පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුදර්ශන ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත එක් අයකු මුදා හරින ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා අද (22) නියෝග කළේය.
හෙලෝ කෝප් ආයතනයෙන් රුපියල් මිලියන 100ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව නඩු පවරා ඇත.
ඡායාරූප - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම තමයි මේ වගේ අයට වෙන්න ඕන මුන් හිතන් ඉන්නේ මුන්ගේ අම්මලාගේ දේපල කියල (රේ)
පහුගිය අවුරුදු දහයේම මෝඩ කතා අසා හිඳීම නිසා අපේ කට්ටියට සාමාන්‍ය දැනීම වත් නැ . චෝදනා ගොනු කල පසු අත්අඩංගුවට අරන් ඇප මත නිදහස් කෙරීම නීතියයි. පසුව නඩු විභාග කර වැරදි කරු නම් සුදුසු කාලයට හිරයට දමනවා (අ)
කපන්න කපන්න තමයි උදැල්ල මුවහත් වෙන්නේ..එක තේරුම් ගත්ත නම් හොදයි..(ම)
මේක දැන් බලා ඉදලා ඇති වෙලා දැන්. (ර)
දේවේන්ද්‍ර. මෙයාලගේ ගහපු ගැහිලි ගැන එක වෙබ් අඩවියකින් හෙළි කරලා තිබුණා. (බ)
අවසාන ෆොටෝ එකේ දකුණු පැත්තේ කන්නාඩි දෙකක් දාගෙන ඉන්න කෙනා රාජපක්ෂලාගේ හැම නඩුවකදිම මම දැකල තිබෙනවා. (බ)
මෙහෙම නිදහස් වෙන්න පුලුවන්නම් කව්රුත් හොරකම් කරන්න බියක් දක්වන්නේ නැහැ. (බ)
ප්‍රියාන්.ඔය වයසේදීම ඔය තරම් කැපෙනවා හොදටම ඇති. තවත් කපන්න ගියොත් අපිට රටක් ඉතිරි වෙන එකක් නැහැ. (බ)
තිලක්-ඩුබායි: ඔව් මමත් දැක්කා ඒ වෙබ් අඩවිය. ඒවා බොරු නම් ඒ වෙබ් අඩවිවලටත් නඩු දාන්න පුළුවන්නේ. එහෙම නඩු දාන්නේ නැත්තේ ඒවා ඇත්ත නිසා වෙන්න ඇති. ඔය වෙබ් අඩවිය හැම කෙනාම වගේ බලනවා. ඒ වුනාට ඇස් කන් නැතුව වගේ කට්ටියම ඉන්නවා නේද?(රේ)
ඇපකාරයන්ටත් සල්ලි ලැබුනේ කොහොමද කියල හොයල බලන්න ඕනේ. (බ)
මේ බර ඇප මේ. අයට නතින් , අපිට තමයි බර තේරෙන්නේ අද දත් ටික එළියට දමල අත වනන්න අමතක වුනාද . මුනවල් බැලුවම පේනවා වැඩේ ගැස්සිලා කියල ඔහොම යන් හෙමින් යමු වේදනාව වැඩි එතකොට (රේ)
මේ නඩු දැන්මම ඉවර කරලා දැම්මොත් තව අවුරුදු හතරකින් මහා මැතිවරණයක් එනකොට මිනිසුන්ට ඕවා ඔක්කොම අමතක වෙලා යනවා.(රේ)
ප්‍රියාන්ට අනුව මොට්ට උදැල්ල මෙහෙම කැපුවා නම් ඊළගට මුවහත් උදැල්ල කොහොම කැපිල්ලක් කපාවිද? (රේ)
තිලක් ඩුබායිටයි, වින්සන්ට්ටයි කියපු දේ නොතේරුනාට කරන්න දෙයක් නැහැ. මම කිව්වේ මිනිහෙකුට ගහන්න ගහන්න තමයි ඒ මිනිහා නැගිටින්න උත්සාහ කරන්නේ කියන එක. එ්කවත් තේරුම් ගන්න. (නි)
රටේ සංවර්ධනයටත් මේ විදිහටම අවදානය යොමුකරනවා නම් මොන තරම් හොදද.බැදුම්කර වංචාව ගැන මොනම දෙයක්වත් කරන්නේ නැත්තේ එයාල කොඩුකාරයෝ නිසාද. (ම)
මේ යහපාලනය නම් දැන් තිත්තයි අපිට! (නි)
මෙවැනි දුෂිත චෝදනා ලැබූ අයට නීති රැකියාවේ යෙදෙන්න පුලුවන්ද? (නි)
හැබැයි පොඩි එකෙක් රුපියල් 1000ක් වංචා කළා නම් ජීවිතයටම හිරේ (නි)
කාක්කෝ අල්ලන්න බෑ අහිංසක පොඩි මැස්සෝ තමා හිරවෙලා ඉන්නේ.(ම)
ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 04ක් ? සුළුපටුම නැහැ වගේ චෝදනා නම්! (නි)
අපේ නීති පද්ධතියම අප්‍රසන්නයි අපිට නම් (නි)
දැන්වත් යතාර්ථය තේරුම් ගන්න බැලුවොත් හොඳයි (නි)
ඇප දෙන්න පුලුවන්ද බරපතල වංචාවන්ට? දැන්නම් අපිට අපේ අධිකරණ පද්ධතියම අප්‍රසන්නයි (නි)
මම නම් හිතුවේ නැහැ මෙහෙම නිදහස්වෙයි කියලා. මදැයි අපේ බලාපොරොත්තු (නි)
චෝදනා ඔප්පු කරනතුරු කාටවත් දඬුවම් දෙන්න බැහැ (නි)
නීතිය කාටත් පොදුයි! (නි)
මේ අය බරපතල වංචාවන්ට අසුවෙලා ඉන්න අය. එහෙම අය කොහොමද ඇප මත නිදහස් කරන්නේ (නි)
නාමල් ගැන ඉස්සර තිබුණු අකමැත්ත නැතිවෙලා අපේ හිතත් සුබවාදීවේගෙන එනවා දැන් (නි)
පොදු දේපල පනත යටතේ නඩු පැවරුවොත් ඇප නැත. පරීක්ෂණ අවසන් නම් මෙම කරුණට ඇප දිය හැක. දැන් තියෙන්නේ නඩුව අහන එකයි. ඔප්පු වුණොත් අභියාචනා කළ හැක. කෙසේවුවද විශේෂ අධිකරණයක් පත්නොකළොත් මෙම නඩු ඉවරවීමට අවුරුදු 5 ක්වත් යාවි. ජනාධිපති සමාවකින් මිස ගොඩඒමක් නැත. ඒ බව දන්නා නිසා තමයි අර කට්ටිය දඟලන්නේ. (නි)
මේ වයසට මේ කට්ටිය මෙහෙම වංචා කරලා නම් තව අවුරුදු විස්සක් තිහක් දේශපාලනයේ හිටියොත් කොහොම හිටීවිද?(හේ)
මම නිඥයෙක් නොවෙයි. එ්ත් දන්නා තරමට මිනිමරුවෙකුට වුණත් ඇප ලැබෙනවා නඩුව ඔප්පු වෙනතුරු. මෙයාගේ නඩුව අහලා ඉවර නැහැනේ. විභාගය අවසන් වුණාම වැරදිකරු වුණොත් නැවත යෝග පන්තිය කරන්න පුළුවන්. සල්ලි වලට හිමිකරුවෙක් නැත්නම් කලින් වගේ රාජසන්තක කරාවි. මෙයා නිදහස් වේවි. ඊළඟට ඡන්දෙත් ඉල්ලාවි. අපි ඡන්දෙත් දෙයි. මේ තමයි ලංකාවේ අපි (නි)
මේ යහපාලන මෙගා නාටකය දැන් නම් අප්‍රසන්න වෙලා (නි)
ගුරුවරයා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවලු. (නි)
ඇප දෙන්න සල්ලි කොහෙන්ද එතකොට? (නි)