නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පනස්පූර් ග්‍රාමයේ කැනීම්වලින් නවවැනි සියවසේ බෞද්ධ ආරාමයක නටඹුන් හා ඉපැරැණි බුදු පිළිම සෙයාගත් බව ඔරිස්සා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. භුමි ස්පර්හ ධර්ම චක්‍රපවර්තන බුදු පිළිම (හිස නැති) කොන්ඩොලයිට් පාෂාණයෙන් නෙළූ පද්මපානි බෝසත් ප්‍රතිමා ද ඒ අතර විය. බුදුන් වහන්සේ වසර 2500කට පෙර ඔරිස්සා ප්‍රාන්තයට වැඩම කළ බවට සාධක ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති. බුදුන් ඔරිස්සාවට නොවැඩි බවට පැවැති මතය මේ සාධකවලින් බිඳවැටෙතියි පුරාවිද්‍යඥයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජැක්සන් මහත්මයා මේ ගැන මොකක් කියයිද දන්නේ නෑ ???
මේ සියළු මිත්‍ය විශ්වාස මිනිසුන්ට ඇතිවන්නේ පුහුදුන් බව නිසාය. ගිහි වුවත් පැවිදි වුවත් ලෞකික දේ වල එල්ලී සිටින විට එහි පරමාර්ථය පිළිබඳ අවබෝධයක් ලබාගත නොහැකිය. අද ඉස්සර කාලේ වගේ නෙවෙයි. හාමුදුරුවරු වුනත් හදන්නේ හරි දේ සමාජගත කරන්න නෙවෙයි මොනවා හරි ලියලා ඒක විකුණලා පස්කම් සුව විඳින්න කාමසුඛල්ලාකානුයෝගී ප්‍රතිපදාවට වැඩීමට උචිත මාර්ගය හදාගන්න එක. ඉස්සර කාලේ සිව්වනක් පිරිසගේම ඒකායන අරමුණු වෙලා තිබුනේ හැකි ඉක්මනින් මාර්ගඵල උපදවා ගෙන නිවන් අවබෝධ කරගැනීම. මේ නිසා ඒ කාලේ වැඩිපුර විනය ශික්ෂාපද තිබුනෙත් නැහැ.සසුනට වුනත් ඇතුළු වුනේ අවංකවම නිවන් අවබෝධ කරගැනීමේ වුවමනාවෙන්. ඒකයි මුල් ගිහි පැවිදි ශ්‍රාවවක පිරිස මාර්ගඵල ලාභීන් වුනේ.මාර්ගඵල සිත වනාහී ලෞකික සිතකින් දැනගත නොහැකිය. මන්ද යත් මාර්ගඵල සිත්වල ගැබ්ව ඇත්තේ සම්මුතියෙන් පරිබාහිර දේ වන බැවිනි. සාමාන්යද මිනිසුන් ව්යබවහාරික සම්මුතිවලම සිරගතවී සිටින බැවින් ඔවුන්ට ඉන් පරිබාහිර දේ වටහාගත නොහැකිය. ලෝකය යනු සම්මුතියයි. මන්ද යත් ලෝක නාමයෙන් දැක්වෙනුයේ සාමාන්‍ය මානව ඉන්ද්‍රියය සංජානනයට හසුවන දේ වන බැවිනි. සාමාන්‍ය මානව ඉන්ද්‍රියන්ට හසුවනුයේ පඨවි, ආපෝ, තේජෝ හා වායෝ ආදී සතර මහා භූත රූපවලින් තැනී ඇති ද්‍රව්‍යයන්ය. මේ අනුව ස්පර්ශ ඉන්රිඉන් යට සෘජුවම හසු නොවන වාතය වැනි දෙයක් වුවද තැනී ඇත්තේ මේ සතර මහා භූත රූපවලින් බව පෙන්වා දිය හැකියි.වාතය ස්පර්ශයට සෘජුවම හසු නොවූවද වේගවත්ව හමායන වායු රැල්ලක ගැබ්වන බිහිසුණු ප්රැචණ්ඩබව හේතුවෙන් ආපදාවට ලක්වන බොහෝ මිනිසුන් සිටිය හැකියි.එවිට සාමාන්යි වායුවේ අප්‍රකටව පවතින විවිධ ලක්ෂණ පවා පහසුවෙන් විද්යනමාන වියහැකියි.මේ අනුව ශබ්ද, චාලක ශක්තිය, කම්පන ශක්තිය, විද්‍යුත් ශක්තිය, රසායන ශක්තිය ආදී බොහෝ ශක්තීන් බවට වායුවට පරිවර්තනය වියහැකියි.ඒ වායුව යනු පථවි, ආපෝ, තේජෝ හා වායෝ යන මූල ශක්ති පදාර්ථවල නිර්මිතයක් බැවිනි.මෙහිදී දැක්විය හැකි වැදගත්ම කරුණ නම් මෙම භූත රූප ස්වභාවය ඉක්මවන කිසිවක් ලෝක සම්මුතිය තුළ නොපවතින බවයි.මේ හේතුව නිසා ලෝක යන ව්‍යවහාරයේ නිවැරදිව අර්ථය ලැබෙනුයේ ඒ අදහස අභ්යිවකාශ වස්තුවකට සමාන කර සැලකීමතුළ නොවන බව වටහාගත හැකියි.අභ්යා වකාශ වස්තුවක් ලෙස විද්යා ඥයින් විසින් හඳුන්වනු ලබන්නේද මේ භූත රූප සතර ඇසුරින් නිර්මිතව ඇති ද්‍රව්‍යමය පදාර්ථයකි.එය පියවිඇසට හෝ දුරදක්නයකට හෝ අන්කිසිදු විදය්‍යාත්මක උපකරණයකට ගෝචර වනවා යන්නෙහි අර්ථය නම් එයද ඉන්රිය ප ය ධර්ම වස්තුවක් ලෙස සැලකිය හැකි බවයි. මේ අනුව කිසියම් අභ්‍යවකාශ හෝ ග්‍රහ වස්තුවක් ලෝක යන නමින් හැඳින්වෙන්නේ නම් එය සතර පරමාර්ථ ධර්මවලට යටත්වන බව වටහාගත හැකිය. විශ්වයතුළ අනන්ත අප්‍රනමාණ වූ අභ්‍යවකාශ හෝ ග්‍රහ වස්තු තිබිය හැකියි. ඒවා සියල්ලක්ම පියවි මිනිස් ඇසට හෝ විද්‍යාත්මක උපකරණයකට අරමුණු කළහැකි සීමාව ඉක්මවන ප්‍රදේශ පුරා ව්යාතප්තව පැවතිය හැකියි.එවිට ඒ සෑම අභ්‍යවකාශ හෝ ග්‍රහ වස්තුවක්ම නිරීක්ෂණය කිරීමට වෙහෙසීම නිරර්ථක උත්සාහයකි.මන්ද දැනට දැක ඇති හෝ අනාගතයේදී දැකීමට ඉඩ ඇති ඕනෑම අභ්‍යවකාශ හෝ ග්‍රහ වස්තුවක් පිළිබඳ සන්නිවේදනය කරගනුයේ මානව ඉන්ද්‍රියයන් කේන්ද්‍රකර ගෙන බැවින් බාහිර අභ්‍යවකාශ හෝ ග්‍රහ වස්තු තවදුරටත් ලෝක යැයි සැලකීම වෙනුවට එකී ඉන්රිහෝ ය අරමුණු සංජානනයම ලෝක සම්මුතිය ලෙස සැලකිය හැකි බව බුදුරජාණන්වහන්සේ පහදා දුන් සේක.මෙහිදී මතක තබාගත යුත්තක් නම් ඇස,කණ, නාසය,සම හා දිව යන පසිඳුරන්ට ගෝචර නොවන නමුදු සියුම් කළ මනීන්ද්‍රිය අරමුණට පමණක් ගෝචර වියහැකි ලෝක සම්මුතියෙන් හැඳින්වෙන සුවිශේෂී ස්ථාන පවා පැවතිය හැකි බවයි.එබඳු ලෝක නිර්මිතව ඇත්තේ ඕලාරික සතර මහා භූත ස්වරූපයේ නිර්මිත ද්‍රව්‍යයන්ගෙන් නොවේ.හුදෙක් ඒවා මානසික නිර්මාණ වේ.
යාළුවනේ ඔයාලගේ කතාව නම් සහතික ඇත්ත
හෙට අනිද්දා මේ ය කියයි, ගංගා , යමුන, අචිරවතී, සරභූ කියන්නේ මහවැලි, කැළණි, කළු, වලවේ කියල ධර්මාශෝක කියන්නේ විජයගේ පුතෙක් කියල , ධර්මය තබා ඉතිහාසවත් දන්නේ නැති මෝඩ කතා කියමින්, මිනිසුන් ධර්මයෙන් ඈත කරමින් පව් පුරවගන්නවා
අනේ ඔය ලංකාවේ ඉපදුන කියන අදහස අත්හැරගත්තනම් හොදයි. බලන්න මෝඩකමට බ්රේක් නෑ කියන්නේ ඕකට තමයි. මොකක්ද මේ හදන පටලැවිල්ල. ඔහොම නෙවයි හෙට අනිද්දට කව්රුහරි ලෝකේ පැතලියි කිව්වොත් එක පිළිගන්න ගව සම්පතකුත් අපිට ඉන්නවා නොවෑ. හොදට බලන්න සුත්‍ර දේශනා , එදා ඉන්දියාවේ බොහෝ ස්ථාන වල වැඩ හිදිමින්, නගර ගංගා ගැන උදාහරණ පවා ගෙන හරිමින්, නගරයෙන් නගරයට යමින්, ජනපද චාරිකා කරමින්, ධර්ම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ දඹදෙනියේ හිටියයි කීම තරම් මොලේ මලෙරියාවක් හැදුනේ කොහොමද? එහෙනම් ලක්ෂ්දීප තියෙන්නේ ලංකාවේද? ලක්නව් කියන්නේ ලංකාවද? මෝඩ කතා ඕව.
බුදුගුණ අනන්තයි
එතකොට පුෂ්පේ, ලුම්බිණිය, බරණැස, කපිලවස්තුපුර, නේරංජනාව, ඉසිපතනය ආදී තැන් ඇත්තේ ලංකාවේ වෙන්න ඇති නේද? පිරිසිදු ශ්‍රේෂ්ඨ ඉතිහාසය වෙනස් කිරීමේ පාපයට හවුල් නොවන්න
කොහෙද තියෙන්නෙ බුදු හාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනා කියල? ඇත්තටම තියෙන්නෙ බුදු හාමුදුරුවො දඹදිව ඉපදුනා කියල. එතකොට කව්ද කොහොමද කියන්නෙ දඹදිව කියන්නෙ ඉන්දියාව කියල? කෝ සෙල්ලිපි ඒවට? දඹදෙනිය, දඹාන, දඹකොළ පටුන... මේවගේ නම් තියෙන්නෙ ඉන්දියාවෙද?
ඇයි අර හාමුදුරු කෙනෙකුත් පොතක් ලියලා තියෙනවා නේද බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ, තෙල්දෙණිය පැත්තේ කියලා
තමන්ගේ රටේ දේ තමන්ට අගේ නෑ. සත්‍යවාදී බුදුදහමට තැනක් නෑ
සුජිත් ගේ කීමට මම එකගයි. බුදුරජාණන් වහන්සේ ගැන පුරාවිද්‍යාත්මක සොයාගැනීම් කිරීමත් හොද දෙයක්.මොකද මෙවන් සොයාගැනීම් මගින් අද ලුම්බිණිය, බුද්ධ ගයාව , කපිලවස්තුව වැනි සදහවතෙකු විසින් දැක වැඩ පුදා හිත පහන් කරගැනීමට සුදුසු උතුම් ස්ථාන තව තවත් මනුෂ්‍යයාට ලැබෙන නිසා. කෙසේනමුත් සද්ධර්මය ඉගෙනීමත්, හොදින් ධාරණය කර ගැනීමත්, වචනයෙන් පුරුදුකිරීමත්, මනසින් මෙනෙහිකිරමින් අවබෝධයට උත්සහ ගැනීමත් ( සුතා, ධතා, වාචස පරිසාය, මනසනුපෙක්කතා) මේ ධර්මය අවබෝධයට ඇති මගයි. ඒ නිසා ධර්මයටම මුල්තැන දී ධර්මය තුලින් උජ්වලිත වන මහා කාරුණික අපගේ ශාස්තෘන් වහන්සේ හොදින් දැක බල ගැනීම තමයි වැඩ උතුම්. භාග්‍යවත් අරහත් සම්බුධු රජාණන් වහන්සේ ජීවමානව අප සමග තාමත් වැඩ ඉන්නවා වගේ සමහර සුත්‍ර දේශනා කියවනකොට. ඒ තරමට මේ ධර්මය ජීවයෙන් පිරිලා ගිය එකක්. බලන්න ඔන්න අපි හිතමු මේ ලෝකේ එක එක විෂයන් ගැන එක එක ය ලියපු පොත් පර්යේෂණ වාර්තා පුරවපු කාමරයකට එක පුද්ගලයෙක්ව දාල මාස දෙක තුනක් කතානොකර ඒවා කියවන්න ඇරියොත් මොකක් වෙයිද? දොර අරිනකොට පිස්සෙක් දැකගන්න පුළුවන් වෙයි. මොකද ඒවා ලියල තියෙන කෙලෙස් සහිත අයගේ අදහස් ඔක්කොම ඔලුවට ගෙන අර අසරණ පුද්ගලයා පිස්සෙක් වෙලා. නමුත් හිතන්න පිරිසිදු සම්බුද්ධ ධර්මය පුරවල මෙයාව කාමරයට දැම්ම කියල. ඔහු දැන් කියවන්නේ නික්ලේශී අරහත්, විජ්ජාචරණ සම්පන්න නුවනින් දැක වදාල ලෝකවිදූ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ උතුම් දේශනා, උතුම් රහතන් වහන්සේලාගේ දේශනා. පිස්සු හැදුන පටචාර, මානයෙන් උමතු උන කිස ගෝතමී, දැනුමෙන් උඩගු උන සච්චක, මිනීමරු අංගුලිමාල ආදීන් දමනය කර නිකෙලෙස් රහතුන් කර සසරින් එතෙර කල ඒ අම රස වැහෙන ධර්මයයි. ඉතින් දොර ඇරලා බලනකොට ඔන්න හමුවයි ඉදුරන් දමනය කල, ශ්‍රද්ධාවට පැමිණි, නීවරණ යටපත් කල, උතුම් ශ්‍රාවකයෙක්. අපේ ඒකායන පරමාර්ථය, ඉලක්කය මොකක්ද කියල දැන් හිතාගන්න පුළුවන් නේද, අපි හිතමු කෙනෙක් දැඩි මහන්සියෙන් ජීවිත කාලෙම ඉගෙනගෙන මහා උගතෙක් උන කියල, එකෙන් ඔහුට හොද රස්සාවක්, වැටුපක්, නම්බුවක් ලැබෙයි. නමුත් එය ඔහුව දුගතියෙන් ගලවන්නේ නෑ, සතර අපායෙන් ගලවන්නේ නෑ. ඔන්න ඒ කෙනා ඒ වෙලාවේ ධර්මය ඉගෙන ප්‍රගුණ කලානම්, එය සතර ඇපයෙන් මිදෙනවා, සුගතිගාමී වෙනවා, කෙලෙස් තුනී වෙනවා, කුසල් වඩා අකුසල් ප්‍රහාණය කොට, කෙලෙස් මල බැහැර කොට සසර දුකින් මිදෙනවා. ඒ කලේ තරුණ ශ්‍රාවකයෝ දැඩි සේ මහන්සි ගෙනයි අරහත් උනේ, ධර්මය මහා විශ්ව විද්‍යාලයක් වගේ.
මෙහි වැදගත්ම දේ බුදුහාමුදුරුවෝ එහෙ වැඩියද නැතිනම් මෙහෙ වැඩියද කියලා නිකම් කාලය කකා ඉන්න එක නෙවෙයි. බුදුදහමේ දැක්වෙන ප්‍රතිපත්ති අනුගමනය කරන්න අවංකවම මහන්සි ගන්න එකයි කරන්න තිබෙන්නේ.එහෙම නැතුව බුදුහාමුදුරුවෝ වැඩිය තැන් බල බලා පර්යේෂණ පවත්ව පවත්වා හිටියට නුවණ පහළ වෙන්නේ නැහැ.
කෙනත් ඔබ හරියට හරි. නොදන්න මිනිසුන්ව දැනුවත් කරන්න. ඔබට පින්.
කෙනත්. ඔබගේ අදහසට ගරු කරනවා..
අනේ මෙහෙමත් අධාර්මිකයෝ ටිකක්...
බුදු හාමුදුරුෙවා ෙකාෙහ් හිටියත් ෙමාතද අපි හරියට පිලිෙවත් රකිමු
බුදුන් වහන්සේ වැඩ සිටියෙ දඹදිව. දඹ=රන්, දිව=ද්වීපය, රන්දීප, රත්නද්වීප. රත්නද්වීප =ශ්‍රි ලංකා. බුදු දහම ඉන්දියවේ නැත. ඇයි? ටිකක් හිතන්න. .............(ස)
බුදුන් ගේ දේශය නේපාලයි එය ඉන්දියාවට අයිති නැති වෙනම රටක් (ස)
ඇයි ඉන්දියාවේ බුදු දහම නැත්ද ?
ඉන්දියාව තමයි බුදුන්ගේ දේශය ලංකාව නොවෙයි.
බුදුන්ට පිදුවායයි කියා කිසිම සෙල්ලිපියක් තියා ගල් ලෙනක්වත් හමුවී නැති ඉන්දියාව කෙසේනම් බුදුන්ගේ දේශය වේවිද? බුදු පිළිමයක් හමුවූ පමණින් එහි බුදුන් වැඩ සිටියායි කියා කෙසෙනම් කිව හැකිද? එසේ නම් චීනයටද බුදු වැඩියා විය යුතුයි.
බුදුහාමුදුරුවෝ කොහෙද අන්දරේ ඉන්දියාවේ හිටියේ ... බුදුහාමුදුරුවෝ හිටියේ දඹදිව නේ
ඇයි ඉන්දියාව නැත්නම් අමෙරිකවෙයැ.... අනෙක "බුදුන්' කියා ඇමතීම අපිට සුදුසු නෑ නේද "තථාගතයන් වහන්සේ", "සම්බුදුරජාණන් වහන්සේ", සුගතයන් වහන්සේ, බුදු සමිදු වැනි මහා ශ්‍රද්දසම්පන්න ඇමතුමක් තථාගතයන් වහන්සේ සරණ ගිය අපිට වඩා සුදුසුයි. බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණි සක්කර දේවේන්ද්‍රයා ඇතුළු දෙව් බඹුනුත් කටපුරා "තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්ස' කියා වඩා නමස්කාර කොට තම ධර්ම කාරණා විසදා ගත් හැටි සුත්‍ර දේශනා වල ඕනෑතරම් තිබෙනවා. එහෙව් එකේ නර ලොව අපි "බුදුන්' කියා ඔහේ කියල දැමීම තරම් නොවේ. එදිනෙදා කතාබහෙදිත් "බුදුරජාණන් වහන්ස හෝ "භාගවතුන් වහන්ස කියා ඇමතීමට තෙරුවන් සරණ ගිය සෝතාපන්න මාර්ග ගාමී වූ සිංහලයන් වන අපි පුරුදු විය යුතුයි. එසේ ඇමතීමේදී හිතේ උපදින පහන් හැගීම පිනක් බවත් එය අසන්නා ඉන් හිතේ ඇතිකරගන්නා පැහැදීම හේතුවෙන් අසන්නටද පිනක් ඉපෙදෙන බව අපි සිහි තබා ගත යුතුයි.
බුදුන් වැඩි මග නෙමේ වැදගත් වෙන්නේ. බුදුන් දෙසු මග ගැනීමයි..
බුදු දහම ශ්‍රේෂ්ඨයි.
ඉන්දියාව බුදුන්ගේ දේශයයී ! පැහැදිලියී.
බුදුන්ගේ දේශය ඉන්දියාව බව සක්සුදක් සේ පැහැදිලියී.............
බුදුන් වහන්සේගේ උප්පැන්නෙ හොයන් නැතුව උන් වහන්සේ දීපු දර්ශනේ හරියට ඒ මාර්ගෙ හරියට යන්න බලන්න.