හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන කියයි.
ඉල්ලා අස්වීම අද රාත්‍රී ජනපතිට බාර දෙන බවත්, අස්වීමට හේතුව හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලය ඉදි කිරීමට තැබූ මුල්ගල රජයට සම්බන්ධ පිරිසක් ඉවත් කිරීමට යෑම බවත් ඔහු පවසයි.
මුල්ගල ඉවත් කිරීමට යන බව කියමින් පිරිසක් අද උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එම ස්ථානයට ආ ගුණවර්ධන මහතා තමා ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශ කළේය.
මුල්ගල මේ වන තෙක් ඉවත් කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජර්මනියේ ඉන්න නිසා දේවේන්ද්‍ර දන්නේ නැතුව ඇති ඡන්දෙ දුන්නේ මුක්කු ගහන්න නෙමේ කියලා. (ර)
ඉවත් වුණ එක හොදයි.(හේ)
ඒක හොදයි.(හේ)
මට නම් මේ පුද්ගලයා පෙන්නේ ලොකු ලොකුවචන දාල නැති දේ ඇති කරන කෙනෙක්. (හේ)
කෙනෙක් කියලා තිබුනා නේද වැඩ බැරි නිසා කොහොමත් අයින් කරන්නමයිලු හිටියේ කියලා. ඒ කතාවට නම් අපිටත් දුකයි මහත්තයෝ. (නි)
මෙයත් දැන් ඉතාලියට යයිද දන්නෙ නැහැ, අරයත් එක්ක (නි)
හරි, දැන් ඉතින් රුපියල් 2500න් ජීවත්වෙමුකෝ. ඊළඟ ඡන්දෙන් පස්සේ කාලය ගෙවන්නත් පුරුදුවෙන්න එපායැ (නි)
මහින්ද අමාරුවේ දැම්මේ මෙයාලා තමා. අපෝ! වඳින්නම් යන දේවාලයකට යන්න. තවත් පොල්ගෙඩියක් ගහගන්න ආරක්ෂාවට. අර පරණ ගහපු ඒවායේ දොස් මඟහැරේවි. කොහොමද උඩ පැනගෙන ගහපු පොල්වල රඟේ? (නි)
හේවා මහතාණෙනි, කෙනෙකුගේ දැනීම, වීරත්වය, දක්ෂකම,දේශප්‍රේමී බව වගේ බොහෝ ක්‍රියාකාරකම් කා සඳහාද යන්න පළමුව අප තේරුම් ගත යුතුව ඇත.(රේ)
නියමයි නේ! දේශ පාලකයෙකු වශයෙන් ඔබ ගත්තු එකම යහපත් තීරණය මෙය විය හැකියි!(රේ)
මෙන්න පිරිසිදු දෙශපාලකයෝ (රේ)
විරාජ් මහතාණනි ඔබට වඩා දහස් ගුණයක දැනීමක් ඒ ගුරුවරයාට තිබෙනවා (රේ)
මේ නවරත්න යන තරමට ඔහේ කැමති වුනාට ජනතාව කැමති වන්නේ නැහැ (රේ)
මේ වගේ දේශපාලකයෝ දේශපාලනයෙන් සමු ගන්නේනම් එය රටට සිදුවෙන සේවයකි. බොරුවෙන්, වංචාවෙන්, තක්කඩිකමින් ජීවිකාව ගෙනයන දේශපාලකයන් ගැන අපට ඇත්තේ කණගාටුවකි. තමන්ගේ පැවැත්ම සඳහා දේශපාලන පොර බැඳීම මිස රටක් ගැන ජනතාවක් ගැන සිතන දේශපාලකයන් සිටින්නේද යන්න ජනතාව හඳුනා ගත යුතුව ඇත.(රේ)
කෙලින් තීරණ ගන්න ඒකට මිනිස්සු කැමතියි. (ර)
ආසන සංවිධායක කියන්නේ ලොකු තනතුරක්ද? දන්නැති හින්ද අහන්නේ. (ර)
යන තරමට ජනතාව නම් කැමතිවෙයි (නි)
එහෙම තමන්ට ඕනෑ ඕනෑ විදියට එක එක පැත්තට පනින්න නොවේ ජනතාව ඡන්දෙ දුන්නේ. "පනින රිළවුන්ට ඉනිමං මොකටද"? (නි)
මට නම් හරිම සතුටුයි (නි)
අනේ ලොකු දෙයක්. (නි)
අද විපක්ෂය වෙනුවෙන් කතාකරන ඔබතුමා ශ්‍රි ලංකාවේ සිටින අනහි දේශපාලකයෙක්. මම කැමතිම බුද්ධිමත් වැදගත් දේශපාලකයෙක් (නි)
රු 2500න් පවුලකට ජීවත්වෙන්න උගන්වපු ආර්ථික ගුරුවරයා. ඔබතුමාගේ දැනුම බෙදන්න මේ රට මදි (නි)
කිය කියා ඉන්න එපා, යන්න. (නි)
යන එක ලොකු දෙයක්. පොඩි අපිට ජයවේවා! (නි)
යන්න අනේ යන්න. ඔයාලා වගේ අයගෙන් අපිට වැඩක් නැහැ (නි)
කිය කියා ඉන්න එපා, යන්න. මේ රටට වැඩක් කළහැකි අයයි දැන් අවශ්‍ය (නි)
අනේ ලොකු දෙයක්. කියලාවත් කරගන්න බැරි දෙයක්. දැන් ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වුණා. අායෙත් එනවා නම් බොරු (නි)
නියමයි මහත්තයෝ නියමයි, එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
බලයට ඔබ කෑදර නැති බව ක්‍රියාවෙන්ම ඔප්පුකළා (නි)
ඉවත්වෙන එක නෙමෙයිනේ කරන්න තිබුණේ, අභියෝගයට අභීතව මුහුණදෙන එකනේ (නි)
ඉක්මන් තීරණ ගන්නේ කල්පනාවෙන්! (නි)
හුරේ! නියමයිනේ! (නි)