මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති ධුරයෙන් ඉවත් කැර පෙරේදා (10) බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා පත්කොට ඇති බවද යුද හමුදා ආරංචි කියයි.
රැල්ෆ් නුගේරා මෙම මස 19 වැනිදා නව තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය. යුද හමුදාපතිගේ නියෝගයෙන් ඔහු ඉවත් කැරිණි.
යුද හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසුවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති ධුරයෙන් ඉවත් කළ ද ප්‍රසන්න සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ හමුදා සම්බන්ධීකරණ නිලධාරි තනතුරේ කටයුතු එලෙසින් සිදු කරන බවයි.
ප්‍රසන්න සිල්වාගේ බාරයේ පැවති සුදු වැන් රථයක් ව්‍යාජ අංකයක් සවිකර ඔහුගේ ආරක්ෂක භටයන් තිදෙනෙකු සමඟ මිරිහාන පොලිස් ක්‍රිඩාංගනය අසල සැකකටයුතු ලෙස රැදී සිටියදි ඉකුත් ජුලි 22 වැනි දා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.
ප්‍රසන්න සිල්වාගේ නිල ගිනි අවියද මෙම පිරිස සතුව තිබියදි අත්අඩංගුවට ගෙන ඇත. හමුදා සාමාජිකයෝ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබුහ.
පොලිසිය සහ යුද හමුදාව ද මේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කොට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩන්ගේ වැරදීම් ලොක්කන්ට රිදවීම් (ම)
දුමින්ද, මේවට අපි නිකන් ලේ පුච්චාගන්න ඕනෑ නැහැ (නි)
දුමින්දට දුක හිතිලා වගේ ? (අ)
දැන් තමා ඕවා එළියට එන්නේ ටික ටික (නි)
හරියට හරි දුමින්ද (නි)
වෙන කෙනෙකුට මේක උනා නම් පොලිස් අත් අඩංගුවේ නේද? මොකද නීති දෙකක්? (නදී)
කමාන්ඩෝ රෙජිමේන්තු නව අධිපති බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා යුද බිමේ සිටි අති දක්ෂ නිහඬ නිලධාරියෙක්. එතුමාට සුබ පතමු! (අ)
ලොකු පුටුවල ඉදගත්තහම ඉතා හොද දක්ෂ නිලධාරිනටත් උන් හිටි තැන් අමතක වෙනවා..(ම)
ගිය වරත් හමුදාවේ අය කොටින්ට පවා දුන්නා. මෙවරත් එදේම වෙයි වගේ. මිලේනියම් සිටි, මුතාලිෆ් වගේ සිද්ධීන් දැන් අයට මතක නෑ වගේ. (නදී)
ජෙනරාල් ප්‍රසන්න ගැන නොදන්නා අය ප්‍රතිචාර දාන්න එපා. විමර්ශණයක් කරනවානේ. කරුණාකර එය අවසන් වු පසු ප්‍රතිචාර දමන්න (නදී)