බූන්දල ජාතික වනෝද්‍යානයෙන් එළියට ආ වල් අලියෙක් තංගල්ලේ නොටොල්පිටිය දක්වා පැමිණ ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා පවසයි. ඔහු පවසන පරිදි මේ අලියා දැනට කිලෝ මීටර 40ට වැඩි දුරක් ගම්මාන හා කලපු පරිසරය මැදින් පැමිණ ඇත.
ජනාකීර්ණ ප්‍රදේශයක් හරහා තංගල්ල දෙසට ගමන් කරමින් සිටින අලියා යළි වනෝද්‍යානයට පළවා හැරීම දුෂ්කර බැවින් නිර්වින්දයන කැර ඇල්ලීමට කටයුතු කරන බව වෛද්‍ය ධර්මකීර්ති පවසයි. වගුරු සහිත පරිසරයේ දී අලියා නිර්වින්දනය කිරීමට අපහසු බව ඔහු කියයි.
බුන්දල සිට උස්සන්ගොඩ, කලමැටිය, රැකව හරහා නොටොල්පිටිය දක්වා අලියා පැමිණ ඇති බව වනජීවී නිලධාරීහු කියති. මේ මාර්ගය අදින් වසර ගණනාවකට පෙර අලි ඔබ මොබ ගිය මඟක් බවට ලිඛිත සාක්ෂි පවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු දුෂ්ඨ විදිහට මේ අහිංසක සත්තුන්ගේ භුමිය වනසනවා. ඒ නිසයි මේ සත්තුන් නිසා මිනිස්සු මළත් දුකක් නැත්තේ. මොකද මිනිස්සු හැමදේම විනාශ කරනකොට දැනගන්න ඕන ඒවා තමන් පස්සෙත් පන්නන බව.(නදී)
රජින්දගේ කතාව සහතික ඇත්ත. (ස)
රජින්දගේ කතාව හරියටම හරි. ගම බිම් සහ වන රක්ෂිත වෙන් කර උසස් ප්‍රමිතියකින් යුතු සවිමත් විදුලි වැටක් සවිකර එය නිසිපරිදි නඩත්තුකිරීම තමා හොඳම පිළියම. ඒ හරහා මුදල් ගසා කෑම නොවේ. (නදී)
මේක මහා හතර බීරි කතාවක් කැළේ කපන අය පරිසරය විනාස කරන අයටමද වල අලි පහර දෙන්නේ. ඒවා කරන උදවිය පැත්තක අලින්ගෙන් ගුටි කන්නේ ගම්වල අහිංසක මිනිස්සු (නදී)
ගංගා ඇල දොලට වගේම අලින්ටත් තමන්ගේ පරණ නිජබිම් වගේම ගමන් මාරගයත් හොඳට මතකයි , අපිටනේ සතියෙන් දෙකෙන් හැමදේම අමතක වෙන්නේ (නදී)
අලියට වෙන යන්න පළාතක් තිබුණෙම නැද්ද තංගල්ලටම ගියේ? අහිංසක අලියා පවු! (නි)
රජින්ද , ඔය හරියටම හරි .උසස් අදහසක් දැක්වීම ගැන ඔයාට ස්තුතියි. (ස)