විදේශ උපදෙස් අනූව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යනවා යැයි විපක්ෂයේ ඇතමුන් වැරදි ප්‍රචාර ගෙන යමින් රටේ අවුල් ඇති කරන බවත් එවැනි අවුල් ඇති නොකරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.
අපේ රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට විදෙස් සහාය හා උපදෙස් අවශය නොවන බව එතුමා කියා සිටියේය.
උතුරේ ජනතාව ඒකීය වචනයට බය වී ඇති බවත් දකුණෙු ජනතාව ෆෙඩරල් යන වචනයට බය වී අති බවත් මේ තත්ත්වය මග හැරවීම යුගයේ අවශ්‍යතාවය බවත් ජනපති කීවේය.
විධායක ජනපති ක්‍රමය නිසා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට හැකි වූවාය යන්න මතයක් පවතින බවත් අපි කළ යුත්තේ ආණුඩුක්‍රමයේ බිල්ලෙකු මතු කිරීම නොව දැනුම, අවබෝධය, දර්ශනය මත රටේ අනාගතයට වග කියන ප්‍රමුඛ නීති සකසා ගැනීම බවත් ජනපති කීවේය.
එමගින් ජාතික සංහිඳියාව, ජාතික සමගිය ඇති කිරීම බව ජනපති අද (09) ආණුඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"උතුරේ ජනතාව ඒකීය වචනයට බය වී ඇති බවත් " .........අයි ඒ ? කොහොමත් ඒකීය තමා . මොකටද ෆෙඩරල් (අ)
හොඳ කතාවක් (නි)
රට කොයිබටද යන්නේ කියා දැන් හොඳට තේරෙනවා (නි)
මිනිසුන් රැවටීම යනු මහා විනාශයක පෙරනිමිත්තකි (නි)
ඔබතුමා කියන හැම දෙයක්ම රටක තිබිය යුතුයි. සිංහලයා හැර හැම ජාතියක්ම රට හැමතැනම ජීවත්වෙන අතර සිංහලයාට සමහර පෙදෙස්වල ජීවත්වීමට බැහැ. අපේ ගැටවර වියේදී සිංහලයා වඳ කිරීමට පටන්ගත් පුංචි පවුල රත්තරන් තේමාව අද ඉතාමත් හොඳට ක්‍රියාත්මක වෙනවා. උතුරෙන් ගෙනාපු හැම ගිවිසුමකම මුලික ඉල්ලීම වුයේ සිංහලයා එහි පදිංචි නොකරවිය යුතුය යන්නයි. එනිසා කරුණාකර සිංහලයාගේ අනාගත අයිතිය තහවුරු කරන්න. (නි)
ඔබතුමා කියන කිසිවක් පිළිගන්න පුළුවන්කමක් නැතිවෙලා අපිට. මොකද ඡන්දෙට කලින් කී දේවල් වෙනස්වුණ නිසා (නි)
හොඳ කතාවක් (නි)
සුමිත්, ඔයාට ඒකීය හොඳයි වගේම තමයි අපිට ෆෙඩරල් හොඳයි. (නි)
අපි නම් නිශ්ශබ්දව වෙන දේ බලාගෙන ඉන්නවා (නි)
රටක ව්‍යවස්ථාවක් කියන්නේ උගතුන් සහ ජනමාධ්‍ය වලද අදහස් ලබාගෙන කළයුතු දෙයක්. මොකද රට කාගේවත් බූදලයක් නොවෙන නිසා. (නි)
1994 සිට 2005 දක්වා සෑම මතිවරයෙකදිම පොදු පෙරමුණේ ප්‍රධාන සටන්පාඨය හා පොරොන්දුව වුයේ විධායක ජනාධිපති ධූරය අහෝසිකිරිම.විධායක ජනාධිපතිකම රටට සාපයක් කිවා. යුද්දය ඇති වුණෙත් විධායක ජනාධිපති ක්‍රමය නිසා කිවා. යුද්දය දිනපු ගමන් අහෝසි කිරීමේ අදහස වෙනස් වුවා.2005දි විමල් වීරවංස මහින්ද මහතාට සහය දුන්නෙත් ඕක අහෝසිකරන පොරොන්දුව උඩයි.(අ)
යුද්ධය දිනුවෙත් විධායක ජනාධිපති ක්‍රමය තිබුන නිසා කියලා කියපු කට්ටියකුත් හිටියා. (නි)
ඔබතුමාට සදා ජය! (නි)
ඔබතුමා ගැන අපිට විශ්වාසයි (නි)
ඔබතුමා හරි (නි)