සිය බිරිය පුළුස්සා මරා දැමු සැමියකුට පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (05) මරණ දඩුවම නියම කළාය.
1992-05-21 වැනිදා පිළියන්දල දොලේ කනත්තේදී දීපා දිලානි වෙල්ලාල මාරා දැමී යැයි වරඳකරු වුයේ මැක් ලින්කන් ප්‍රනාන්දු හෙවත් රොබින් නම් පුද්ගලයෙකි.
මරණ දඬුවම නියම කිරීමට පෙර ඔහු කියා සිටියේ මරා දැමීමට තරම් බිරිය සමඟ ප්‍රශ්නයක් නොතිබු බවයි. අසත්‍ය චෝදනා තමාට එරෙහිව ඉදිරිපත් වී ඇතැයිද ඔහු කීවේය.
තමාගේ නිර්දෝෂිභාවය පුතා දන්නා බවත් ඔහු කීවේය.
තමා දැන් විවාහ වී දරුවකුද ඉන්නා නිසා අනුකම්පා කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කින් බෙනට්, ඔබ හරි.යුක්තිය ඉටුවීම ගැන ගම්වාසීන් නම් ඉතාම ගෞරවයෙන් ඉන්නේ රටේ, අධිකරණ ගැන ඔය වගේ කතා කියන්න පුළුවන් එකම කෙනා බන්දුල පෙරේරා විතරමයි. (නි)
""කුමට එරට අධිකරණය ,නීතිය සහ විනිසුරන්?"" (නි)
අනේ බන්දුල ගෙදරට වෙලා පොරවාගෙන නිදගත්තනම් මෙයිට වඩා හොඳ නැද්ද?(නදී)
ලංකාවේදී මිනි මරණ එක සුළු දෙයක්වෙලා. දඩුවම් ලැබෙනවානම් ලැබෙන්නෙත් අවුරුදු 20 ක් වත් ගත්වුනාට පස්සෙනේ. ලංකාවේ අධිකරණය, විනිසුරුවන්, නිතිඤයෝ ගැන හිතාගන්න පුළුවන්නේ. (නදී)
බන්දුල පෙරේරා, රතුපස්වල හමුදා මෙහෙයුම පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා වැරදි කරුවන් වග. ජනතාව මර්දනය කරන්න කාටවත් අයිතියක් නැහැ. විසුරුවා හරින්න විකල්ප ක්‍රම ඕ නෑතරම් තිබෙනවා. පළමුව මාධ්‍ය වේදීන්ට අසික්කිත ලෙස බැන වැදී කැමරා ආම්පන්න පොඩිකර, ඔළු පලලා තමයි පටන්ගත්තේ. දේවස්ථානයේ සිද්දියත් එසේමයි. අහිංසක ශිෂ්‍යයින් බිලිගත්තේ. ජනමාධ්‍ය වේදීන් ගුටි කාගෙන, ඔළු පලාගත්තේත්, ආණ්ඩුව පෙරලන්න නෙමෙයි බීමට තිබෙන ජලය අපවිත්‍ර වීම ගැන පැමිනිලි කරලත් කිසිම ප්‍රතිචාරයක් නිසි බලදාරීන් නොගත්ත නිසයි. එතකොට බන්දුල. කියන්නේ, මේ සෑම ප්‍රශ්නයක්ම ජනතාවට විදගෙන වැරදි කරුවන් නිදහසේ ජනතාවගේ ඔලු උඩ කරනම් ගහන්න ඉඩදීලා මේ රටේ ඉපදුන පලියට කටවහගෙන ඉන්න කියලද?(නදී)
ලස්සන බෝඩ් එක. ඒ පොටෝ එක හුගක් වටිනවා මේ ප්‍රවෘත්තියට.(නදී)
අන්න බන්දුල පෙරේරා මෝඩ කතාවක් කියනවා.තමන්ගේ ප්‍රශ්න වලට විසදුම් නැති වෙලා ඉල්ලීම් දිනා ගන්න පාරට බහින්නේ නැතුව ගෙදරට වෙලා පොරවගෙන නිදා ගන්නද?අනික ඒ මිනිස්සුන්ගේ සාධාරන ඉල්ලීම් වලට කවුරුවත් ඇහුම්කම් දුන්නද?බන්දුලටත් ඔයවගේ දෙයක් වෙන්න ඕනෑ මොලේ පෑදෙන්න (නි)
මොන දඩුවම්ද?ජීවා, ගොළුමඩම නඩුව තාම යනවා. සැකකරු තාම රිමාන්ඩ් ඉන්නේ (නි)
බන්දුල පෙරේරා , රතු පස්වල කට්ටියට නම් දඬුවම් ලැබිලා නේද? පටි ගලවලා තනතුරු වලින් ඉවත් කරලා. (නි)
ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය මේ නඩුවෙන් හොදහැටි පේනවා. උසාවි කාර්යක්ෂම නොවී මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ. (නි)
බන්දුල පෙරේරා, ඔහේ දන්නේ මොනවද? .අවම බලය යෙදවීම ගැන දන්නේ නැද්ද? ප්‍රජාත්‍රන්තවාදය ගැන දන්නේ නැද්ද? (නි)
මට ප්‍රශ්නයක් මතු උනා. බිරිද මරලා අවුරුදු 21 ක්. එතකොට නඩුවත් අවුරුදු 21 ක් තිබුනා. දෙවෙනි බිරිදක් සහ ළමයි දෙන්නෙක් ඉන්නවාලු. ඒ කියන්නේ මෙයා මිනියක් මරලා නිදහසේ ජිවත් වුන කෙනෙක් . ඔන්න අපේ ලංකාවේ හැටි. (මරණ දඩුවම දුන්නට / මරන්නේ කොහොමද / එල්ලුම් ගහ නැහැ නේ ).(නදී)
රුපවති ඔයාගෙන් මොකෝ ප්‍රතිචාර නැත්තේ.(නදී)
කට්ටියට මාව නිතරම මතක් වෙනවා නේද..?කොහොම උනත් මේ මනුස්සයට දඩුවම් ලැබුනා. ඒ වුනාට අර රතුපස්වල මරණ වලට වග කිවයුතු පාරවල් වල හට් ගහපු හමුදාවට පහර දෙන්න මිනිස්සු පොලඹවපු අයට කිසි දඩුවමක් නැහැ..අඩු ගානේ කාවවත් අත් අඩංගුවටවත් අරන් නැහැ. හමුදාව පිටින් සිදුවීමේ වගකීම දාලා ඒ ඔක්කොම නිදහසේ ඉන්නවා.. ඩුවම් උසාවි නීති ඔක්කොම හමුදාවට පමනයි. මේ පාහරයෝ ටිකත් අල්ලලා මරණ දඩුවම දෙන්න ඕන අනිවාර්යයෙන්ම.(නදී)
ගොළුමඩම හන්දියේ ළමයි දෙන්නයි, බිරිඳයි මරපු කෙනාගේ නඩුවට මොකද වුණේ? නිදහස් කරලද? (නි)
මේවා දේශපාලනයවත් කළා නම්? (නි)
මරණය සිදුකර අවුරුදු 21කට පසුව ඒ වෙනුවෙන් මරණ දඬුවම් තීන්දුව ලබා දෙනවා නම් අපේ රටවල්වල තීන්දු තීරණ ගැනීම ලේසි පහසු කාර්යයක් නොවන බවට ඇති හොඳ උදාහරණයන් නොවේද ? ඉතින් මරණ වේගය අඩුවේද මං අහන්නේ ?? (නි)
බන්දුල පෙරේරා රෝහණ සල්ගාදු නමින් ප්‍රතිචාරයක් දාලා වගේ ... (නි)
ඔය මිනිහට කියන්න තිබුනේ කිසිම දෙයක් මතක නැහැ කියලා. මොකද වෙන්නේ බලන්න.(නදී)
වරුණ.ඔය ටික තේරුම් ගන්න බැරි අය කොච්චර ලංකාවේ ඉන්නවද?(නදී)
කෝ අර අදහස් දාන වීරලා. (නි)
ප්‍රමාද වෙලා හරි නියම දඬුවම ලැබිලා තියෙනවා. දැන් කරපු වැරැද්ද චිත්‍රපටියක් බලනවා වගේ පෙනෙන්න ගනියි (නි)
වරුණගේ වැදගත් අදහස් සමග අපි එකගයි (නි)
මේ සිද්දිය උනේ මගේ මහ ගෙවල් වලට ඉතාම කිට්ටුව මම මේ මිනිහා වත් හොඳට දන්නවා ගමේ අයත් දන්නවා මිනිහගේ හැටි. ඒ ගැහැණු කෙනා ඉතාම සීලාචාර කෙනෙක්. කෙසේ හෝ ප්‍රමාද වී හෝ යුක්තිය ඉටුවීම ගැන ගම්වාසීන් නම් ඉතාම ගෞරවයෙන් ඉන්නේ රටේ අදිකරණ ගැන. මොකද තවත් මේ වගේ කරන අයට දැනගන්න කවදා හෝ දඬුවම් ලබෙන බව. රජකම් කලත් කළකම් පලදේවි.(නදී)
වෙල්ලාල හෝ බ්‍රාහ්මණ කියලා නීතිය වෙනස් වෙන්න බැරි වුනත් වරදකරු බව නීතිය ඉදිරියේ සැකයෙන් තොරව ඔප්පුවී තිබේනම් මෙයයි විය යුත්තේ. නමුත් තීන්දුව දෙන්න මෙපමණ ප්‍රමාද වීමෙන් මේ පුද්ගලයා සැබැවින්ම නිවැරදිකරුවෙක් නම් එය මේ රටේ යුක්තිය පසිඳලීම පිළිබඳ විශාල ගැටළුවක් වගේම එයින් චූදිත පාර්ශවයට බරපතල අසාධාරණයක් සිදුවෙනවා.(නදී)
පිළියන්දල බිරිය මරලත් එල්ලුම් ගස් යනවා මෙහෙ 3,ක් 4ක් මරලත් කිසි ගින්නක් නැතුව මුකුත් මතක නැහැ කියල ඔහේ චූන් එකේ ඉන්නවා.(නදී)
ඇත්තටම මේ මිනිහා අහිංසකයෙක් නම්.(නදී)
සකල දෙවියනේ, අවුරුදු 21 ක් ගතවෙලා නඩුවට. ඒ කාලය තුලම මේ මනුස්සය රිමාන්ඩ් එකේද හිටියේ? අහෝ යුක්තිය! අනේ මහජන මුදල්! (නදී)
මේ වගේ අය මරන්න ඕනෑ ගල් ගහලම තමයි. (නි)
කිසිම අනුකම්පාවක් සමාවක් ඔබට නැත.(නදී)
තීන්දුව දෙන්න මෙච්චර හදිස්සි වෙලා තියෙන්නේ මොකද ? (නදී)
අනුකම්පා නැහැ.(නදී)