IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බුදු රුව සුරකින හස්නක් කරත්තෙන් රට වටේ

බුද්ධ රූප හා දේව රූප පුවත්පත් හා කැලැන්ඩර් ආදීයේ මුද්‍රණය කිරීමෙන් ඇති වන නිගරුව වැළැක්වීමට නීතී පනවන ලෙස ඉල්ලා ජනතා සංදේශයකට අත්සන් එකතු කරන තරුණයෙක් රෝද දෙකේ කරත්තයක්ද තල්ලුකැරගෙන වසර තුනක් තිස්සේ රට පුරා යයි.

දැනට ලක්ෂ 15 කගේ පමණ අත්සන් ලබාගෙන ඇතැයි කියන ඔහු උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහ නා හිමියන් මගින් සංදේශය රජයට  බාර දීම අරමුණයි.

අතුරුගිරියේ යු ජී සුගත් මෙම තරුණයාය.

 

 

 

 

 

 



අදහස් (0)

බුදු රුව සුරකින හස්නක් කරත්තෙන් රට වටේ

කුමාර පද්මසිරි Saturday, 05 April 2014 03:46 PM

සමහර කාල තියෙනවා බුදු දහම හැංගිලා තියෙන කාල නමුත් යම් කාලෙක නවත මතු වෙනවා බුදු දහම කියන්නේ ජීවමාන දහමක් (දී)

:       0       0

ජනා Friday, 04 April 2014 11:34 AM

සාදු..සාදු. මේ ‍වගේ තරුණයෙක් දැකීමත් පිනක්.. ඔබගේ උත්සහය සාර්ථක වේවා (දිල්)

:       0       0

පුෂ්පකුමාර Friday, 04 April 2014 11:43 AM

සල්ලි පස්සේ යන ලෝකයේ ඔබ වැනි තරුණයින් ඉතාම විරලයි.ඔබට බුදුසරණයි(දිල්)

:       0       0

රංජන් Friday, 04 April 2014 12:01 PM

අහිංසක ප්‍රාර්ථනයක්, ඔබට සමන් දෙවි පිහිටයි! (නි)

:       0       0

ඈපා Friday, 04 April 2014 12:05 PM

කාටවත් නොවැටහුණ දෙයක් මේ බුද්ධිමත් තරුණයාට තේරිලා. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ඉන්දික Friday, 04 April 2014 12:24 PM

ඉතාමත්ම හොඳ වැඩක්. (නි)

:       0       0

සුනිල් Saturday, 05 April 2014 05:16 PM

අගේ කලයුතු වැඩක් පුතේ. එත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇතැම් උදවියගේ දුෂ්ට වැඩ නිසා, මීට වැඩ බුදු හාමුදුරුවන්ට නිගාවක් වෙනවා නේද කියල. (දී)

:       0       0

කමනී Friday, 04 April 2014 12:39 PM

අගය කළ යුතුයි.(නදී)

:       0       0

චානි Friday, 04 April 2014 12:44 PM

මේ තරුණයාගේ උත්සාහය අගය කරනවා. මෙවෙනි ආගම ශාස්තෘවරුන්ට අගෞරව වන දේවල් වහාම නැවැත් විය යුතුයි.(නදී)

:       0       0

රොෂාන් Saturday, 05 April 2014 01:49 AM

ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා! (නි)

:       0       0

බණ්ඩාර Friday, 04 April 2014 12:59 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

රාජා කුවේට් Friday, 04 April 2014 01:07 PM

කැපවීමෙන් කරන වටිනා උත්සහයක් (නි)

:       0       0

පිටිගල Friday, 04 April 2014 01:07 PM

මිනී මැරීමයි, මංකොල්ලකෑමයි,රටේ දේපොළ සහ අලි ඇතුන් ජාවාරමයි, දේශපාලකයන්ගේ නරක වැඩයි නතර කරන්න කියලා ඔය අත්සන් ටික ලබා ගත්තා නම් වටිනාකම කෝටියයි. (නි)

:       0       0

සිසිර Friday, 04 April 2014 01:12 PM

බුදු සරණයි(දිල්)

:       0       0

ජයලාල් Friday, 04 April 2014 01:20 PM

මෙන්න නියම මිනිස්සු ඡන්දෙ නොඉල්ලුවට(දිල්)

:       0       0

කුමාර Friday, 04 April 2014 01:26 PM

ඇත්තටම මෙය වටින දෙයක් සමයර මාළු කඩවල මාළු ඔතලා දෙන්නෙත් බුද්ධ රූප තියන පත්තර කොළවල ඔබගේ අරමුණ සපල වේවා(දිල්)

:       0       0

සංජය Friday, 04 April 2014 01:30 PM

ඔබට ජයවේවා! බොහෝමත්ම විරල මිනිසෙක් (නි)

:       0       0

තිලක Saturday, 05 April 2014 06:13 AM

අගය කළ යුතු චරිතයක් (නි)

:       0       0

අසන්ත Friday, 04 April 2014 02:05 PM

කාලෝචිත මෙන්ම, ක්‍රියාවට නැගිය යුතු දෙයක්.(නදී)

:       0       0

චමින්ද සම්පත් Friday, 04 April 2014 02:13 PM

රත්තරන් මල්ලියේ ඔයාට සියළු දෙවි පිහිටයි. (නදී)

:       0       0

සමන්ති Saturday, 05 April 2014 06:36 AM

සමහරු බස්වල පිටුපසත් දළදා මාලිගාවේ ඡායාරූප අලවලා. බස් එක ඇතුළේ සීවලී පින්තූරේ, සිවුරේ ධන ලක්ෂ්මී පින්තූරේ අලවලා. බුදු පිළිමේ වට්ටියට දාලා කාසි පුරවලා.බුදුන්ට දේශසීමා දාලා. මේ ශ්‍රද්ධාවලු. මේවා තහනම් කරන්න පෙත්සම් ඕනෑද? නීතිය ක්‍රියාත්මක කරන්න . (නි)

:       0       0

සෑම් Friday, 04 April 2014 02:35 PM

ඔබට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලෑබේවා! (නි)

:       0       0

සෑම් Friday, 04 April 2014 02:36 PM

ඉතාමත් අගනා සහ කාලෝචිත වැඩක්. (නි)

:       0       0

අමිත Friday, 04 April 2014 02:42 PM

ඔබගේ ප්‍රයත්නයට අපගේ ප්‍රණාමය!! නමුත් මේවාට අනෙක් අයගේ ප්‍රතිචාර කෙසේවන්නේ දැයි නොදනී(විශේෂයෙන් බටහිර බලවේගයන්) කුමන ඇසකින් විවේචනය කරත්දැයි කිව නොහැක. ආගමික සහජීවනය බිඳීමක් සිදුවන්නේ යැයි ද ඔවුන්ට කිව හැකිය. (නි)

:       0       0

මාලිත Friday, 04 April 2014 03:08 PM

ඉතාම යහපත් කාර්යයක් (නි)

:       0       0

බුද්ධික Friday, 04 April 2014 03:29 PM

නියමයි! (නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 04 April 2014 03:41 PM

බුදු රජාණන් වහන්සේ දේශනාකල ධර්මයෙන් රැකිය යුතුම දේ තමයි පන්සිල් පද පහ, අපේ රටේ පන්සිල් පද පහට පටහැනිව ඕනෑම දෙයක් කරන්න බලපත්‍ර නිකුත්කර තියෙනවා, උදාහරණයට.. රාත්‍රී සමාජ ශාලා, එහි ඇතුලත සුදුකෙලීම,ගණිකා ඇසුර, මත්පැන් ආදිය සියල්ල තිබේ, පුලුවන්නම් මේවගේ දේ වැළැක්වීමට නීතී පනවන ලෙස ඉල්ලා සංදේශයකට අත්සන් එකතු කරන්න.(නදී)

:       0       0

අශෝක Friday, 04 April 2014 04:09 PM

බොහොම හොඳ වැඩක්. අගයකොට සළකනවා. ඔබේ ප්‍රාර්ථනාව සිතන අයුරින්ම ඉටුවේවා කියලා මම ආශිර්වාද කරනවා. බුදු සරණයි! (නි)

:       0       0

ලලිත් Friday, 04 April 2014 04:20 PM

ඔබතුමාට ගොඩක් පින්! සියළු පැතුම් ඉටුවේවා! (නි)

:       0       0

කුමාරි Friday, 04 April 2014 04:32 PM

සොයුර ඔබ බුදුපියාණන් ගැන භක්තිමත් බව පැහැදිලියි. අපට උනත් පත්තර පිටුවක බුදුරුවක් තිබුනොත් එය විසි කිරීමට සිත සදා ගැනීමට නොහැකියි. එහෙත් මිට වඩා බුදුන් වදාළ දර්ම මාර්ගය අනුගමනය කිරීමම යහපත් යයි සිතමි. මොකද තිලෝගුරු බුදුපියාණන්ගේ ශරීරයවත් සදා කාලික නොවූ බැවින් ඒ ගැන තව සිතන්න. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ!(නදී)

:       0       0

පුෂ්පා- ජර්මනිය Friday, 04 April 2014 04:34 PM

හොඳ වැඩක් මල්ලි. අද කාලේ සල්ලි හම්බවෙනවා නම් අම්මව තාත්තවත් විකුනන්න සමහර ඈත්තෝ සුදානම්. එවැනි කාලයක ඔබ කරන උත්සාහය සාර්ථක වෙන්න කියා ප්‍රර්ථන කරමි. අප ඉන්න රටවල මිත්‍යාදෘෂ්ටිකයෝ අපේ බුදුන්ගේ පින්තුරය වැසිකිලිවල වාහන පියනෙත් මුද්‍රණය කරලා තියෙන මා දැක තියෙනවා.(නදී)

:       0       0

ශෆ්ක් Saturday, 05 April 2014 10:15 AM

අගය කළ යුතුයි (දී)

:       0       0

ලාල් Saturday, 05 April 2014 12:01 PM

මම නම් මේ වගේ වැඩ අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 379 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2730 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2023 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 214 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1219 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1327 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26968 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23514 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site