IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බුදු සමය හදාරන්න වතිකානය රෝම පන්සලේ

අන්තර් ආගමික සාකච්ඡාවක් හා බුදු දහම පිළිබඳව අධ්‍යයනයක නිරතවීම පිණිස වතිකානයට අයත් උර්බනිකා සරසවියේ ශිෂ්‍ය පූජකවරු හා කන්‍යා සොයුරියෝ පිරිසක් රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයට පැමිණියහ. තම ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන බුදු දහම අනුව පන්සලක ස්වරූපය හඳුනා ගැනීම මෙහි දි සිදුවිය. ලෝකයේ  විවිධ රටවලට අයත් වන මෙම පූජකවරුන්හට ඒ සඳහා මග පෙන්වූයේ උර්බනිනා සරසවියේ කථිකාචාර්ය ඉදුනිල් ජනක පියතුමාය. විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමි හා දායක පිරිස පැමිණ පූජකතුමන්ලා හා කන්‍ය සොයුරියන් හට ශ්‍රී ලාංකික ආහාර වේලකින් ද සංග්‍රහ කළහ.



අදහස් (0)

බුදු සමය හදාරන්න වතිකානය රෝම පන්සලේ

මංජු Thursday, 20 September 2012 09:43 PM

හරිම හොදයි. හැබැයි ලංකාවේ තිබෙන පන්සලකට වෙන ආගමකකින් ගියොත් ගහලා තමයි එවන්නේ. මොකද මම එහෙම කිවුවේ ලංකාවේ ඉන්න සමහරක් නමට සිංහල බෞද්ධයෝ කියාගන්න පිරිස්. බොරු බොරු මුහුණු පොත් හදාගෙන ආගම් වලට කරන අපහාස වලට හොදක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

මාරි Thursday, 20 September 2012 04:33 PM

අපේ ලංකාවෙ අය නම් මේ කට කැමති නැතිව ඇති.. නමුත් සමහර ඉතා කුඩා පිරසක් ඉනනවා ආගම්වලට අගෞරව කරන..(නු)

:       0       0

ප්‍රමෝද් Thursday, 20 September 2012 09:54 PM

පන්සලට යන්න ඕනෑ හිස්වැසුම්, පා වැසුම් නැතුව. ඒත් මේ අය? බුදු දහම ගැන ඉගෙනගන්න ආවත් පන්සලක් තුළ හැසිරිය යුතු සම්ප්‍රදාය බිඳ නොදැමිය යුතුයි. ඒ අයට පැහැදිලි කරලා දෙන්න තිබුණා නේද? (නි)

:       0       0

අරුණ Thursday, 20 September 2012 10:06 PM

මෙකනම් සැක සහිතයි. හාමුදුරුවනේ පරිස්සමෙන්. (නි)

:       0       0

රණසිංහ Friday, 21 September 2012 11:22 AM

ටික කාලෙකින් කියයිද දන්නේ නැහැ ත්‍රිපිටකයත් එයාලගේ කියලා. (නි)

:       0       0

සුරංග Thursday, 20 September 2012 10:29 PM

බුදු පිළිම වලට පිටුපා පින්තූර ගැනීම ඉතාම වැරදියි. (නි)

:       0       0

කමල් Thursday, 20 September 2012 04:54 PM

ධම්මාරාම හිමියනි ඔබවහන්සේගේ මෙහෙවර ඉතා උතුම්...... නමුත් මේ ඡායාරූපය...?(නු)

:       0       0

නිර්මලා Thursday, 20 September 2012 04:51 PM

අප නම් බුදු පිළිමවලට පිටුපාලා ෆොටෝ ගන්නේ නෑ. එක වැරැද්දක් නේ ද?(නු)

:       0       0

කමල් Thursday, 20 September 2012 04:53 PM

මේ ඡායාරූපයේ කට්ටිය බුදුපිළිමෙට නේද පිටුපාලා ඉන්නෙ..!(නු)

:       0       0

හිරාන් Thursday, 20 September 2012 05:01 PM

සැමටම බුදු සරණයි

:       0       0

මිලාන් Thursday, 20 September 2012 11:08 PM

හැම දේකම වැරදි හොයන්න එපා. හොදක් දකින්නත් පුරුදු වෙන්න. (නි)

:       0       0

ටිරාන් Thursday, 20 September 2012 05:07 PM

පිළිමයකට පිටුපා ඡායාරූප ගත්තා කියලා මෙච්චර කේන්ති ගිහින් නම්, තම ආගමික ශාස්තෘවරයෙකුට එරෙහිව චිත්‍රපටියක් නිපදවූ විට කොපමණ කේන්ති යා යුතුද? (නි)

:       0       0

සේනානායක Thursday, 20 September 2012 11:25 PM

ආගමික සහජීවනය කොයිතරම් අපූරුද? (නි)

:       0       0

ලලිත් Thursday, 20 September 2012 11:38 PM

මෙවැනි දෙයක් මම දැකපු පළමුවැනි වතාව.. තව පන්සල් කොපමණ යුරෝපයේ තියෙනවාද? නමුත් ධර්මය ලෝකයට ගෙනියන්න මෙයින් කි දෙනාද? ධම්මාරාම හිමියනි ඔබවහන්සේට තව තවත් ධර්මය ප්‍රචාරය කරන්න ධෛර්යය නිරෝගී සුව ලැබේවා..!(නු)

:       0       0

දිල්ෂාන් Thursday, 20 September 2012 05:21 PM

බයිලා එපා ළමයිනේ. එහෙම ඡායාරූප ගත්තා කියලා අගෞරවයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

අනුරුද්ධ Thursday, 20 September 2012 11:49 PM

ශ්‍රී සද්ධර්මවාදය ඉතා කාලෝචිත නිසා අධ්‍යයනය කිරීම සියල්ලන‍්ගේ හිතසුව පිණිස හේතු වේ. (නි)

:       0       0

අබය Thursday, 20 September 2012 05:29 PM

මෙහි තියන මුල් ඡායාරූපය බුදු පිළිමෙට පිටුපාලා ගන්නෙ නැතුව එක පැත්තකට පේළියට ඉදලා බුදු පිළිමෙ පසුබිමෙන් හොඳට නිරාවරනය වෙන්න ගන්න තිබුණා නේද? මොකද එයාලා බුදු දහම ඉගෙන ගන්න පන්සලක ස්වරුපය දැනගන්න ආපු කට්ට්යනෙ.එතනදි අපේ හාමුදුරුවන්ගෙ වගකීමක් තමයි ඒ අයට කියාදිම. (නි)

:       0       0

සිසිර කුමාර Friday, 21 September 2012 12:26 AM

බුද්ධාගම යනු රූපයට වැදීම නොව ධර්මය පිළිපැදීමයි. (නි)

:       0       0

චන්දන Thursday, 20 September 2012 05:38 PM

තෙරුවන් සරණයි

:       0       0

ශාන් Thursday, 20 September 2012 05:39 PM

මේව දක්කාම මට මටක් වෙන්නෙ සොම හාමුදුරුවො රුසියවෙදි ගත්තු පින්තුර. ආගමික සහජීවනය නමති බොරු සංකල්පයට මුවා වෙලා මෙ කරන්න හදන දේවල් ගැන බෞද්ධ අපි සෑලකිලිමත් විය යුතුයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 21 September 2012 12:24 PM

අපිටත් අනෙක් ආගම් ඉගෙනගන්න ඕනෑ. (නි)

:       0       0

පාලු Thursday, 20 September 2012 05:47 PM

බුදු දැහැම බැබලේවා

:       0       0

ස්ටීව් Friday, 21 September 2012 02:04 AM

බුදු පිළිමවලට පිටුපාලා ඡායාරූප ගැනීමට වඩා වැඩි වැරදි ලංකාවෙ වෙන්නේ නැද්ද? අගෞරව කරන අදහසකින් නෙමෙයිනම් එතන වරදක් නැහැ..!(නු)

:       0       0

සංජය Thursday, 20 September 2012 06:05 PM

පින්තුරේ ගැන කියන කතාව ඇත්ත . පින්කම් කටයුතු කරනකොට බොහොම සිහි නුවණකින් යුක්තව ශ්‍රද්ධාවෙන් කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

ලලිත Friday, 21 September 2012 03:30 AM

ඇයි ඒ? ඒ අය දන්නවා සෑම ආගමක්ම විශ්ලේෂණය කළහම කියවෙන්නේ එකම කතාවක්ය කියලා. (නි)

:       0       0

ඉෂාන් Friday, 21 September 2012 03:30 AM

ඔවු. දැන් මෙතන අන්‍යාගමිකයෝනේ ගිහින් තියෙන්නේ. ඉතින් අපහාස කෙරුවයි කියලා කියන්න පොටක් පාදගන්නත් ඕනෑනේ අපේ රටේ අයට. නැත්නම් ජාතික වීරයෙක් වෙන්න බැහැලු නේ. (නි)

:       0       0

ලලිත් Friday, 21 September 2012 03:29 AM

ස්ටීම්, ඔබ හරි. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 20 September 2012 06:17 PM

මතක තියාගන්න, අපේ ත්‍රිපිටකය වගේ නෙවෙයි, බයිබලය යාවත්කාලීන වෙනවා.. මේ ඒකටද දන්නේ නැ...කොහොම උනත් ධර්මය අකාලිකයි... (ස)

:       0       0

ගමගේ Thursday, 20 September 2012 06:27 PM

අපිට තියෙන්නේ පටු බුද්ධියක් බව මේ ප්‍රතිචාර වලින්ම පෙනෙනවා. (නි)

:       0       0

ඉන්දික Thursday, 20 September 2012 06:32 PM

ක්‍රිස්තියානි පූජකවරුන්ට බුදුදහම ඇතුළු අනිකුත් සියලුම ආගම් පිළිබඳව ඉතාමත් ගැඹුරු දැනුමක් ලබාදෙනවා, පල්ලිය විසින්. මේ ගැන මට විස්තර කරලා දුන්නෙ මගෙ කතෝලික යාලුවෙක්. ඒ අන්තර් ආගමික සහජීවනය සඳහාය කියලා ප්‍රචාරය කරන දේටම නොවේ. ඒ ඇයි කියලා ටිකක් කල්පනා කරලා බැලුවොත් තේරේවි. ඒ මොන අදහසින් ඒ අය ඉගෙන ගත්තත්, බුදුදහම පිළිබඳව දැනුම ඕනෑම කෙනෙකුට ලබාදීම බුද්ධ ශ්‍රාවකයන්ගෙ යුතුකම . එය අගය කරනවා. (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 20 September 2012 06:38 PM

මොනවා හරි වැරැද්දක් තියෙන්න එපැයි . ලංකාවේ හාමුදුරුනමක් මේ විදියට ඡායාරූපයක් ගත්ත පළවෙනි අවස්තාව නෙමෙයිනේ..අනේ මන්දා (ස)

:       0       0

සනත් Thursday, 20 September 2012 06:50 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඉතාලියේ ඉන්නේ අපේ මේ හාමුදුරුවෝ විතරද? (නි)

:       0       0

මේනක Friday, 21 September 2012 01:14 PM

ලලිත්, ඔයා වැරදියි. අනික් ඔක්කොම ආගම් සමාන වෙන්න පුලුවන්. හැබැයි බුදු දහම සම්පූර්ණයෙන් වෙනස්. හැම ආගමකටත් වැඩිය. ඒ කථාවෙන් තේරෙන්නෙ ඔයාගෙ දැනුමේ තරම තමා. ඉහත කී ස්වාමින්වහන්සේටත් තියෙන්නෙ ඔය දැනුම නම් මේ අන්‍යාගමික පිරිස ඉගෙන ගන්නෙත් ඔය වගේම මෝඩ අධර්මයක්මයි. ඒකයි කිවුවෙ පරෙස්සමෙන් කටයුතු කළ යුතුබව.(ස)

:       0       0

කරුණා Thursday, 20 September 2012 06:59 PM

මේ වගේ අන්‍යාගමික අය පන්සල් වලට එනවා, අධ්‍යයන කටයුතු වලට කියලා. ඒගොල්ලන්ට තමන්ගේ වැඩවල රිපෝර්ට් දෙන්න ඕනෑ​. ඉතින් ඒ අය හදන රිපෝර්ට් වල ඒ ගොල්ලන්ගේ ආගම තමා හරි කියන අදහස ඉස්මතුවන ආකාරයට තමා ඒවා ලියන්නේ. අපි ඒ වගේ දේවල් වලට උදවු දෙනවා කියන්නේ ඒ අයගේ ඒ මතය සනාත කළා වෙනවා නේද​? මම දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා, ඒ ස්වාමීන් වහන්සේටත් ඔය වගේ අවස්ථාවක් උදා වුණා. උන්වහන්සේ කිවුවේ බුදුරජුන්ගේ ධර්මය ඉගෙන ගන්න ඕනෑ නම් කියලා දෙන්නම්. හැබැයි තමන් හදන රිපෝර්ට් එකේ බුදු දහම වැරදියි කියන අදහස හෝ තමන් ගේ ආගම (ඉස්ලාම්) තමයි හරි කියන අදහස හෝ සටහන් නොවිය යුතුයි කියා. ඒ කෙනා ආවේ නැහැ...? (නි)

:       0       0

කිත්සිරි Friday, 21 September 2012 01:45 PM

විස්තර අධ්‍යයනය කරන්නේ බෞද්ධයන් අබෞද්ධ කරන උපායවල් හොයන්න නෙමෙයි නම් කමක් නැහැ (ස)

:       0       0

ඇන්ටන් Thursday, 20 September 2012 07:12 PM

බුද්ධාගමට ගරු කරන නිසයි බුදු පිළිමයක් කතෝලික රටක තියන්න අවසර දීලා තියෙන්නේ (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 20 September 2012 07:20 PM

ඡායාරූප දැකලා අපේ අය පෙළපාලි යයිද දන්නේ නැහැ, අපහාස කළයි කියලා. (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 20 September 2012 07:16 PM

පිළිමයට පිටුපාලා පින්තූරයක් ගත්ත එක විතරමයි සමහර අයගෙ ඔලුවට එන්නෙ. ඒ ඔක්කොම ඕල්කොට් බෞද්ධයො. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 20 September 2012 07:17 PM

දැනුමින් සන්නද්ධ වීම සදහා මේ අය ‍අනෙක් ආගම් ගැන හදාරනවා තමයි. (නි)

:       0       0

සුනිල් Thursday, 20 September 2012 07:29 PM

හොද වැඩක්

:       0       0

ගයාන් Friday, 21 September 2012 09:14 AM

බුදු පිළිම බදාගෙනත් ඡායාරූප ගන්න මේ කාලේ මේවා මොනවද? (නි)

:       0       0

අජන්ත Thursday, 20 September 2012 07:55 PM

මේ ස්වාමින් වහන්සේ ඉතාලියේ සිට රට ජාතිය වෙනුවෙන් උතුම් සේවයක් කරන ස්වාමින් වහන්සේ නමක්. (නි)

:       0       0

මේනක Thursday, 20 September 2012 07:59 PM

පළමු ඡායාරූපයේම බුදු පිළිමයට පිටුපාගෙන ඉදලා තියෙන්නෙ. අවබෝධය එතනින්ම පහළට වැටෙනවා. අනේ පුලුවන්නම් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවන්ගෙ පොතක් දෙකක් පරිශීලණය කළා නම් වරදින එකක් නැහැ. මොකද ඔය කට්ටිය ලෝකෙටම කියයි බුදු දහම මේ වගේ කියලා. නියම බුදු දහමේ හිල් නැහැ. (නි)

:       0       0

රොහාන් Thursday, 20 September 2012 08:16 PM

අබය කියන දේ හරි. වැරදි පෙන්වා දීමත්, ඒ පෙන්වූ වැරදි හදා ගැනීමත් තමයි කළයුත්තේ. (නි)

:       0       0

කමල් Thursday, 20 September 2012 08:34 PM

ඒක බයිලාවක් නෙමෙයි. ඉන් පිළිබිඹුවන්නේ ගෞරවයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 981 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2017 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1059 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 351 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1575 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1107 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site