IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය ගුවන් සේවය අවුරුදු කන්න ලංකාවේ

සිංහල අවුරුදුදාට පසුවදාට කොළඹට ගොඩබැසීමට නියමිත බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සමාරම්භක ගුවන් යානාවේ නියමුවා ශ්‍රී ලාංකිකයකු බව වාර්තාවෙයි.  ලොව විශාලතම ගුවන් සමාගමක් වන බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නියමු කපිතාන් කිරන්මැදිවක මේ නියමුවායි. අප්‍රේල් 15වැනිදාට කොළඹට පැමිණෙන එම ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සභාපති කීත් විලියම්ස් සමඟ එම සමාගමේ විධායක නිලධරයන් පස් දෙනකු ද බ්‍රිතාන්‍ය සංචාරක මාධ්‍යවේදීන් 30 දෙනෙක් ද  එතියි කියති. බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් හට  සතියක සංචාරයක් ද ශ්‍රී  ලංකාවෙන් සංවිධානය කරයි. 

එම ගුවන් යානය ලංකාවට එන්නේ දස වසරකට පසුය.

ලොව ප්‍රධාන පෙළේ  ගුවන් සමාගමක සභාපති මේ චාරිකාවට එක්වීමෙන් ශ්‍රී ලංකාවට පියාසර කිරීම සඳහා  අවස්ථාවක් ලැබීම බ්‍රිතාන්‍ය ගුවන් සමාගම කොතරම් වැදගත් ලෙස සලකනු ලබනවාදැයි පෙනී යන බව මේ පිළිබඳව පළවී ඇති බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කියයි.

බ්‍රිතාන්‍ය ගුවන් සේවය මෙලෙසින් ශ්‍රී ලංකාවට යළිත් වරක්  සිය ගුවන් ගමන් ආරම්භ කරනුයේ දිගු නිහැඬියාවකින් පසුවය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවතී යුදමය වාතාවරණය නිසා ලන්ඩන් නුවර සිට කොළඹ දක්වා කලින් පවත්වාගෙන ගිය ගුවන්ගමන් සියල්ල නවතාදැමීමට බ්‍රිතාන්‍ය  ගුවන් සේවයට සිදුවිය. අලුතින් ආරම්භ කෙරෙන කාල සටහනට අනුව සතියකට තුන්දිනක් මෙම ගුවන් ගමන් වාර ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපළේසිට මාලදිවයිනේ මාලේ නුවර හරහා කොළඹට ගමන්කරනු ඇත. 

මේ සඳහා නවීන  බෝයින් 777 වර්ගයේ අධිසුකොපභෝගී ගුවන් යානාවක් යොදා ගැනේ. දුර ගමන් සඳහා නිමවා ඇති එම යානයේ පළමු පන්තියේ මගීන් සඳහා සකස්කර ඇති ආසනය සැප පහසු අන්දමට නිදාගත හැකි ඇඳක් ලෙසද සකස්කරගැනීමේ හැකියාවෙන් යුක්තය. 

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් අතරින් බ්‍රිතාන්‍ය  දෙවැනි තැනට පත්වී සිටී. මේ නිසා එවන් වැදගත් වෙළඳ පොළකට  නැවතත් ඇතුළුවී ගුවන් මගීන් සඳහාඉහලම පහසුකම් සමඟ තරඟකාරී සැපයුමක් ලබාදීම තමන්ගේ අභිප්‍රාය බව බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ කළමණාකාර අධ්‍යාක්ෂ සිලා මයිසෙයි පවසන්නීය. 

ශ්‍රී ලංකාවෙන් අලුතෙන් විවෘත කෙරෙන මත්තල ගුවන් තොටුපළට තම ගුවන් යානා ගෙනයන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට ඇය කියා ඇත්තේ ඒ ගැන තවමත් තීරණයක් ගත නොහැකි බවයි. මත්තල ගුවන් තොටුපළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූ පසුව මේ ගැන සළකා බැලිය හැකිබව ඇය කියන්නීය.

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය ගුවන් සේවය අවුරුදු කන්න ලංකාවේ

අමිල කටුනායක Sunday, 10 March 2013 06:43 PM

ආඩම්බරයි. (නි)

:       0       0

චන්දන Sunday, 10 March 2013 06:49 PM

ආශ්චර්යවත් ආරම්භයක්! (නි)

:       0       0

එම් ආරියරත්න Sunday, 10 March 2013 07:16 PM

සුභපැතුම් (අ)

:       0       0

කමල් Sunday, 10 March 2013 07:43 PM

මාල දිවයින හරහා නේද එන්නේ, සංචාරකයින්ට එකේ බහින්න දෙන්න එපා(නු)

:       0       0

අනුර Sunday, 10 March 2013 07:43 PM

මගෙනුත් සුභ පැතුම්! හරිම ආඩම්බරයි.. ඔබ ගැනයි අපේ රට ගැනයි.....!(නු)

:       0       0

අතුල බර්නාඩ් Sunday, 10 March 2013 07:55 PM

ආඩම්බරයි මහත්මයාණෙනි..!(නු)

:       0       0

සුසන්ත Sunday, 10 March 2013 08:03 PM

ඉතාමත්ම සතුටුදායක ආරංචියක්. (නු)

:       0       0

රුහුණුපුත්‍ර Sunday, 10 March 2013 07:58 PM

ඉතාමත්ම සතුටුදායක ආරංචියක්. යුද්දය පැවති කාලෙත් බ්‍රිතාන්‍ය සංචාරකයන්ගෙන් විශාල පිරිසක් වෙන ගුවන් යානා මගින් ලංකාවට අවා. ඔවුහු කවුරුත් සාමාන්‍ය පුරවැසියෝ. එල්ටීටිය ත්‍රස්තයන් පවා එය දැනගෙන හිටියා. යම් ලෙසකින් ඊට බාධා කළානම්, එයට බ්‍රිතාන්‍යය තුළ ඔවුනට ප්‍රතිචාර ලැබෙන බව ඔවුන් දැනගෙන හිටියා. එම නිසා සංචාරකයන්ට ඔවුන් පවා බාධා කලේ නැහැ. යුද්දයෙන් පසු වකවානුවේ තංගල්ලේ කළ වින්නැහිය(බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයා මරා දැමීම) මොනතරම් රටට කළ අවමානයක්ද? මෙවන් දේ සිදුවන්නට ඉඩ තබන්න එපා. (නු)

:       0       0

අනුර සිල්වා Sunday, 10 March 2013 07:59 PM

සුභ පැතුම්... ලාංකිකයන්ට ආඩම්බරයක්....!(නු)

:       0       0

හේරත් එස් Sunday, 10 March 2013 08:04 PM

අපෙන් ආචාරය..... සුභපැතුම්....(නු)

:       0       0

දමිත් Monday, 11 March 2013 04:32 PM

සන්තෝසයි (දී)

:       0       0

අරුණ ශාන්ති විජේතුංග Sunday, 10 March 2013 08:20 PM

අපි කැමතියි සාදරයෙන් පිළිගන්නවා (අ)

:       0       0

ඇන්ටන් Sunday, 10 March 2013 08:26 PM

ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි. (නි)

:       0       0

උදාර Sunday, 10 March 2013 08:42 PM

සතුටුයි (දී)

:       0       0

සම්පත් Sunday, 10 March 2013 08:52 PM

හැබැයි අපේ ශ්‍රී ලංකන් ගුවන් යානා කෙළින්ම ලන්ඩන් යනවනේ. (නි)

:       0       0

හිල්මි Sunday, 10 March 2013 08:55 PM

ලෝක ප්‍රසිද්ධ ගුවන යානා කොළඹටත් ආවොත් නම් නියමයි. (නි)

:       0       0

නයනා Sunday, 10 March 2013 09:04 PM

ප්‍රවෘත්තිය හොදයි. නමුත් ඒ ගුවන් යානා එතරම් සැපපහසු නැහැ වගේ නේද? (නි)

:       0       0

අශේන් Sunday, 10 March 2013 09:12 PM

සාදරයෙන් පිලි ගන්නවා, අපේ රටට (දී)

:       0       0

අජිත් Monday, 11 March 2013 05:18 PM

රටවල් දෙක අතර සමගිය වැඩි වෙන්න කාරනාවක් (දී)

:       0       0

චන්දන Wednesday, 13 March 2013 09:19 PM

ලාංකික දෙරණට ඔබ ආඩම්බරයක්! (නි)

:       0       0

රුක්ෂාන් Sunday, 10 March 2013 10:14 PM

කොළඹට විතරක් ආවොත් මදෑ. (නි)

:       0       0

පිටිගල Sunday, 10 March 2013 11:08 PM

මත්තලට ආවා නම් හොදයි. (නි)

:       0       0

උදය Monday, 11 March 2013 06:49 PM

අපි එකට අවුරුදු කමු (දී)

:       0       0

කොස්වත්ත Monday, 11 March 2013 12:46 AM

බ්‍රිතාන්‍ය ගුවන් සේවය සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

රොෂාන් Monday, 11 March 2013 01:15 AM

හරිම සතුටුයි. එයාලට ලංකාව නැතුව ඉන්නම බැහැ ව‍ගේ. මොනවා වුණත් අපි සාදරයෙන් පිළිගන්නවා. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Monday, 11 March 2013 01:46 AM

පැහැදිලි සිංහලෙන් ලියලා තියෙද්දීත් කපිතාන් ලාංකිකයෙක් කියලා නීලා මොනවා අහනවද ආයෙත්. (නි)

:       0       0

රෝහිත Monday, 11 March 2013 02:05 AM

නියමයි. ඊළග පාර මම ලංකාවට එන්නේ මේකේ තමයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 11 March 2013 12:56 PM

අනන් මනන් වැඩක් නැහැනේ. අපේ සුභ පැතුම්! (නි)

:       0       0

රන්ජන් Monday, 11 March 2013 12:57 PM

කපිතාන් කෙනෙකුට ස්ට්‍ර්යිප් හතරක් තියෙනවා. මෙයට තියෙන්නේ පටි තුනයි. (දී)

:       0       0

මර්කස් Monday, 11 March 2013 02:44 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ආශා Monday, 11 March 2013 03:11 AM

ලංකාවට ඔබව ආදරයෙන් පිලි ගන්නවා (දී)

:       0       0

ගිම්හානි Monday, 11 March 2013 01:12 PM

ලක් පුතුනි, ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

චින්තක Friday, 15 March 2013 01:21 PM

නියමයි. හොද වැඩක්. (නි)

:       0       0

හිරාන් Monday, 11 March 2013 01:41 PM

ලංකාවේ 99.9%ක් ඉන්නේ හොද මිනිස්සු. මොනවා වුණත් ලංකාව කියන්නේ ලෝකයේ කොහේ ගියත් නවතින්න හොදම තැන.ඒ අතින් අපි වාසනාවන්තයි. (නි)

:       0       0

දයාවංශ Wednesday, 13 March 2013 05:08 PM

ලංකාවට බ්‍රිතාන්‍යයෙන් මල් වැස්සක්. (නි)

:       0       0

සම්පත් Monday, 11 March 2013 10:13 PM

අපි එකට අවුරුදු කමු (දී)

:       0       0

චන්දිම Monday, 11 March 2013 08:41 AM

මේ රටේ අය ඔය මිනිස්සුන්ටත් හිරහැර කරලා රටට අවනම්බු කරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

පද්මා Monday, 11 March 2013 08:42 AM

නියමයි. තරගය නිසා හොද සේවයක් ලබාදෙන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

නීලා Sunday, 10 March 2013 05:34 PM

මේ නියමුවා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නේද?(නු)

:       0       0

ලලිත් දෝහා Sunday, 10 March 2013 05:36 PM

වාසනාවන... මංගල ගමනය සිංහයෙක් නියමුවා වීම වාසනාවක්... ලංකා මාතාව ලෝකයේ ඉහලින්ම දිලේවා...!(නු)

:       0       0

රසික ඩුබායි Sunday, 10 March 2013 05:52 PM

ගොඩාක් ආඩම්බරයි (අ)

:       0       0

වන්නි Monday, 11 March 2013 02:53 PM

බ්‍රිතාන්‍ය ගුවන් සෙවාව සාදරයෙන් පිළිගනිමු ... (දී)

:       0       0

මොහාන්.. Sunday, 10 March 2013 05:48 PM

ආඩම්බරයි ලක් පුතුනි... ඔබට බුදුසරණයි... බ්‍රිතාන්‍ය ගුවන නැවත සාදරයෙන් පිළිගනිමු...!(නු)

:       0       0

කැලුම් Thursday, 14 March 2013 07:54 AM

දෙරට අතර සහයෝගය වර්දනය කර ගන්න පුළුවන් (දී)

:       0       0

හේමන්ත Sunday, 10 March 2013 06:02 PM

සුද්දොත් අවිත් කිඹුල් බනිස් කයිද දන්නේ නෑහැ. (අ)

:       0       0

කුරුවිට Monday, 11 March 2013 09:19 AM

බොහොම ස්තූතියි. (නි)

:       0       0

zeylanicus Sunday, 10 March 2013 06:20 PM

කුමන්ත්‍රණකාරයෝ ආපහු මොන එකකට ගන්නවාද දන්නේ නෑ (අ)

:       0       0

අතපත්තු Sunday, 10 March 2013 06:26 PM

ලාංකිකයෙක් වීම මොන තරම් ආඩම්බරද (අ)

:       0       0

පී.ඩී.ගුණවර්ධන Sunday, 10 March 2013 06:28 PM

තෙරුවන් සරණේ පිහිටෙන් ඔබටත් ඔබ සැමටත් අපේ රටේදි ඔබ ව්‍යපාරය දියුණු කර ගැනිමට හැකියාව ලැබේවා..!(නු)

:       0       0

නිරේෂ් Sunday, 10 March 2013 06:38 PM

අපිට ගොඩක් සතුටුයි... ලංකාවෙ කෙනෙක් උසස් තැනක ඉනනවාට දෙවි පිහිටයි..!(නු)

:       0       0

අනුෂ් Sunday, 10 March 2013 06:44 PM

මීට වඩා හොඳ නැද්ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලන්ඩන් ගමන් වාර වැඩි කරලා එන සංචාරකයො ඒ හරහා ගෙන්න ගත්තා නම්. (නි)

:       0       0

නවෝදා Sunday, 10 March 2013 06:42 PM

ලංකාව දියුණුවෙන් දියුණුවට පත් වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 0 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1092 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 148 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 141 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 433 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1116 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site