2014 සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහොය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ මෙන්ම ලෝක වාසී සියලුම බෞද්ධයින් වෙත තම සුභාශිංසනය පුද කරන බව වෙසක් පුන් පොහොය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියයි.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ ජනක අලහප්පෙරුම පවසනුයේ තම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස බ්‍රිතාන්‍ය අගමැති මේ සුභ පැතුම් එක් කළ බයි.
2009 එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ගෝර්ඩන් බ්‍රවුන් ප්‍රථම වතාවට වෙසක් පණිවිඩයක් නිකුත්කළ බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන සියලුම බෞද්ධයින් වෙනුවෙන් ඔබතුමා කර ඇති සද්ක්‍රියාවට ස්තුතියි. බෞද්ධයින් එංගලන්තයේ ඉන්නා බවට පෙන්වාදීමට ගත් උත්සාහයට ගරු කරනවා. (නි)
වැකෝ, ලංකාවේ ඉන්න උදවිය කොහොමද ? පිටරට ඉන්න අයටත් වඩා හොඳ හොඳ ලෝක වල නේ. බදු හොරකම් කරගෙන, රත්රන් බඩු සාප්පු කඩා ගෙන, බැංකු මංකොල්ලකාගෙන , පගාව දීගෙන, වර්ජන කරගෙන මොන සැපක් ද ? (ස)
ආ.., අමතක උනා. සමහර ලොකු ලොකු නිලධාරීන් තම තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගන්නවා. තේකොලත් හොඳ බිස්නස් එකක්නේ. (මුදී)
ලංකාවට ආදරේ තියෙන ජනක අලහප්පෙරුම වගේ නිල නොලත් තානාපතිවරු රාජතාන්ත්‍රික වැඩ කරනවා. අසරණ ජනතාවගේ බදු මුදල්වලින් පඩි ගන්න රාජතාන්ත්‍රික නිලධාරීන් අවුරුදු උත්සව වල පහන් පත්තු කරනවා, තෑගි දෙනවා, පන්සල් වල උත්සවවලට යනවා, දරුවන්ට උගන්න ගන්නවා . ලංකාවට ජය ශ්‍රී (මුදී)
නෝනිස් ආවට පස්සේ කැමරොන් ගේ ආණ්ඩු පක්ෂෙයි මිලිබෑන්ඩ් ගේ විපක්ෂෙයි දෙකම ලංකාවට විරුද්ධ වෙලා. පාර්ලිමේන්තුවේ රාජපක්ෂලාව පතුරු ගහනවා. අපි වෙනුවෙන් කතා කරන්න හරි හමන් එකම මන්ත්‍රීවරයෙක් නැහැ. වෙසක් දානය? (ස)
ලන්ඩනයේ කොටි ලංකාවට විරුද්ධව හොඳටම වැඩ. 22 දා පැවැත්වෙන යුරෝපා සහ පළාත් පාලන මැතිවරණ වලට කොටි සාමාජිකයෝ ඉදිරිපත් වෙලා. ලංකාවට පක්ෂ එකම මන්ත්‍රීවරයාත් හෙට අනිද්දම නැති වෙනවා. මේගොල්ලෝ හොඳටම නිදි. කරන්න ඕනේ ඒවානේ? (ස)
විදෙස්ගතව සිටින බොහෝ සිංහලයන් මවා ගත්තු ලෝකවල ජීවත් වෙන්නේ . පිටරටදි කතා කරන්නේ සිංහලෙන්.ලංකාවේදී ඉංග්‍රීසි වලින්. (ස)
මට නම් මේ මහත්තයාගේ සුභ පැතුම් පිළිගන්න බැහැ (නි)
කව්රු හරි ඉන්නවද මේක අධිරාජ්‍යවාදින්ගේ කුමන්ත්‍රණයක් කියල කියන. (ස)
කොච්චර හොදද? එස් එම් එස් එකකුත් එව්වනම් නියමයි. (අ)
22 වෙනිදා පැවැත්වෙන යුරෝපා මැතිවරණයට ඊස්ට්හැම් වලින් එල් ටී ටී ඊ කණ්ඩායම නියෝජනය කරන අපේක්ෂකයෙක් නව ලිබරල් පක්ෂයෙන් තරඟ වදිනවා. ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන ඔහු බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇති එල් ටී ටී ඊ නිල ලාංජනය සිය ප්‍රචාරක කටයුතු වලට යොදා ගෙන තියෙනවා.තානාපති කාර්යාලය මේ බවක් දන්නවාද? ඒ ගැන කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තියෙනවාද? නැත්නම් එකත් අලහප්පෙරුම වගේ අය කරන කල් බලා ඉන්නවාද? මේවා තමා ප්‍රශ්න. (ස)
සමරේ, පාලකයින්ට බෞද්ධයෝ ඉන්නා බව පෙන්වා දීම වරදක් නොවේ නේද? ක්‍රිස්තියානි රටක, ක්‍රිස්තියානි දේශපාලකයින්ට ඉතා සුළුතරයක් වූ බෞද්ධයන්ගේ උත්සව දින වකවානු පිළිබඳව වැටහීමක් නැහැනේ. (ස)
එංගලන්තේ වගේ රටක වෙනත් රටවලින් ගොස් පදිංචි වූ විශාල බෞද්ධ ජනතාවක් හිටියත් ඒ අය බ්‍රිතාන්‍ය ජනතාව, දේශපාලන සහ රාජ්‍ය පාලනය සමග නිසි ලෙස සමාජ ගත නොවීම නිසා පාලකයෝ බෞද්ධ ජනතාව ගැන තොරතුරු නිවැරදිව දන්නේ නැහැ. පාලකයින්ට බෞද්ධ ජනතාව ඉන්නා බව මතක්කර දීම සම්බන්ධව බ්‍රිතාන්‍ය සංසදයේ අලහප්පෙරුම මහතාට බෞද්ධ ජනතාව ස්තුති කල යුතුයි. මේවා තානාපති කාර්යාල, බෞද්ධ පන්සල්, හාමුදුරුවරු කල යුතු වැඩ. (ස)
මේ බුදු දහම ගැන හිතලවත් මීට පස්සේ අපි වගේ පොඩි රටවලට කරදර නොකර ඉන්නවනම් ලොකු දෙයක්. (ස)
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයට මගේ සුභ පැතුම්. මේ පිරිස මම හඳුනනවා. ඉතාම විශිෂ්ට සේවාවක් රටට, ජාතියට කරන බව එංගලන්තේ හැමෝම දන්නවා. උගත් දක්ෂ පිරිසක් ඔවුන් සමග ඉන්නවා. ශ්‍රී ලංකා තානාපති සේවයත් මේ අය ආදර්ශයක් කරගෙන රටට සේවයක් කරන්න පුරුදු වෙන්න. අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් අපරාදේ නැතිනම්. (ස)
මේවා ලන්ඩනයේ පන්සල්, තානාපති කාර්යාල වල අය කලයුතු වැඩ. පන්සල් වල පින්කම් කරනවා, ධර්ම ප්‍රචාරයක් නැහැ. තානාපති නිලධාරින් උත්සව වල පහන් පත්තු කරනවා රාජතාන්ත්‍රික කටයුතු නැහැ. බ්‍රිතාන්‍ය සංසදය මේ දෙකම කරනවා වගෙයි පෙන්නේ. ජයවේවා! (ස)
ඉල්ලගෙන සුබපතාගන්නත් අපේ කට්ට්ය පුරුදු වෙලා! (ස)