දොඩංගොඩ බෝඹුවල රබර් වත්තේ කොස්තාපල්වරයකුට වෙඩි තබා ඔහුගේ රියට ගිනි තැබීමේ සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත්, සක්කරයා එවැනි වරදක් කළත් ඊට දඬුවම් දිය යුතු බවත් සමූපාකාර නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා කියයි.
ඔහු පැවසුවේ සතියකට පමණ පෙර තමා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පාර්ලිමේන්තු යද්දී මෙම කොස්තාපල් තම රියදුරාට දඩ කොළයක් දුන් බවයි.
මන්ත්‍රීවරයකු වාහනයේ සිටින බව කොස්තාපල්ට කී විට ඔහු රියදුරාට බැන වැදී ඇති බවත්, දඩය ගෙවූ තමා එම කොස්තාපල් ගැන දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පවසයි.
මෙම උප්පරවැට්ටියේ ඇත්ත නැත්ත වැඩි දිනක් යන්නට පෙර හෙළි වනු ඇතැයි ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනේ ඉතින්.... ඔන්න ලංකාවේ ආශ්චර්යය (නි)
මම ඒත් කල්පනා කළේ මේ ප්‍රවෘත්තිය මෙච්චර ප්‍රමාද මොකද කියලයි (නි)
අපේ මැති ඇමතිවරු බොහොමයක් ආගමනුකූලව ජීවත්වෙන කුහුඹියෙකුටවත් වරදක් නොකරන, ජනතාව වෙනුවෙන්ම කැපවෙලා ඉන්න කොටසක්. මෙහෙම බොරු චෝදනා ගෙනෙන එක ඉවසන්න පුලුවන්ද? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අපේ උප ඇමතිතුමාට තෙරුවන් සරණ වේවා! (නි)
මන්ත්‍රීවරයෙක් කාර් එකේ හිටියා කියලා වරද නිවැරදි වෙන්නේ නැහැනේ... (නි)
අනේ ඔව් ඔව්. මහජනතාව තමා උප්පරවැට්ටිකාරයෝ... (නි)
ඔය පොලිස් මහත්තයා ගැන මටත් කිසිම විශ්වාසයක් නැහැ. මොකටද වාහනය ලුහුබඳිනකොට පාලු වත්තකට ගියේ? (නි)
පුදුම කතාවක් නේද මේක? බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මේ පීසී සද්දේ දාලා තියන්නේ අහිංසක පුද්ගලයෙකුටනේ.... (නි)
ඔවු ඔවු අපි නම් දැනගෙන හිටියා පොලීසියෙ පෙත්තප්පුත් ඕකම කියාවි කියල.... අර තමන්ම තමන්ට ගහගත්තු අය හිටිය වගේ, සගවා තැබූ ආයුධ පෙන්නන්න යන අයට වෙන දේ වගේ..... මේකත් උන්දම ගිනි තියාගන්න ඇති....(ස)
දැන් එතකොට පී.සී. තමා වැරදි කාරය ???? පොලීසියෙ අයටත් මෙහෙම වෙනකොට සාමාන්‍ය මිනිසුන් ගැන කුමන කතාද????? නීතියක් විනයක් නැති රටක දියුණුව යනු සිහිනයක් පමණි .(ස)
ඒ කියන්නේ එයාම කාර් එක ගිනි තියාගෙන වෙඩි තියාගත්තා කියලනේ, (ස)
පීසී බය නැතුව මෙහෙම බොරුවක් කරයිද? අනේ මන්දා! (නි)
ඇමතිලා කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නේ අද ඊයේ නෙමෙයිනේ (නි)
දේශපාලඥයන් ගැන නම් කොහෙත්ම මගේ පැහැදීමක් නැහැ.නීතියක් නැති රටක ඔහොම වෙනවා (නි)
පුදුමයක් නැහැ මේ කතාව ගැන.මම හිතුවා ඕක වෙයි කියලා.“පහත් තැනින් යයි ගලා ජලේ“. (නි)
පීසී උප්පරවැට්ටියක් කරලද නැද්ද කියලා හෙළිවෙයිනේ කවදාහරි... (නි)
දැන් පී.සී කියාවි මමම වෙඩි තියාගෙන කාර් එකටත් ගිනි තියා ගත්තා කියලා.(නදී)
හොරු සමඟ හෙළුවෙන් (නදී)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියල කීවේ කට කහනවටද. මේ කොස්තාපල් උන්නෙහේ ඉතින් හැමදාම වලේ තමා. මීට පස්සේ වත් නීතිය අකුරට කරන්න යන්න එපා කොලුවෝ. වාසි අතට හැරෙන එක තමයි අද මේ රටේ පුරුද්ද , ඉතින් තනි මිනිහෙක් එ්කට විරුද්ධව කොහොම වැඩ කරන්නද. අපිට උඹ ගැන හරි කණගාටුවක් තියෙනවා. මොනවා කරන්නද බොලේ ඉතින්. (නදී)
කරුණාකර දැන්වත් වේගය ඉක්මවා රියපැදවිමේ වරදට දඩ කොල රථයේ ලියාපදිංචි ලිපිනයට පින්තුරය සමග තැපෑලේ ලැබෙන ක්‍රමයක් සකස් කරන්න. මුලින්ම අධිවේගී මාර්ගයෙන් පටන් අරන් පසුව වෙනත් මාර්ග දක්වාද ව්‍යාප්ත කරන්න , එතකොට මේ කරදර මොකවත් නැත , රජයට වැඩි ආදායමකුත් ලැබේ , දැනට පවතින ක්‍රමය මත අාදායමෙන් 20% කට අඩු ප්‍රමාණයක් තමා රජයට ලැබෙන්නේ ඉතුරු මුදල් සමහර පගා ගසන පොලිස් නිලධාරීන් විසින් සාක්කුවේ දමාගනු ලැබේ.(නදී)
පිසි ඇමතිට බැනලා තමන්ම ගහගෙන, තමන්ම තමාගේ වහනයට ගිනි තියාගෙන.(නදී)
පී සී ම වාහනේට ගිනි තියාගත්තද දන්නෙ නෑ. (ස)
ඉතින්,ඉතින්,ඇමතිතුමෝ දැන් පී සී ට දෙවියන් බුදුන් සිහි කරගන්න වෙලාව නේද? ඔබ තුමාලා කවදාවත් වරදක් කරලා පිළිගත් අය නෙමේ නිසා. (ස)
මේවා අහල පණ පලයන් ලබන සුමනේ ....(ස)
අනේ අනේ හොර ගෙඩියා! බොරුමයි කියන්නෙ ? (නදී)
මොනවද තවත් ලියන්නෙ අපි? අපිට දෙවි පිහිටයි! (නි)
දඩ කොලයක් ලිව්වම අපිත් ඉතින් පොලිස් රාළහාමිගේ හත්මුතු පරම්පරාව මතක් කරන එකේ මේ ඇමති ගොයියත් පොඩි සත්තමක් දාන්න ඇති. නැතුව ඒකට මේ වාගේ බරපතල දෙයක් කොච්චර ඇගේ උන තියෙන කෙනෙක්වත් කරයි කියලා නම් හිතන්න බැහැ. පොලිසියට අත තියල කට්ටිය කාපු පරිප්පු දන්නවා නම් ඉතින් ඇමති තුමා කිව්වත් ගෝල බාලයෝ ඔය වැඩේට නම් යන්නේ නැහැ. ඇමති තුමා බේරගන්න හිතන්නත් කලින් කට්ටියට ආයුද පෙන්නන්න යන්න වෙන බව කට්ටිය දන්නවා. මේක මේ රාලහාමිගේ මොකක්දෝ පොතක්. පොත පෙරලපු විදිය එච්චර හොද නැහැ. හෙට අනිද්දා සත්‍යය හෙළි වේවි. ස්ථිරව කියන්න පුළුවන් රාලහාමි වැඩේ අනාගෙන ඉස් මුදුනේ ඉදන් ගාගෙන නාගන්නවා.(නදී)
පරිගණකගත දඩ කොළයක් දුන්නා නම් ඉවරනේ (නි)
දැන් පීසීද එතකොට වැරැද්ද කරලා තියෙන්නේ? (නි)
මේකේ අන්තිමට මොනවා වෙයිද? (නි)
පීසී නීතියට වැඩ කරන කෙනෙක් වගෙයි (නි)
දැන් පීසීට මොනවද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)
වාහනයක දේශපාලකයෙක් සිටින විට වේග සීමාවක් නැත. ඔවුන් පැය 24 පුරාම ඉගිලෙන්නේ මහජන සේවය සඳහාය (නි)
අනේ මට මතක නැහැ කියයිද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා මේවා! (නි)
ටික දවසක් ගියවිට වෙන කතාවක් කියයිද දන්නෙ නැහැ (නි)
ඒ කියන්නේ මන්ත්‍රීවරයකු වාහනයේ හිටියොත් ප්‍රශ්නයක් නැහැ කියන එකද? (නි)
මට නම් මේ මොකුත් හිතාගන්න බැහැ (නි)
අපි හිතුවා හරියටම හරි (නි)
මට නම් කිසිම දෙයක් හිතාගන්න බැහැ, අවසන් තීන්දුව දෙනතුරු.... (නි)
දැන් කාලේ මිනිසුන්ව රවටන්න අමාරුයි (නි)
පී.සී ම කරගත්ත වැඩක් කියලද දැන් කියන්නේ එතකොට? (නි)
මම හිතුවා වගේම වුණා... (නි)
සක්කරයාගේ පුතා වයිමා ආවත් කරන්න බැරි දේවල් ගැන ඉස්සර එක ඇමතිකෙනෙක් කිව්වා. (නි)
මේකට කවුරුවත් වැරදි නැතුව ඇති (නි)
මදැයි කරගත්ත දේ? (නි)
පීසීත් කරගත් දෙයක්... (නි)
කොහොම වුණත් පී සී රාජකාරිය කර ඇති බව පෙනේ. (නි)
මන්ත්‍රී කෙනෙකුට බය නැතුව බනින කොස්තාපල් කෙනෙක් දැක්කමයි දෙයියනේ මම... (නි)
ආ... ඔය තියෙන්නේ ඇත්තටම වුණ සිද්ධිය. (නි)
මොනවද පීසී මහත්තයො මේ කරගත්තේ? (නි)
ඒ අනුව මන්ත්‍රීවරයෙක් වාහනය තුළ සිටී නම් රියදුරාට මාර්ග නීතිවලට අවනත නොවී වාහනය ධාවනය කළ හැකිද? (නි)
අන්තිමට පැමිණිලිකාරයාමද වැරදිකරු වෙන්නේ? (නි)
හරි හරි ඉතින්. දැන් ඇති පීසීට කතන්දර කිවුවා (නි)
අැමතිතුමා කියන්නේ සහතික ඇත්ත. (නි)
මේකට අදහසක් දාන්න ආසයි. ඒත් මට බයයි (නි)
අපි දන්නේ නැද්ද මේ සිරි ලංකාවේ හැටි.... (නි)
මේ ප්‍රවෘත්තිය ගැන මමත් බලාපොරොත්තුවෙන් තමයි හිටියේ (නි)
අනේ පීසීට අන්තිමේදී වාහනයත් නැහැ... (නි)
මම කිව්වේ නැද්ද ඔහොම වෙයි කියලා (නි)
මම හිතුවා ඕක ඔහොම වෙයි කියලා. (නි)
මේ දේශපාලඥයෝ අපිට කරන්නේ පුදුමාකාර සේවයක්නේ.... (නි)
ඔවු. දේශපාලඥයින් අතින් වැරදි වෙන්නේ බොහොම කලාතුරකින් (නි)
ඔහොම යමු! (නි)
ඇමතිතුමා හරි වෙන්න පුලුවන් (නි)
මේ රටේ ඉන්න දේශපාලකයෝ හරිම හොඳයි, කිසිම වරදක් කරන්නේ නැහැ. මහජනතාව තමයි වැරදි (නි)
අහෝ ආශ්චර්යයක තරම!!! (නි)