අරලගංවිල මහවැලි ඉඩමකින් බොරළු කපා වසර කිහිපයක් තිස්සේ ප්‍රවාහනය කිරීමෙන් දිය උල්පත් හා ළිං ජලයද සිඳී පාර ද අබලන් වී ඇතැයි කියමින් අරලගංවිල යාය හයේ ගැමියෝ අද විරෝධතාවක් පැවැත්වුහ.
ටිපර් රථ වලට පස් රැගෙන යාමට නොහැකි වන සේ ගල් හා කොට දමා පාර අවහිර කිරීම කැර තිබිණි.
පාර කිලෝ මීටර් දෙකහමාරක් දුරට අබලන් වී ඇතැයි ගැමියෝ කියති.
ප්‍රාදේශිය දේශපාලනඥයකු හා එක්තරා සමාගමක් මීට වගකිව යුතු යැයි උද්ඝෝෂකයෝ කියති.
එම සමාගම ලවා පාර පිළිසකර කැර දෙන ලෙස නිලධරයින්ට උපදෙස් දුන් බව මාදුරු ඔය මහවැලි බී කළාපයේ නේවාසික කළමණාකරු පී ජී දයානන්ද මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරළු අදිල්ලෙන් පාර විතරක් නෙමෙයි මුළු පලාතම අපිරිසිදු වෙනවනේ.අහල පහල ගෙවල් ගන්න දෙයක් නැතුව ඇති මෙලහටත්. (දී)
අනේ මන්ද? අපි යන්නේ කොයි පාරේ.? මේ ලෝකේ කිසිම කෙනෙක් නොගියපු පුර්ණ බලතල ඇති පාරක නොවේද? (දිල්)
රට කන්නේ, විනාශ කරන්නේ ඔය මිනිස්සුම තමා. ඉදිරියටත් දෙමු නැවත ඡන්දය මොවුන්ටම. (ස)
බලන්න මොන ප්‍රශ්නය ආවත් අපේ හාමුදුරුවරු අපට පිහිටට ඉන්නවා. කෙලෙහි ගුණ නොදත් සුළු පිරිසක් සඟරුවනට අපහස කරනවා. ටිකක් හිතා බලන්න. (ස)
ඔන්න ඉතින් ප්‍රිය කුමාර අනවශ්‍ය දෙයක් පටලවා ගත්තා.ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් ගන්න බැරි නම් නොලියා ඉන්න. (නි)
වසර ගණනක් බොරළු අදිනකම් ඔය පළාතේ අය ඇස් පියාගෙනද හිටියේ, තේරුම් ගතයුතුයිනේ සිදුවෙන අනිටු විපාක ගැනත්...(නදී)
පාර විතරක් නොවෙයි ගමම ඉවරයි (දී)
සේනක. ගමම ඉවරයි? ඉතින් මොකෝ? ඔහෙලානේ ඡන්දෙ දුන්නේ. ඔහෙලාට හොඳනම් අපට කිසිම ප්‍රශ්ණයක් නැහැ.(නධී)