ලෝක රග්බි පිටියේ කීර්තිමත් රග්බි විනිසුරුවරයකු වන දකුණු අප‍්‍රිකානු ජාතික ජොනතන් කප්ලන් මහතා මහනුවර පල්ලෙකැළේ පිහිටි ති‍්‍රත්ව රග්බි පිටියේදී ජූනි මස 1 වැනිදා පැවැත්වෙන මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 69 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජොනතන් කප්ලන් මහතා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ජූනි මස 2 වැනිදා බෝගම්බර පිටියේදී පැවැත්වෙන තරගයේ විනිසුරු ලෙස ද කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවසයි.
පාසල් ශිෂ්‍යයකුව සිටියදීම, 1984 වසරේ රග්බි විනිසුරු දිවිය ඇරඹු ජෙනතන් කප්ලන් මහතා රග්බි ලෝක කුසලාන තරගාවලි තුනක විනිසුරු ලෙස කටයුතු කළ පළමු දකුණු අප‍්‍රිකානු විනිසුරු ලෙස ද ඉතිහාසයට එක්ව සිටියි. ඒ මහතා 1999, 2003 සහ 2007 වසරවල පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලිවල විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ.
කප්ලන් මහතා රටවල් දෙකක් අතර වැඩිම තරග සංඛ්‍යාවක විනිසුරු ලෙස කටයුතු කිරීමේ ලෝක වාර්තාවටද හිමිකම් කියයි. ඒ මහතා ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර පැවැති රග්බි තරග 50 ක විනිසුරු ලෙස කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක තරගයකට විතරක්, කව්ද මේවට වියදම් කරන්නේ. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙයට වියදම් කරනවා නම් අනුමත කිරීමට බැහැ. (නි)
ත්රිත්ව රාජකීය දරුවනේ අපි ලෝකයටම ආදර්ශමත් විදිහට සෙල්ලම් කරමු. (ස)
ඇග සුර ගන්නේ නැතුව සෙල්ලම් කරන්න මෙයාලා. (නි)
මේවට ගෙවන්නේ කව්ද දැන් ? (ස)
එස්. එල් රග්බි විනිසුරුවනි ඔබත් ඉගෙන ගන්න (දී)
රග්බි ලංකාවේ ජනප්‍රිය වේවා! කාලය කා දමන මිනිස් පැය විනාශ කරන ක්‍රිකට් වලපල්ලට යත්වා! (නි)
නිල්මිණි ඔයා නෙමීනේ ගෙවන්නේ ඒ ප්‍රශ්නයක් කර ගන්න එපා . අපිට හොද මැච් එකක් බල්ලන්න පුළුවන් මේ පාර.(නදී)
මේක නෙමෙයි වෙන්න ඕනෑ. අපේ විනිසුරුවන් හොදට පුහුනු කර ජාත්‍යයන්තර මට්ටමට ගෙනෙන්න ඕනෑ. (නි)
මෙතුමා මෙතුමාගේ රග්බි ජිවිතයට සමු දෙනවා සිකුරුයි (දී)