ගම්පහ රතුපස්වල කම්හලකින් ළිං ජලය අපිරිසිදු වෙතියි කියමින් වැලිවේරිය නගරයේදී පසුගිය අගෝස්තු පළමුවැනිදා පැවති උද්ඝෝෂණයේදී හමුදා වෙඩි පහරින් දෙදෙනකුද පොලු පහරින් තවත් අයකුද මරණයට පත්වී ගැමියන් 37 දෙනකු තුවාල ලැබු සිද්ධිය මත යුද හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන 142 වැනි බළසේනාධිපති පදවියෙන් ද හා ලුතිනන් කර්නල්වරුන් තිදෙනකු අණදෙන හා කලාප අණදෙන නිලධාරී තනතුරුවලින්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක තීරණය කරයි.
මෙම නිලධාරීන් අතින් වරඳක් සිදුවී ඇති බවට මුලික පරික්ෂණ උසාවියේදී තහවුරුවීම නිසා මෙම පියවර ගෙන ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියයි.
ඔවුනට එරෙහිව යුද අධිකරණය හමුවේ නඩු විභාග කිරීමට ප්‍රමාණවත් සාක්කි තිබේද යන්න සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙසද යුද හමුදාපතිවරයා නියෝග කැර ඇත.
එම විමර්ශනයෙන් අනතුරුව මොවුන් යුද්ධාධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේම රටේ ජනතාවගේ දුක හඳුනන්නේ නැති අයට හිංසා පමුණුවන උසස් නිලධාරීන්ට ඕක තම දෙන්න ඕනේ දඬුවම. තමුන්ගේ රාජකාරිය ඔව්න්ට අමතක වෙලා. (දී)
ගුණවර්ධන මහත්තයා වාස් මහත්තයාගෙන් ඉගෙන ගන්න ඕනෑ, මෙතුමාගේ නෝනා වාස් මහත්තයාගේ නෝනගෙන් ඉගෙන ගන්න ඕනෑ (ද)
සංස්ථා සභාපති කමක් හරි තානාපතිකමක් දෙන්නද දන්නේ නෑ. (දී)
බොහොම හොදයි.අර බන්දුල කියන හාදය එකට මොකද කියන්නේ?. (දී)
එහෙම කරල අහිංසක පව්ල්වලට වන්දි ගෙවව හැකිද ? (දී)
පටි විතරක් ගලවලා මදි (දී)
පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු, මෙයාට අණ දුන්නේ කවුද එතකොට ,කොහොම නමුත් හොද දෙයක් මනුස්ස කමටත් නොගැලපෙන පහත් විදියට තමයි අහිංසක නිරායුධ සිවිල් වැසියන්ට සැලකුවේ,අර රටින් අපු පිල්ලයාන් යනකන්ද දන්නේ නැහැ මේ සෙල්ලන් (දී)
කවද වෙනකල්ද (දී)
සීමාව ඉන්ක්මවා අහංකාර වෙන්න ගියාම ඔහොමම වෙන්න ඕනේ. මෙයාගේ කොමිෂන් එක අයින් කරන්න ඕනේ. මෙය යුද්දෙදි වැඩක් කරපු කෙනෙක් නෙමෙයි. (දී)
නැති උන ජිවිත දෙන්න පුලුවන්ද (දී)
ජය වේවා රතුපස්වල .... (දී)
දැන් සනීපද උන්නැහැට (දී)
මේ නාටකයේ දෙවන කොටස ඉක්මනටම බලාපොරොත්තුවෙන්න.
පිල්ලේ ආවා... (දී)
පහල තැනින් වතුර ගලා බසී.මෙයාලට නියෝග දුන්නේ කව්රුන්ද යන්න සොයා බැලීම වටිනා කාර්යයකි (දී)
තරු පටි ගහන ගමන් බුද්ධිය සහ විනය ගැනත් උනන්දු විය යුතුයි. (අ)
අයියෝ! (නි)
හොදම වැඩේ ...!!! (නි)
මේකේ වරදක් සිදුවී ඇති බවක් නම් පෙනෙන්නේ නැහැ. නිරායුධ සාමාන්‍යය ජනතාවට වෙඩි තැබීමට අණදීමෙන් වරදක් සිදු කර ඇති බවක් පෙනෙන්නේ. (නි)
'ෆයර්'??? (නි)
අනේ ඉතින් මේ අයට වෙඩිතියන්නයි පොලු වලින් ගහන්නයි කියලා අණ දීපු අයට මොකුත්ම කරන්නේ නැද්ද මහත්තයෝ ? (නි)
දැන් ඕවා මිනිස්සු විශ්වාස කරන එකක් නැහැ, (නි)
හමුදාවට එන්න අණ දුන්නේ කව්ද? (නි)
මෙයාලට යුනිෆෝම් ලැබුනම එයාලා හිතන්නේ මෙයාලා තමා ලෝකෙට ලොක්කෝ කියලා (නි)
ඔහෙලා මේකට ටික දවසකට සතුටු වේවි.පොඩ්ඩක් ඉවසන්න මේ උණුසුම ඉවර වෙනකල් (නි)
එයා මොනවා කරන්නද ? ඉහළින් අපු විධාන තමා එය ක්‍රියාත්මක කරලා තියෙන්නේ (නි)
දේශපාලන නාටක මීළඟ අංකය කවුද
මොන රටේ තානාපති කෙනෙක් කරලා යවන්න ද හිතන් ඉන්නේ?
මිනිස්සුන්ට පේන්න අණ දුන්න අණක් ගුණක් නැති ....ඔබ වගේ නිලධාරින්ට අං තිබුණ නම් කියලා හිතෙනවා....අහිංසක මිනිස්සු මරන්න අණ දුන්නට කාගෙන් බේරුණත් ස්වභාවධර්මයෙන් බේරෙන්න බෑ (අ)
මෙයාට තානාපතිකමක් හෝ රජයේ එහලම ආයතනයක සභාපති කමක් නම් ලැබෙනවා (අ)
වැරැද්දක් වෙලා කියලා දැන් කරපු අයම පිළි අරන්. (නි)
අහිංසක ළමයි මරපු ලේ තියෙනවා මොවුන්ගේ අත්වල ... (නි)
අන්න හොද වැඩක් (නි)
මේ බ්‍රිගේඩියර් ඊළඟට කවුරු වෙයිද? (නි)
තක්කිට තරිකිට තෙයි, කාටත් ඔයටික වෙයි (නි)
මේ වැඩේට නම් උසස් නිලධාරීන්ට සමස්ථ රට වැසියන්ගේම ප්‍රණාමය හිමිවෙන්න ඕනෑ. (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනවා කියන්නේ ඕකට තමා (නි)
බොහොම හොදයි (නි)
වැරදි කළ සියළුම දෙනාට දඩුවම් දියයුතුයි (නි)
මේ වගේ අයට සාදාරන දඩුවමක් දෙන්න ඕනෑ,රතු පස්වලදී දිවි දීපු අර අහිංසක මිනිස්සු වෙනුවෙන් (නි)
ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා (නි)
මම නම් හිතුවේ මොනවත්ම හේතු නැතත් යුධ අධිකරණයට ගේන්න පුළුවන් කියලා.කොහොම වුනත් හමුදාවල ගෞරවය රකින්න හමුදාපතිතුමන්ට ශක්තිය ලැබේවා! (නි)
මේ සදහා අණ දුන්න ඉහළ අයට දෙන්නේ මොන දඩුවමක්ද? (නි)
මේවා හොද වැඩ,බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)
මෙයාලගේ තනතුරු ඉවත් කරලා ගෙදර ඇරලා විතරක් මදි. මෙයාලට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕනෑ (නි)
සැමට නීතිය සමානව ක්‍රියාත්මක වීම හොඳ දෙයක්.මේවා කරන්න කියපු ලොකු තැන් වලටත් නීතිය ක්‍රියාත්මක කළොත් තමා හොඳ.හාල්මැස්සෝ අහුවෙනවා.ලොකු ලොකු තෝරු මෝරු බේරෙනවා.අපි මොනවා කරන්නද? බලාගෙන ඉන්නවා මිසක (නි)
අපි නොදන්න ලංකාවනේ .... (නි)
දැන් වැඩ පෙන්වනවද? (නි)
සාක්කි නැහැ නේද? (නි)
අණ ඉහලින්ම පිළිපැදීමේ වරද? (නි)
හමුදාව වුනත් වැරදී වැඩ කළා නම් දඬුවම් කළ යුතුයි. (නි)
පිල්ලේ නෝනා ආව ගමනේ ප්‍රතිපල එහෙනම් තියෙනවා (නි)
යුනිෆෝර්ම් ඇඳලා තරු පටි ගහ ගත්තාම සමහරුන්ට හමුදා සෙබලෙක් ගේ වැදගත්කම සහ තමුන් සාමය රකින ජනතා සේවකයෙක් කියලා අමතක වෙනවා. හමුදාපති තුමා ගත් තීරණය ඉතා අගේ කොට සලකමු. මේවා කාට කාටත් හොඳ පාඩම්. (නි)
ඉල්ලගෙන කනවා කියන්නේ මෙන්න මේවට (නි)
යුද හමුදාව යනු දැඩි විනය ගරුක ආයතනයක් බව යුද හමුදාපතිතුමා ගත් මේ පියවරෙන් තහවුරු කර තිබීම ඉතාම සතුටට කරුණක්. එක එක පුද්ගලයා නිල ඇඳුමට මුවා වී කරන වැරදිවලට හමුදාවට හෝ සැබෑ රණවිරුවන්ට දොස් පැවරීම නොකළ යුතුයි. ඒකයි අපි මතක තබාගත යුතු දේ. (නි)
කෝ අර බන්දුල පෙරේරා කියන ජීවියා? මම කැමතියි ඔහුගේ අදහස දැනගන්න, (නි)
නියමයි, ඔන්න ඔහොමයි තියෙන්න ඕනෑ. මින් ඉදිරියට එවන් දේ නොම වන්නට, වගකීම් දරන නිලධාරින් වගකීමක් ඇතිව වැඩ කළ යුතුය (නි)
ඔහුට අණ දුන්නේ කව්ද කියලා බලන්නේ නැද්ද? (නි)
නම දේශප්‍රිය, එහෙත් කළේ රටටම අප්‍රිය වැඩක් (නි)
හමුදාවට නියෝග දුන් අයට මොකද කරන්නේ? (නි)
ඒක නම් ඉතාම හොද දෙයක්. මේ ලොක්කන්ට පෙන්නන්න ඕනෑ මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලම් බඩු වගේ විනාශ කරලා දාන්න බැරි බව. (නි)
වැඩේ නම් හොඳයි හමුදාවේ ගෞරවයත් ආරක්ෂා වෙනවා. (නි)
හොද ආදර්ශයක් ! (නි)
කවුද මෙයාලට ඊට ඉහලින් අණ දුන්නේ? (නි)
මේ ඔක්කොම හරි. හොඳ තීරනයක්. (නි)
පටි විතරද ගැළවුණේ? (නි)
පටි ගලවලා වෙන තනතුරක් ලැබේවිද දන්නේ නැහැ. නැත්තම් මතක නැහැ කියාවිද දන්නේ නැහැ (නි)
තවත් මෙවන් වැරදි නොවෙන්න මෙහෙම කළ එක හොදයි (නි)
කල්පනාවෙන්... ගොනා පසුපස කරත්තේ රෝදෙත් එන බව අමතක කරන්න එපා. (නි)
මොකක්ද ඊළගට මේ අයට දෙන තනතුර? (නි)
අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් මෙය. (නි)
සාධාරණයි,ස්තුතියි (නි)
පේනවා නේද? තරු තියාගන වැඩිය දගලන්න ගියාම තරු පෙනෙන්න ගන්නවා කියලා? (නි)
බල සේනාධිපති තනතුරෙන් ඉවත් කරනවා කියන්නේ තරු ගලවන එක නෙමෙයි නේද? (නි)
අවම බලය නිවැරදිව ලෙස යෙදුවේ නම් නොවේ මෙවන් දෑ (නි)
මේ පරීක්ෂණ එදවස්වාලම කලානම් නේද හොඳ ?
පිල්ලේට ඔබ බිල්ලක් වුණා.ඔබේ තරුපටි සාමකාමී ජන ජීවිතයක් අගයන ජනතාව වෙනුවෙන් පුජ කලා කියල හිත හද ගන්න.මහ පාර මැද හට් ගහගෙන අහිංසක මගී ජනතාව ප්‍රාණ ඇපයට ගත් අමනයින්ට මතක හිටින්න සලකල මගී ජනතාවට මාර්ගය නිදහස් කරලා දීපු ඔබ තුමාට ජනතාවගේ ගෞරවය සැමදාටම ලැබෙනවා..(අ)
අර මිටි තැනින් වතුර බසිනවා වගේ තමයි (අ)
මේ විදියට වැඩ කරන්න කලින් හිතලා බලලා වැඩ කළා නම් මේවා මෙහෙම වෙන්නේ නැත. මේවට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියාය. බුදු බණ බොරු නැත. (නි)
මට ‘සිංහ නාදය බලු කෙදිරිය‘ කියන කතාව මතක් වුණා (නි)
එයාලගේ පටි ගලවලා කර්මාන්තශාලාව අරින්නද යන්නේ? (නි)
දඬුවම සුළු එකක් (නි)
මෙම නිලධාරියා යුදසමයේ සෑහෙන කැපකිරීම් කළ පුද්ගලයෙකි (නි)
එයා ආයුද සන්නද්ධ හමුදා කට්ටිය පිරිවරාගෙන නිරායුධ ජනතාව ඉස්සරහට ඇවිල්ලා ජීප් එකක බොනට් එකේ ඉඳගෙන තමයි ජනතාවට කතා කළේ ... එහෙම කරපු එයා හිතන්න නැතුවා ඇති කවදා හරි බිම ඉඳගන්න වෙයි කියලා. දුරදිග කල්පනා නොකර ඉහළ තනතුරු අපේක්ෂා කරලා ඕනෑම වැඩක් කරන්න හිතාගෙන ඉන්න කට්ටියට මේක පාඩමක් විදියට පෙන්නුම් කරන්න රතුපස්වල අපහසුතාවයට පත් වුන ජනතාවට හැකිවේවා ... (නි)
හමුදාව නිකන් ගමකට ගිහින් ඔහේ අහිංසක නිරායුධ මිනිස්සුන්ට වෙඩි තිබ්බේ නැහැ. මිනිස්සු හමුදාවට ගල් වලින් බෝතල් වලින් ගහද්දි හමුදාවටත් ඒවායින්ම ගහන්නද කියන්නේ? එක්කෝ දුවන්න ඕනෑ, එක්කෝ ගුටිකාලා මැරෙන්න ඕනෑ, නැත්තම් ආත්ම ආරක්ෂාවට පියවරක් ගන්න ඕනෑ (නි)
කෙසේවෙතත් හොද වැඩේ... (නි)
මේ නිලධාරියා ක්‍රියාත්මක කළේ ඉහලින් එන නියෝග,රටටම පෙනුනේ වැරැද්ද කළේ මේ නිලධාරියා වගේ. ඒක ප්‍රයෝජනයට අරගෙන අනිත් උසස් නිලධාරින් මෙයාගේ පිට වැරැද්ද දාලා බේරුනා.දැන් ඉතින් කියයි වැරදිකාරයට දඩුවම් දුන්නා කියලා. (නි)
බ්‍රිගේඩියර් බන්දුලගේ කවුරුහරිද කොහෙද? (නි)
සියලු හමුදා සාමාජිකයිනි, මින්පසු කැරලි කෝලාහල වලදී අවි පාවිච්චියෙන් වැළකී ගල් පහරවල් පොලුපහරවල් කමින් තම අවියද දන්දී පණ බේරා ගැනීමට දිව යන ලෙස හෝ තම ජීවිතය හෝ බිලිදීමට තීරණයක් ගන්නා ලෙස ඔබ සිතට ගන්න (නි)
ඔක්කෝගම ගලවන්න ඕනේ (අ)
කාගෙන් කොහොම නියෝග අවත් , ආරක්ෂක අංශයක රාජකාරි කරන ඉහල නිලයක් දරන නිලධාරියෙක් වුණාම වගකීමෙන් වැඩ කරන්නත් තමන්ගේ නියෝග දෙපාරක් හිත බලන්නත් ඕන. හමුදාවන් තුල තියන විනය අනෙක් ආයතන වලට වඩා උසස් නිසා මෙවැනි ක්‍රියාවන් අනුමත කල නොහැක, (අ)
බන්දුල පෙරේරා හිතන්නේ මෝඩ විදියට (නි)
මේකේ තියන බරපතලකම මේ බ්‍රිගේඩියර්වරයාට තේරෙනවද මන්දා? දැන් මෙයාට පිටරට යන එක අවදානමක්. යුද අපරාධ වලට අත් අඩංගුවට ගන්න පුලුවන්. රතුපස් වල ලේ පස්සෙන් එනවා. මෙවා කාට කාටත් පාඩම්.හිටපු නාසි නිලධාරීන් දැන් ඉන්නේ වයස 90 ගනන් වල. ඒත් යුද අපරාධ වලට තාම හොයනවා (නි)
වැරදිකරුවන්ට ආශිර්වාද කරන අය තව ඉන්නවා වගෙයි (අදහස් දැක්කහම පේනවා) (නි)
මෙයාල මොනවා කරන්නද? (අ)
අර බන්දුලගේත් ඔක්කොම ගලවන්න ඕනේ.එත් ලැජ්ජාවක් වත් නැති මනුස්සයෙක්. (අ)
මෙම හමුදා නිලදරු කොටි සටනේදී විශාල සේවයක් කල අයෙක්. අපේ මිනිස්සු අද නිදහසේ ඉන්නේ මේ ගොල්ලෝ නිසා, අපි එම කරුණ හොදට අවබෝධ කර ගත ගත්ත නම් වටී. නමුත් මොහුත් ටිකක් පරෙස්සම් වෙන්න තිබුන. කොටි සෙවනැලි වටේ කැරකෙ ඉද්රියේදී සියලු රණ විරුවම් අපේ සිහල මිනුස්සුගෙන් තමා පරෙස්සම් වෙන්න විය යුතූ වෙන්නේ (අ)
බිගේඩියර් ඔයාට ඒ වෙලාවේ යක වැහිලද හිටියේ. දැන් සනීප නේද?(අ)
හමුදාවේ පරිපාලන ක්‍රමය ගැන දන්නේ නැති අය බොරුවට අදහස් දාන්න එපා. බ්‍රිගේඩියර් තමා අවසාන තිරණය ගන්නේ (නි)
කොහොම වුනත් ඕනෑම හමුදා නිලධාරියෙක් අපේ කොබ්බෑකඩුව මහත්තයාගේ ගුණ ධර්ම වලින් එක මාත්‍රයක්වත් පිළිපදිනවා නම් මෙහෙම විපත් සිද්ධ වෙන්නේ නැහැ. (නි)
ප්‍රශ්නය පිරිසුදු ජලය. ඒත් මේ අයගේ දරදඬු ගතිය නිසා ජීවිත අහිමිවුනා, පරීක්‍ෂණ අවසන්, නිවැරදි බව ඔප්පු වෙලා. නළ ජල ළග එනවා.මේ රටට ජයග්‍රහනය ගෙනදුන් සෙබලුන් කෙරෙහි වෛරයෙන් ඉන්න පිරිසක් ඉන්න බව අපි දනිමු. මේ නැවත කරණ උද්ඝෝෂණය ජලය නොව නීතිය අතට ගැනීමකි (නි)
එතකොට අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන්න කියලා අණ දීපු අයගේ මොනවද ගලවන්නේ? ලංකාවේ හමුදාවත් පොලිසිය වගේ වෙලා ඉවරයි. (නි)
මෙයාලගේ තනතුරු මිසක් පට්ටම ගලවලා නැති නිසා තවම එම නිල වලම ඉන්නවා නේද? (නි)
ගාමිණී කියනවා වගේ හමුදාවේ නීති රීති හා තනතුරු වල වගකීම් පිළිබද මෙලෝ හසරක් නොදන්නා අය මෙහි අදහස් පලකරලා තියෙනවා. (නි)
පිල්ලේ මඩම් ලංකාවේ ඉන්නකම් විතරයි (දී)
මේ කාවද රවට්ටන්න හදන්නේ. (දී)
දඩුවම් කරපු එක හොදයි නමුත් දඩුවම මදියි (දී)
අයියෝ සල්ලි මොකද මේ උනේ
රූකාන්ත ලේඛා නඩුවෙනුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා නේද? (නි)
වැරදි කරන සියලු දෙනාටම තරා තිරමක් නොබලා දඬුවම් දිය යුතයි. ගරු ජනාදිපති තුමනි වැරදි කරන දෙශපලකයන්ටත් අනිවාර්යෙන්ම නීතිමය පියවර ගත යුතුයි.නැත්නම් රටේ නාමයටත් ඔබ තුමාටත් අගෞරවයක තමා සිදුවන්නේ. (අ)
සැබවින්ම සම්බන්ධ වූ අයට දඩුවම් ලැබුණිද? ඉදිරියටත් මෙවැනි දේ බලාපොරොත්තුව පරිස්සමෙන් ඉන්න ජනතාවනි (නි)
අයියෝ............ (දී)
මහජනතාව බලාගෙන ඉන්න නිසා දැනට පටි ටික ගලවන්නමි පස්සේ ඒවට පොලිත් එක්ක දෙන්නමිකෝ කියලා එකගතාවයකුත් ඇති මගෙ හිතේ. (දී)
අවුරුදු ගානක් තිබුණ යුද්ධය ඉවර කරපු අයගේත් පටි ගලවලා සාමාන්‍ය අය කරපු එකේ ඕකත් වැඩක්ද? (ස)
බන්දුල පෙරේරා කියන්නේ අපරාධ වලට සහ ඒවා සිදුකරන්න හට පක්ෂපාති පුද්ගලයෙක්. (ස)
අන්තිමට බ්‍රිගේඩියර්ටත් ෆයර් කරලා (නි)
තරු 4 ක ජෙනරාල් කෙනෙක් ගේ තරු ගලවපු රටේ මේ බ්‍රිගේඩියර් කෙනෙකුයි ලුතිනන් කර්නල්ලා තුන්දෙනෙක් ගැනයි මොන කතාද? (ස)
මොකද මේ හැම දේටම හමුදාව ගෙන්වන්නේ? පොලිසිය පැත්තක. එකත් එකට මේ නිලධාරීන් උතුරේ යුද්ධයට සහභාගි වුණ අය. මම නවසීලන්තේ අවුරුදු 15ක් ඉන්නවා. තාම නවසීලන්ත යුද නිලධාරියෙක් දැකලා නැහැ (නි)
සිංහලයට සියල්ල මතක දවස් 07යි. යූද්ධය දිනුවේ කොහොමද කවුරු නිසාද කියලා අමතක වෙලා. (නි)
තුන්වන පාර්ශවයක් ගැන කිවුවේ එහෙනම්? (නි)