ලබන බදාදා බිලි පූජාවක් පවත්වා අගලවත්තේ පිඹුර තිස්පල කන්දේ රන් නිධානයක් ගැනීමට අංජනම් බලමින් සිටි සිව් දෙනෙක් මතුගම අතිරේක මහේස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය විසින් ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
රත්නපුර ගල්ලෑල්ලේ අනුශ්ක ක්‍රිෂාන් කන්දසාමි ශෂිකුමාර් (යකදුරා), බලන්ගොඩ නාරායන සාමි කුලදීපන් හා ඉත්තෑපානේ පී ජී පියදාස එම සිව් දෙනාය.
හඳුන්කූරු, මැටියෙන් ඇඹූ මහා සෝනෙක් , කුකුළකු, අංජනමක්, හඳුන්කූරු සුවඳදුම් හා නිධන් හෑරීමේ උපකරණ පොලිසියට ගෙන ආ බව අධිකරණයේ දී සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගේ විකාර වැඩ තිබෙන රටක් ලොවේ කොහෙවත් නැහැ.මුදල් සොයන්න ඕනෑම ජරා වැඩක් කරන මිනිස්සු ඉන්නේ ලංකාවේ පමණයි. (නි)
දයා ලංකාව වගේ ලෝකයේ රටවල් ඉතා සුළු ප්‍රමාණයක තමයි නිදන් වස්තු තියෙන්නේ. (ස)
මහසෝන් යකාත් පොලිසියේ. බලාගෙන මහසොනෝ පොලිසියේ ඉන්නේ රීරී යක්කු. (ස)
මගඩි වැඩවලට නම් ජාතිබේද නැතිවම සහයෝගෙන් වැඩ. හොන්ද වැඩක් කරන්න ගියොත් ජාතිබේද පන්තිබේද,අරබේද මෙබේද ඔක්කොම.(ස)
එතකොට කෝ මහා සොහොන් යකා? එයාව ආයුධ පෙන්වන්න රැගෙන ගියාද දන්නේ නැහැ (නි)
මැටියෙන් ඇඹූ මහසෝන ශීලට හොඳයි කැබිනට් එකේ දාල ගෙදර තියාගන්න (දී)
පිටරටවලත් මීට වැඩිය හොඳ හොඳ වැඩ තිබෙනවා (නි)
ඇතුලට ගියාම හිරකාරයෝ පුජාව තියයි.(නදී)
දැන්නම් ඉතින් නිධන් හීනෙන්වත් දකින්න අකමැති ඇති (නි)
කොහොම වුණත් මහසෝනාට හොඳම තැන ඉන්න ලැබුනා අන්තිමට (නි)