ජාතික බළ සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් සඟවාගෙන සිටින බව කියමින් බොදුබළ සේනාවේ හිමිවරු අට නමක් අද කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ගොස් කාමර කිහිපයක් පරීක්ෂා කළහ.
ඇමැති බදුර්දීන්ගේ කාමරය පමණක් බැලීමට බොදුබල සේනා හිමිවරුනට අවසර නොලැබිණි.
අමාත්‍යංශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි හිමිවරුන් කීව ද එයට ද අවසර නොලැබිණි.
කැරලි මර්දන පොලිස් භටයෝ ද, ජල විදින වාහන දෙකක් ද අමාත්‍යංශය අසළ නවතා තිබිණි. පොලිස් නිලධාරීහු සියයක් පමණ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියහ.
අමාත්‍යංශය පරීක්ෂා කර පිටිතට පැමිණි හිමිවරුන් පැවසුවේ වැටරැක විජිත හිමි අමාත්‍යංශයේ සඟවාගෙන සිටින බවයි.
ඇමැති බදුර්දීන් පැවසුවේ බොදුබළ සේනාවේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වටරැක හිමියන් කොහේද ඉන්නේ? (නදී)
මේ මොකද කරන්න හදන්නේ? මේ වැඩේ හොඳ නැහැ නේද? (නි)
පොලිසියත් ඉන්නවා නේද වටේටම? (නි)
නිසි වරෙන්තුවක් නැතිව වෙනත් ආයතනයකට / පෙදෙසකට ඇතුළුවීම පරික්ෂා කිරීම නීති විරෝධි . වහාම නීතිය ඉගන ගන්න. (දී)
වටරැක හිමියන් ඔය අමාත්‍යංශයේ ඇතුලේ හිටියේ නැත්නම් වැඩ ඉන්න තැනක ඉදන් කියන්න තිබුන නේ ඉන්න තැන.ඔතන ඉන්නම ඇති . (දී)
ජයවේවා ! අපි ඔබ සමගයි.(නදී)
මේ වගේ සංවිධානයක් වත් තිබුනේ නැත්තන් මුස්ලිම් අය මෙලහකට හොද සෙල්ලන් පෙන්නලා මහා ජාතිය හැමදාම අඩ නින්දේ ........... (දී)
මොකටද අනුන්ව හොයන්නෙ බුදු හාමුදුරුවො කිව්වෙ තමාවම හොයන්න කියල නේද? (දී)
රටට ගිය කලක්, රජෙයේ අමාත්‍යංශයට අනවරයෙන් යන්න පුළුවන්ද? රජෙයේ අමාත්‍යංශයට ගොස් අනවරයෙන් පරීක්ෂා කිරීමට වරෙන්තු තිබුනද? වටරැක හිමියන්ට චෝදනා මොනවද? පොලිස් නිලධාරීහු චෝදනා මොනවද පරීක්ෂා කලාද? (දී)
ආයෙමත් කලබල ඇති වුනොත් කව්ද වගකියන්නේ? (නදී)
ආරක්ෂාක අමාත්‍යංශයෙන් අනුමැතිය තිබුනද? රටේ නීතියට ගරු කල යුතුයි (දී)
නිතිය කොහෙද තියෙන්නේ. නැවත ජාතිවාදය අව්ලන්නද මේ දඟලන්නේ? (දී)
බුදු දහම බේර ගන්න වෙහෙස වෙන අපේ හිම්වරැන්ට ජය වේවා(දී)
ඇත්තටම මොහොමඩ් වටරැක විජිත හිමිට මොකද උනේ... (දී)
ෆර්නාස් ..රටට ගිය කලක් නේද ? දී කිරට බළල්ලුත් සාක්කි කිවලු (දී)
රටේ බුද්ධිමත් මිනිසුන්ට සිතන්නට පුළුවනි කිරට බළල්ලුත් සාක්කි කිවද කියලා. (නදී)
රටේ මේ තත්ත්වයට වගකියන්න ඕනෑ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ෆර්නාස්, ඔයා දන්නවා අපි කොහොම සමගියෙන්ද හිටියේ කියලා (නි)
ෆර්නාස් ,දැන් රටේ ගොඩක් දෙනකුට බුද්ධිය පෑදිලා.ඇයි ඔයගොල්ලෝ මේ තරම් කලබල වෙන්නේ? (නි)
දැන් ලංකාවේ වෙන දේවල් ගැන වෙලාවකට හිතාගන්නත් බැහැ (නි)
ෆර්නාස්, මේ සිද්ධ වෙන දේවල් වලට ඇස් කන් පියාගෙන හිටියා හොඳටම ඇති.ඒ වගේම කවදාවත් ආරක්ෂක අමාත්‍යංශයට බොරු චෝදනා නගන්න එපා. රටට වැරදි දෙයක් සිද්ධ වෙනවා නම් කාගේවත් අවසරය ඕනෑ වෙන්නෙ නැහැ. අපේ ඉතිහාසයේ එදා සිට අද දක්වාම ස්වාමින් වහන්සේලා පෙරමුණ අරගෙන තියෙනවා (නි)
අපේ සංඝයා වහන්සේලාට ජය වේවා! (නි)
සමහර අය මොන දේ වුණත් චෝදනා කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයට (නි)
සිංහල ගම් වල කොච්චර මුස්ලිම්, දෙමළ පවුල් ඉන්නවද? ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැනේ... (නි)
එතකොට මේ හාමුදුරුවෝ කොහේද ඉන්නේ? (නි)
මේ සියල්ලම ලෝකයා බලා ඉන්නවා. මේ ගැන නිසි විසඳුමක් දියයුතුයි (නි)
චීවරයට නුසුදුස්සන් ගැන වහා තීරණයක් ගතයුතුයි (නි)
ජාතිය නිසා සිදු වී ඇති අඩ දබර කෝලාහල කොපමණද ?මෙය අපට පමණක් නොව මුළු ලෝකයටම බලපා ඇත්තේය එහෙත් අද මේවනතුරුත් ,ජාති මාමකත්වයේ ඇති දුර්විපාක තේරුම් ගැනීමට මිනිසා අපොහොසත් වී ඇත.මිනිසා බෙදීම හට ගන්වන ජාති මාමකත්වය නැති නම් . යූද කෝලාහල හා අඩ දබර සම්පුර්ණයෙන්ම තුනී වී යන්නේය .(දී)
මේ විදියට පොලිස් බලතල ලැබුනේ කොහොමද? (නි)
බොදු බල සේනා සංවිධානයේ හිමිවරුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
මේවා බලනකොට මොනවද හිතෙන්නේ? (නි)
රනා, ඔබගේ ලිපිනය මේකට දැම්මොත් ඔයාට අපි නීතිය උගන්වන්නම් (නි)
අපේ බොදුබල සේනා හිමිවරුන්ට ජයම වේවා මෙවෙනි සංවිදානයක් තිබ්බේ නැත්නම් අද මුස්ලිම් රජ වෙනවා එ් නිසා අපි බෞද්ධ අය එකමුතුවෙන් වැඩ කරමු ජයවේවා බොදුබලයට ජයවේවා (අ)
මට පේන්නේ ඇමරිකාවයි රුසියාවයි හරි චීනෙයි ජපානෙයි හරි යුද්දයක් පටන් ගන්න කලින් ලංකාවේ නැවත යුද්දයක් පටන් ගනී වගේ ...ජාතිවාදය ද ඇතුලත් උන ආගමික යුද්දයක් ....මේ පින්තුර වල ඉන්න සිවුරු දරන අය දිහා බලපුවම එක පාරටම පෙනෙන්නේ සසර තරණය කරන්න ඉන්න කට්ටියක් නෙමෙයි ලෞකික ජිවිතේ ඉහලම සැප ලබන්න හදන කට්ටියක් වගේ ..මොනවා නැතත් හොඳට කාල බිල සැපෙන් ඉන්න බවක් තමයි පෙනෙන්නේ ... (දී)
මේ සැබෑ ස්වාමීන්වහන්සේලා වෙන්න බැහැ , මේ මූලධර්වාදීන් රටින් අතුගා දැමීමට වහාම පියවරගත යුතුයි ජනාධිපති තුමනි. ප්‍රජාත්‍රන්තවාදය පිලිගන්නා අනෙකුත් දේශපාලඤයින් මේවා සොයා බැලිය යුතුයි. (දී)
අනේමෙයාලට පාඩමක් කියලා දෙන්න ලංකාවේ කවුරුවත් නැද්ද? (දී)
ළඟදීම වන්දි ගෙවන්න වෙයි (අ)
ඇයි..බොලේ ..හැමෝම කතා කරන්නේ..වටරැක හිමි ගැන විතරයි. අනිත් අයගැන කතා නොකරන්නේ ඇයි (අ)
මේ හිමිවරුන් යන ගමන හරි බිය ජනකයි. ! කොහෙන් නතර වෙන්න දමේ යන්නේ? (අ)
සේනාවේ හාමුදුරුවනේ කොටි පුල්ලි තියෙන ඇමතිවරුන්ගේ කාර්යාල වටලන්නේ කවදද ?(අ)
වටරැක චිවරදරියාගේ ක්‍රියාකලාපය ත් වැරදි, මේ ක්‍රියාවත් වැරදි, හිතුමතේ සෝදිසි කිරීම් කරන්න බැහැ, රටේ නීතියට ගරු කල යුතුයි, මා හිතන්නේ බොදු බල සේනාවේ මේ ක්‍රියාකලාපය නිසා අනවශ්‍ය කළු පැල්ලමක් ඇති උනා , මේකෙන් වාසිය ගන්නේ සබැ සතුරයි, (දී)
මෙවැනි දේ සිදුවීමෙන් අන්‍යආගමිකයන් ඉදිරීයේ බෞද්දාගම හරයට විශාල හානියක්වීම ගැන ඇත්තටම දුක්වෙනවා (අ)
මිනිසා මිනිසාට එරෙහිව උසි ගැන්වෙන .මිනිසාට මිනිසා එරෙහිව යූද කරන මෙම ආකල්පය කවූරූන් අගය කලත් ඇත්තන්ම එය නිවැරදි යැයි කිව නොහැක තමා කවර ජාතියකට අයත් වූවත් තමාට ජාතියක් නැති බව නුවනින් වටහා ගෙන ක්‍රියා කරන්නේනම් .යහපත් සමාජයක් ගොඩනැංවිය හැකිය ජාති වදියාහ් මානසික රෝගියෙක් නිසා ඔහූට කිසිම ආකාරයෙකින් දියූනූ විය නොහැකිය සමාජයටද ඔහූන් කරදරයකි .(අ)
වටරැක හිමියන් කියන්නේ දේසපාලනය කරපින්නගත්ත කෙනෙක් (අ)
නියමයි.ඡනතාව පෙරමුණ ගත යුතුයි රට වෙනුවෙන් මේ සඝ රුවණ වෙනුවෙන් (දී)
තලේබාන් හිමිවරුන් වගේ නේ (දී)
පණ්ඩිත අදහස් ලියන ජාති වාදයෙන් උදම් වෙච්ච සුලුජතීන්ව පාගා දැමිය යුතුය කියා ලෝකේ නැති බොරු ගොතල මහා ජාතිය මුලා කරන මේ ක්‍රියාවන් වලට අනුබල දෙන අය හට හට ලියන්න කැමතියි එක දෙයක් මතක තබා ගන්න මෙවැනි සිදුවීම් වලින් බෞද්ධ ධර්මයට හා මේ රට තුල සිදුවන සියල්ලම ලෝකය බලා සිටී. මේ රටට සැබවින්ම ආදරය කරන කිසිවෙක් හෝ මෙය අනුමත නොකරති. නැවතත් මේ රට ආගාධයකට තල්ලු කරන්න මාන බලා ඉන්න කොටසකගේ ඕනේ එපා කම් ඩොලර් වලට ඉෂ්ඨ කරන ...... රැලක් එක්ක එකඟ වන අය ගැන කනගාටුයි.(දී)
ශ්‍යමා හා ජිලෝගේ අදහස් වලට මම ගරු කරනවා. හුඟක් දෙනෙක් දන්නේ නැහැ රාජ්‍ය තන්ත්‍රයේ බලාපොරොත්තු නොවූ ඉරි තැලීමක් මුල් කරගෙන බල අරගලයක් හිස ඔසවන බව. ජාතික බලසේනා වේවා බොදු බල සේනා වේවා සිවුරු දැරූ පිරිස් මේ බල අරගලයට යම් යම් වාසි ප්‍රයෝජන තකා මැදිහත් වී තිබෙනවා. හැංගි හැංගි වෙස්මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එළියේ නිසා කොයි බලවේගවලත් කෙරුවාවල් හෙට අනිද්දා බලා ගන්න පුළුවන්.(දී)
අපි කිසිම දිනක අපේ රටේ රජකම් කරන්න පෙරුම් පිරුවේ නැත, අපි හිටියේ අපේ පාඩුවේ පවතින රජයත් සමග අත්වැල් බැඳගෙන, ලංකාවේ මුස්ලිම් වරුන්ව ලෝකයට අරන් ගියේ බොදු බළ සේනා සංවිධානය,රාවණා බලය හා ජාතික සංඝ සම්මේලනයයි, අපි දැන් හරිම ප්‍රසිද්දයි, ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන් වන අපව අවදි කිරීමේ ලකුණ තමයි බොදු බල සේනාව.(දී)
ඇත්තටම ගොඩ දෙනෙක්ගේ අදහස් කියෙව්වම හිතුනේ අපේ රටේ අද හැබෑ බුදු දහම නෑ නේද කියල. වටරැක හිමියන්ව හොයන්නේ මොනවටද? මේ ගොල්ලෝ ත්‍රස්තවාදීන් වගේනේ..(දී)
ශාන්ත ආත්මාර්ථකාමී වෙන්න කියල බුදුන් කීවේ නැහැ. ඉපදුන බිම හරිමග කියල දුන්න ආගම රැකගන්න එක බුදුදහමට එකගයි .සේරම අල්ල ගන්න කල් ඉන්න එක වැරදී. මේ සේනාව විතරයි මේ විනාසේ ගැන කතා කරන්නේ. (දී)
සත්‍යයා, අනේ දරුවෝ පරිස්සමෙන් ඔය රක්ත වර්ණ සිහින අහසේ සැරිසරන්නේ. ඇදගෙන වැටුනොතින්?? සහෝදරයෝ ටික අංශක 360 ක්ම ආපසු හැරෙයි. (දී)
මේ වගේ වැඩ වලින් වෙන්නේ අපේ රටේ තව තවත් මානව හිමිකම් කැඩෙනවා කියලා හංවඩු ගැහෙන එක විතරයි (දී)
මේ හාමුරුවො හොයන්නේ ඇයි කින එකයි මට ප්‍රශ්නේ? (දී)
සියලු සත්වයෝ නිදුක් වෙත්ව නීරෝගී වෙත්ව. අපි දන්නා බුදු බන එහෙමයි . ලංකාවේ සිව්රු දාගෙන ඉන්නේ බින් ලාඩන්ලාද? (දී)
රට ජාතිය ගැන හිටපු ගමන් මතක් වෙන අය තමා මේවා කරන්නේ (දී)
මේක සිංහළේ බෞද්ධයාගේ රටබොලවු ඇස් කන් පියාගෙන හිටියා හොඳටම ඇති රටට වැරදි දෙයක් සිද්ධ වෙනවා නම් කාගේවත් අවසරය ඕනෑ වෙන්නෙ නැහැ අපේ ස්වාමින් වහන්සේලාට එදත් අදත් ඉදිරියත් අපට ඉන්නේ ස්වාමින් වහන්සේලා විතරයි බොලවුනේ මට අනගාරික ධර්මපාලතුමා මතක් වුනෙමි.(දී)
මෙවැනි දේ රටේ සිටින බුද්ධිමත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි (ස)
අපේ රටට මොනවා වෙලාද මන්දා (දී)
රටේ බහුතර මතයට ඉඩ දෙන්න (දී)
මේ හාමුදුරුවෝ ගැන මට ආඩම්බරයි (නි)
අනේ මන්දා! මේ වෙන දේවල්? (නි)
බොදු බල සේනාවට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කිරිමට ඇති දෙයක් නොව අනුගමනය කිරීමට ඇති දෙයකි. ධර්ම විනය ප්‍රගුණ කිරීම භික්ෂු ජිවිතයේ සාර්ථකත්වයයි. බුද්ධ දේශනාව නිසි පරිදි වටහා නොගැනීම නිසා වන්නේ හානියක්මය. අද ලංකාවේ පවතින ශාසනික හා සමාජ පරිහානියට හේතුව භික්ෂුව ධර්මයෙන් බැහැර වීමයි. (නි)
මේ කාලයේ ඉන්න අයට බුදු හාමුදුරුවෝ වදාළ දේවල් අමතක වෙලා. උන් වහන්සේ එදා කිසිම අන්‍යාගමික කෙනෙක් එක්ක රණ්ඩුවට ගියෙත් නැහැ. ප්‍රශ්න ඇති කරගත්තේත් නැහැ. මම යුද්ධය නිසා ළමා කාලයේ සිටම බැට කාපූ කෙනෙක්. අපිට අන්‍යාගමිකයන් හා අන් ජාතීන් සමග කටයුතු කරන්න වෙනවා. (නි)
අනගාරික ධර්මපාලතුමාව ආදර්ශයට ගනිමු (නි)
ලංකාව කියන්නේ අපි කාගෙත් රට (නි)
පුජ්‍ය පක්ෂය කවදාවත් පුරවැසියන් අතර කැළඹීම්, අසමගිකම්,ජාතින් අතර මත ගැටුම් ඇතිවන ආකාරයට කටයුතු කරන්න හොඳ නැහැ. දැන් මෙතන අදහස් පළකරන හිතවතුන් අතර ඇති වෙලා තිබෙන තත්ත්වයට මුල් වුණේ කවුද කියලා හොඳට හිතා බලන්න. සියලුම ජාතින් ආගම් වල උදවිය පත්තරේට සමගියෙන් අදහස් පළකරමින් සිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ ? (නි)
දිගටම හැංගිලා ඉන්න අපේ හාමුදුරුවනේ.... (නි)
රෝවෙන් මහත්තයෝ, මේක සිංහල බෞද්ධ රට බව ඇත්ත. ඒත් වැරදි දෙයක් සිද්ධ වෙනවා නම් ඒවා නවත්වන්න තමයි නීතියක් කියලා එකක් තියන්නේ. මේක ප්‍රජාත්‍රන්තවාදී රටක් කියන එක ගොඩක් අයට අමතක වෙලා (නි)
"බොදු" කියන වචනය වෙනුවට වෙනත් වචනයකින් හඳුන්වාගෙන මේ සංවිධානය කටයුතු කරනවා නම් මම කැමතියි (නි)
දැන්නම් ඉවසුවා හොඳටම ඇති. අනේ බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේ අදයි ඉන්න තිබුනේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කඩන්න තියන්න එපා. එහෙම වුණොත් ලොකු විනාශයකට අපේ රට යනවා නියතයි. (නි)
විජේසිරිත් එක්ක මම එකඟයි.තව තවත් ශක්තිය ධෛර්යය ඔබ වහන්සේලාට ලැබෙන්න ඕනෑ! (නි)
කෝ එතකොට හාමුදුරුවෝ? (නි)
අනේ මන්දා මේ වෙන දේවල්! (නි)
මෙහෙම ගියොත් රට රකින්න අවසානයේදී ඉතුරු වෙන්නේ බොදු බල සේනාව තමයි (නි)
මොනවා වුණත් මේ රටේ අපි හැම එකාවන්ව සිටිය යුතුයි (නි)
ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් කියලා කියන්න සමහරු අකමැති ඇයි? (නි)
මේ කණ්ඩායම අනගාරික ධර්මපාලතුමාට නැත්නම් වාරියපොළ හාමුදුරුවන්ට සමාන කිරීමට මම නම් කැමති නැහැ (නි)
දැන් නම් බලාගෙන ඉන්න හොද නැහැ. (නි)
ෂෙරිෆ්,පුරන් අප්පුට සුද්දගේ බෙල්ල කපන්න කඩුව දුන්නේ කවුද කියලා දන්නවා ඇතිනේ... (නි)
මම අපේ පුතාගේ පොතේ අලවන්න ජාතික වීරවරයන්ගේ රූප කොළයක් පොත් කඩෙන් ගෙනාවා.මෙන්න බොලේ මීට පෙර නොසිටි දෙන්නෙකුත් ඉන්නවා .මම කිව්වා ඒ දෙක අලවන්න එපා කියලා. (නි)
අයියෝ! (නි)
අනුන්ගේ ගේකට ගිහින් ඒ ගෙදර පාලනය කරන්න අපිට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපි බෞද්ධ සිංහලයෝ. ඔබ වහන්සේලා මජනතාව වන අපිව යහපත් මාර්ගයට යොමුකරන්න නියෝජනය කරන සංඝයා වහන්සේලා. පළමුව ප්‍රශ්නය නිවැරදිව හඳුනාගනිමු. (නි)
බුදුදහම සුරකින බවට පොරොන්දුව උඩරට ගිවිසුමට දාන තුරු පිළිමතලාවේ මහා අධිකාරම ගිවිසුමට අත්සන් කළේ නැහැ.මේක මගේ රට.බොදු බල සේනා සමඟ දිවිහිමියෙන් කටයුතු කරමි (නි)
ලෝකයේ දියණුම රටවලට පසුව සංක්‍රමණය වූ බෞද්ධ ,මුස්ලිම්,හින්දු යන ආගමිකයින් අද එම රටවල තම තමන්ගේ ආගමික ස්ථාන ඇතිකරගෙන ,තමන්ගේ ආගම ,සංස්කෘතිය තහවුරු කරගෙන එම රටවල පුරවැසිබවත් ලබාගෙන හොඳින් ජීවත් වෙනවා. බෞද්ධ අපේ රටේ මහනායක ස්වාමින් වහන්සේලා යුරෝපයට වැඩම කර කඨින පින්කම් පැවැත්වූවා.අලුතින් විහාර අාරම්භ කර නැවත ශ්‍රී ලංකාවට වැඩියා.එම රටවල ආගමික නායකයින්ට ,පුරවැසියන්ට මේ සිදුවීම ආගම ඇදහීමේ අයිතිය තහවුරු කිරීමක් පමණි. එම රටවල අය මේ විදියට හැසිරෙනවද? කරුණාකර යුරෝපයේ, ඇමෙරිකාවේ,ඕස්ට්‍රේලියාවේ සහ අනිකුත් රටවල ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාව ඔබ අත්විඳින ආගමික නිදහස ගැන ඇත්ත මෙහි පළකරන්න. (නි)
මම බලාපොරොත්තු වූ කෙනා මෙතන නැත්තෙ මොකද? (නි)
එක් එක් නම් සහිත නීතී මෙහි ගෙන්නා... සිරිලක් දම් දිවෙහි කිතුගොස යටයන්නා... මුලු ලොව ඉදිරියේ අප රට කැත වෙන්නා.... ලක්මව රකිමු! නුසුදුස්සන් හැම පන්නා! හෙළයනි අවදිවවූ! පෙරටම ඇදී වරෙවු! ලක්මව රැකගැනීමට හැම සිතට ගනිවූ!.... (නි)
රොෂාන් ,ඔබ මැදපෙරදිග රටකට යන්න.අඩු තරමේ ඔබේ බෑගයේ බුදුරුවක පින්තූරක් දැක්කොත් ආපහු හරවා අරිනවා. පින්තූරයක් නම් ඔබ ඉදිරියේ ඉරලා පාගනවා.ඔබ කතා කරන්නේ බටහිර රටවල් ගැන විතරයි. ගෙවල් 44 අනවසර බව ඇමතිවරයාම කියනවා.බොරුවට සුදු හුණු ගාන්න එපා. (නි)
චන්දන, අමාත්‍යංශ කියන්නේ අපේ කාගේත් තැනක්. ඇමතිවරයා කුලී නිවැසියෙක්.එතන වෙන්නේ මොනවද කියලා බලන්න මහජනයාට අයිතියක් තියනවා. (නි)
පහන්, මේක ඔයාගේ විතරක් නෙමෙයි, අපි හැමෝගෙම රට. අනිත් ජාතිකයන් දිහා අපි වැරදි ඇහෙන් බලනතුරු අපිට එයාලව පෙනෙන්නේ වැරදියට. මේක මගේ රට නෙමෙයි, මේක අපේ රට කියලා හැමෝම කියනකන් ලංකාවේ තත්ත්වය මීට වඩා දරුණු වෙනවා මිසක් හොඳක් නම් වෙන්නේ නැහැ (නි)
වටරැක හිමියෝ කොහේ හිටියම අපිට මොකද? (නි)
මේකෙන්ම රටේ තත්ත්වය පැහැදිලියිනෙ. කවුද මේවට වග කියන්නේ? (නි)
අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්නත් ප්‍රශ්නයක් ඕනෑ. දුප්පත් මිනිස්සුන්ට ඕනෑතරම් ප්‍රශ්න තියනවා. ඒත් දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න යටගිහින්. (නි)
වටරැක හිමියන් ඔතන හිටියා කියලා හිතමුකෝ. ඉතින් මේගොල්ලෝ ඒ හිමියන්ව හොයලා මොනවා කරන්නද? මේ රටේ නීතියක් නැද්ද? (නි)
මාලක, පෞද්ගලිකව ඔයාට මෙහෙම අත්දැකීමක් තිබෙනවද? මොකද මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, මෙහෙ නම් ඔය කරදර කිසිම දෙයක් නැහැ. ගිය සතියෙත් සිංහල අවුරුදු උත්සවයක් තිබුණා. කිසිම සුද්දෙක් ඇවිල්ලා අපේ සංස්කෘතිය විනාශ කරන්න එපා කියලා කෑ ගහලා නැහැ. ලංකාවේ විතරක් පන්සල් දෙකක් තියනවා මේ අවට, ඒවායේ දායක මහත්වරු ප්‍රශ්න දාගන්නවා මිසක් පිටින් කවුරුත් ඇවිල්ලා ප්‍රශ්න දාන්නේ නැහැ. (නි)
මොනවා වුණත් මේක අපි හැමෝගෙම රට (නි)
දැන් ලෝකය පුරා බුද්ධ ධර්මය සීඝ්‍රයෙන් වැළඳ ගන්නා අවස්ථාවක මෙවැනි කටයුතු කිරීම නින්දාවක්. (නි)
සින්හලයනි දැන්වත් නැගිටියව් ... (දී)
අනේ මම අනුමානෙට කියන්නේ ආයුබෝවන් , මේක මෙවිදිහට ජයටම කුරුවල් වේවි වර්ධනය වෙවී ටිකදවසක් තියෙනවා .ඊට පස්සේ මේකට රටේ ඕනෑම ආරවුලක් විසදන්න පුළුවන් කෙනාට මේකට අතර මැදියෙක් වෙන්න කියලා ජනතා නියෝජිතයෝයි අර බල සේනවයි ආරාධනා කරනවා . ඊට පස්සේ එයා මේකට විසදුම කියනවා ,දෙගොල්ලොම අරයගෙ බුධිමත් කම ගැන මාධ්‍ය යෙන් පුරසාරම් දොඩනවා , අරයගෙ අඩුවුන ජනප්‍රිය තත්වයෙන් ටිකක් පිරෙනවා . අදාල අයගේ බැංකු ගිනුමුත් ගානට .......... (දී)
රේණු ලෝකය පුරා බුදු දහම පැතිරෙන එක හොඳට ගියා. මොකද ලංකාවේ මේ යන විදියට පිරිසිඳු බුදු දහම විනාස වේගෙනනේ යන්නේ. අනාගතේදී පිට රට වලින් වත් ලංකාව මිනිස්සුන්ට පිරිසිඳු බුදු දහම ආපහු ඉගෙන ගෙන වැළඳ ගන්න පුළුවන්. (දී)
නියමයිනේ පොලිසියි එයාලාගේ නිල ඇදුම ගලවලා මෙි පිරිසට ඇන්දුවානමි තමයි වඩා උචිත. (දී)
අමතක කරන්න එපා සුද්දා කළෙත් අප ජාතීන් අතර අසමගිය ඇති කරලා බෙදලා පාලනය කරපු එකයි. ඒ උවදුරේ ශේෂ වෙලා තියෙන මනෝභාවයන් තාමත් රටෙන් තුරන් වෙලා නෑ. අහු වෙන්න එපා ආගමික නායකයින් බුද්ධිමත් වෙලා එකතුවෙලා අවංකව මෙි ප්‍රශ්නයට මූණ දෙන්න නැත්නමි ආත්මාර්ථකාමීන්ගේ පාරාදීසයක් වෙයි අපේ රට. බොදුබල සේනාව කරන්නේ මොකක්ද කියන එක පැහැදිළි නෑ.හාමුදුරුවරුන් ඔය ආකාරයට හැසිරීම ඉතාමත් මත ඛේදාකාරි ,අවලස්සනයි,අනර්ථකාරීයි.බුදධීමත්ව වැඩ කරන්න.බුද්ධාගම රුකගන්න චීවරයේ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. (දී)
ඕනෑම ප්‍රශ්නයක් බොහොම පහසුවෙන් විසඳ ගන්න පුළුවන් හොඳ අවබෝධයක් සහ විනයක් ඇතුව කටයුතු කලොත්. අපේ සමාජයේ අඩුවකට තියෙන්නෙත් මේ දෙකම තමයි. (දී)
ළමයෙක් වැරදී කරපු වහාම දෙමුපියෝ ගහල හරි ළමයව හදාගන්න ඕනේ. අපේ හාමුදුරුවරු හොයනේ නොමග ගිය හාමුදුරු නමක්. උන්වහන්සේව සුමගට ගන්න. එහෙම නේද? (ස)
මේ හොයන්නේ කුමක් සඳහාද?? (ස)
ජයවේවා ! අපි ඔබ සමගයි... (ස)
ඔය අස්සේ කැසිනෝ පනත සම්මත කරගනීවි (දී)
වරදක් වෙන තැනට යන්න කාගෙන්වත් අවසර ඕන නැහැ . අපේ හාමුදුරුවන්ට ජය වේවා . සිංහල ජාතිය ඇස් කන් පියාගෙන ඉන්න ඕන නැහැ . රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා හාමුදුරුවෝ පෙරට යන්නේ . එකේ වරදක් නැහැ.(දිල්)
බුදු දහම බේර ගන්න වෙහෙස වෙන අපේ හිම්වරුන්ට ජය වේවා (ස)
මම ඉන්නේ ඕස්ට්‍රලියාවේ. අපේ පන්සලේ කටින උත්සව, අවුරුදු උත්සව පවත්තනවා. කටින පෙරහැර ගමන් කරන්න පාරේ ඉඩ සලසලා දෙනවා. පන්සල ඉස්සරහ පාසලේ පවා ආගමික උත්සව තියන දවසට රථ වාහන නතර කරන්න ඉඩ දෙනවා. කිසිම සුදු ජාතිකයෙක් අපිට ආඩපාලි කියන්නේ නැහැ. ආගමික නිදහස උපරිමයි. අපි සංක්‍රමණය වෙලා සුදු ජාතිකයන් ගේ ඉඩම් වල පන්සල් දමා ගත්තා කියල මෙහෙ කවුරුවත් බෙරිහන් දුන්නේ නැහැ. (දිල්)
බුදු දහම අවිහිංසාවාදී ආගමක් කියල මුළු ලෝකෙම දන්නවා. ඒකයි බටහිර රටවල් බුදු දහමට මේ තරම් කැමති (ස)
පහන්, බුදු දහමේ අවිහිංසාවාදය නැති කරන්නෙත් මේ වගේ අය තමයි. (ස)
මගේ අදහස් සියල්ල එයාලට පළකරන්න බැහැ.ඒ නිසා මට ඔයාට උත්තර දෙන්න බැහැ (දිල්)
තමන්ගේ ජාතිය ආගම රැක ගැනීම පාරමිතාවක්. ඔබ වහන්සේලාට දීර්ගායුෂ ලැබේවා. (ස)
ඔබ වහන්සේලාගේ උතුම් ක්‍රියාවට අපේ උත්තමාචාරය. (ස)
මොනවා නැතත් එක දෙයක් නම් මට හොඳටම ෂුවර්. (නි)
රටට අපලයක් ද ?
මෙවැනි බලවේග නීතිය අතට ගන්නේ ආණ්ඩුවේ ප්‍රභලයන්ගේ හයිය හිතට අරගෙන. එනිසා මුලින්ම ආණ්ඩුව කරන දෙබිඩි වැඩපිළිවෙල නවත්වලා හරියට නීතිය ක්‍රියාත්මක කල යුතුයි. දේශපාලන වාසියට නිහඬව නොසිට අභය භුමි සංහාරය ගැන නීතිය ක්‍රියාත්මක කලයුතුයි. මෙම හාමුදුරුවරුන් දෙගොල්ලොම වැරදියි. (දී)
මාලක කිසිම දවසක මිනිස් සිරුරට ඇන ගසා, ඉන්ද්‍රියන් කපා මළසිරුරු බටහිර රටවලින් ලංකාවට එවන්නේ නැති බව දැනගන්න. ෆොටෝ එකක් දැකලා ඇන කොටා ගන්න පිරිසක් බෞද්ධ දර්ශනයෙන් බිහිවෙනවා දකින්න ලැබුනොත් ඒක බුදුන්වහන්සේට කරන ලොකුම අගෞරවය බවත් මතක තබාගන්න.(නදී)
නීතිය අතට අරගෙන වගේ. ජනාදිපතිතුමා තදින් ඉන්න ඕනා. මේවැනි වැඩ වලට ඉඩ දෙන්න එපා.(නදී)
මෙන්න රටකට ගිය කල.(නදී)
බදුර්දීන් ඇමතිතුමා නිසා හොඳයි. මර්වින් ඇමතිතුමාගේ කාර්යාලයට කඩාගෙන පැන්න නම් බලාගන්න තිබුන වැඩ. එතුමාට ඔය වගේ වැඩ අල්ලන්නේ නැහැ. ඕන දෙයක් හොඳින් කරගන්න පුළුවන්. (නදී)
ඔස්ට්‍රේලියාව සුද්දන්ගේ රටක් වෙන්නේ කොහොමද, එහේ ඉන්නේ ඔක්කොම සංක්‍රමනිකොයෝ . මුල් පදින්චිකයන් වන අබෝර්ජනිකයන් කොන් වෙලා. (දී)
ටිකක් හිතන්න වෙනවා (දී)
තමන්ගේ පාඩුවේ ඉන්න අයත් ඉන්නවා. වැඩි පිරිස එහෙම නැහැ. ඇස් කන් පියාගෙන ඉන්නද කියන්නේ? (නදී)
විසෙන් විස නසනවා මොනවා කරන්නද? ඔවුන්ට අයත් කාර්ය නිදහසේ කරගෙන යන්න අවශ්‍ය පරිසරය තමන් විසින් සකස් කරගන්නවා වෙන්න බැරිද? (නදී)
චතුර බුදු දහම වගේම අනෙක් ආගම කිහිපයකට එරට වැසියෝ ගරුකරනවා. එවැනි ආගම් වලට කිසි කරදරයක් නැහැ තමයි.(නදී) .
අපේ රට ගැන කළකිරීමක් ඇති වෙනවා. (ත)
මේ අය ගැන තීරණයක් ගන්න ඕනෑත් බෞද්ධ ජනතාව. (නි)
මිනෝලි , ඒක දැනටමත් සිදුවෙමින් පවතිනවා (නි)