බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පුත් සුරංග ජයරත්න සහ පුතාගේ මිතුරකු වන සුගත් වික්‍රමසිංහ ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස පූගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චන්ද්‍රානි පාගල මෙනවිය අද නියෝග කළාය.
2012 පෙබරවාරි 20 වැනිදා දොම්පෝ පහළ දොම්පේ පොල්වත්තකදී බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මිනීමරු පුත්තුන්ට තමයි කියන්නේ නුතන අජාසත්තලා කියලා. ජයරත්න මහතා දක්ෂ කිමිදුම් කරුවෙක් උත්සාහවන්ත ව්‍යාපාරිකයෙක් . ඒවගේම දානපතියෙක්. සමාජ සේවකයෙක්.එතුමා ආගමික සිද්ධස්ථානයක් ඒවගේම විශාල ධර්මශාලාවක්, ආවාස ගෙයක් හදල දීල තියෙන පින්වතෙක්. එහෙත් මරණය සිදු උනේ පෙර කල කර්මය අනුවයි. තම පුතු අතින් මියයන්න සිදුවීම කෙතරම් ඛේදජනකද? මුදල් නිසා වෙච්ච දෙයක්. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබේවා!(නදී)
මේ පුතාටනම් කවදාවත් සමාව දෙන්න එපා. කොහොමටත් දෙවියන්ගෙන් සමාවක් ලැබෙන්නෙත් නැහැ. මෙයාට කවදාවත් තාත්ත කෙනෙක් වෙන්න බැරිවෙන්න අදාල අවයවය කපල දාන්න. නොකලත් හිරගෙදර කට්ටිය ඒ දේ කරයි.(නදී)
ආත්ම ගාණක සිට ගෙන ආපු බද්ධ වෛරයක්. බුදුන් වහන්සේ වැඩ සිටියා නම් අතීත කතාව අපුරුවට කියා දේවී.(නදී)
මහගෙදර, මෙයා කසාඳ බැඳලා දරුවොත් ඉන්න තාත්තා කෙනෙක්. කවදාහරි මෙයාගේ දරුවෝ මෙයාටත් ඔය දඬුවමම දේවි. (ස)
මේ බර්නාඩ් මහත්මයා දක්ෂ කිමිදුම් කරුවෙක්. මිනිස් ජීවිත ගණනක් මරණයෙන් බේරා ගත්ත උත්තමයෙක්. එතුමාගේ මරණයට වගකිව යුත්තන්ට සාප වේවා! (ස)
මොහුව අජාසත්තට සමාන කරන්න එපා. අජාසත්ත තමන් කල වරද අවබෝධ කරගෙන පසුතැවිලි වී හොඳ මිනිහෙක් වුනා. කාශ්‍යපට සම කලාට නම් කමක් නැහැ. පියා මරා වස්තුව ගන්න කලපනා කලේ ඔහුයි. අන්තිමට මල්ලි වන මුගලන් අතින් විනාශ වුනා. (ස)
දන්නා දේවල්,තව කියන්නකෝ,අහන්නත් ආසයි (දී)