(ගයාන් සූරියආරච්චි)
තංගල්ල මහාධිකරණයේ නඩුවකට පෙනීසිටීම සදහා ඊයේ (22) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් ප්‍රසන්න පෙරේරා ඇතුළු පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමැත්තා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට අනාවරණයවී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය.
ඒ බව ඔහු සදහන් කළේ දැනට සිදුකරනු ලබන විමර්ශනවල ප්‍රගතිය පිළිබදව ඊයේ (23) සොයා බැලීම සදහා රැස්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශවය අතර පැවැති ගැටුම්වල ප්‍රතිපලයක් වශයෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවය.
මෙම විශේෂ සාකච්ඡාවට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු උසස් පොලිස් නිළධාරීහු පිරිසක් මීට සහභාගි වූහ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ගැන තොරතුරු එළියට
අරවින්ද මොනරවිල Tuesday, 23 January 2024 06:40 PM
අපේ ජනබල පක්ෂය් සභාපති මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව එම පක්ෂයේ ගෞරවනීය අනුශාසක වරුන් වන රත්න හිමි සහ ඤාණසාර හිමිවරුන් දැනසිටියාද? නැතහොත් උන්වහන්සේලා අනුදැනුම අනුව මෙම ජාවාරම සිදු කෙරුවාද යන්නත් සොයාබලන්න සිදුවෙනවා.
pjWednesday, 24 January 2024 04:12 AM
ඝාතනය වූ සමන් පෙරේරාට එරෙහිව ඝාතන චෝදනා ඇති බවත් 2004 වර්ෂයේදී කොස්ගොඩ පොලිස් වසමේ දී කොස්ගොඩ සුජීගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවත් පොලීසිය කියයි. 2016 වර්ෂයේදී ගාල්ල පොලිස් වසමේ දී සුජීගේ ඥාතියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සමන් පෙරේරාට චෝදනා එල්ල වී තිබී ඇත.
Prabha Wednesday, 24 January 2024 12:30 PM
ඒක නේන්නම්.. වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් හොයාගන්න තරම් බුද්ධි අංශයක් තිබුණා...
Rata Perata Tuesday, 23 January 2024 07:02 PM
මේ නිසා අර පොලිසියෙන් මැරුව එක ගැන යටවුණා. දැන් මේකත් යට යනවා. හාමුදුරුවන්ගේ ඝාතනයත් එක්ක... මේ වගේ අපරාධවලට සම්බන්ධ අය එක්ක කොහොමද අපරාධ නවත්වන්නේ?
Sachith Tuesday, 23 January 2024 07:22 PM
සමහර කතා තියෙනවා... කියන පුද්ගලයා දැක්කාම හිනා යන... මේකත් ඒක වගේ... සිද්ධිය වෙලා පැය 02ක්, 03ක් යනකොට කරේ කවුද? ඇයි කරේ ඔක්කොම දන්නවා. හැබැයි තාම කවුරුවත් අත්අඩංගුවටවත් අඩුම අර වාහනයවත් හොයාගන්න බෑ...
නිහාල් Tuesday, 23 January 2024 09:51 PM
රට, ජාතිය බේරාගන්න පෙරට ආව චීවරධාරීන් ඡන්දේ ඉල්ලලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්ගේ පක්ෂයකින්ද?
කොස්ගොඩ සුජී Tuesday, 23 January 2024 10:02 PM
ඔයා වැඩ බලලා ඉවරවෙන්න කලියෙන් අනෙක් ඝාතන ගැන තොරතුරුත් එළියට දීලා යන්න. බොහොම ස්තූතියි !