බොල්ගොඩ ගඟේ මාළුන් විශාල වශයෙන් මැරෙන්නට පටන් ගෙන ඇතැයි සෞඛ්‍ය නිලධරයෝ කියති.
කළුතර පැත්තේ සිට එන තෙල් පහරක් ඊට හේතුව දැයි ඔවුහු සොයති.
මළ මාළුන්ගේ සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යවා හේතුව සොයා ගැනීමට නියමිතය.
ගංවතුරත් සමග ජාකොටුවල සිර වූ මාළුන් ද මැරී ඇතැයි තව පිරිසක් කියති.
පරීක්ෂණවල නිගමන එන තුරු බොල්ගොඩ ගඟේ මාළු ආහාරයට ගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තෙල් එන තැන කොහෙද බලල කතා කරන්න (දී)
සෑම්, මේකට බලධාරීන්ට කරන්න දෙයක් නැහැ.අපේ අය තේරුම් ගන්න ඕනෑ පරිසරය ආරක්ෂා කරන්න.ඒ වුණාට බලධාරින්ටත් පුළුවන් මේවට නීති හදන්න. (නි)
ශ්‍රී ලංකාවෙ හැටි ඔහොමයි. අසරණ මාලු පවු! (නි)
අපි ස්කොලේ යන කොට ඔය ගගෙන් හැමදාම නෑවා 1994-2000 ඊට පස්සේ ඔය ගග ඉවරයි. මාලු කඩ කාරයෝ ඔක්කොම ජරාව ඕකට දානවා මස් කඩකරයොත් එකමතමා කරන්නේ දැන් ගග දැක්කම දුකේ බැ අපේ මිනිස්සුත් ආකල්ප වලින් වෙනස් වෙන්න ඔනේ අපිත් අපේ දේ රැක ගන්න ඕනේ (දී)
මේ මොකද වෙන්නේ ඒ ගමන? (නි)
ඉස්සන් මඟුරන් ලොකු වැලිගොව්වන් මේ දැන් අල්ලපු මාලු.... සත දහයක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගි අක්කේ... (නි)
බොල්ගොඩ ගඟ විශාල ප්‍රදේශයක් වටා පැතිරෙනවා.මේ අවට කර්මාන්ත ශාලා (මොරටුව,රත්මලාන, පිළියන්දල , බොරලැස්ගමුව) බොහොමයක් තිබෙනවා. ජලය බැසයාම සිදුවන්නේ නැහැ (නි)
මේ වගකිවයුත්තන් මොනවාද කරන්නේ? මේවා සොයා බලන්නේ නැද්ද? (නි)
බලන්න, මොනතරම් නම් අපරාධයක්ද? (නි)
කළුතර පැත්තෙන් තෙල් එනවා කිව්වේ? අනේ! තව විස්තර පළ කරන්නකෝ. (නි)
ලෝකය විනාශ වෙන්න පටන් ගන්නේ මෙහෙමද මන්දා? (නි)
මේ ගඟ බේරාදෙන්න (නි)
කළුතර පැත්තේ ඉඳන් එන්නේ කොහොමද? ගඟ මුහුදට වැටෙන්නේ කළුතරින්. එතකොට වතුර ගලන්නේ කළුතර පැත්තට නේද? (දී)
මට තේරෙන්නේ නැහැ. පස ධූෂණය වෙලා වකුගඩු රෝග. ගඟ අපිරිසිධු වෙලා මාළු මැරෙනවා. මේවා කෑවම මිනිස්සුන්ට නැති රෝග හැදෙන්න ඉඩ තියෙනවා. වගකිව යුතු බලධාරීන් මේවාදිහා බලල හරි නීතියකට වැඩ කරේ නැතිනම් අපේ රට වාසයට නුසුදුසු තත්වයකට පත්වෙනවා සිකුරුයි (දී)
ඔය අවට තියෙන කර්මාන්තශාලා වල අපද්‍රවය ටැංකි ඔක්කොම වැස්ස කාලෙට ගගට මුදාහරිනවා. මමත් ඉන්නෙ බොල්ගොඩ (දී)
සංජිව, ඔයා හරි. මට වැරදුනා. (දී)
මිනිස්සු මැරෙන්න කලින් සොයා බලන්න (දී)
මාළු ටික ඉක්මනින් විකුණා ගත්තේ නැතිනම් මේක ලංකාව නොවෙයි (දී)
නිසි කළමනාකරණයක් නැති සංවර්දනය පරිසරය හා සතා සිව්පාව විනාශ කරනවා. (දී)
බොල්ගොඩ ගග මුහුදට වැටෙන්නේ, පනදුරෙන්, එක අත්තක් එන්නේ කළුතර පැත්තෙන්, අනෙක් පැත්ත එන්නේ රත්මලාන පැත්තෙන්, දෙක එකතුවෙලා, පනදුරෙන් තමයි මුහුදට වැටෙන්නේ. (දී)
මේ ඉන්දික කියන කෙනා බොල්ගොඩ දැකලාවත් තියෙනවාද මන්දා. (නි)
පවු අහිංසක සත්තු! (නි)
වාර්තාව එනවිට කළුතර පැත්තෙන් එනවා කිව්ව තෙල් පාර අතුරුදහන් වෙයිද (දී)