ශ්රී ලංකා මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා පවතින නීති ප‍්‍රමාණවත් නොවේ නම් නව නීති ගෙන ඒමට වුවත් රජය සූදානම් යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.
මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක කමිටුවේ (කෝප් කමිටුව) වාර්තාව අල්ලස් කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදීමේ හැකියාව කෝප් කමිටුවේ සභාපති සුනිල් හ`දුන්නෙත්ති මහතාට ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහු ඒ සම්බන්ධව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග වෙනුවෙන් සහයදීමටද රජය සූදානම් බව සඳහන් කළේය.
පසුගිය කාලයේ රාජ්‍ය ආයතන 19ක සිදුවී ඇති වංචා දූෂණ රැසක් පසුගියදා නිකුත් වූ කෝප් වාර්තාවකින් හෙළි කර ඇතැයි කී වික‍්‍රමරත්න මහතා එම ආයතන සම්බන්ධයෙන් ද ඉදිරි ක‍්‍රියාමාර්ග ගත යුතු බව පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආදී ආයතනවල සිදුවූ මහා පරිමාණ වංචා රැසක් පවතින බව ද කී ඔහු එම වංචා පිළිබඳ සැලකීමේදී මහ බැංකුවේ සිදුවූ බැ`දුම්කර වංචාව ඉතිහාසයේ විශාලතම වංචාව ලෙස හැඳින්විය නොහැකි බව ද කීවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේන කිවුව කතාව හරියට හරි. (නි)
හොඳට ඉන්න මිනිස්සු දේශපාලනය නිසා මිනිසුන්ගේ හිනාවට ලක්වෙන එකටත් තමන්ගේ ප්‍රතිපත්ති පසෙකලා තම මඩිය තර කරගැනීමට නායකයන්ට කඩේ යන අයටත් හොඳ ආදර්ශයක්. (නි)
මම නම් හිතන්නේ මෙතුමා හිතන විදිය හරි (නි)
අපේ රටේ තිබෙන පුදුම වැඩේ බලවන්තයන් වැරදි කළාම නීතිය ඔවුන්ට ක්‍රියාත්මක නොවී ඒ වෙනුවට එම දූෂකයන්ට ජනතාව ඉදිරියට විත් මාධ්‍ය සංදර්ශන තියලා කුමක් හෝ බේගලයක් ඇද බාලා මොවුන් ඇඟ බේරගන්න හැකි තරමට නීතිය කණපිට පෙරළීමයි. රටේ සිදුවුණ හා සිද්ධවෙන සියලුම මහාපරිමාණ වංචා දූෂණ වලට දායක වී තිබෙන්නේ දේශපාලකයන් හා ඔවුන්ගේම අනුගාමිකයන් නොවේද? (නි)
නව නීති ගේන්න කලින් අගමැතිව, මුදල් ඇමතිව නීතිය ඉදිරියට ගෙනාවොත් නරකද? (නි)
ඡන්දෙ දීපු අයටම ගැළපෙන ඇමතිවරු. විදේශිකයන්ට මේ වගේ තනතුරු දෙනවද? (නි)
නීති ගෙනල්ලා මොනවටද? කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? හොරු බව නොදැන නෙමෙයිද ලංකාවේ පුරවැසිභාවයවත් නැතිකෙනෙක් පත්කළේ? එදා මේ පත්වීමට බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විරෝධතා මතුකළාම මොනවද නොකිවුවේ? එතකොට ඔබතුමා කොහෙද හිටියේ? (නි)
"ශ්රී ලංකන් ගුවන් සමාගම ආදී ආයතනවල සිදුවූ මහා පරිමාණ වංචා රැසක් පවතින බව...... එම වංචා පිළිබඳ සැලකීමේදී මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව ඉතිහාසයේ විශාලතම වංචාව ලෙස හැඳින්විය නොහැකි" බවද කිවුවලු. හිටපු ආර්ථික ඇමතිත් මීට සමාන දෙයක් කියා හිත හදාගත්තා (නි)
දැන් අපිට තේරෙනවා මෙයාලා බලයට එන්න දැඟලුවේ ඇයි කියලා (නි)
මෙවැනි දෙයක් වෙනත් රටක සිදුවුණා නම්, මෙලහකටත් රජයේ නිලධාරීන් සහ ආණ්ඩුව, අගමැති ඉල්ලා අස්වී ඇත. සියලු පරීක්ෂණ අවසන් වනතුරු මොවුන්ගේ වැඩ තහනම් කළයුතු වේ. අවාසනාවකට අපේ රටේ මෙවැනි දෙයක් සිදුනොවේ. සිදුවන්නේ සාමාන්‍ය රජයේ සේවකයන්ගේ වැඩ තහනම් කිරීම පමණි. යහපාලනය නම් අගමැති ආණ්ඩුව සමඟ ඉල්ලා අස්වී පරීක්ෂණ සඳහා ඉඩදිය යුතුවීමයි. ඒකාබද්ධ විපක්‍ෂය ශක්තිමත් නම් ඒ සඳහා කරුණු කාරණා එකතුකර ඊට කටයුතු කළයුතු වේ. එය කළ නොහැකි නම් ඔවුන්ගෙන්ද පලක් නැත. මාධ්‍ය සංදර්ශන පමණක් අපට උවමනා නැත. (නි)
එතකොට හොරාකාපු මුදල් අාපහු ලැබෙනවද. මහ හොරා සහ හොරාකෑමට අනුබල උපදෙස් දුන්න හැමෝම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඔවුන් සතු දේපල රාජසන්තකකර විකුණා දමා මෙම පාඩුව පියවිය යුතුයි. නැත්නම් වෙන්නේ අහිංසක සෑම පුරවැසියෙකුම ණයකාරයෙක් වීමයි. නීති අවශ්‍ය නැවතත් මෙවැනි සොරකම් නැවත්වීමට මිස පාඩුව පියවා ගැනීමට නොවෙයි. හොරු ආරක්ෂා කරන්න ලැහැස්ති වෙන්න එපා. (නි)
අංගොඩ ලාල්, මේගොල්ලන්ට පුලුවන්ද ඒගොල්ලන්ගේ ලොක්කට විරුද්ධව යන්න? පෙනෙන්නේ නැද්ද බිලියන ගණන් මුදල් සොරාගත් අය බේරන්න යන සැටි? (නි)
නුවන්, හොරකමට අනුබලදීමත් හොරා කියා දැනගෙන හොරා ආරක්ෂා කිරීමත් හොරකම හා සමාන දඬුවම් ලැබියහැකි වරදක් බව දන්නවද? මේ හොරු පත්කළේ කවුද? ඇත්ත දැනගෙනත් හොරු ආරක්ෂා කරන්න දඟලන දැඟලිල්ල බලන්නකෝ. (නි)
ඔබතුමා බැංකු ක්‍ෂෙත්‍රය ගැන විශිෂ්ට දැනීමක් ඇති කෙනෙක් . මාධ්‍ය හමුවල කරන ප්‍රකාශවලින් ඔබ්බට ගිහින් මේ ගැන සක්‍රීයව දායකවෙලා ආණ්ඩුවට වැරදි පාරේ යන්න ඉඩනොදී නිවැරදිව මේ සම්බන්ධව ක්‍රියාකරන්න මගපෙන්වීම් කරන්න සහ උපදෙස් දෙන්න කියල ඔබතුමාගෙන් ඉල්ලනවා (බ)
60% ශ්රී ලාංකිකයිනි, ඔබට සනීපද දැන්? (නි)
අර මඟුල් ගෙදර ගිය කෙනාව නම් අල්ලන්න හම්බවෙන එකක් නැහැ. අපේ රටේ මෝඩ ජනතාව හැමදාම මනාපේ ගහන්නේ හොරකම්, මැරකම් වැඩියෙන්ම කරන දේශපාලකයන්ටනේ. එ්ක නිසා ඕකට සම්බන්ධ දේශපාලකයොත්, නිලධාරිනුත්, ව්‍යාපාරිකයොත් ගොඩ යාවි (නි)
නුවන්, ඔය පාට කණ්ණාඩි ගළවලා බලන්න. කව්ද අර සිංගප්පුරුවේ හිටිය අර්ජුනට මහා බැංකුව බාර දුන්නේ. ඊටපස්සේ අවසන් මොහොත වෙනකන් ඔහුව ගළවාගන්න බැලුවේ. අපේ මිනිස්සු බදු ගෙවන්න වුණත් ලැහැස්තියි තමන්ගේ පක්ෂයේ හොරු බේරෙනවා නම්. ඉතින් ලංකාව දියුණු වෙයිද? (නි)
නුවන්, මෝඩ කතා කියන්න එපා. තමන් පත්කරපු අයට නොකියා හොරකම් කරයිද? (නි)
සේන මෝඩ කථා කියන්න එපා රනිල් හොරකම් කළා කියලා සාක්කියක් නෑ අර්ජුනගේ වැඩට රනිල් පළිද (බ)
ඔහෙලගෙ මේ කතා අහනකොට 'දී කිරට බළල්ලුත් සාක්කි කියල තමයි අවසානෙට කියන්න තියෙන්නේ. (බ)
නීති ගේන්න ඕනේ නෑ.(හේ)
ඔබ තුමා විහිළු කරන්න එපා. මෙතන හොරු කව්ද කියලත් දන්නවා, හොරකම් කරපු ගාණත් දන්නවා. මුලින්ම කරන්න තියෙන්නේ මීට වග කිව යුතු රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස් වී වැරැද්ද පිළිගෙන අධිකරණයට බාර වීමයි. මෙයා තව දුරටත් මිස්ටර් ක්ලීන් නෙමෙයි, මිස්ටේර් තීෆ්. (බ)
පුදනකොටම කාපි යක කියල මෙච්චර ඉක්මනට ඇනගත්ත ආණ්ඩුවක ලංකා ඉතිහාසයේම නෑ (හේ)
නව නීති ගෙනැල්ල මහජනතාවගෙන් අයකර ගනීද දන්නේ නෑ. (බ)
නව නීති ගේන්න තවත් කාලයක් යයි.(හේ)
අනේ නිකං කයිවාරු සහ මාධ්‍ය සංදර්ශන නවත්වන්න. පාඩුව පියවා ගැනීමටද නීති ගේන්නේ? එතකොට දඬුවම් දෙන්න නීති ගෙන්නැද්ද? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුවට සම්බන්ධ අය තාම නිදැල්ලේ නේද? ඔබලාට නීතිය ක්‍රියාත්මක කරන්නනම්, පවතින නීතිය ඕන තරම් ඇති (බ)