ආගමික සංහිඳියාවට හානිකර කිසිත් නොකරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බොදුබල සේනාවට සහ ජාතික බල සේනාවට අද අවවාද කළේය.
කොළඹ නිපොන් හෝටලයේ ජාතික බල සේනා රැස්වීමට බලෙන් ඇතුළු වී අවහිර කිරීම හා කුරාණයට අපහාස කළැයි කියන සිද්ධියක් මත බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූහු සිව් නමක් ද, ගිහියෝ දෙදෙනෙක් ද රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
ඥානසාර හිමි, විතාරන්දෙනියේ නන්ද හිමි, අරියවංශ සම්බුද්ධ හිමි, චන්දානන්ද හිමි, පී ජී ගුණවර්ධන හා පී වෑවල ඇප ලැබුවෝ වෙති.
නඩුව ජුනි 09 වැනි දාට කල් තැබූ මහේස්ත්‍රාත් අද උසාවියට නොපැමිණි වැලිමඩ චන්දරතන හා වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිවරුනට ද එදිනට පැමිණෙන ලෙස නොතීසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් අනිත් ආගම් බුදු දහමට ගරු කරනවද කියන එකත් ප්‍රශ්නයක්. අනෙක් ජාතීන් තමන්ගේ ජාතිය ගැන කතා කරන එක ජාතිවාදී නොවෙයිලු, නමුත් සිංහලයෝ තමන්ගේ ජාතිය ගැන කතා කරන කොට ජාතිවාදිලු. අනේ මන්දා! (නි)
හාමුදුරුවන්ට ඉතින් අවවාද දෙන්න අපිට බැහැනේ... (නි)
අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ නම් නියමයි අනේ! (නි)
අවවාද පිළිගනීවි යැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
අපේ ඥානසාර ස්වාමින් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා, චිරාත් කාලයක් බුදු සසුන සුරැකීමට! (නි)
අනේ මෙහෙමත් අපේ හාමුදුරුවරු? (නි)
රණා නම් තවත් මෝඩ කතාවක් කියලා තියෙන්නේ... (නි)
ඉසුරන්දි, ඔබේ කතාවට අනුව බෙල්ල කැපුවත් ඉවසන්න ඕනෑ. අපි ඉවසමු බුද්ධාගම නැත්තටම නැති වෙනතුරු. එතකොට හැමෝටම සතුටුයි නේද? (නි)
පොලීසියේ දැන් පැමිණිලි කීයක් තිබෙනවද දන්නෙ නැහැ.මේකද විනය කියන්නේ? (නි)
බෞද්ධ දර්ශනයට නින්දා කරන්නන් අප හෙළා දකිමු (නි)
අපි කාගේ වුවද මෙවැනි ක්‍රියාවන් හෙළා දකිනවා (නි)
මේ හාමුදුරුන්ට ඇත්තට මොකද වෙලා තියෙන්නේ (දී)
ඉසුරින්දී, බණ්ඩාර, නසුර්දින්,දිල්,රනා, අරවින්ද,ඔබ මොන ආගමිකයන් වුණත් ධර්මයක් අවබෝ්‍ධ කරගත් අයවෙති. ආගමික වීරයන්ට වඩා ආගම අවබෝධ කරගෙන ජීවත් වන අය වඩා වැදගත්ය.ඔබ සිතන පරිදිම ඔබට සතුට සාමය උදාවේවා! (නි)
එක පැත්තකින් දුර්වල දේශපාලනය. තව පැත්තකින් ආගමික ගැටුම්. රට පුරාම වර්ජන,මංකොල්ලකෑම්,මිනීමැරුම්,ස්ත්‍රී දුෂණ.අනෙක් පැත්තෙන් යුධ අපරාධ චෝදනා.මෙවැනි අවස්ථාවක අනෙකුත් රටවල් අපි දෙස බලන්නේ කොහොමද කියලා හිතාගන්න පුළුවන්.මෙවැනි අවස්ථාවක විදේශීය බලවේග වලට පහසුවෙන් රටේ පැවැත්මට බලපෑම් එල්ල කරන්න පුළුවන්.එම නිසා එකිනෙකා බැන ගන්නේ නැතුව බුද්ධිමත්ව ක්‍රියා කරන්න. (නි)
අන්තර්ජාලයේ තිබෙනවා ලංකාවේ අන්‍යාගමිකයෙක් බුදුදහම විවේචනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක්, එතනදී ඔහු ත්‍රිවිධ රත්නය ගැන හා මාංශ පිළිබඳ කරන සඳහන ආගමික සංහිඳියාවට හානි කරනවා. ඔහු ගැනත් පුලුවන් නම් සොයන්න කියලා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා මම. (නි)
බලමුකෝ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා (නි)
අපේ හාමුදුරුවන්ට බුදුදහම වෙනුවෙන් බෞද්ධයා වෙනුවෙන් කරන්නට තිබෙන දේ බොහොමයි. නමුත් ඒ සටන්කාමී ලෙසින් නම් නොවන බව කිව යුතුය. අතීතයේ හෙළයේ වැඩවිසූ මහා සඟුන් පරදේශක්කාරයින්ට විරුද්ධව සටනට ගිය බව ඇත්ත. චීවරයේ ගෞරවය නොකෙළෙසා සටන් කරමින් දේශනා පවත්වමින් ලිපි පත්‍රිකා ලියමින් සටනෙහි යෙදුනාහ. ඔබ වහන්සේලා මහා බල සේනා හදාගෙන සුද්ධ චීවරය දරාගෙන පාරට බැස කරන ක්‍රියා නිසා අපේ බුදු දහම දෙසත් අනෙකුත් සංඝයා වහන්සේලා දෙසත් වෙනත් ආගම් වල උදවිය බලන්නේ ප්‍රශ්නාර්ථයෙනි. මෙවන් දේවල් අසන දකින අපේ අම්මලා, අාත්තම්මලා ඒ දැක සාධුකාර දෙන්නේ නැත. හාමුදුරුවනේ, බුදු සසුන රැකගන්නට නම් පාරට බැස සටන් කරන්නට පෙර ධර්ම සංඝායනාවක් කොට පන්සල් ඇතුළේ සිටින දුසිල්වත් "සඟුන්" සසුනින් පළවා හරින්නට කටයුතු කළ මැනව. එහි අනුහසින් සියලු ආගමික බැතිමතුන් අප බුදුදහමට හානියක් නොකරනු ඇත. (නි)
අපේ රටේ හැමදාමත් රට හා ආගම ගැන නැඟී සිටියේ ගෞරවනීය සංඝරත්නය තමයි. අද මේ සේනාවට වෙලා තියෙන්නේ පෙනී සිටින්න ඕනෑ පිළිවෙල නොතේරීමයි (නි)
එදා සිට අද දක්වා බුදු දහමේ පැවැත්ම රඳා පවතින්නේ සංඝයා වහන්සේලා මතයි. (නි)
මොනවා කළත් කමක් නැහැ හාමුදුරුවනේ, ඉවසීමෙන් වැඩ කරන්න (නි)
ලෝක ඉතිහාසය ගැන හොයලා බලන්න. ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල බුදු දහම නැති වුණේ කොහොමද? අපිටත් ඒකම තමයි වෙන්නේ, මේ යන විදියට. (නි)
බුදු දහමට සැබෑ ආදරයක් ඇති අය කළයුත්තේ, දහමෙහි හැසිරීමයි.අන්‍යාගමිකයන් නොදැනුවත්කමින් මොන වරද කළත්, එයට අපි බොදුනුවන් හැටියට කරුණාවෙන් සමාව දිය යුතු යි යන්න බුදු දහමට අනුගත චින්තනයයි. අතේ පයේ හයියෙන් හෝ බල මදයෙන් ගැටළු විසඳීම බුදු දහමේ චින්තනය නොවෙයි. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාට කරන වරද (ආගමට ඇති දැඩි ආදරය නිසා) වහා වැටහේවායි පතමි. (නි)
නුගත් කමින් තමන් උපදින විට ලැබෙන ආගම ගෙන දැනුමක් නොලබා . අනුන්ට ගෙරහිම නුගත් කම සහ තමන්ගේම වැනසිමට කරුණකි (නදී)
මගේ නමින් රනාගේ අදහස්වලට මෝඩ කතාවක් කිව්වයි කියල ලියලා තියෙනවා.රැවටෙන්න එපා. (ස)
වටිනා මාණික්‍යයක් රැගෙන රුදුරු මිනිසුන් බහුල ගමක් මැදින් ගමන් කරන පුරුෂයෙක්, මැණික බෙල්ලේ එල්ලාගෙන, ශබ්ද කර කර, මැණිකේ වරුණාව කිය කිය, "මැණිකට මුකුත් කියන්න එපා" කියමින් සොර මුලට අභියෝග කරමින් යයිද? නැත්නම්, නිසොල්මනේ මැණික සඟවාගෙන, බිම බලාගෙන, දුර්වල, දුගී විලාශයෙන්, ප්‍රයෝගයෙන් ඒ ගම පසු කර යයිද ? සිතා බලන්න නුවණැති බොදුනුවනේ. (නි)
නිර්මල ථෙරවාද බුදු දහම අතිශය දුර්ලභ බවද, එය පවතින්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන රටවල් අතලොස්සක බවද, බුදු දහමට එරෙහි බලවේග සටන් කර නොපැරදවිය හැකි තරම් අති විශාල සහ ලෝක ව්‍යාප්ත බවද නො රහසකි. මෙවැනි ක්‍රියා මෙම දුර්ලභ වස්තුව කෙරෙහි අනවශ්‍ය ඉස්මතු වීමක් ඇති කරන සහ බුදු දහම තවත් දුබල කිරීමට ඔවුනට අවස්තාවක් ලබා දීමක් වෙයි. බුදු දහම රැක ගැනීමට නම් බෞදධ හැම දෙනාම කටින් හෝ අතින්-පයින් නොව; දැඩි ඉවසීමෙන් යුතුව, සිතින් සහ අධ්‍යාත්මිකව දහමට සමීප වන්නේ නම් තව චිරාත් කාලයක් මේ අගනා දායාදය අපට රැක ගැනීමට හා අප දූ පුතුනට ලබා දිය හැකි වනු ඇත. (ස)
බෙදු බල සේනාවේ ගැන අපේ හාමුදුරුවෝ ගැන අහපු කවියක් මේ. කියවලා බලන්න ඇත්තක්ද කියලා. ‘අතකින් හෙළ ධජය අතකින් බන පොතය. රුපු බල නසා පෙරටම යන පිළිවෙතය. විටකදි රළුය විටකදි මුදු හදවතය. සෙළවිය හැකිද මේ මහමෙර පර්වතය.(නධී)
මෙහෙම ගියොත් නම් තවත් ප්‍රබාකරන් කෙනෙක් ඇති වේවි.(නදී)
තරංග, ඔබ යමක් කමක් දන්නා අයකු බව පෙනෙනවා. එහෙත් ඔබ කියන මේ ‘නාලන්දා සංහාරය‘ ලංකාවේ නොව, ඉන්දියාවේදී 1193දී සිදුවූ දෙයක් බව මාද දැන ගත්තේ ඔබේ ප්‍රකාශයෙන් පුදුම වී අන්තර්ජාලය කියවීමෙන් පසුවයි. මේවා ලංකාවට ගාවා ගැනීමෙන් අපිට තවත් ඉන්දියාවක් වීමට අවශ්‍යද? මෙහි බොදු බල සේනාවට විපක්ෂව අදහස් දක්වා ඇති අය ඒ අදහස් දක්වා ඇත්තේ බුදු දහමටත්, රටටත් ඇති ආදරය නිසාත් තවත් යුද්ධයක් අපට අවශ්‍ය නැති නිසා බවත් බව සිහි නුවණින් කල්පනා කරන්නකුට වැටහේ. (නදී)
මොන ප්‍රශ්නයකට වුණත් ආවේගශීලීව විසඳුම් හොයන්න බැහැ (නි)
කව්රුන් කොහොම කිව්වත් ලංකාවේ කොන්දක් ඇති අති බහුතරය ඔබ සමගයි අපේ හාමුදුරුවනේ.(නදී)
අපි අවිහිංසාවාදී ආගමක් (නි)
එදා නාලන්දාවේ මහා භික්ෂු සංහාරය සිහි කරගන්න. ඒ ස්ථානයේ රහතන් වහන්සේ පවා වැඩ සිටියා. එම ස්වාමින් වහන්සේලා ශීලයෙන් අගතැන්පත්. විනයෙන් අගතැන්පත්. නමුත් ෆෙරෝස් ෂා සහ බක්තියාර්ඛිල්ජිගේ නායකත්වයෙන් යුතු සේනාවක් විසින් සමූලඝාතනය කළා සහ නාලන්දා විශ්ව විද්‍යාලය ගිනිබත් කරා. එම රහතුන් වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේ එදා ඊට එරෙහිව සටන් කළා නම් අදටත් ලෝකයට නාලන්දාව ඉතිරියි. මම උන් වහන්සේලාට දොස් කියනවා නොවේ. දුටු ගැමුණු රජතුමා කළ අප්‍රමාණ කැප කිරීම නිසා අද සිංහල ජාතිය ඉතිරිව සිටිනවා. බොදු බල සේනාවට එරෙහිව අදහස් දක්වන සිංහල ඔබ අද ඉතිරිව සිටින්නේ එම කැප කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. අද ඔබ දුටු ගැමුණු රජුටත් අපහාසයක්. බුදු දහමේ ම ඇති ආකාරයෙන් හේතු ඵල විමසන්න. ඇයි අපේ ස්වාමින් වහන්සේලාට මේ ආකාරයට හැසිරෙන්න වෙලා තියෙන්නේ. ඒකට ඇති හේතුව ගැන විමසන්න. ඊට දොස් කියන්න.(නදී)
ඉසුරන්දි , ඔබ ඉතා ශ්‍රේෂ්ටයි ...මගේ සුබ පැතුම් ඔබට... (දී)
ඔව් අපි ආගමික සහජීවනයේ නාමයෙන් අපේ සියල්ල විනාශ කරන කන් බලා සිටිමු ...(ස)
අන්තර් ජාලයේ තියෙන දේ අපිට වැඩක් නැහැ. බෞද්ධයන් හැටියට අපි බෞද්ධ දර්ශනයේ මග පෙන්වීම අනුව කටයුතු කරමු . බෞද්ධ දර්ශනයට නින්දා නොකර (ස)
බෞද්ධ දර්ශනයට සහ ජාතියට නින්දා කිරීම හා සමානයි වෙනත් ආගමකට සහ ජාතීන්ට නින්දා කිරීමත් , එසේ කියලා ප්‍රතිචාර දමන කෙනාට එය වැටනේනේ නැද්ද ? (ස)
අවවාද අනුශාසනා එමටයි (දී)
මේක මෙහෙම උසාවි ගිහින් බේර ගන්න පුළුවන් දෙයක් නොවෙයි වගේ මට පෙන්නේ (දී)
අවවාද පිට අවවාද දුන්නත් වැඩක් නැහැ (දී)
අවවාද පිළිගන්න අපේ හාමුදුරුවනේ... (නි)
ඉසුරන්දි ඔබට ජය. (ස)
අපි උතුම් ගුණ ධර්මවලින් පිරිපුන් ජාතියක් බව මුළු ලෝකයටම පෙන්නමු. (ස)
විවිධ ආගම් වලින් තියන සාකච්චා ප්‍රසිද්දියේ තියන්න එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ (දී)
තුසිත් සිල්වා මම ඔයාගේ අදහස එකසිතින්ම පිලි ගන්නවා (දී)
ඔය හැම දේම මිනිස්සු රවට්ටන්න කරන දේවල් .. දවසක මම මේ කිව්ව දේ තේරේවි හැමෝටම .. (දී)
මේ සංවිධාන කුමකටවත් අපිට මොකුත් කියන්න බැහැ (දී)
අනේ ඔයාලා එහෙනම් ඉතාලි යන්නෙ නැද්ද?? (ස)
ලක්ෂයක් ගෙවන්න මුදල් තිබුණද? (ස)
අරවින්ද ඔබ හරි. කවුරු කවුරුත් තමන්ගේ ආගමට ගරු කරන්න. (ස)
අපේ හාමුදුරුවරු ඇරෙන්න අපේ සිංහල බෞද්ධ ප්‍රශ්න ගැන කතා කරන්න වෙන කවුද ඉන්නෙ.(නදී)
අපි අපේ ආගමට ගරු කරමු. අනිත් ආගම් ඇදහීමේ අයිතියට ගරු කරමු. එතකොට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැ. (ස)
බල්ලෙක් හපන්න අාවාහම අපි ඒ බල්ලාව හපන්නේ නැහැනේ ගැටගහලා තියනවා.(නදී)
ජාතින් අතර, ආගම් අතර සමගිය ඇතිවන අයුරින් කටයතු කිරීම සියලුම ආගමික ප්‍රධානීන්ගේ වගකීමකි. ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු දෙනාම සමගියෙන් ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති කරමු. (ස)
ඉසුරන්දි, ලිඳ ඇතුළටම වෙලා ඉන්න. (ස)
අවිහිංසාවාදය බුදුන්ගේ දහමේ මුලික කාරණාවකි. බුදුදහමමේ හරය අල්ප වශයෙන් හෝ තේරුම් නොගැනීමකි.(නදී)
අන් ආගම්වලට ගරුකරන්න තිබුනා. ඔවුන් බෞද්ධ ආගම කෙලසන්නේ නැත්නම් සිංහල බෞද්ධයන් හැටියට මේ රටේ ඉතිහාසය විනාස කරනකොට අපිට බලාගෙන ඉන්න පුලුවන්ද. අපට ඇති එකම පිහිට ඔබවහන්සේලා පමණි.(නදී)
ඉසුරන්දි ඔබ තුමියට දෙවියන්ගේ පිහිටයි.(නදී)
අපේ හාමුදුරුවරු ඇරෙන්න අපේ සිංහල බෞද්ධ ප්‍රශ්න ගැන කතා කරන්න වෙන කවුද ඉන්නෙ.(ස)
අපගේ බුදුන් වහන්සේ අන් බමුණන්ටත් දානය දීම උතුම් යැයි වදාලේ, අන් අය එතුමන්ට ගරු කරනවද නැද්ද යන්න නොතකා. අපි බුදුන්ගේ අවවාද මිස වෙනත් දේවල් ඔලුවේ තබා ගත යුතු නැහැ. බුදුන්ගේ දහම පිළිපදිනවනම් මෙතරම් ප්‍රශ්න ඇති වන්නේනෙත් නැහැ. අද අපි කරන්නේ බුදු දහම නොතකා ගැටළු වලට වෙනත් ක්‍රම වලින් විසදුම් සෙවීමට ගොස් අවුල් කර ගැනීම නොවේද?? (ස)
ඉසුරන්දි, අපි අනිත් ආගම්වලට ගරු කරනවා බෞද්ධයෝ වශයෙන්. නමුත් අනිත් ආගම් බුදුදහමට ගරු කරනවද කියන එක ප්‍රශ්නයක්.(නදී)
ඉසුරන්දි අපේ හාමුදුරුවනේ අපි බෞද්ධයෝ වශයෙන් අනෙක් ආගම්වලටත් ගරු කරමු. අන්තවාදී නාමය අපේ බුදුදහමට ඔරොත්තු දෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ. ඉසුරින්දි ඔබ 100% නිවැරදියි.
සංජිව මහතාට . ඔබ සඳහන් කරන හිමිවරුන් එදා කිසිම වෙලාවක හැසිරුනේ නැහැ මේ විදිහට ඔබට එය නොවැටහෙන්නේ මන්ද යනු නොදනිමි (දී)
බුදුන් වහන්සේ අද හිටියා නම් මේ කරන වැඩ දැකලා මොනවා කරයිද මන්දා. (නි)
අහෝ! බුදුදහම ලංකාවෙන් අතුගා දමන්නන්ට එරෙහි වීම වරදක්ද?බොදුබල සේනාව ඇරෙන්න වෙන කව්ද ඒ ගැන කතා කළේ? එතකොට බෞද්ධ අපි ගැන කවුද හොයන්නේ? (නි)
ජාතීන් අතර, ආගම් අතර සමගිය ඇතිවන අයුරින් කටයුතු කිරීම සියලුම ආගමික ප්‍රධානීන්ගේ වගකීමකි. කවුරු කවුරුත් තමන්ගේ ආගමට ගරු කරන්න. ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු දෙනාම සමගියෙන් ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති කරමු. (නි)
ඉසුරන්දි ඔබගේ කතාව 100% නිවරදියි... ප්‍රිය, ලිඳ ඇතුලේ ඉන්නේ ඔයානේ. (ස)
ගිරිගගොරිස් .. ඕන තරම් තියෙනවා. මොවුන්ගේ කිසි වරදක් නැහැ. (ස)
බුදු දහම තමාගේ පෞද්ගලික දේපලක් කියල සමහරු හිතාගෙන ඉන්න පාටයි. (ස)
සංජීව අපේ මුතුන් මිත්තෝ රට ජාතිය වෙනුවෙන් සටන් වැදුනේ පරංගි එක්ක මිසක් රටේ මිනිස්සු එක්ක නෙමෙයි. (දී)
ලක්ෂය ගෙවන්ඩ. (ස)
අනෙක් ජාතින් තමන්ගේ ජාතිය ගැන කතා කරන එක ජාති වාදී නොවෙයිලු, නමුත් සිංහලයෝ තමන්ගේ ජාතිය ගැන කතා කරන කොට ජාතිවාදිලු අනේ අනිච්චන්... (දී)
අපේ හාමුදුරුවනේ අපි බෞද්ධයෝ වශයෙන් අනෙක් ආගම්වලටත් ගරු කරමු. අන්තවාදී නාමය අපේ බුදුදහමට ඔරොත්තු දෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.(නදී)
ප්‍රශ්න ඇති කර ගන්න එපා එහෙම මේ දේවල් වලට විසදුම් හොයන්න බැහැ (දී)
ඉසුරන්දි ඔබගේ මසුරන් වටිනා කතාව අපේ ඔය බල සේනාවට නොවැටහෙන එක තමා ප්‍රශ්නය . (දිල්)
ඉසුරින්දී ඔව් ඔව් දෙවියන්ගේම පිහිට තමයි (දී)
ඉසුරුන්දී, ඔයා වගේ අය ඒ කාලේ හිටියනම් ධර්මපාල තුමාට, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට, කුඩාපොළ හිමියන්ටත් අන්තවාදියෝ කියාවි. අපේ ජාතියේ මුර දේවතාවෝ උනේ අපේ හාමුදුරුවරු. (දී)
ඉසුරන්දි, ඔබගෙ වචනයට ගරු කරමි. ස්තුතියි. (ස)
අවිහිංසාව මුල් කොටගත් අපේ ආගමේ ඇති, භික්ෂුවකට උරුම සන්සුන්බව, හික්මීම ,උපශාන්ත බව අපට ආදර්ශමත්ව පෙන්වා දෙනු මැන අපේ හාමුදුරුවනේ. (ස)
ආයේ ඇමරිකා යන්න අදහසක් නැද්ද?? (ස)
ඒ සේනාව කියයි මේ සේනාව කියයි අන්තිමේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මම අහනවා (දී)
ආගමේ නාමයෙන් ගැටුම් ඇතිකර නොගත් එකම දහම බුදුදහම යි. ඒ හොද නාමය තව දුරටත් රකිමු. (දී)