එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ කාර්යාලයයෙන් පාර්ලිමේන්තු මුද්දර 214ක් සොරකම් කළැයි සැකපිට ඔහුගේ කාර්යාලයයේ පිරිසිදුකරන්නකු හා ඉසදීන් නගරයේ කඩ හිමියකු ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර වැඩ බලන මහේස්ත්‍රාත් ලලිතා දිසානායක මහත්මිය නියෝග කළාය.
එම් කේ ජී උපාලි හා කඩ හිමියා වූ රණසිංහ සරත්චන්ද්‍ර එම දෙදෙනායි.
මුද්දර සොරකම් කිරීම හා සොරබඩු ළඟ තබා ගැනීම යන චෝදනාවලට සැකරකුවන් වරද පිළිගන්නා බව නීතීඥ කීර්ති කළුආරච්චි මහතා කියා සිටියේය.
ඒ අනුව දඩුවම් නියම කිරීම ලබන 16 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී චන්ද ගැන හිතල හැමෝටම හොරකම් කරන්න දුන්නොත් මුළු රටටම දෙයියන්ගේ පිහිටයි නේද?ජහමනය එහෙම අයට චන්දෙ දීල විදවන විදවිල්ල ඇති නේද දැන්?ඒ මදිවට වෙඩිත් කනවා (අ)
ප්‍රසන්න ආයෙත් අප්‍රසන්න කතා නොකියා ඕයා සියල්ල දත් නම් බින්දුවේ ඉන්න අයට කියා දෙන්නකෝ. ලංකාවේ නැහැ මම දැන් අවුරුදු 15ක් ඉතින් අපි නොදන්නා පාර්ලිමේන්තු මුද්දර ගැන එකයි ඇහුවේ. ඕය සමහරු මොකුත් නොදැන සියල්ල දත් වගේ කතා කෙරුවට. මම නම් නොදන්නා දේ දන්නේ නැහැ කියන්න ලජ්ජා නැහැ. දන්නා කෙනෙකුගෙන් අහගන්න තරම් නිහතමානියි. ඉතින් කියන්නකෝ මොකක් ද ඕය කියන පාර්ලිමේන්තු මුද්දරේ.. (දී)
බුද්ධික මහතා හරි හොඳ මහතෙක් හොරකම් කරන්න උවමනා නැත ඕන උදව්වක් එතුමා ඉල්ලුවොත් කරනවා (දී)
බුද්ධික ගාව ඉන්න සේවකයෝ මන්ද බුද්ධිකයන් වගේ . රැකියාව නොකර හොරකම් කරලා . (දී)
රූකාන්ත ..සමාව දුන්න එකේ ..ඔන්න ඔහේ සමව දෙන්න බුද්ධික. (ස)
අනේ මන්ද මේකේ අදහස් පලකරන සමහර කට්ටිය පාසල් ගිහිල්ලවත් නෑ වගේ සාමාන්‍ය දැනීම බින්දුවෙනේ...... (අ)
මොනවද මේ පාර්ලිමේන්තු මුද්දර. ඒවායින් පාර්ලිමේන්තු නොයන මේ අය වගේ අවශේෂ වැසියන්ට ප්‍රයෝජන ගන්න පුලුවන්ද? ඇයි මේවා හොරකම් කලේ? ඇත්තටම මම නොදන්නා නිසයි මේ අහන්නේ. (ස)
වැඩේ ගොඩින් බේරාගෙන, සේවකයාව අස්කර දැම්මා නම් තමයි වැඩිය සුදුසු. මොකද, ඔබ දේසපාලකයෙක් නිසා. (ස)
මුද්දරද? මුද්‍රා ද? (නි)
මුද්දර හොරකම් කලේ කාගේ කට්ටියක්ද? (අ)
පාර්ලිමේන්තු මුද්දර කියන්නේ තැපැල් මුද්දර වලටමද? (නි)
මන්ත්‍රීතුමාගෙන් අපි බලාපොරොත්තුවෙන්නේ නීතිය හැමදෙනාටම එකහා සමානව ක්‍රියාත්මක කිරීම් හා නීතියේ උත්තරී තර භාවයි නීතිය බල්ලට දාල නිසා අද රටේ හොරු, මැරයෝ, කුඩු කාරයෝ,පගා මරුවෝ, ගැහිලිකාරයෝ, ස්ත්‍රී හා ළමා අපයෝජකින්,රජකරන්නේ (අ)
මුද්දර වලට නීතිය මෙතරම් දරුණු නම්,කොමිස් ගහපු/ ගහන අයට මොනවා නොකරයිද? (නි)
ඔය මුද්දර 214 ලක්ෂ ගානක් වටිනවා ඇති නේද? මන්ත්‍රීතුමාට හැබෑටම උසාවි නොයා ඕක විසදන්න බැරි වුනාද? (නි)
විරුද්ධ පක්ෂයේ වුණත් මුද්දර රජයෙන් පාවිච්චි කරන්නේ. (නි)
මුද්දරයක් කියන්නෙ සහතිකයක්. ඒක වටින්නෙ වටිනාකම අනුව නෙමෙයි. මුද්දරේ උඩ තබන මුද්‍රාව අනුවයි. එක මුද්දරයකට පුලුවන් ඔබ සතු සියල්ල ඔහුට පවරා ගන්න..ඒ නිසා මේක ලොකු වරදක් (නි)
අමිල කටුනායක , අහපු ප්‍රශ්නයමයි මටත් අහන්න තියෙන්නේ (නි)
දෙයියෝ සාක්කි! මේවත් ලොකු වැරදි තමා පප්පේ. තල් මස්සු දිය කෙළිති....හාල්මැස්සෝ හොදි හට්ටියේ පාවෙති....අපිට මේවා අහලා පණ එපා වෙති.... (නි)
අර කොස් ගෙඩියෙ කතාව වගෙ පාඨක ප්‍රතිචාර ගොඩක් ලෑබෙයිද මේකට? මේ මුද්දර ගොඩක් වටිනවාද? (නි)
අයියෝ බුද්ධික, ඉදිරියේදී ඡන්දෙ ගැනත් හිතනවා නම් නේද හොද? (නි)