බිරියට පහරදී සිරුරට භූමිතෙල් දමා පුළුස්සා තුන් මාසයක් තිස්සේ ගොඩ වෙදකම් කරමින් නිවසේ සිරකරගෙන සිටි දෙදරු මවක රෝහල් ගත කළ බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
ඇගේ දකුණු අත දරුණු ලෙස ආබාධිත තත්ත්වයට පත්ව ඇතැයි රෝහල් ආරංචි කියයි.
කහටගස්දිගිලිය මහමස්සැල්ලාවැව පදිංචි 33 හැවිරිදි මෙම කාන්තාව මහියංගනයේ සිට පැමිණ සැකකරු සමග විවාහ වී ඇති අතර එම කාන්තාවට ඇගේ පළමු විවාහයෙන් අවුරුදු පහක දරුවකු ද සැකකරුට දාව මාස 11ක දරුවකු ද සිටින බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යා, ආසියාවේ ආශ්චර්ය කියලා ඔයා මොකක්ද කියන්න හදන්නේ? කාටද මේ දොස් කියන්නේ? රජයටද? ජනාධිපතිතුමාටද? රටේ අය අපරාධ කරනකොට ඒවාට ජනාධිපතිතුමද වග කිව යුත්තේ? (නි)
මමනම් කියන්නේ සෑම කාන්තාවකටම ..මේ රට දුවන හැටියට විවාහ නොවී තනියම ජීවත් වෙයල්ලා ..සුර සැප බලාගෙන විවහවෙනවා තියන සේසතම උගසට තියල මගුල් කනවා ..හොරෙන් යනවා කොහොම වෙලා හරි මිනිහගෙන් ..ජීවිතේ නොවිදපු දුක් ගැහැට විදලා..ඉන්න දරුපටියාවත් දුඋෂණය කරගෙන මහා පාරට බහිනවා ...?කසාද නොබැද තනිවම ජීවිතේට ශක්තිමත්ව මුහුණ දෙන හැටි ..කාන්තාවක් හැටියට ඉගන ගනිල්ලා කෙල්ලනේ කරාටේ පන්ති පලයල්ලා කෙල්ලනේ කසාද බදිනවානම් .ගැහුවොත් කොන්දම කඩල, ජීවිත කාලෙම උගේ අසුචි කුණු ඇදල ජීවත් කරපල්ලා පව් ගෙවෙන්න ..?අපේ කාලේ හොද ස්වාමිවරු හිටියට දැන් ඉන්නේ යම පල්ලෝ ? කාන්තාවක් හැටියට අපේ රටේ ඉන්න ගැහැණු ගදවිල්ලෝ වගේ .. මිනිහට දෙයියන්ට වගේ සලකනවා ...?ඒක බැල්ලියකුටත් වඩා අන්ත විදියට සලකන්නේ තම භාර්යාවට..ගැහැණිය ශක්තිමත් වෙයල්ලා ..තමන්ගේ ආදී පත්ය දිනා ගනිල්ලා.. පස්සට යන්නැතිව ...? (අ)
චාන්දී ඔබගේ කතාව හරි (අ)
මට පෙනෙන්නේ මෙයා විජේසිංහගේ නෝනම තමයි. රූපවති, ඔයා හොදට කසාදයක් කරගෙන අනිත් අයට බදින්න එපා කියනවා. සමහරු පිට රටවල ගියත් ඒ රටවල හොද දේවල් නෙමෙයි ගන්නේ. පුරුෂාධිපත්‍යය! (නි)
ආසියාවේ ආශ්චර්ය අපරාධ වල වර්ධනය හා කෘරත්වයේ අසමානත්වය තුල කෙමෙන් මෝරමින් වැඩෙනවා. අන්තිමට කරපු තොවිලයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. (නි)
හරිම සංවේදී ප්‍රවෘත්තියක් (නි)
අසෝක මාමේ ..ඔයා කියනදේ මට තේරෙනවා අපි විවාහ උන අපේ මිනිසුන්ට මෙහෙම වෙන්නත් ?මේ දැන් අවරුදු 10ක් ..15ක් ..දුර ඊයේ පෙරේද ..දැකපුව සිදුවෙන දේවල් අපිට කියවන්නත් බයයි ඇයි ඒ..? කොහේ හරි වැරදිලා මොකක්ක්දෝ ..? කියන්න තියෙන්නේ ..ගැහැනියකට ජීවිතේ ආරක්ෂා කර ගන්න නම්..ඔය මම කීව දේවල්ම තමයි අදට ගැලපෙන්නේ ...?පාන්ශකුලේට සියල්ල සුදානම් කරලා තමයි දැන් මිනිහෙක් එක්ක දීග යන්න වෙලා තියෙන්නේ...?කොහොමද මිනිසුන් මෙහෙම නපුරු උනේ දෙවියනේ ...? (දී)
ජිවන මං පෙතේ අතරමං වූ අහිංසක අම්මා කෙනෙක්. ලංකාවේ කාන්තාවකට සැමියාගෙන් වෙන් වෙලා තනිවම ඉන්න කරම් පරිසරයක් නැහැ. ඒවාට පිළියම් සොයන්න තව බොහෝ කල් යයි. (නි)
රූපවති අක්කේ, ගමේ දුෂ්කර පළාත්වල ජීවත් වන කාන්තාවන් බහුතරයක් මේ වගේ හිරහැර වලට මුහුණපානවා. බොහෝ අය 2 වන කසාදයෙදී සැමියාගෙන් බරපතල අඩත්තේට්ටම් වලට ලක්වෙනවා. පළමු සැමියාගේ දරුවන් හිටියොත් ඒ දරුවන් පවා ගොඩක් ගැටලුවලට මුහුණ පානවා. සමහර පුවත් කියවීමට පවා නොහැකියි. ඒ තරමට වේදනාකාරියි. (නි)
අනේ මෙහෙමත් කාල කන්නී මිනිස්සු මේවගේ අයට ගෑනු මොනවටද? (නදී)
අද මෙම රටේ විවාහ වෙන්නේ පසුව එම යුග දිවි ගෙන යන්නේ හරියට ඇදුම් මාරු කරනවා වගේ කිසිම සදාචාරයක් නැති විදියටයි. මෙවැනි දේවල් ඉස්සර වුණේ හොලිවූඩ් වල බටහිර සංස්කෘතිය වැළදගත් රටවල. අද අවුරුදු පහළොවේ ඉදලා යුග දිවි පටන් ගන්න පටන් අරගෙන (නි)
ෆැස්රුල් ගෆූර් -කටාර් , ඔයාට තේරෙන්නේ නැද්ද නීතිය හරියට ක්‍රියා වෙනවා නම් රටේ හුඟක් අපරාධ අඩුවෙනවා කියලා. (නි)
මේ මිනිහත් ඒ විදියටම පුච්චලා ගොඩ වෙද කම් කරන්නී තියෙන්නේ,,තිරිසන් මිනිස්සු,,(අ)
මේ වැරදී දේවල් දිගින් දිගටම සිද්ද වෙන්නේ,,(අ)
ෆැස්රුල්..ඔයා හිතන්නේ ..සාමාන්යෙන් මුස්ලිම් කෙනෙක් අපේ රටපාලනයට..ආවොත් මේ තියන නීති සම්පාදනය කරලා රටට හොද යහ පැවැත්මක් ..ජනතාවගේ ජීවන වියදම් ..ඔයාල අපේ සිල්ලර බඩු මිල අඩුම අඩු කරලා ..හොද යහ ජීවන පැවැත්මක් අපේ රටේ මිනිසුන්ට ලබා දෙවි කියල හිතෙනවද සාමාන්යෙන් ...අර සෞදි අරාබියේ වගේ ....? මොකද මේ ගැන හිතෙන්නේ ..ඔයාලට ...? (අ)
මෙම ක්‍රියාව මම තරයේ හෙළා දකිනවා (නි)
රූපවති අක්කේ, මුස්ලිම් නායකයෙක් පාලනය කළා කියලා බඩු මිල අඩුකරන්න හෝ වෙනත් අපරාධ වළක්වන්න බැහැ. රටේ පාලකයන්ට ආගම් බලපාන්නේ නැහැ. තමන් අදහන ඕනෑම ආගමකට අනුව ඔහුගේ යහපත් පාලනයක් තුලින් හා නීතිය හැමෝටම සාධාරණ වුනා නම් මුළු රට වැසියන්ටම එයින් සෙතක් ලැබෙයි. මම ජනාධිපති වෙනවා නම් ඔබ කැමතිද අක්කේ මට ඡන්දය දෙන්න? (නි)
පුදුමයි ජීවිතය බේරීම (නි)
හරිම සංවේදනීය ප්‍රවෘත්තියක්.(නදී)
මිනිස්සු හිතන්න පුරුදු වෙන්න ඕනේ. ගොඩක් මිනිස්සු හිතන්නේ මිලේච්චයෝ වගේ ඉස්සර හිටිය ආසියා රටවල් ගොඩක් හැටි එහෙමි (අ)
ප්‍රශ්න ඇති වෙනවා. ඒත් ඔය වගේ දේවල් කරන එක හොද නැහැ. දැන් ඉතින් ඒ මනුස්සයා සදාකාලිකව රෝගියෙක්නේ. (නි)
නෝනේ,ගුටි කකා,365 දවසම දුක් විද විද ඉන්නවට වඩා හොඳ නැද්ද ඒ මනුස්සයාගෙන් වෙන් වෙලා තනිකඩව ඉන්න එක?මොකද එක මිනිසෙක්ගෙන් වෙන් වුණාට මුළු සමාජයෙන් හෝ මුළු ලෝකයෙන්ම වෙන් වෙලා නැහැනේ. (නි)
කුමාරන, ඔයාගේ ගමේ කාන්තාව ගැන මට හරිම ආඩම්බරයි (නි)
බොහොම අය හිතන්නේ නීතියෙන් ඔක්කොම කරන්න පුලවන් කියලා.ඒක වැරදි මතයක්.එකම හේතුව සමාජ සාරධර්ම වේගයෙන් සමාජයෙන් ඉවත් වීමයි. (නි)
කොහොම වුනත් තමන්ගේ මුල් සැමියා සමග දුක් විදගෙන හරි ඉන්නවා මිසක් දෙවැනි කසාදයක් නම් කර ගන්න හොද නැහැ.මොකද එයා ආදරේ කරන්නේ ටික කාලයයි. අනෙක තමන්ට දරුවෙක් ඉන්නා නිසා එම දරුවා ගැන සිතා පළමු විවාහය රැකගැනීම හොද බව මගේ හැගීමයි.කාන්තාවනි, කවදාවත් සැමියා හැර වෙන පිරිමියෙක් සමග යන්න නම් එපා (නි)
අපේ ගමෙත් ඔහොම පවුලක් හිටියා.නමුත් එම කාන්තාව 3 පාරයි ගුටි කෑවේ.4 වෙනි පාර ගැහැනු කෙනා පිරිමියාට ලේ වමනේ යනකන් පොල්ලකින් ගැහුවා.එදායින් පසුනම් සද්දයක් නැහැ තවම (නි)
ගෆුර්, ඔබේ අදහස ඉතා හොදයි. නමුත් ක්‍රියාත්මක කිරීමේදී ඉතාමත් ප්‍රවේසම් වෙන්න ඕනා. කොතැන පිරිසිදු කලත් දේශපාලනය පිරිසිදු කරන්න බැරි නිසා. අවසානයේ අහිංසකයෙක් දඩුවම් විදින්න ඉඩ තිබෙනවා.(නදී)
මුලින්ම හොයලා බලන්න ඕනෑ මෙයා අපේ එක්කෙනෙක්ද කියලා. අපේ එක්කෙනෙක් නම් මොනවා කරන්නද? (නි)
අපේ රටේ ඉන්න බොහෝ පිරිමි තම බිරියට අඩම්තේට්ටම කරන මානසික රෝගීන්. සමාවෙන්න එහෙම කිවුවට (නි)
මේ වගේ දේවල් දැන් අපිට සාමාන්‍ය පුවත් බවට පත් වෙලා. අපිට අපේ රටේ නීතිය ගැන නැවත වරක් සිතා බලන්න කාලය එළඹිලා තිබෙන්නේ. දැඩි නීති රීති වලින් පමණයි මේ වගේ අපරාධකාරයෝ තුරන් කරන්න පුළුවන් වෙන්නේ. අනුන්ට දොස් කියන එක නවත්වලා මේවාට විරුද්ධව කට අරින්න (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ පවු. ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉතා හොදයි (නි)