දඩාවතේ යන බල්ලන් පනහකට අධික ප්‍රමාණයක් කූඩු කර වාහන දෙකකින් රැගෙනවිත් බණ්ඩාරගම ගල්තුඩේ වෙල්යාය අසල ප්‍රදේශයට මුදාහැර ඇතැයි බණ්ඩාරගම ප්‍රදේශිය සභාවේ විපක්ෂ නායක මහේෂ් කොතලාවල මහතා (එ ජා ප) කියයි.
මේ බල්ලන් ගෙන ආ වාහන හා පිරිස කවුදැයි හදුනාගත් බවද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අහගෙන රටෙ ලොකු ඇමැත්තෙක් කියනවා අප රටේ සිටින නරකම දේශපාලකයාට වඩා ඉතාම හොදයි කියන රජයේ නිලධාරියා නරකයි කියලා.රටේ දේශපාලනයට ගිය කල.(නදී)
ලංකාවට ගියාම පාරක යන්න බැහැ බල්ලෝ නිසා. උන් මිනිස්සුන්ව ගණන් ගන්නෙවත් නැහැ. අපි පාරෙන් අයින් වෙලා යන්න ඕනෑ. ඉස්සර නම් මේ බල්ලන්ව මරා දමනවා. දැන් බල්ලෝ ඉදිද්දි මිනිස්සුන්ව මරනවා. තව ටික කලක් යද්දී මිනිස්සුන්ට වැඩිය බල්ලෝ ඉඳීවි අපේ රටේ. (නි)
මේ කොළඹ බල්ලෝ. පොදු රාජ්‍ය මණ්ඩල සිද්ධිය නිසයි කොළඹ බල්ලෝ අස් කරලා පිට පළාත් වලට ගේන්නේ. පිටරටවල නායකයෝ දැක්කොත් හොඳ නෑනේ. කොළඹ හොදට හැදුවේ එකනේ. වැරදිලාවත් එක්කෙනෙක් හරි රාජගිරිය, කොලොන්නාව, පැත්තට ගියොත් තමයි වැඩේ වෙන්නේ.(නදී)
දියවන්නාවත් නරකම නැහැ මෙයාලව දාන්න.(නදී)
ඔය වෙළෙන් එහා ඉන්නෙත් ඒ ජාතියේ අයම තමයි. (නදී)
වරුණ ,මේකට ඔයත් හවුල්ද? (නි)
දේශපාලකයො එකතුවෙලා අපිට කරන සමහර වැඩ වගේ මේකත්. (නි)
ප්‍රදීපා, ඉතියෝපියාව ඔබ හිතන විදියේ එකක් නොවෙයි.හොද රටක්. (නි)
අපරාදේ අටුලුගමට දෙන්න තිබුනේ.(නදී)
පව් අහිංසක සත්තු (නි)
බලු වැඩ වගේම රිලා වැඩත් කරනවා.මහනුවර සිටිය රිලව් අල්ලාගෙන ඇවිත් කඩුගන්නාව පල්ලමට මුදා හැරලාලු කියා ගම්මුන් කියනවා..උඩුමුල්ල .නාගොල්ල.පහලකඩුගන්නාව ,ගනේතැන්න පළාත් වාසීන්ට කාලයක තිස්සේ රිලවුන්ගෙන් ලොකු තර්ජනයක්ලු ! කව්රු කලත් ඉවක් බවක් නොබලා සතුන් මුදා හැරීම බලවත් වරදක් !!(අ)
දයාසිරි ද දන්නේ නැ කරලා තියෙන්නේ. (අ)
ප්‍රා සභා මංත්‍රීලත් මේවගේ අල්ලන් ගිහින් ඉතියෝපියාවටවත් ගිහින් දානව නම් කොච්චර හොදද (අ)
පලා බබාලා ටික අල්ලාගෙන ඇවිත් ඈත දුපතකට මුදා හරින්න බැරිද? (අ)
අද දේශපාලකයෝ කරන වැඩ දැක්කම මේවා මොනවද කියල හිතෙනවා. (නදී)
තව දවස් ටිකකින් හරක් වත් මෙහෙම දාලා යාවි. දැන් ඉතින් අක්කර 1000ක් හම්බ වෙලාලු නේද?(නදී)
වැඩේ කරපු අය අඳුනාගත්තත් මොකුත් කරන්න බැරිවෙයි මං හිතන්නේ. ආපහු අල්ලාගෙන යන්න කියන්නයැ? සදාචාර විරෝධී වැඩක්. (නි)
අපේ අය ඉතින් කරන්නෙම ඔය වගේ වැඩ තමයි. තමන් ගැන විතරයි හිතන්නේ අනුන් ගැන හිතන්නේම නැහැ (නි)
ලංකාවේ කෙරුවාව ගැන තවත් මොන කතාද ? (නි)
කුරුණෑගල පැත්තේ නෙමෙයි නේද? (නි)