IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘බුද්ධි ගලන ඛේදවාචකයක් අතළඟයි ‘

(නිමල කොඩිතුවක්කු)

අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(6)පැවසීය.

රටේ බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් බුද්ධිගලන ඛේදවාචකයට ලංකාව මුහුණ දෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ගුවන් සේවා ආයතනවල  නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.

ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් සහ මාර්ග සිතියමක්, කාල වකවානු සහිතව ක්‍රියාත්මක නොකරන තාක්කල් රට ගොඩනැගිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ උදෙසා අලුත් වරමක් සහිත, ස්ථාවර රජයක් අවශ්‍ය බවත් එසේ නොකර ජනතාව ඇන්දවීමෙන් මේ රට ගොඩනැගිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.



අදහස් (11)

‘බුද්ධි ගලන ඛේදවාචකයක් අතළඟයි ‘

බද්රානි Monday, 06 June 2022 03:43 PM

අර "විපත් මග" කියලා මරාලයක් අටවාගෙන රට අනතුරට හෙලාපු මන්ද බුද්ධිකයින් ගැනද මේ කියන්නේ? අනික අපේ රටේ කොහෙද බුද්ධිමත්තු ඉන්නේ? දේශපාලකයින්ට වන්දි භට්ටකම් කරන නිවටයින් රැළක්නේ ඉන්නේ... ලංකාවේ ඉතුරුවෙලා සිටින ඉතාම සුළුතරයක් වූ බුද්ධිමතුන්, තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. සත්තු සමග පොර බදන්න ඔවුන්ට නොහැකි නිසා...!

:       74       29

kamal Monday, 06 June 2022 03:44 PM

පිට රටගිහින් මුකුත් ඉගෙනගෙන නැතිව තාත්තලාගෙ මුදල් නාස්ති කරපු පුතලා විතරයි මෙහෙ ඉතුරු වෙන්නෙ.

:       5       26

fairoos Monday, 06 June 2022 04:35 PM

නන්දසේන රටට කරපු විනාසයෙන් ගොඩ එන්ඩනම් චන්දයක් තියල අලුත් ආන්ඩුවක් එන්ඩම ඔනෙ

:       64       21

pj Monday, 06 June 2022 04:37 PM

හීනමානයෙන් පෙළුණු තමන්ගේ ජනපති පියා උගතුන්ට අවමන් කරපු කාලේ දරාගන්න නොහැකිව රට හැරගිය උගතුන් ගැනත් සඳහන් කළා නම් හොඳයි නේද...?

:       13       72

Saththaya Monday, 06 June 2022 05:16 PM

කොහොමත් කාලා බීලා හිටපු එක නැති කෙරුවේ කොයි ඩීල් බුද්ධියෙන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්..

:       0       44

Vira Monday, 06 June 2022 05:20 PM

ඒ කාලේ උගතුන්ට ගලන්න දුන්නේ ලේ වලින්ම...!

:       2       52

swiss Monday, 06 June 2022 06:05 PM

සජිත් මහත්තයෝ... ලංකාව පෙන්නුවාට රටින් තරුණයින් අතිවිශාල පිරිසක් රට හැරයමින් සිටින බවත්, කවුරු මොන රටට ගියත් ඒ රටට ඇතුල්වීමට ලකුණු 70ක් ගත යුතුමයි..! චතුර ලෙස භාෂාව කතා කිරිමේ හැකියවට ලකුණු 10 යි.. අධ්‍යාපන සුදුසුකම (විශ්ව විද්‍යාලයකින් ලබා ගත් පළමු උපාධිය) ලකුණු 20 යි. තෝරාගත් රැකියාව භාෂාව ලියන්න, කියන්න දක්‍ෂකමට ලකුණු 20යි. ඉල්ලුම් කළ රැකියාව ලැබේ නම් ලකුණු 20යි. අනික නීති විරෝධි විදියට රටට ඇතුළු වුණොත් අවුරුදු තුනක් වැලිකඩ හිරගෙදර ගියා වගේ තමයි..!

:       4       19

මහසෙන් Monday, 06 June 2022 06:07 PM

අවුලක් නෑ. බයක් නෑ. ඔයා වගේ හැමදේම දන්න සුපිරි මොලයක් රටට තියෙද්දී බුද්ධි ගලනය කියන්නේ මොකක්ද?

:       2       15

chandima Monday, 06 June 2022 07:09 PM

වෙන මුකුත් අපනයනය කරන්න බැරි වෙලාවේ උගත්තු නිෂ්පාදනය කරලා රට පැටෙව්වාම නරකද?

:       19       9

d.upul Monday, 06 June 2022 08:10 PM

බුද්ධි ගලනය වෙලා ගොඩක් කල්... මෙවැනි අය තමයි දැන් ඉතුරුවෙලා ඉන්නේ...

:       0       0

චන්දන Tuesday, 07 June 2022 07:31 AM

ඔන්න දන්නා තරම . ඒක අද ඊයෙ දෙයක් නොවෙයි . දශක ගණනක් තිස්සේ වෙන දෙයක් . කිව්වොත් මෝඩ ගොං කතාවක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 647 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 505 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 859 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1538 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 812 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 6257 11

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21679 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 360 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site