IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බෙදන්න ගෙනා හාල් කිලෝ තිස්දහසක් ආපසු හරවා යවයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

අඩු ආදායම් ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිළධාරීන් කටයුතු කර තිබේ.

අඩු ආදායම්ලාභි පිරිස්හට  ලබා දෙන සහල් කිලෝ 10 සලාකය කරුවලගස්වැව අඩු ආදායම් පවුල් 7881 කට ආසන්න පිරිසකට බෙදා දීමට රැගෙන විත් තිබුණි.

තිස්සමහාරමයෙ සිට සහල් මෝලකින් රැගෙන විත් තිබු කියන මෙම සහල් තොගය රුපියල් ලක්ෂ හැටකට වැඩි වටිනාකමකින් යුක්ත බවත්, සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම හේතුවෙන් ආපසු හරවා යැවු බවත් කියයි.

සහල් තොගයෙ කිලෝ 10 බැගින් ඇසුරා තිබු ඇසුරුම් වලට අමතරව තවත් උරයක මෙම සහල් අසුරා තිබු බව කියයි.

අදාල සහල් තොගය සම්බන්ධයෙන් ඇතිවු සැකය මත කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිළධාරීන් විසින් මෙම සහල් තොගය භාර ගැනිම ප්‍රතිප්ශේප කර තිබු අතර ඒ පිළිබදව කරුවලගස්වැව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලට දැනුවත් කිරීමේන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ද පරික්ෂා කිරීමේන් පසුව අදාල සහල් තොගය පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබේන මට්ටමක පවතින බවට ලබා දුන් සහතිකයද යොදා ගනිමින් අදාල සහල් තොගය ආපසු හරවා යැවිමට කටයුතු කර තිබුනී.

 



අදහස් (6)

බෙදන්න ගෙනා හාල් කිලෝ තිස්දහසක් ආපසු හරවා යවයි

Achini Sunday, 23 June 2024 02:59 PM

ඕක ලැබුණු වෙලාවේ දුප්පත් මිනිස්සුන්ට බෙදලා තිබ්බා නම් අපරාදේ... ඕක ඡන්දෙ කාලෙට බෙදන්න තියාගෙන හිටපු හින්දා නේ බොල්වෙලා තියෙන්නේ.

:       4       28

Ruwan De Silva Sunday, 23 June 2024 03:23 PM

සුනාමි කාලේ පිට රටවලින් දුන්නු හාල් වලට වෙච්චි වැඩේ වගේ ඒ කාලෙත් හොඳම හාල් ආවා. ඒවා දේශපාලන බයියන් විකුණලා පරණ හාල් ඒ වෙනුවට බෙදුවා. දැනුත් වෙන්නේ ඒකම තමයි...

:       1       31

Prabha Sunday, 23 June 2024 04:19 PM

ආපසු හරවා යවන්නේ නැතිව සතුන්ට දෙන්න හෝ විනාශ කරන්නයි තිබුණේ. අසුරනය වෙනස් කරලා ඕවා ආපසු කවන්නේ මිනිස්සුන්ටම තමයි.

:       1       10

දස්තා Sunday, 23 June 2024 05:59 PM

ආපසු හරවා යැව්වා? පිස්සුද මන්දා, රාජසන්තක කරලා විනාශ කරන්නේ නැතිව...

:       0       4

Shashika519 Sunday, 23 June 2024 07:12 PM

අමරවීර මහත්තයගේ යකා අවුස්සන්න එපා.. ඔබලාට නිකන් දෙන හාල් එපා නම් ඒ ටිකත් හම්බන්තොටටම බෙදන්නම්...!

:       1       5

Lalla Sunday, 23 June 2024 09:19 PM

වී වවන පැතිවලට හාල් බෙදන්න වූයේ ඇයි. නිකමුන්ට කිසිම දේක වටිනාකම නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 63 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 349 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2351 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 249 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 1017 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1053 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37585 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24772 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 702 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 256 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site