IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බෝපාලයට ගිය ලාංකිකයා ආගිය අතක් නෑ

ඉන්දියාවේ බෝපාල්හි වන්දනා ගමනක් සඳහා යමින් සිටි ශ්‍රී ලාංකිකයකු ආන්ද්‍රා ප්‍රදේශ් හි දී අතුරුදන්වී ඇතැයි වාර්තාවේ.

ඩබ්ලිව්.ස්ටීවන් රත්නායක (78) මහතා එසේ අතුරුදන්වී ඇත.

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්ගේ පැමිණිල්ලක් අනුව එරට රජයේ දුම්රිය පොලිසිය ඔහු සොයා පරීක්ෂණ පවත්වයි.

ස්ටීවන් රත්නායකගේ පුතා වන නිශාන්ත රත්නායක මහතා කියනුයේ තම පියා උඩුගම්පොළ පදිංචිකරුවකු බවයි. ඔහු වන්දනාකරුවන් 125 දෙනකු සමග දින 15ක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා සංචාරයකට එක්ව සිටියේය. ඔවුන් කටුනායක ගුවන්තොටුපළේ සිට චෙන්නායි දක්වා පැමිණි බවත් රත්නායක පවසයි.

එම කණ්ඩායම පසුගිය ඔක්තෝබර් 15 වැනි දා තමිල්නාඩු එක්ස්ප්‍රස් දුම්රියේ ආසන වෙන්කරගෙන තිබිණි. ඒ අනුව දුම්රියෙන් විජයවාඩ වලට පැමිණ ඇති අතර ඔවුන් පසුදින අලුයම 4.30ට පමණ දකුණු ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ වාරන්ගල් හි දුම්රිය නවත්වන විට ස්ටීවන් රත්නායක අතුරුදන්ව ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි කියති.

වාරන්ගල් සිට තෙලංගානා ප්‍රාන්තයේ අගනුවර වන හයිද්‍රාබාද් නුවරට දුර කිලෝමීටර් 147කි.

විජයවාඩ පොලිසියේ ස්ථානාධිපති ටී.සිරිනිවාස් රෙඩ්ඩි ‘ද හින්දු‘ පුවත්පතට පවසනුයේ පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි දුම්රිය පොලිසියේ සටහන් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත්ය.

චෙන්නායි නුවර මධ්‍යම දුම්රියපොළේ සීසීටීවී කැමරා පරීක්ෂා කළ බවත් එහිදී ස්ටීවන් රත්නායක ඔක්තෝබර් 15 වැනි දා එම දුම්රියපොළට පැමිණ ඇති බවට තහවුරුවී ඇති බවත් රෙඩ්ඩි කියයි. නමුත් ඔහු දුම්රියට නැගුණු බවට කිසිදු සාක්කියක් නොමැති බව ද පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි. පසුදින අලුයම විජයවාඩ පැමිණි දුම්රිය අංක 10 වේදිකාවේ නතර කළ බවත් එහිදී ද ඔහු පැමිණි බවට සාක්කියක් නැති බවත් වාර්තාවේ. ස්ටීවන් රත්නායක හැර සෙසු වන්දනා නඩය දින දෙකකට පෙර යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ද රෙඩ්ඩි සඳහන් කර ඇත.

 



අදහස් (0)

බෝපාලයට ගිය ලාංකිකයා ආගිය අතක් නෑ

සුරංග Wednesday, 02 November 2016 05:54 AM

දුම්රිය ගමන් ඇතුළත් වන්දනා චාරිකා ඉතාම වෙහෙසකාරී හා අන්තරාදායකයි. තව දහ පහළොස් දාහක් වැඩිපුර ගියත් ප්ලේන් එකෙන්ම කෙළින්ම දිල්ලි හෝ බරණැස ගිහින් එතන ඉඳලා හයර් කරන බස් එකෙන් යන එක ඇඟට ගුණයි (නි)

:       0       0

රොමේෂ් Wednesday, 02 November 2016 06:09 AM

දැන් දැන් ගොඩක් වන්දනා ගමන් සංවිධානය කරන ආයතන බිහිවෙලා තියෙනවා. නමුත් කිසිම ප්‍රමිතියක් නැහැ. මේ ගමන් වලට බොහෝවිට සහභාගිවෙන්නේ වයසක අම්මලා තාත්තලා. ඔවුන් ගැන මීටවඩා සැළකිලිමත් වියයුතුයි. අතරමංවීමට සහ නැවත සොයාගැනීමට බොහෝවිට භාෂාව වැදහත් සාධකයක්. අපේ අය හින්දි දන්නේ නැහැ. ඒ අය සිංහල දන්නේ නැහැ. මේ පසුගිය මාස කීපය තුළ සිදුවුණ දෙවෙනි සිදුවීම. බලධාරීන් මීටවඩා සැළකිල්ලක් දක්වනවා නම් වටිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 795 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1649 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 308 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1417 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site