(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට්ටමද ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් සුමනතිස්සගම කයිලගොඩ ,බදුලුපිටිය හංවැල්ල දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යටවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
එක්වරම අද (8) පස්වරු 3.00 ට පමණ පතිත වූ මෙම ධාරානිපාත වර්ෂාවත් සමඟ හාලිඇල කැටවල මාර්ගය විශාල ගසක් කඩා වැටී අවහිර වී ඇති අතර, බදුල්ල ස්ප්‍රීංවැලි මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයේ නාය යාමක් නිසාවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.
බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ ඇටම්පිටිය 100 කිලෝමීටර් කනුව අසල නාය යාම සක්‍රීය වෙමින් මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටීම නිසාවෙන් වැලිමඩ බදුල්ල මාර්ගයේ එම ස්ථානයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බවද හෙතෙම කීය.
වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ කෝට්ටගොඩ පාලම අසල නාය යාම නිසාවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට ඇති බවත්, බදුලු ඔයේ ජල මට්ටම ඉතා සීග්‍රයෙන් ඉහළ යාම නිසාවෙන් උඩුවර 5 කණුව පාලම ජලයෙන් යට වී ගමනා ගමනයට බාධා සිදුව ඇතැයි උදයකුමාර මහතා පැවසීය .
මේ අතර බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් බදුල්ල සුමනතිස්සගම, හංවැල්ල කයිලගොඩ බදුලුපිටිය දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති හෙයින් එම බදුලු ඔය ආසන්නයේ නිවාස හිමියන් කල්වේලා ඇතිව නිවාස වල බඩුබාහිරාදිය ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගියහ.
වර්ෂාව තව දුරටත් පවතින හෙයින් බදුලු ඔය දෙපස පදිංචිව සිටින ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා දැනුම් දී සිටී.
පස්සර ලුණුගල මාර්ගයේ අමුනුවත්ත සිට පීස්සගම හංදිය දක්වා මාර්ගයේ ස්ථාන විස්සක පමණ සුලු නාය යාම් සිදු වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි. එම මාර්ගයේ රථ වාහන ධාවනය ඉතා පරිස්සමෙන් ආරක්ෂිත ව පදවන ලෙසට රියදුරන් ට උපදෙස් දෙයි .
වර්ෂාවත් සමඟ හාලිඇල නගරයේ තැපැල් හල පාර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනා ගමනය ට බාධා සිදුව තිබූ අතර , නගරයේ වෙළෙඳ සැල් රැසක් ජලයෙන් යටවී දේපළ රැසකට අලාභහානි විය.
මේ වනවිටත් වර්ෂාව බදුල්ල ප්‍රදේශ යට පතිත වෙමින් පවතින අතර මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් පතිත වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්