‘මේ දෑස කුමටද?‘, ‘රතුමකරා‘ සහ ‘අපරාධය සහ දඬුවම‘ යන චිත්‍රපට ව්‍යාජ ලෙස පිටපත් කර අලෙවි කළැයි චෝදනා ලැබ සිටින චිත්‍රපට සංරක්ෂකවරයකු වූ හේමප්‍රිය කණ්ඩම්බි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත් කළේය.
එම චිත්‍රපටවල අයිතිය හිමි තිස්ස නාගොඩවිතාන මහතා කළ පැමිණිල්ලක් අනුව නඩුව විභාග වේ.
මේ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ‘ කෘතිය අනවසරයෙන් මුද්‍රණය කර බුද්ධිමය දේපළ පනතේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කළැයි අධිකරණයෙන් දඬුවම් නියම වූ ව්‍යාපාරික මංජුල කීර්ති අබේසේකර අත්අඩංගුවට ගන්නැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.
ඔහු වරද පිළිගැනීමෙන් පසු අධිකරණය වසර 10කට අත්හිටවූ මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 25000ක දඩයක් නියම කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස නාගොඩවිතාන චිත්‍රපට සංරක්ෂණ මුවාවෙන් පරණ චිත්‍රපට ප්‍රේක්ෂකයගෙන් ඈත් කළා. එහෙම නොවුනානම් අපිටත් කොපි කරගෙන ඕන ඕන වෙලාවට බලන්න තිබුණා. (බ)
තිස්ස නාගොඩවිතාන වගේ කෙනෙක් නොහිටින්න මිල දී ගෙන බලන්නවත් පරණ චිත්‍රපටයක් නැතිවෙනවා මේ රටේ. (බ)
ඇත්තටම මේ චිත්‍රපටි අයිති කාටද? (අ)
බුද්ධිමය දේපළ පනත නිසා නිර්ව්‍යාජ නිර්මාණකරුවන්ට ලොකු සෙතක් සිදුවෙනවා. (නි)
රාධා, මේවා දැන් අයිති තිස්ස නාගොඩවිතාන මහත්මයාට. එයා මේ චිත්‍රපට නිෂ්පාදකයින්ගෙන් නිත්‍යානුකූලව මිලදීගෙන ඇති
සංරක්ෂණය කරලා තියෙන ගොඩක් චිත්‍රපට බලන්න අමාරුයි. මොකද ඒවායේ හැමතැනම තියෙන්නේ අයිතිකාරයගේ නම සහ අරක තහනම් මේක තහනම් කියන දැන්වීම්. (නි)
කුණු කොල්ලයට නිෂ්පාදකවරුන්ගෙන් අරගෙන මිලියන් ගණන් හම්බ කරනවා රුපවාහිනියේ පෙන්නලා (ම)
තිස්ස නාගොඩවිතානගේ සේවය අගය කළ යුතුයි! (බ)
නිෂ්පාදකවරුන්ගේ දරුවන් දුක් විඳිද්දී මේ අයගේ ළමයි සැපවත් ජීවිත ගතකරන්නේ මේවායින් තමයි (නි)