බේරුවල වරායෙන් මුහුදු ගිය ධීවර බෝට්ටු 60න් 20ක් පමණ තවමත් ඇතුරුදහන්ව ඇතැයි ධීවරයෝ කියති.
ගුවන් හමුදාව හා නාවික හමුදාව මුහුදේ ද, පොලිසිය හා යුද හමුදාව ගොඩබිමේ ද සහන කටයුතු වල යෙදී සිටිති.
තම ඥාතීන් එනතුරු දහස් ගණනක් දෙනා බේරුවල, මරදාන හා කච්චිමලේ ධීවරවරාය අසලට රැස්ව මුහුද දෙස බලා සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තානම් මෑනියනි ඔවුන්ට පිහිටවෙන්න.(නදී)
ජේසු පිහිටෙන් කරදරයක් නොවේවා. ධීවර සොයුරන්ව ආරක්ෂා කර දෙන මෙන් අයදිනවා. ප්‍රාදේශීය සභාකාරයෝ සහ දේශපාලකයෝ කරන දරුණු අපරාදවලට ස්වාභාව ධර්මය කම්පා වෙලා.(නදී)
සැම දෙවි රැකවරණ ලැබේවා!(නදී)
අපේ අහිංසක ධීවර ජනතාවට සියලු දෙවි පිහිටෙන් නැවත කරදරයකින් තොරව එන්නට වාසනාව ලැබේවා! ආපදා අවස්තාවක් නිසා හැමෝම උදව් කරමු (නි)
මෙතන සමහර ප්‍රතිචාර දැක්කහම බනින්නද අඩන්නද කියලා හිතෙනවා. සමහරුන්ට නම් ඒ මිනිස්සුන්ට මොනවා වුණත් ගානක්වත් නැහැ වගේ. නිකන් මාළු කන්න ඕනෑ නම් ඒ වගේ අයට පුළුවන් ඇතිනේ ගිහින් අල්ලාගෙන ඇවිත් කන්න.ඒකේ දුක තේරෙයි තමන්ගේ කව්රු හරි රස්සාවට ගිහින් නැති වුනා නම්.අනේ මන්දා මෙහෙමත් කුහක ජාතියක්ද අපේ රටේ දැන් ඉන්නේ? (නි)
අපේ ධිවර සොයුරන් බෙරේවා. මෙහෙම භයානක වෙලාවල්වල්දී කාලගුණ දෙපාර්තමේන්තුව විසින් මුහුදු යන එක තහනම් කලයුතු වෙනවා. කවදාවත් විපතකින් මිනිස්සු බේරගන්න අපේ යට බැහැනේ.(නදී)
කාලගුණ දෙපාර්තමේන්තුව වහල ඔතන අල වවන්න තියෙන්නෙ.(නදී)
හැමදාම ඇමතිලව අරන් ලංකාව වටේ යන හෙලිකෝප්ටර් ටික මොවුන් බේරගන්න යොදන්නේ නැත්ද? (නදී)
අසේල සහ සනත් කරුණාරත්න මහත්වරුනි අදහස් දැක්වීමේදී ටිකක් හිතල බලල ද්වේශයෙන් තොරව අදහස් දක්වන්න. මේක මේ අය විපතට පත්වෙච්ච වෙලාවක්. ධීවරයෝ කියන්නේ සුර සැප විදින මිනිස්සු කොටසක් නෙවි. මේ සිදුවීමම එකට ආදර්ශයක්.(නදී)
ආරක්ෂක කබා අඳින්න බැරිද මන්දා මාළු අල්ලන්න යද්දී.(නදී)
නැදෑයන්ගේ ඒ අහිංසක අපේක්ෂා ඉටුවේවා සන්තානම් මෑනියනේ.(නදී)
කාලගුණ දෙපාර්තමේන්තුව නිදාගෙනද හිටියේ?(නදී)
සියලුම දෙනාට ඉක්මනින් එන්න වාසනාව ලැබේවා කියා පතනවා. නැදෑයන්ගේ ඒ අහිංසක අපේක්ෂා ඉටුවේවා සන්තානම් මෑනියනේ.(නදී)
සියළු දෙනාටම කරදරයක් නොවී එන්න ලැබේවා කියලා ලාංකික අපි ප්‍රාර්ථනා කරමු.(නදී)
අනේ පව් අහිංසක ධීවරයෝ. විශේෂයෙන්ම කියන්න ඕන ලංකාවාසී ජනතාවට ඉතාම අඩු මුදලකට හරියට නිකන් වගේ මාළු දෙන්නේ ඔය අයනේ.(නදී)
ගුවන් හමුදාව හොදයි.(නදී)
ජේසු පිහිටෙන් කරදරයක් නොවේවා. ධීවර සොයුරන්ව ආරක්ෂා කර දෙන මෙන් අයදිනවා.(නදී)
ලංකාවේ මිනිස්සු දැන් එකාට එකා නැහැ. හොස්ස ලඟින් මැස්සා යන්න බැහැ. ඒ මදිවට කොයිතරම් පරිසරය දුෂණය කොරනවද? ඒක නිසා ස්වභාව ධර්මය උනත් ඉවසන්නේ නැහැ. ඕක සාපයක්.(නදී)
අනේ අහිංසක ජීවිත. අප වෙනුවෙන් දුක් විදින ජනතාව... තෙරුවන් සරණින් අහිංසක ජීවිත සුරැකේවා! (නි)
සියලුම දෙනාට ඉක්මනින් එන්න වාසනාව ලැබේවා කියා පතනවා (නි)