මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිගෙන් වාර්තාවක් කැඳවීමට කෝප් කමිටුව තීරණය කළ බව ආරංචි මාර්ග කියයි.
පසුගිය වසරේ පෙබරවාරියේ සිදුවිණැයි කියන බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් සිදු වූ බව විපක්ෂය චෝදනා කළේය.
රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
මේ සම්බන්ධයෙන් මීට පෙර ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝප් කමිටුව ද පරීක්ෂණයක් සිදු කළ අතර නව පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව යළි පරීක්ෂණයක් ආරම්භ කළේය.
සති දෙකක් ඇතුළත බැදුම්කර සිද්ධිය ගැන තිරණයක් ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වංචාවක් සිදුවී ඇත්නම් එතන මුලින් හදමු ඔවුන්ට දැඩි දඬුවම් දීලා. ඉන්පසු මහා හොරු ටික ගැන බලා ගමු. (ර)
මේ මොන විහිළුවක්ද නැවතත්? තව සති දෙකකින් කියාවිද දන්නෙ නැහැ කිසි හොරයක් වෙලා නැහැ කියලා (නි)
නිසි පරීක්ෂණයක ප්‍රතිඵල පිළිගන්න. පාට දේශපාලන කණ්ණාඩිය ගළවා පසකින් තබමු. (නි)
කලින් කමිටුව ඔක්කොම හොර හොයා ගත්ත. අන්තිමේ ආණ්ඩුවත් විසුරුවන්න වුනේ එ්කයි. එක ජනාධිපතිත් ප්‍රසිද්දියේ කිව්වා. දැන් මේ හදන්නේ සුදු හුණු ගාන්න. බලමුකෝ ජේ වී පී අවංකකම. (බ)
ජ.වී.පෙ. අවංකකම ගැන සැක තබා ගන්න එපා. (ම)
අපි හිතනවා ජේවීපී එකේ සහ යූඇන්පී යම් ප්‍රමාණයක් අවංක සහ පිරිසිදු චරිත කියා හොරුන්ට සහ ඔවුන්ගේ නඩයට කිසිවිටක බුරුලක් නොදෙන්න, මේ විනාශ වෙන්නේ ඔබගේත් මගෙත් රට මිස හොර දේසපලුවන්ගේ බිම නොවේ (බ)
බැංකු හොරු සේරටමයි බටලන්දේ මිනිමරුවටයි ඊළග ආණ්ඩුවක් යටතේ මරණ දඩුවම දිය යුතුයි (බ)
අනේ මේ වගේ සුළු දේවල් මොකට හොයනවද? මීට වැඩිය තව කොයිතරම් නම් වැලි ගොඩදාන්න තියෙනවද? වළවල් හාරන්න තියෙනවද? (නි)
විස්වාසයක් තියෙනවා ජ වී පෙ හොර සහතික දෙන්නේ නැහැ කියල , බලමු මේකේ සභාපතිත් එයාලගේ කෙනෙක් නිසා වැඩේ හරියටම සාධාරණේටම කරාවි (බ)
ජවිපෙ අවංකව වැඩ කරාවි. (නි)
වැඩේ නම් අවංකව කරයි කියලා හිතන්න තිබුනා ඉස්සර ජේ වී පී එක නම්. ඒත් දැන් මේක ගැන විශ්වාස කරන්න බැහැ. (නි)
ඒ පාර තවත් මාධ්‍ය සංදර්ශනයක්ද? (නි)