IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බන්ධනාගාර කොමසාරිස්වරයෙක් ප්‍රසිද්ධ සැකකරුවකුගේ සාදයට ගිහිල්ලා

(යොහාන් භාසුර)
ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කළේ යැයි චෝදනාවට බන්ධනාගතව සිට ඇප මත මුදාහැර සිටින ආගමික නායකයෙක් යැයි කියන පුද්ගලයකු කොළඹ පැවැත්වූ සාදයකට සහභාගි වූ බන්ධනාගාර කොමසාරිස්වරයෙක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා අද (9) පෙරවරුවේ කරුණු විමසා තිබේ.
මෑතකදී බන්ධනාගාර කොමසාරිස් තනතුරට පත්වූ අදාල නිලධාරියා සම්බන්ධයෙන් විජේදාස රාජපක්‍ෂ මහතා බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට පැමිණිලි කර තිබේ.
අදාල බන්ධනාගාර කොමසාරිස්වරා එම සාදයට සහභාගි වී සිටි ආකාරය ජනමාධ්‍යවල ප්‍රචාරය වීමෛන් ඒ පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් වී ඇති අතර අමාත්‍යවරයා එම නිලධාරියා ක්‍රියාකළාපය සම්බන්ධයෙන් බන්ධනාගර කොමසාරිස් ජනරාල්වරයාට දැඩි කණගාටුව පළකර ඇති බව ද දැනගන්නට තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධ) ගාමිණී බී. දිසානායක මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අධිකරණ අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එම සාදයට සහභාගි වූ කොමසාරිස්වරියාගෙන් කරුණු විමසා අවවාද කළ බවයි.  



අදහස් (6)

බන්ධනාගාර කොමසාරිස්වරයෙක් ප්‍රසිද්ධ සැකකරුවකුගේ සාදයට ගිහිල්ලා

Bamunuarachchi Wednesday, 10 January 2024 03:20 AM

මොහු කුමන ආගමට අයත් කෙනෙක්ද? ආගමික දේශනා කාරයා රිමාන්ඩ් බාරයේ සිටි කාලේ මෙයා ගන් ලැබුන සැලකීම් උපකාර වලට වලට සැලකිල්ලක්‌ හැටියටයි මෙයාට සාදයට ආරාධනා කර තිබෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්.

:       1       7

අබරං Wednesday, 10 January 2024 06:53 AM

අවවාද කිරීම දඩුවමක් නොවෙයි කියලා ආයතන සංග්‍රහයේ තියෙනවා මේ සිද්ධිය ඇත්ත නම් ඒ පුද්ගලයා කර තියෙන්නෙ බරපතළ වරදක් වෙනවා එනිසා තොරතුරු විමසීම කණගාටුයි කීම ප්‍රමාණවත් නැහැ වහාම විධිමත් පරීක්ෂණයක් කර සේවයෙන් පහකිරීමට කටයුතු කල යුතුය

:       0       10

නිමල් Wednesday, 10 January 2024 07:10 AM

මෙම විෂමාචාරයට දඬුවම අවවාද කිරීමද? විෂය භාර ඇමති කනස්සල්ල පල කිරීම ප්‍රමාණවත් ද? මෙයට පෙර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සාදයකට සහභාගි වූ නිලයෙහි නියුතු පොලිස්පතිවරයකුට තනතුර අහිමි කළ බැව් නොදන්නවාද?

:       0       7

Lalla Wednesday, 10 January 2024 07:18 AM

සැකකරු ඥාතියෙක්ද නැතිව සැකකරු ගැන තොරතුරු හොයන්න ගිහිල්ලද?. ඒත් නැතිව. කියන විදියට ආගමික උන්මාදය සම්බන්ධ සැකකරුවෙක්නේ. අදාල කොමසාරිස්වරයා ඔහුගේ අනුගාමිකයෙක් නොවිය හැකිද?

:       1       3

රංබොඩ Wednesday, 10 January 2024 11:05 AM

ආගම් වලට සහ බෞද්ධ දර්ශනයට අපහාස කළ එම පුද්ගයාගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි එකදහස් ගණනක් තිබුණු වග වාර්තා විය. ඉන් පැහැදිලි වන්නේ ඔහු පැහැදිලි වම N.G.O. වලින් මුදල් ගෙන මේ විෂමාචාරය කරන වගයි. බන්ධනාගාර නිලධාරිියාටද මුදල් කුට්ටියක් නොලැබුණා යැයි කාට නම් කිව හැකිද ? එවැනි වරදකට අවවාද කිරීම අධෝ මුඛයට හිනා ගෙනෙන කරුනක්.වුවද ඉතා භයානක සිදුවීමකි.

:       0       7

Bamunuarachchi Thursday, 11 January 2024 05:28 AM

මේක වාචික අවවාදයක්ද? අවවාද කරපු ලිපියක් මේ ගොයියාගේ පෞද්ගලික ලිපි ගොනුවට ගියාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 557 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1252 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 466 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 213 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 666 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1381 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39098 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25573 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1081 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site