ලෝක නර්තන දින සැමරුම් උළෙල පසුගිය දා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නර්තන අනු මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ශී‍්‍ර ලංකා සැමරුම් උළෙල සඳහා සිංහල දමිළ නර්ථන අංගවලින් වර්ණවත් විය.
කලා මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය මුදියන්සේ දිසානායක මහතා සහ කලාභූෂණ ලීලාම්බිගෙයි සෙල්වරාජා මහත්මිය විශේෂ දේශන පැවැත්විය. සංස්කෘතික අකටයුතු පිළිබඳ ඇමැති ටි.බි. ඒකනායක, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ප‍්‍රධාන ඇමති සී.වී.විග්නේෂ්වරන්, යන මහත්වරුන් ඇතුළු මැතිඇමැතිවරු ඇතුළු කලාකරුවන් රැුසක් මේ සඳහා සහභාගී වූහ.
නාට්‍ය කලාවට අනුපමේය සේවයක් කළ වෛරමුත්තු සිවරාමලිංගම්, විමල් නයනානන්ද කලා ශිපීන්ට සහ කි‍්‍රෂාන්ති රවින්ද්‍ර ශිල්පිනියට ජීවිතයේ එක්වරක් හිමිවන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
ශී‍්‍ර ලංකාවේ සාම්ප‍්‍රදායික නර්තන කලාවන් හා උඩරට, පහතරට සහ සබරගමුව නර්තන හා දමිළ නර්තන වලින් මෙවර උළෙල වර්ණවත් විය.
ජාත්‍යන්තර නර්තන දිනය සෑම වසරකම අපේ‍්‍රල් 29 වැනිදාට යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය විසින් 1982 වර්ෂයේ දී ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනුතුරුව ලෝකයේ සෑම වසරකම එදිනට සැමරුම් දිනය සමරයි. ශී‍්‍ර ලංකාවේ 1992 සිට නර්තන දිනය සමරයි.
ප‍්‍රථම සැමරුම කොළඹ ජොන් ද සිල්වා සමරු රඟහලේ දී මුද්‍ර නමින් ප‍්‍රවීන නර්තනවේදී ආචාර්ය චිත‍්‍රසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මුදියන්සේ දිසානායක, කුලසිරිබුදවත්ත, චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති සහ ඛේමා ද කොස්තා ශිල්පී හූ නර්තන දායකත්වයෙන් විශේෂ නර්තන උළෙකින් ආරම්භ විය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ඇමතිතුමාගේ සහභාගිත්වය අප ඉතා අගේ කොට සලකනවා. ඔබ වැනි බුද්ධිමතුන්ට සියල්ල සම සිතින් දැකිය හැකියි. (ස)
ඉතා සන්තෝසයි. අපේ රටේ සැවොම ජාති ආගම් භේද නැතිව එකට එක් වී ඉන්න දසුනක් දුන්නට කතෘතුමාට ස්තුතියි . කල කෝලාහල, අනතුරු ස්ත්‍රී දුෂණ, ළමා අපචාර ගැන අහලාම කලකිරිලා හිටියේ. (ස)
ඉතා කාලෝචිතයි. අගය කල යුතුයි. ජාති ආගම් බේද වපුර වපුරා ඉන්නවට වඩා දේශපාලකයන් මෙවැනි දේ දිරිමත් කිරීම අපිට සතුටක්. (අ).
කලාවට කිසිම භේදයක් නැහැ. (ස)
හැමෝම එකමුතුව කරන මේ වගේ වැඩ අපි කවදත් අගය කරමු. (ස)
අපි සෑමදාම මේ විදියට ඉන්නවා නම් ලෝකේ ලස්සනම රටත් දියුනුම රටත් ආදර්ශම රටත් වෙන්න පුලුවන්.(නදී)
කලා කටයුතුවල නිරතවෙලා ඉන්න අය බොහොම සුන්දර මිනිසුන් කොට්ඨාශයක්. ඒ අය මිනිසුන් පිනවලා ඒ ගොල්ලන්ගේ ප්‍රතිචාරවලින් බොහොම අහිංසක විදියට සතුටක් ලබනවා. මුදල් ගොඩ ගැසීමේ මහා බලාපොරොත්තු නැහැ. ඒගොල්ලන්ව මේ වගේ ඇගයීමකට ලක් කරන එක ලොකු පිනක්. (ස)
දකින්නත් ආසයි, සතුටින් තමන්ගේ සංස්කෘතික දේවල් අගයන එක ගැන. ඉදිරියටම යමු ඔහොම! (නි)
අපි කාගෙත් ශරිර කූඩුව ඇතුළේ දුවන්නෙ රතු පාට ලේ කියන එක පහදලා දෙන්න හොඳ අවස්ථාවක් මේක. (නි)