IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බෝඹුවල වැඩේ පීසීගේ උප්පරවැට්ටියක්

දොඩංගොඩ බෝඹුවල රබර් වත්තේ කොස්තාපල්වරයකුට වෙඩි තබා ඔහුගේ රියට ගිනි තැබීමේ සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත්, සක්කරයා එවැනි වරදක් කළත් ඊට දඬුවම් දිය යුතු බවත් සමූපාකාර නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා කියයි.

ඔහු පැවසුවේ සතියකට පමණ පෙර තමා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පාර්ලිමේන්තු යද්දී මෙම කොස්තාපල් තම රියදුරාට දඩ කොළයක් දුන් බවයි.

මන්ත්‍රීවරයකු වාහනයේ සිටින බව කොස්තාපල්ට කී විට ඔහු රියදුරාට බැන වැදී ඇති බවත්, දඩය ගෙවූ තමා එම කොස්තාපල් ගැන දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පවසයි.

මෙම උප්පරවැට්ටියේ ඇත්ත නැත්ත වැඩි දිනක් යන්නට පෙර හෙළි වනු ඇතැයි ඔහු කියයි.

 

 

 



අදහස් (0)

බෝඹුවල වැඩේ පීසීගේ උප්පරවැට්ටියක්

මහේෂ් Sunday, 01 June 2014 06:02 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

නිලන්ග Sunday, 01 June 2014 06:03 PM

මම හිතුවා වගේම වුණා... (නි)

:       0       0

නුවන් Sunday, 01 June 2014 06:09 PM

අහෝ ආශ්චර්යයක තරම!!! (නි)

:       0       0

තිලක් Sunday, 01 June 2014 06:20 PM

මේ රටේ ඉන්න දේශපාලකයෝ හරිම හොඳයි, කිසිම වරදක් කරන්නේ නැහැ. මහජනතාව තමයි වැරදි (නි)

:       0       0

සමන් Monday, 02 June 2014 10:53 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියල කීවේ කට කහනවටද. මේ කොස්තාපල් උන්නෙහේ ඉතින් හැමදාම වලේ තමා. මීට පස්සේ වත් නීතිය අකුරට කරන්න යන්න එපා කොලුවෝ. වාසි අතට හැරෙන එක තමයි අද මේ රටේ පුරුද්ද , ඉතින් තනි මිනිහෙක් එ්කට විරුද්ධව කොහොම වැඩ කරන්නද. අපිට උඹ ගැන හරි කණගාටුවක් තියෙනවා. මොනවා කරන්නද බොලේ ඉතින්. (නදී)

:       0       0

ගුණපාල Sunday, 01 June 2014 06:32 PM

ඇමතිතුමා හරි වෙන්න පුලුවන් (නි)

:       0       0

සත්‍යයා Sunday, 01 June 2014 06:33 PM

ඔහොම යමු! (නි)

:       0       0

ටෙෂිකා Sunday, 01 June 2014 06:36 PM

ඔවු. දේශපාලඥයින් අතින් වැරදි වෙන්නේ බොහොම කලාතුරකින් (නි)

:       0       0

ඇසළ Sunday, 01 June 2014 06:39 PM

මේ දේශපාලඥයෝ අපිට කරන්නේ පුදුමාකාර සේවයක්නේ.... (නි)

:       0       0

ජේමිස් Sunday, 01 June 2014 06:40 PM

මම හිතුවා ඕක ඔහොම වෙයි කියලා. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 01 June 2014 06:53 PM

මොනවද පීසී මහත්තයො මේ කරගත්තේ? (නි)

:       0       0

සුසාර Sunday, 01 June 2014 06:58 PM

අනේ පීසීට අන්තිමේදී වාහනයත් නැහැ... (නි)

:       0       0

බණ්ඩාර Sunday, 01 June 2014 07:04 PM

මේ ප්‍රවෘත්තිය ගැන මමත් බලාපොරොත්තුවෙන් තමයි හිටියේ (නි)

:       0       0

චන්දන Sunday, 01 June 2014 07:13 PM

අපි දන්නේ නැද්ද මේ සිරි ලංකාවේ හැටි.... (නි)

:       0       0

ශෙහාන් Sunday, 01 June 2014 07:22 PM

මේකට අදහසක් දාන්න ආසයි. ඒත් මට බයයි (නි)

:       0       0

චන්ද්‍රදාස Sunday, 01 June 2014 07:28 PM

අැමතිතුමා කියන්නේ සහතික ඇත්ත. (නි)

:       0       0

රිචඩ් Sunday, 01 June 2014 07:43 PM

හරි හරි ඉතින්. දැන් ඇති පීසීට කතන්දර කිවුවා (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 01 June 2014 08:08 PM

අන්තිමට පැමිණිලිකාරයාමද වැරදිකරු වෙන්නේ? (නි)

:       0       0

සුමේධ Monday, 02 June 2014 02:01 PM

හොරු සමඟ හෙළුවෙන් (නදී)

:       0       0

ටෙනිසන් Sunday, 01 June 2014 09:25 PM

ඒ අනුව මන්ත්‍රීවරයෙක් වාහනය තුළ සිටී නම් රියදුරාට මාර්ග නීතිවලට අවනත නොවී වාහනය ධාවනය කළ හැකිද? (නි)

:       0       0

ආනන්ද Sunday, 01 June 2014 09:58 PM

මොනවද තවත් ලියන්නෙ අපි? අපිට දෙවි පිහිටයි! (නි)

:       0       0

අනුර Sunday, 01 June 2014 10:02 PM

පීසී උප්පරවැට්ටියක් කරලද නැද්ද කියලා හෙළිවෙයිනේ කවදාහරි... (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 01 June 2014 10:07 PM

පුදුමයක් නැහැ මේ කතාව ගැන.මම හිතුවා ඕක වෙයි කියලා.“පහත් තැනින් යයි ගලා ජලේ“. (නි)

:       0       0

රෝයි Sunday, 01 June 2014 10:07 PM

දේශපාලඥයන් ගැන නම් කොහෙත්ම මගේ පැහැදීමක් නැහැ.නීතියක් නැති රටක ඔහොම වෙනවා (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 01 June 2014 10:22 PM

ඇමතිලා කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නේ අද ඊයේ නෙමෙයිනේ (නි)

:       0       0

සුබසිංහ Sunday, 01 June 2014 10:30 PM

පීසී බය නැතුව මෙහෙම බොරුවක් කරයිද? අනේ මන්දා! (නි)

:       0       0

සමන් Sunday, 01 June 2014 11:13 PM

ඒ කියන්නේ එයාම කාර් එක ගිනි තියාගෙන වෙඩි තියාගත්තා කියලනේ, (ස)

:       0       0

දමිත් Monday, 02 June 2014 12:00 AM

දැන් එතකොට පී.සී. තමා වැරදි කාරය ???? පොලීසියෙ අයටත් මෙහෙම වෙනකොට සාමාන්‍ය මිනිසුන් ගැන කුමන කතාද????? නීතියක් විනයක් නැති රටක දියුණුව යනු සිහිනයක් පමණි .(ස)

:       0       0

රුහුණු පුත්‍ර Monday, 02 June 2014 12:07 AM

ඔවු ඔවු අපි නම් දැනගෙන හිටියා පොලීසියෙ පෙත්තප්පුත් ඕකම කියාවි කියල.... අර තමන්ම තමන්ට ගහගත්තු අය හිටිය වගේ, සගවා තැබූ ආයුධ පෙන්නන්න යන අයට වෙන දේ වගේ..... මේකත් උන්දම ගිනි තියාගන්න ඇති....(ස)

:       0       0

සිල්වා Monday, 02 June 2014 12:53 AM

හරිනේ ඉතින්.... ඔන්න ලංකාවේ ආශ්චර්යය (නි)

:       0       0

ශාන්ති Monday, 02 June 2014 01:17 AM

පුදුම කතාවක් නේද මේක? බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

පැස්කුවල් Monday, 02 June 2014 03:02 AM

ඔය පොලිස් මහත්තයා ගැන මටත් කිසිම විශ්වාසයක් නැහැ. මොකටද වාහනය ලුහුබඳිනකොට පාලු වත්තකට ගියේ? (නි)

:       0       0

භානුක Monday, 02 June 2014 03:25 AM

අනේ ඔව් ඔව්. මහජනතාව තමා උප්පරවැට්ටිකාරයෝ... (නි)

:       0       0

අසෝක Monday, 02 June 2014 04:14 AM

මන්ත්‍රීවරයෙක් කාර් එකේ හිටියා කියලා වරද නිවැරදි වෙන්නේ නැහැනේ... (නි)

:       0       0

නන්ද Monday, 02 June 2014 04:54 AM

අපේ උප ඇමතිතුමාට තෙරුවන් සරණ වේවා! (නි)

:       0       0

සේනක Monday, 02 June 2014 05:24 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ලුම්බිණි Monday, 02 June 2014 05:36 AM

අපේ මැති ඇමතිවරු බොහොමයක් ආගමනුකූලව ජීවත්වෙන කුහුඹියෙකුටවත් වරදක් නොකරන, ජනතාව වෙනුවෙන්ම කැපවෙලා ඉන්න කොටසක්. මෙහෙම බොරු චෝදනා ගෙනෙන එක ඉවසන්න පුලුවන්ද? (නි)

:       0       0

සමීර Monday, 02 June 2014 05:46 AM

මම ඒත් කල්පනා කළේ මේ ප්‍රවෘත්තිය මෙච්චර ප්‍රමාද මොකද කියලයි (නි)

:       0       0

ගයාන් Monday, 02 June 2014 06:07 AM

මේ පීසී සද්දේ දාලා තියන්නේ අහිංසක පුද්ගලයෙකුටනේ.... (නි)

:       0       0

ඇසළ Monday, 02 June 2014 07:21 AM

වාහනයක දේශපාලකයෙක් සිටින විට වේග සීමාවක් නැත. ඔවුන් පැය 24 පුරාම ඉගිලෙන්නේ මහජන සේවය සඳහාය (නි)

:       0       0

තමරා Monday, 02 June 2014 07:22 AM

දැන් පීසීට මොනවද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)

:       0       0

චාමික Monday, 02 June 2014 07:23 AM

පීසී නීතියට වැඩ කරන කෙනෙක් වගෙයි (නි)

:       0       0

සජීව Monday, 02 June 2014 08:05 AM

මේකේ අන්තිමට මොනවා වෙයිද? (නි)

:       0       0

චම්පික Monday, 02 June 2014 08:05 AM

දැන් පීසීද එතකොට වැරැද්ද කරලා තියෙන්නේ? (නි)

:       0       0

වාසනා Monday, 02 June 2014 08:21 AM

පරිගණකගත දඩ කොළයක් දුන්නා නම් ඉවරනේ (නි)

:       0       0

ලංකා තිලක් Monday, 02 June 2014 08:33 AM

දඩ කොලයක් ලිව්වම අපිත් ඉතින් පොලිස් රාළහාමිගේ හත්මුතු පරම්පරාව මතක් කරන එකේ මේ ඇමති ගොයියත් පොඩි සත්තමක් දාන්න ඇති. නැතුව ඒකට මේ වාගේ බරපතල දෙයක් කොච්චර ඇගේ උන තියෙන කෙනෙක්වත් කරයි කියලා නම් හිතන්න බැහැ. පොලිසියට අත තියල කට්ටිය කාපු පරිප්පු දන්නවා නම් ඉතින් ඇමති තුමා කිව්වත් ගෝල බාලයෝ ඔය වැඩේට නම් යන්නේ නැහැ. ඇමති තුමා බේරගන්න හිතන්නත් කලින් කට්ටියට ආයුද පෙන්නන්න යන්න වෙන බව කට්ටිය දන්නවා. මේක මේ රාලහාමිගේ මොකක්දෝ පොතක්. පොත පෙරලපු විදිය එච්චර හොද නැහැ. හෙට අනිද්දා සත්‍යය හෙළි වේවි. ස්ථිරව කියන්න පුළුවන් රාලහාමි වැඩේ අනාගෙන ඉස් මුදුනේ ඉදන් ගාගෙන නාගන්නවා.(නදී)

:       0       0

ගයාත් Monday, 02 June 2014 08:44 AM

දැන් පී.සී කියාවි මමම වෙඩි තියාගෙන කාර් එකටත් ගිනි තියා ගත්තා කියලා.(නදී)

:       0       0

ලංකෝනිස් Monday, 02 June 2014 08:53 AM

අනේ අනේ හොර ගෙඩියා! බොරුමයි කියන්නෙ ? (නදී)

:       0       0

මහේෂ් Sunday, 01 June 2014 04:59 PM

මම කිව්වේ නැද්ද ඔහොම වෙයි කියලා (නි)

:       0       0

රත්නපාල Sunday, 01 June 2014 04:59 PM

ආ... ඔය තියෙන්නේ ඇත්තටම වුණ සිද්ධිය. (නි)

:       0       0

අශාන් Sunday, 01 June 2014 05:04 PM

මන්ත්‍රී කෙනෙකුට බය නැතුව බනින කොස්තාපල් කෙනෙක් දැක්කමයි දෙයියනේ මම... (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 01 June 2014 05:05 PM

කොහොම වුණත් පී සී රාජකාරිය කර ඇති බව පෙනේ. (නි)

:       0       0

සංජීව Sunday, 01 June 2014 05:07 PM

පීසීත් කරගත් දෙයක්... (නි)

:       0       0

ගිහාන් Sunday, 01 June 2014 05:10 PM

මදැයි කරගත්ත දේ? (නි)

:       0       0

කාන්ති Sunday, 01 June 2014 05:11 PM

මේකට කවුරුවත් වැරදි නැතුව ඇති (නි)

:       0       0

දමිත් Sunday, 01 June 2014 05:13 PM

සක්කරයාගේ පුතා වයිමා ආවත් කරන්න බැරි දේවල් ගැන ඉස්සර එක ඇමතිකෙනෙක් කිව්වා. (නි)

:       0       0

රමේෂ් Monday, 02 June 2014 09:47 AM

මේවා අහල පණ පලයන් ලබන සුමනේ ....(ස)

:       0       0

කළණ Sunday, 01 June 2014 05:27 PM

අනේ මට මතක නැහැ කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නිරෝෂ් Sunday, 01 June 2014 05:31 PM

පී.සී ම කරගත්ත වැඩක් කියලද දැන් කියන්නේ එතකොට? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 02 June 2014 09:55 AM

ඉතින්,ඉතින්,ඇමතිතුමෝ දැන් පී සී ට දෙවියන් බුදුන් සිහි කරගන්න වෙලාව නේද? ඔබ තුමාලා කවදාවත් වරදක් කරලා පිළිගත් අය නෙමේ නිසා. (ස)

:       0       0

තාරක Monday, 02 June 2014 09:56 AM

පී සී ම වාහනේට ගිනි තියාගත්තද දන්නෙ නෑ. (ස)

:       0       0

ජයාන් Sunday, 01 June 2014 05:37 PM

දැන් කාලේ මිනිසුන්ව රවටන්න අමාරුයි (නි)

:       0       0

චන්දන Monday, 02 June 2014 10:18 AM

පිසි ඇමතිට බැනලා තමන්ම ගහගෙන, තමන්ම තමාගේ වහනයට ගිනි තියාගෙන.(නදී)

:       0       0

විපුල Sunday, 01 June 2014 05:47 PM

මට නම් කිසිම දෙයක් හිතාගන්න බැහැ, අවසන් තීන්දුව දෙනතුරු.... (නි)

:       0       0

ජගත් Sunday, 01 June 2014 05:49 PM

අපි හිතුවා හරියටම හරි (නි)

:       0       0

බිමල් Sunday, 01 June 2014 05:50 PM

මට නම් මේ මොකුත් හිතාගන්න බැහැ (නි)

:       0       0

සන්ජය Sunday, 01 June 2014 05:59 PM

ඒ කියන්නේ මන්ත්‍රීවරයකු වාහනයේ හිටියොත් ප්‍රශ්නයක් නැහැ කියන එකද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 02 June 2014 10:39 AM

කරුණාකර දැන්වත් වේගය ඉක්මවා රියපැදවිමේ වරදට දඩ කොල රථයේ ලියාපදිංචි ලිපිනයට පින්තුරය සමග තැපෑලේ ලැබෙන ක්‍රමයක් සකස් කරන්න. මුලින්ම අධිවේගී මාර්ගයෙන් පටන් අරන් පසුව වෙනත් මාර්ග දක්වාද ව්‍යාප්ත කරන්න , එතකොට මේ කරදර මොකවත් නැත , රජයට වැඩි ආදායමකුත් ලැබේ , දැනට පවතින ක්‍රමය මත අාදායමෙන් 20% කට අඩු ප්‍රමාණයක් තමා රජයට ලැබෙන්නේ ඉතුරු මුදල් සමහර පගා ගසන පොලිස් නිලධාරීන් විසින් සාක්කුවේ දමාගනු ලැබේ.(නදී)

:       0       0

ඇන්ඩර්සන් Sunday, 01 June 2014 06:01 PM

ටික දවසක් ගියවිට වෙන කතාවක් කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 830 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1754 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1651 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 412 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 672 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 492 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24317 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site