල්වා, සංක, සමා, ඔබලාගේ අදහස් වලට ගරු කරමි. ලොව පවතින සියලුම ආගම් හට ගරු කරන්න. එවැනි පුද්ගලයන්ගේ ක්‍රියා සැමවිට අනුමත කරන්න. අනුවණ පුද්ගලයන් මෙන් අනෙකාගේ අදහස් හෙලා දැකීම ඔබලා වැනි පුද්ගලයන්ගේ මානසික මට්ටම සිතා ගත හැක. යමක් තේරුම් ගෙන සංවාදයේ යෙදෙන්න. යථාර්ථය නොදන්නා පුද්ගලයන් සමග මෙහි සංවාදයේ යෙදීම කාලය කා දැමීමකි. එබැවින් මා මෙතැනින් නවතිමි. (ස)

:       0       0

රොහාන් ප්‍රියලාල් Friday, 09 May 2014 03:07 PM

ඉතා හොඳයි. (ස)

:       0       0

රත්නසිරි Friday, 09 May 2014 09:28 PM

පොලිසිවලට ඕවා ගැන හොයන්න වෙලාවක් නෑ. (ස)

:       0       0

ගන්දර සයිමොන් Friday, 09 May 2014 03:16 PM

මෙවැනි දේවල් කලාට කමක් නැහැ. මේවා බලධාරීන්ට පෙන්නේ නැති නම්, ඔබල මෙය ලෝකයට පෙන්වා දෙන්න. මෙන්න මෙවැනි දේවල් කරන්නට මේ අයට බලය දෙන්න. (ස)

:       0       0

කුමා Friday, 09 May 2014 09:39 PM

ඔබ වහන්සේ බුදු වේවා ! (ස)

:       0       0

සුරේන් ගමගේ Friday, 09 May 2014 03:21 PM

මේ වගේ වැඩ හරිම අගෙයි. (ස)

:       0       0

ජයේ Saturday, 10 May 2014 04:15 PM

විරාජ් පේනවනේ ඉස්සර වගේ නෙමේ දැන් ලංකාව හුඟාක් හොඳයි ජාතික සමගිය ,අධ්‍යාත්මික දියුණුව, සිතුම් පැතුම් වලින් ඉතා ඉහලයි , අපේ රට ගැන අපි හැමෝම ආඩම්බර විය යුතුය...

:       0       0

අසේල බණ්ඩාර Friday, 09 May 2014 03:29 PM

මෙහෙම වටිනා ස්ථාන විනාශ කරනව නම්, ඒවා විනාශ කරන කල් බලධාරීන් බලා ඉන්නවා නම්, කව්රු වුණත් කමක් නෑ මැදිහත් වෙලා මේවා නවත්වන්න ඕනේ. මේ විනාශ වෙන්නේ අපේ උරුමයන්. (ස)

:       0       0

පාල Friday, 09 May 2014 10:11 PM

එහෙම නම් මේ වැඩේ කළේ කව්ද? (නදී)

:       0       0

නටාෂා Friday, 09 May 2014 04:05 PM

හොඳ වැඩක්. ඔබ වහන්සේට බුදුසරණින් මෙවැනි වැඩ කරගෙන යන්න ශක්තිය දිරිය ලැබේවා. (ස)

:       0       0

නිශා Friday, 09 May 2014 10:47 PM

අපේ හාමුදුරුවන්ට යෝද ශක්තිය ලැබෙන්න ඕන තව තවත් මේ වගේ ජරා වැඩ නවත්වන්න. මේවට වග කියන්න ඕන අය නින්දේ. හාමුදුරුවන්ට සිදු වෙලා මේ හැමදේම හොයන්න බලන්න. (ස)

:       0       0

රවී Friday, 09 May 2014 10:48 PM

මාර වලක් නේද මෙතන තියෙන්නේ? (ස)

:       0       0

බුද්ධික Friday, 09 May 2014 10:51 PM

මගේ අදහස් වලින් අනිත් අයගේ හිත් රිදුනා නම් සමාවෙන්න. (ස)

:       0       0

මධු Friday, 09 May 2014 04:38 PM

හොඳ වැඩ අනිවාර්යෙන්ම අගය කළ යුතුය. (ස)

:       0       0

තල්දෙන ඥානරතන තෙර Saturday, 10 May 2014 08:22 AM

මේ රට සිංහල බෞද්ධ රට.මේක ආරක්ෂා කරන එක අපේ වගකීමක්.ඊට අපි කවුරුත් පෙළ ගැහෙන්න ඕනෑ. රට ජාතිය ආගම රකින්න අපේ ඥානසාර හාමුදුරුවන්ට තෙරුවන් සරණින් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

අමල් Friday, 09 May 2014 04:56 PM

අම්මෝ.. දිනුසාට තද වෙලා තියෙන තරම්.කව්ද අනේ කිව්වේ නීතිය අතට ගන්න කියලා. ඔයා වලිගෙ පාග ගෙනනේ. මට පව් කියලා හිතෙනවා. (ස)

:       0       0

දුමින්ද Tuesday, 13 May 2014 07:51 PM

ඔබ වහන්සේ වැනි හිමියන් තව තව අපේ රටට පහල වේවා ඔබ වහන්සෙට බුදු සරණයි.(නදී)

:       0       0

දුමින්ද Tuesday, 13 May 2014 08:04 PM

හිමියනි අපි හැමදා ඔබ සමගයි. ඔබ වහන්සේ ඇතුළු බුදුබල සේනාවට අපගේ උතමචාරය සියලු දෙනාට බුදු සරණයි.(නදී)

:       0       0

ලක්නාත් Sunday, 11 May 2014 10:09 AM

කට්ටිය බොහොම හොඳයි ලංකාවට ජයවේවා බුද්දිමත් අදහස් ටිකක් (ස)

:       0       0

සිල්වා Friday, 09 May 2014 05:08 PM

ආදරණීය බුද්ධික නම් අසාමාන්‍ය බුද්ධිමතා වෙත යටහත් පහත්ව ලියමි.මම කිසිම තැනක කිසිම ආගමකට අපහාස කර නැත. කොටින්ම ආගමක් ගැන සඳහනක් හෝ කර නැත. අනවශ්‍ය ලෙස ආගම්වාදය පැතිරවීමට ඔබ විසින්ම වර්ණනා කරන ලද ඔබගේ වටිනා බුද්ධි මහිමය යෙදවීමෙන් වළකින්න. යමක් ප්‍රකාශ කිරීමට පෙර නැවත වරක් සිතන්න. (නි)

:       0       0

දසනායක Friday, 09 May 2014 05:19 PM

වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්. ක්ෂාන්තිවාදී තපස් රකින්නේ පිටකොදු බිදගත් ඕලමොට්ටලයින්.(නදී)

:       0       0

නයනජිත් Saturday, 10 May 2014 09:59 AM

බුද්ධික...ඔබ හඬ අවදිකළේ අප වෙනුවෙනි, ඔබ බැනුම් ඇසුවේ අප නිසාය, ඔබ නින්දා අපහාස වින්දේ අපගේ පැත්ත ගැනීම නිසාය......සොයුර නොසැලී ඉදිරියටම යන්න...(අ)

:       0       0

හේරත් Friday, 09 May 2014 05:30 PM

අපේ ඊළඟ සිංහල නායකයා ඔබ වහන්සේයි (නි)

:       0       0

අජිත් මහත්තය Saturday, 10 May 2014 06:50 PM

මෙහෙමවත් ඔබවහන්සේලා කලේ නැත්තම් වෙන කෙනෙක් නෑ මේවා කරන්න. නීතිය අතට ගත්තත් කමක් නෑ, නීතිය කියන්නේ මේක තමා. මමත් පුළුවන් දෙයක් කරනවා පුළුවන් විදියට. මේවා නරකයි කියන අය ගේ ගෙවල් වලට හොරෙක් අවොත් හොරා පව්, හොරා තරහ වෙයි කියා කියා ඉන්නවද පොල්ලකින් ගහනවා මිසක් . (ස)

:       0       0

නිශාන්ත Saturday, 10 May 2014 10:07 AM

හාමුදුරුවෝ මේ වැඩ ටික කරද්දී පොලිසිය අඩුම ගානේ අර මන්දබුද්ධිකලව අත්අඩංගුවට ගන්න ඕනේ....(ස)

:       0       0

නයනා Saturday, 10 May 2014 12:37 AM

අපේ හාමුදුරුවනේ ඔය වගේ වලකට වැටුනොත් ගොඩ එන්න අමාරුයි (දී)

:       0       0

රජිත් Sunday, 11 May 2014 12:58 PM

අපේ රට ගැන කැක්කුමක් තියන මිනිස්සු හිටියට කතාවට විතරයි. මම වුනත් එහෙමයි.කොහොමද අපි මෙකට හවුල් වෙන්නෙ කියන එක තමයි ප්‍රශ්නය​? (ස)

:       0       0

නිමල් වීරකෝන් Saturday, 10 May 2014 10:43 AM

ඇත්තටම මේවා තමයි වෙන්න ඕන මේවට ගත් කාලයත් වැඩියි බලනකොට ...මේ පිබිදීම වෙන්න ඕන ගොඩක් කලින් ඇත්තම මේ කරන දේවල් හොදයි...අවංකවම කරන වැඩ පිළිවෙල හොදයි...නමුත් ගොඩක් පරිස්සමින්...(ස)

:       0       0

ඩිසිඩී Friday, 09 May 2014 06:05 PM

බලධරයින් නිදන් හාරන කොට පැමිණිලි කරලා මොටද ? (නදී)

:       0       0

සාගර Saturday, 10 May 2014 10:53 AM

ආගම් වාදය පතුරුවලා තවත් කළු ජූලියක් ඇතිවෙයිද ? (ස)

:       0       0

සැමුෙවල් Sunday, 11 May 2014 01:51 PM

හා හා හා හාමුදුරුවනේ ඔය වලවල් වලට ඔලුව දාන්නේ බලාගෙන (ස)

:       0       0

විරාජ් Saturday, 10 May 2014 01:37 AM

බුද්ධික ඔය ගොඩක් හොදයි ......සමාව ගැනීම දේව ගතියක් ..... අපි අපේ රට මුලින්ම බේරගන්න ඕන ...... මේවගේ හාමුදුරුවෝ නැත්නම් මෙවෙනකොටත් රට වලපල්ලට ගිහිල්ල (දී)

:       0       0

සුනෙත් Friday, 09 May 2014 06:19 PM

ඇත්තෙන්ම මෙය නම් අගය කළ යුතු වටිනා වැඩක් (නි)

:       0       0

නලින් ප්‍රසන්න Saturday, 10 May 2014 02:05 AM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. (ස)

:       0       0

මිලානෝ ජයන්ත Saturday, 10 May 2014 11:46 AM

පිටිගල තවලම අදින්නෙ හරක්? (අ)

:       0       0

මහේෂ් Saturday, 10 May 2014 08:32 PM

නියමයි හිමියනි නියමයි. (ස)

:       0       0

නිරංජනී Friday, 09 May 2014 06:34 PM

අපේ හාමුදුරුවන්ට බුදු සරණයි! (නි)

:       0       0

ගයානි Saturday, 10 May 2014 02:21 AM

රටේ ලොක්කොත් ,පොලිස්සියත් ,නීතියත් නිදිනම් හාමුදුරුවනේ ඉදිරියටම යන්න.ඔබට ජයෙන් ජය. (ස)

:       0       0

සමන් රොහාන් රණසිංහ, Saturday, 10 May 2014 02:26 AM

ඇයි නිධාන් හොරැ අල්ලන්න අාරක්ෂක කැමරා පාවිචිනොකරන්නේ. (ස)

:       0       0

පර්සි Saturday, 10 May 2014 02:28 AM

මෙහෙම හොද වැඩ කරන යට අද තැනක් නැහැ ඔබ වැනි හාමුදුරුවන් රටට හරි ආඩම්බරයක් තවත් ඉදිරියට යමු ගොඩක් පින් (ස)

:       0       0

කන්නන්ගර Sunday, 18 May 2014 12:28 AM

මේ අයට මොන දඩුවමද දෙන්නේ? (නදී)

:       0       0

තරිඳු සඳමල් Friday, 09 May 2014 01:03 PM

මේක හොඳ වැඩක්.(නදී)

:       0       0

විරාජ් ඒකනායක Friday, 09 May 2014 06:44 PM

මේ රටට පොලිසියක් අවශ්‍ය නැහැ වගෙයි. මොකද දැන් හොරු අල්ලන්න වෙලත් තියෙන්නේ බොදුබල සේනාවට (නි)

:       0       0

බුද්ධික Friday, 09 May 2014 01:05 PM

රටේ විසදන්න ඕන ප්‍රශ්න බොහොමයක් පවතිනවා. ඔබ වහන්සේ රටේ නීතිය හා සාමය අතට ගැනීමක් සිදු නොකරන්නේ නම් එය යහපතක් යැයි අප සිතන්නෙමු.(නදී)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Saturday, 10 May 2014 02:51 AM

අපේ හාමුදුරුවනේ මමත් ඔබවාන්සේ පසුපස එන්නෙමි. ඔන්න ඔබ වහාන්සේ තමයි රටට අවංකවම ආදරය කරන්නෙ මට හරිම ආඩම්බරයි ! (ස)

:       0       0

පිටිගල Friday, 09 May 2014 07:02 PM

බොදු බල සේනා රටේ පිනට පහලවූ පිරිසක්. ""බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැතුවම ගමනේ යෙදෙනවා"" කියලා කියනවානේ. (නදී)

:       0       0

චමින්ද රුවන්සිරි Friday, 09 May 2014 01:27 PM

මේක නියම වැඩක්. (ස)

:       0       0

ජීවක Friday, 09 May 2014 01:28 PM

උසාවියෙන් දුන්න අවවාදය මතකද? (නදී)

:       0       0

සිල්වා Friday, 09 May 2014 01:28 PM

බුද්දික ටිකක් මන්ද බුද්දික වගේ නේද? (නදී)

:       0       0

දිලිප් Friday, 09 May 2014 01:29 PM

මේවා නීතිවිරෝධී වැඩ. (නදී)

:       0       0

ඉරාන් Friday, 09 May 2014 07:07 PM

ඇත්තටම අමල්ගේ කතාව හරි විනෝදශීලී කතාවක් නමුත් බුද්ධිකගේ බුද්ධියට අපහාස කිරීම මම හෙලා දකිමි. (අ)

:       0       0

රහාන් Friday, 09 May 2014 07:10 PM

බුද්දික පාඩුවේ ඉන්න (අ)..

:       0       0

සඳනි Friday, 09 May 2014 01:32 PM

මෙය නම් අගය කල යුතු වටිනා වැඩක්. (නදී)

:       0       0

සෆ්ෆ්රාස් Friday, 09 May 2014 01:36 PM

සිල්වාගේ අදහසින් පෙනී යන්නේ බුද්දික වගේ සාදාරනයක් බලාපොරොත්තු වන අයට තැනක් නැහැ කියන එකද? (නදී)

:       0       0

ප්‍රිය Friday, 09 May 2014 01:36 PM

මේවා කරන්නේ අදාල බලධාරීන්ගේ ඇස් ඇරවීමටයි. (ස)

:       0       0

ක්‍රිෂ් Friday, 09 May 2014 01:38 PM

මේ වැටලීම් හරියට සිදු වෙනවා නම් හාමුදුරුවන්ට පන්සලට වෙලා ඉන්න තිබ්බ බව බුද්දිකට තේරෙන්නේ නෑ. (ස)

:       0       0

මහෙන්ද්‍ර සමරතුංග Friday, 09 May 2014 01:42 PM

මේ වගේ වැඩ හරිම අගෙයි. කව්රු හෝ අපේ ආගම ජාතිය රැකගන්න ඉදිරිපත් වීම අගය කළ යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 84 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 758 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1055 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 297 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 664 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site