පසුගිය 07 වැනිදා බුද්ධගයා මහාබෝධි විහාරයේ බෝම්බ සවි කළ පුද්ගලයා පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්සිය අසමත් විය.
අත්අඩංගුවට ගත් හය දෙනකු ප්‍රශ්න කර මුදා හළ බව දැනගන්නට ඇත.
නිවැරදි ඔත්තුවට ඉන්දියන් රුපියල් දස ලක්ෂයක් දෙන බව ප්‍රකාශ කළ නමුත් වැදගත් තොරතුරක් ලැබී නැත.
මහාබෝධියේ ආරක්ෂක කැමරාවල සහායෙන් හා සාක්කිකරුවන් තිදෙනකුගේ තොරතුරු මත ඉන්දියා පොලිසිය පුද්ගලයකුගේ හැඩරුව සහිත චිත්‍රයක් නිකුත් කළේය.
මීට කළින්ද පින්තූර දෙකක් නිකුත් කළේය.
මහායාන හාමුදුරුනමක් සේ ඇඳ සිටින පුද්ගලයකුගේ චිත්‍ර සකසා ඇත්තේ ශ්‍රී ලාංකික සාක්කිකරුවකුගේ ද උදව්වෙනි.
බෝම්බ පිපිරවීමට මදකට කළින් ඔහු එහි සිටි බව සාක්කිකරුවන් කියා ඇත.
මේ අතර මේ සිද්ධිය වෙනුවෙන් බිහාර් ප්‍රාන්තයේ පැට්නා අගනුවර විශේෂ උසාවියක් ද පිහිටුවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරිදා පත්තරේ තිබ්බා දායක සභාවේ උදවිය අතරේ පහුගිය දවස් වල රණ්ඩු ඇති වුනාලු. ඒ උදවිය කළා කියලා පොලිසිය සැක කරනවාලු. දෙයියෝ දනී මං නොදනී.(නි)
සිවුරු ඇරලා බැලුවම තේරෙයි ඇත්තටමද, බොරුවටද කියලා.(නදී)
සඳුන්, මොහාන්, මුහුණ වහ ගෙන යන එකෙන් අපරාද වෙන්නේ නැහැ. ඔහෙලා ගැහැනුන්ගේ මුහුනවල් බලාගන්න තියෙන නිවට කැත අදහස් හින්දා තමයි ඔය කතා කියන්නේ (නි)
ෂෙහාන්, ඔයා හරි වෙන්ඩැති නමුත් මට නම් තාම ඇහුනේ නැහැ ඔයා මුජහිදින්ලා ඕක බාරගත්තා කියලා. කොහෙද ඔය නිව්ස් එක තිබුනේ? කියන්ඩකෝ අප්පා අපිටත් දැනගන්ඩ.(නදී)
අනේ සාදු.(නදී)
සිවුරු ත්‍රස්තවාදය ද?(නදී)
සජිත්, කාන්තාවකගේ මූණ බලන එක නිවට ගතියක්ද? අද දවසේ හොඳම විහිලුව ඔයාගෙන්. ඔයා කාන්තාවන්ගේ මූණ බලන්නේ නිවට කැත අදහසින් නිසා තමයි, මෙවැනි සිතුවිලි ඔබටත් පහළවන්නේ. එතකොට කාන්තාවක් පිරිමියෙක්ගේ මූණ බැලුවොත් ඒකට මොකද කියන්නේ ? ඔවුනුත් ඔබ කියන ආකාරයෙන් නිවට කැත අදහසින් බලවනම් පිරිමින්ටත් මූණ වහගෙන යන්න වෙනවනේ. යාළුවා මෝඩ තර්ක ගෙන්න එපා.(නදී)
සාදු සාදු සාදු සාදු සාදු.(නදී)
කිසිම සැකයක් නැහැ මුනෙන්ම පේනවා මොහු නේපාලයේ මාවෝවාදියෙක්.(නදී)
රානි, ඔබ හරි. මෝඩයන්ට තේරෙන්නේ නැහැ (නි)
රවිඳු,ආගම් වලට අපහාස කරන්න එපා(නි)
අනිවාර්යෙන් මොළකාරය ඉන්න ඕනෑ මියන්මාරයේ. දැන් දැන් ලංකාවෙත් සිවුරු ත්‍රස්තවාදීන් බිහිවෙනවා. (නි)
හිටපු අගමැති බණ්ඩාරනායක 1959 මැරුවෙත් සිවුරක් ඇදගෙන දැන් බුදගයාවට බෝම්බ තියලතියෙන්නෙත් සිවුර ඇදෙගෙන නම් දැන් මොකද කරන්නේ (අ)
අද සිවුරු ඇඳන් හොර වැඩ කරනවා මදිවට තව දාමරික වැඩත් කරන්න පටන්ගෙන. දෙහිවල මස් ගෙනියන වාහනයක් සිවුරු ඇන්ද දාමරිකයෝ තුන් දෙනෙක් ගිනි තියලා පැනලා ගිහින්. (නදී)
නිල් - රනා අදනම් ඔයා මොලේ ඇති කතාවක් කියල තියෙනවා.(නදී)
මගේ පෞද්ගලික අදහස නම් මේ වැඩේ කලේ මොන මුජහදීන් කෙනෙක් වත් නොවෙයි එල්.ටී.ටී. ඊ උදව් කරුවන් කියලයි.(නදී)
දැන් ලංකාවේ උනත් බහුතරයක් උත්සාහ කරන්නේ ස්වාමින් වහන්සේලාට අගෞරව කරන්නනේ. සිව්රට අගෞරව කරන්න.හාමුදුරු වෙසින් ඇවිත් තමයි සේරම වැඩ කරන්න හදන්නේ. අනික අද කව්රුත් දන්නා කාරණයක් ඉන්දියාවට කොන්ද පන නැහැ කියලා. (නි)
රානිගේ මෝඩ යෝජනාවට චින්තකගෙන් හොද උත්තරයක්. (නි)
ලංකාවේ ඉන්න අය ඔක්කොම බුද්ධිමතුන් , ඒක හින්දා තමයි අපි මෙච්චර දියුණූ (නි)
මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම තහනම් කරන්න කියලා යෝජනාවක් ගෙනල්ලලු.ඒ ඇදුම අපරාධ වලට බාවිතාකරන්න පුළුවන් කියලා.කතාව ඇත්ත.... නමුත් දැන් සිවුරත් අපරාධ වලට බාවිතා කරනවනේ.එතකොට සිවුර තහනම් කරන්න කියලා කවුරුත් යෝජනා කලොත් මොකෝ වෙන්නේ. (නි)
ඉන්දියාව චීනයත් එක්ක හැප්පෙනවා, නමුත් මේ බෝම්බකරුවන් අල්ලගන්න තවම බැරි වුනා. (නි)
රානි එහෙනම් ඔය පල්ලිවල ලෝගුවත් තහනම් කරමු නේද? මොකෝ අනාථ නිවාස දාගෙන ළමයි බලෙන් ක්‍රිස්තියානි කරන්නයි ළමයි දූෂණය කරන්නයි මිනීවලෙන් කප්පම් ගන්නයි ළමයි විකුණලා අහුවුනාම පරීක්ෂන නැවැත්තුවේ නැත්නම් එරෛහිව යනවා කියලා තර්ජනය කරන්නයි එන්නේ කවුද කියලා දන්නවා නේද? (නි)
සිවුරෙන් මුහුන වහගෙන යනවද? (නි)
මේ සිද්දිය ලොකු ප්‍රහේලිකාවක් වෙලා. කලින් මුස්ලිම් අන්තවාදී අය කරපු වැඩක් කියලා කිවුවා. දැන් පෙනෙන්නේ බෞද්ධ අන්තවාදියෙක්ගේ හැඩරුවක් වාගේ. මේක කාගෙහරි කොන්තරාත්තුවක් වෙන්න ඇති, ඕකෙන් ප්‍රශ්න ඇතිකරන්ඩ බෞද්ධ රටවල (නි)
ලංකාවේ කරන්නෙත් දැන් ඔය සෙල්ලම තමයි.ගිනිතියන්න, මංකොල්ල කන්නයි හැමදේටම සිවුර ඇදගෙන එන්නේ. ඇයි මේ බුදුන්ගේ දේට නිග්‍රහ කරන්නේ? (නි)
රානි, මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම තහනම් කරන්න කියලා යෝජනාවක් ගේන්නේ ඒකෙන් මූණත් වහගෙනම යන නිසා. ඇතුලේ ඉන්න ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියල හිතා ගන්නත් බැහැ. සිවුරෙන් මූණ වහගෙන යන්නේ නැහැනේ. මේ සරල දේ තේරෙන්නේ නැද්ද? (නි)
ඉන්දියාවේ ඉන්නේ බහුතරය මෝඩයන්... (නි)
සිව්රු දා ගෙන හොර තක්කඩි, මංකොල්ල වැඩත් කරනවානේ. ඒ ඇත්තටම සිව්රු දාගත්තු අය තමා. අපි නොදන්නා බහුබූත කිවුවලු (නි)
මෝරලා, බුද්ධගයාවට ලෙබ්බේ කෙනෙක් වගේ ඇවිත් බෝම්බ තියන්ඩ බැරි නිසා තමයි මුස්ලිම් අන්තවාදීන් ඔය විදිහට එන්න ඇත්තේ. මුජහිදීන් ත්‍රස්තයෝ වගකීම භාරගෙන තියෙනකොට තවත් මොනවද? (නි)
මෙයා ඔර්ජිනල්ද කියලා දැන් කොහොමද හොයන්නේ? (නි)
ලෝකයේම හමුදා සහ පොලීසි වල රාජකාරියේ නිරත වන්නන් හැර අන් අය සුවිශේෂීවූ නිල ඇඳුමකින් පෙනී සිටීම සෑම රටකම ආරක්ෂාවට තර්ජනයක්වී තිබෙන නිසා විසි එක්වන සියවසේදී මෙවැනි අන්තවාදී සුළුතරයකට හිතුමතේ කටයුතු කරන්නට ඉඩදී, ලොවපුරා ත්‍රස්තවාදය ඔඩුදුවන තෙක්, බුද්ධිමත් ජනතාව තවදුරටත් අන්ධයන් සේ බකන්නිලාගෙන නොසිටිය යුතුබව ස්ථිරයි. (නි)
අනේ ඇත්තද? (නි)
ෂෙහාන් මෝඩයෙක් විදියට ලියන්න එපා. අන්තවාදී වෙන්නත් එපා. (නි)
මම දන්න විදිහට මුස්ලිම් කාන්තා ඇදුමට වඩා මේ දවස් වල අපරාධකාරයෝ සිවුර පාවිච්චි කරනවා. මොකද සිවුරට කව්රුත් ගරු කරනවා. අපරාධකාරයෙක් සිවුර ඇන්දත් අපි දන්නේ නැතුව එයාලට ගරු කරනවා. පොලිස් ලොක්කොත් චීවරදාරීන් නිතිය අතට ගත් අවස්ථාවල උඩ බලාගෙන ඉන්නවා. මේකෙන් වෙන්නේ අලුත් පරම්පරාව ට හොද ස්වාමින් වහන්සේලා ගැනත් ගෞරවයක් නැති වීම නේද ? (නි)