IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘බෞද්ධ කතිකාවත වැරදියට වටහාගන්න එපා‘

රජය ගෙන එන  බෞද්ධ කතිකාව හරහා  පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් සංඝයාවහන්සේ පාලනය කරනු ලැබීමක් සිදු නොවන බවත් එයින් සිදුවන්නේ මහනායක හිමිවරුන්ට හා ඒ ඒ නිකායන් වල සංඝ කාරක සභා වලට සංඝයා පිළිබඳ තීරණ ගැනිමේ බලයක් ලබා දීම බව පාර්ලිමේන්තු සභා නායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා මහනුවරදී පැවැසිය.

‘සමහරු බෞද්ධ කතිකාවත ගැන සමාජයට වරදවා කරුණු ඉදිරිපත් කරනවා. අද රටේ පවතින නීතිය හැටියට මහනායක හිමිවරුන්ට හා සංඝ සභාවලට බලයක් නෑ එම නිකායවල් වල ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න, එම නිකායවල් පාලනය කරන්න නෛතික බලයක් නෑ. අපි අපේ බෞද්ධ කම සිංහල කම ගැන ආඩම්බර වෙනව වගේම අනික් ආගම් හා  ජාතින් ගැන අනුකම්පා කරල මේ රටේ ආගමික නිදහස තහවුරු කරන්න ඕන. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ තමුන්ගේ ආගම ඇදහිමේ නිදහස වගේම අනිකුත් ජාතීන්ට ආගම් ඇදහිමේ නිදහස තිබිය යුතුයි කියල.‘ යැයිද කිරිඇල්ල මහතා කීය.

අපේ රටේ බෞද්ධ කම ආරක්ෂා කරන්න වගකීම ඇත්තේ බෞද්ධ ජනතාවට බවත් රටේ සිංහලකම බෞද්ධකම ආරක්ෂා කරන්න වත්මන් රජය කැප වනවා සේම අපේ සිංහල බෞද්ධ ජනතාවත් අන් ආගමික නිදහස ලබාදිමට කටයුතු කළ යුතු බවත් අමාත්‍ය වරයා පැවසිය.

 



අදහස් (0)

‘බෞද්ධ කතිකාවත වැරදියට වටහාගන්න එපා‘

සමන්ති Monday, 01 February 2016 12:18 AM

ගුණසේන, බුදුන් වහන්සේ ගිහි කාලයේදී සතර පෙරනිමිති දකිද්දී හමුවුණු හිමියන් කවුද? ඒ කාලයේ නොයෙකුත් ඇදහීම් තිබුනා නේද? (නි)

:       0       0

සෙනරත් Sunday, 31 January 2016 12:47 PM

ඔය කියන කතිකාවත ජනතාවට දැන ගැනීම පිණිස සම්පුර්ණ පිටපත පුවත්පත් වල පල කළ යුතුය. (කෞ)

:       0       0

ගයාන් Sunday, 31 January 2016 08:21 AM

දැන් ඔය කතිකාවතෙන් කරන්නේ සංඝයා වහන්සේට බලය ලබාදෙන එක නම්, අනිත් ආගම් වලට නිදහස දෙන කතාවේ තේරුම මොකක්ද? සංඝ සභාවට බලය දීමෙන් අනෙක් ආගම් වලට නිදහස ලැබෙන්නේ කොහොමද? සංඝයා ඇතුළේ අවුල් හදන්න එපා (නි)

:       0       0

ගුණසේන Sunday, 31 January 2016 12:45 PM

බුදුන්ගේ කාලයේ ආගම් තිබුනේනෙත පසුකාලීනව ආගම් බිහිවී අතිවීබව පෙනෙන්නට ඇත .මේවට උප්පැන්න සහතික ද ඇත .උදාහරණ ක්‍රිස්තු වර්ෂ 2016 මුස්ලිම් වර්ෂ 1437 බුද්ද වර්ෂ 2559 දෙඅසපලුවෝ අමන කතා කියවී .(කෞ)

:       0       0

දිල්ශාන් Sunday, 31 January 2016 01:37 PM

හොරෙන් හංගාගෙන කරන කතිකාවත මොකක්ද ? ඇයි ඒක පත්තරේ පල කරන්නේ නැත්තේ? මොකද මේ බොක්ක තද වෙලා වගේ කලබලේ ඕක ගැන? රටේ මිනිස්සුන්ට තියෙන දැවෙන ප්‍රශ්න විසඳනවා වෙනුවට විකාර කරනවා.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2342 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1535 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2324 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3222 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site