IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බල්ගේරියා අන්තර්ජාතික ගණිත තරගයෙන් ලංකාවට රන් පිට රන්

 බල්ගේරියාවේ පැවති අන්තර්ජාතික ගණිත  තරඟාවලියෙන් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් ඇතුළුව  ජයග‍්‍රහණ රැසක්  දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් විය.

එම ජයග්‍රහණ හිමිකරගත් සිසු සිසුවියෝ අද දිවයිනට ආහ.

ශ‍්‍රී  ලංකාවට ජාත්‍යන්තර කිර්තියක් හිමි කර දෙමින් දිවයිනට පැමිණි  මෙම සිසු සිසුවියන්  අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්.එච්.එම් චිත‍්‍රානන්ද, ගණිත අංශයේ අධ්‍යක්ෂක බී.ඞී චිත්තානන්ද  බියන්විල සහ ගණිත ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා පී.පී  නිරෝශි  යන මහතම මහත්මීන් ඇතුළු ඔවුන්ගේ  දෙමවිපියන්  විසින්  කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී මල්දම් පළඳවා පිළිගනු  ලැබූහ.

අන්තර්ජාතික ගණිත  තරගාවලයකදී  ශ‍්‍රී ලංකාව රන් පදක්කම් හිමි කරගත්  ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර  කොළඹ රාජකීය විද්‍යාලයේ ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත,  ඇහැලියගොඩ  ජාතික පාසැලේ චාරුකා තිශාලා කුලතුංග  සහ  කොළඹ රාජකීය විද්‍යාලයේ  ඩබ්ලිව්.එම්.ඞී සදෙල් සංදීප රණසිංහ යන සිසුහු  මෙසේ රන් පදක්කම් හිමිකරගත්හ. මොවුන් මෙම රන්පදක්කම් හිමිකරගත්තේ වයස අවුරුදු 14 න් පහල වයස් කණ්ඩයේ ඒකල ඉසව්වෙනි.

එම වයස් කාණ්ඩයේම රිදි පදක්කම් ලාභීන් අතර කුරුණෑගල මලියදේව විදුහලේ ඩබ්ලිව්.ඒ.එම් සමිත යොහාන්, කොළඹ රාජකීය විද්‍යාලයේ කේ. අයුෂ ශාෂ්ත‍්‍රික ෆොන්සේකා සහ කුරුණෑගල මලියදේව විදුහලේ එච්.එම්.ඒ.වයි හේරත් යන සිසුහු වෙති.

මීට අමතරව එම වයස්  කණ්ඩයේම කණ්ඩායම් ඉසව්ව සඳහා ද ශ‍්‍රී ලංකාවට රන්පදක්කමක්  සහ ලෝකඩ පදක්කමක් හිමිවූ අතර  ඒ සඳහා  ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත, එච්.එම්.ඒ.වයි හේරත්, එච්.එම්.ඒ.කේ හේරත්, පියුමිණී කවීෂා රණසිංහ, චාරුකා කුළතුංග බංඩාර, ඩබ්ලිව්, එම්.ඞී සඳිල් සංදීප, යොහාන් සමිත  සහ අයුෂ ශාෂ්ත්‍රික එක් වූහ.

මෙහිදී  වයස අවුරදු 17 න් පහළ වයස් කණ්ඩයේ ඒකල ඉසව්වෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ රුවිමල් යසින්ත පතිරාජ,  කුරුණෑගල මලියදේව විදුහලේ මෙවන් නිලූමින්ද විජේවර්ධන සහ  ත‍්‍රිකුණාමලය ශාන්ත ජෝෂප් විදුහලේ ලව කුමාර් රිතිකේෂන් ලෝකඩ පදක්කම් හිමිකරගත්හ.

එම වයස්  කන්ඩයේ කණ්ඩායම් තරගාවලියෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වූ අතර ඒ සඳහා රුවිමල් යසින්ත පතිරාජ,මෙවන් නිලූමින්ද විජේවර්ධන, චේතන චතු ප‍්‍රභා, ශානුක කමේෂ් දොඩම්පේගම, අරුල් මොලිවර්මන් ක‍්‍රිෂාන්තන්, බාලයියා සනුජන්, ලව කුමාර් රිතික්සන් සහ ඉමාද් බදියුදීන් එක් වූහ.

මෙහිදී එච්.එම්.ඒ.කේ  හේරත්, මේනක චතුප‍්‍රභා, ශානුක තමේෂ්, බාලයියා සනුජන්  කුෂලතා සහතික හිමිකරගත්හ.

තරගාවලිය සඳහා රටවල් 36 ක සිසු සිසුවියෝ 1080 ක් සහභාගී වූ අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින්    සිසු සිසුවියෝ  16 දෙනෙකු  සංචාරය සදහා එක්වූහ.

 තරගාවලිය පසුගිය ජුනි 30 වෙනිදා සිට ජූලි 05 වෙනිද දක්වා බල්ගේරියාවේදී පැවැත්විණි.

 

වයස අවුරුදු 14 න් පහළ ඒකල ඉසව් රන් පදක්කම් ලාභීන්

14 න් පහළ ඒකල රිදී පදක්කම් ලාභීන්

17 න් පහළ ඒකල ලෝකඩ පදක්කම් ලාභීන් 

වයස අවුරුදු 14 න් පහළ කණ්ඩායම් රන් පදක්කම හිමිකරගත් කණ්ඩායම 

වයස අවුරුදු 14 න් පහළ කණ්ඩායම් ඉසව්ව සදහා  ලෝකඩ පදක්කම හිමිකර ගත් කණ්ඩායම

වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් ලෝකඩ පදක්කම් හිමිකරගත් කණ්ඩායම



අදහස් (0)

බල්ගේරියා අන්තර්ජාතික ගණිත තරගයෙන් ලංකාවට රන් පිට රන්

බණ්ඩාර කුවේට් Monday, 08 July 2013 09:16 AM

හරිම ආඩම්බරයි ඔබලාගේ දක්ෂතාවය ගැන. අනාගතයට සුභ පැතුම් (නි)

:       0       0

නාලක Monday, 08 July 2013 01:22 PM

ඔය තියන්නේ වැඩ.හරිම ආඩම්බරයි (දී)

:       0       0

මොහමඩ්- සෞදි Monday, 08 July 2013 09:47 AM

ජයගත් සැමට උණුසුම් සුභ පැතුම් සහ ලංකාවට දුන් ජයට ප්‍රණාමය!!! (නි)

:       0       0

කැලුම් Monday, 08 July 2013 10:15 AM

මගේ ඇසට කඳුළු ආවා මෙය දුටුවම. ඔබ සැමට වාසනා වේවා දුවේ පුතේ ! (නි)

:       0       0

චතුල වෙරෝනා Sunday, 07 July 2013 11:18 PM

රට බබලන මගේ දයාබර දූ පුතුන්ට ජාතියේ ගෞරවාදර ස්තූතිය හිමිවේවා. ඔබ සෑමට සියලු දෙවි පිහිටයි (ත)

:       0       0

කුමාර-3 Sunday, 07 July 2013 11:32 PM

ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් සියලු දෙනාට මගේ ප්‍රණාමය. (ත)

:       0       0

සිල්වා Monday, 08 July 2013 06:11 PM

මේක තමයි රටේ වාසනාව. ප්‍රයෝජනයට නොගැනීම තමයි අවාසනාව. මේ දරුවන්ගේ දෙමුපියන්ටත් දරුවන්ටත් බුදු සරණයි! (දී)

:       0       0

සුරංග ලක්මාල් Sunday, 07 July 2013 11:56 PM

ඔබ සියලුදෙනා ශ්‍රී ලංකාවට වාසනාවක් .ජය!(නදී)

:       0       0

ගාමිණී ගුණවර්ධන Monday, 08 July 2013 12:06 AM

මගේ ප්‍රණාමය ඔබේ සැමට.(නදී)

:       0       0

රීමා Monday, 08 July 2013 12:10 AM

අනාගත අපේ දූ දරුවන්ට ජයවේවා!(නදී)

:       0       0

නන්ද Monday, 08 July 2013 01:01 AM

අපේ මව්බිමට අවමාන කරන ,අපකීර්තිය ගෙනෙන දේශපාලන උන්මත්තකයන්ට හා ඔවුන්ගේ ගෝල බාලයන්ට මෙම දරුපැටවුන් ආදර්ශයක් වේවා! මෙම දුදරුවන්ට කාගේත් ආශිර්වාදය හිමි විය යුතුයි. (නි)

:       0       0

ශාන්ති Monday, 08 July 2013 01:02 AM

අර ගුවන් යානයේ දොර අරින්න ගිය දරුවාත් කොච්චර රටට ගෞරවයක් ගෙනාවද? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 08 July 2013 01:11 AM

සියලු දෙනාටම මගේ ප්‍රණාමය....!!! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 08 July 2013 11:16 AM

මුලින්ම මම සුබ පතනවා. ඒ වගේම ලෝකය බබළවන්න ඉස්සෙල්ල තමන් උපන්න රට බබළවන්න මේ පොඩි දරුවන්ට කියල දෙන්න ඕනේ. මේ ළමය ලොකු උනහම ඔවුන්ගෙන් මේ රටට ප්‍රයෝජනයක් ගන්න ක්‍රමයක් හදන්න ඕනේ. නැත්නම් ඔය වගේ ලෝකෙට වැඩ පෙන්නපු කොච්චර කෙල්ලෝ කොල්ලෝ මේ රටෙන් බිහි උනාද ? ඒ අය අද ඔක්කොම ඉන්නේ පිටරට. තමන් උපන් රට අමතක කරලා. (නදී)

:       0       0

හියුබට් Monday, 08 July 2013 01:17 AM

කියන්න බැරි තරම් සන්තෝෂයි. (නි)

:       0       0

සෑම් Monday, 08 July 2013 01:33 AM

එතකොට බ්‍රිටිෂ් එයාර්වේස් එකේ දොර ඇරලා ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනාපු එක ? (නි)

:       0       0

ලලිත් Monday, 08 July 2013 02:08 AM

කවදාක හරි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මෙවැනි අය මිස නින්දෙන් ඇවිදින අය නොවේ. (නි)

:       0       0

කොස්වත්ත Monday, 08 July 2013 02:35 AM

දයාබර දුදරුවන්ට මගේ ප්‍රණාමය.(නදී)

:       0       0

ජයන්ත Monday, 08 July 2013 03:02 AM

අපේ ගැමි දරුවන්ටත් හොඳ පහසුකම් ලැබෙනවා නම් ලෝකය බබළවන්න පුළුවන්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පහතට වැටුනු කාලයක වුවත් මෙහෙම දේවල් දකින්න අහන්න ලැබෙන්නේ ඒ දරුවන්ගේ,දෙමාපියන්ගේ සහ හොඳ අවංක ගුරු පියවරුන්/ මව්වරුන් ගේ පෞද්ගලික කැපවීම නිසයි. ඒ අයට ජාතියේ ගෞරවාදර ස්තූතිය හිමිවේවා (නි)

:       0       0

ම,අක්රම් සනූන් Tuesday, 09 July 2013 04:05 PM

හැමෝටම සුබ පෙතුම් (අ)

:       0       0

ධම්මික Monday, 08 July 2013 02:59 PM

දරුවන්ට උණුසුම් සුභ පැතුම්. ඔවුන්ට කරන්න පුළුවන් ලොකුම උපහාරය තමයි ඔවුන්ගෙන් රටට නිසි ප්‍රයෝජනයක් ගැනීම. නමුත් අද රට යන විදියට හිතන්න අමාරුයි.(නදී)

:       0       0

අබ්දුල්ලැහැ@ග්මිල්.චොම් Monday, 08 July 2013 11:46 AM

මට හරි ආඩම්බරයි රාජකීයයනි. දැන් මේ රෝයල් එකට බනින අය කෝ ? අනික් දරුවන්ටත් සුබ පැතුම් ! (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 08 July 2013 04:39 AM

දයාබර දුවේ පුතේ, මේ රටේ නියම උරුමක්කාරයින් ඔබ වැනි අවංක දක්ෂයන්ය. ඔබලා ලොකුවුනාම මේ නරුමයින්ගෙන් රට බේරාගෙන නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් බිහිකරන්න.(නදී)

:       0       0

දිනේෂ් Monday, 08 July 2013 05:18 AM

මේ වගේ ජයග්‍රහණ ගැන රටින් පිට ඉද්දි පුදුම සතුටක් දැනෙන්නේ. බුදු සරණයි ඔයාල ඔක්කොටම.(නදී)

:       0       0

මහීන් Monday, 08 July 2013 06:03 AM

පිටිගල,තව අවරුදු කීපයකින් මේ දරුවොත් රටින් පිට වෙලා යාවි. ඒකයි තිත්ත ඇත්ත පිටිගල (නි)

:       0       0

බමුණු Monday, 08 July 2013 06:37 AM

"අර ගුවන් යානයේ දොර අරින්න ගිය දරුවාත් කොච්චර රටට ගෞරවයක් ගෙනාවද?" ඔව් අහම්බෙන් හරි දොර අරුනා නම්. අහන්න දෙයක් නැහැ . පදක්කම් ගොඩක් ලැබෙනවා (නි)

:       0       0

බමුණු Monday, 08 July 2013 06:41 AM

පාලනය ඌරන්ට බල්ලන්ට හොරුන්ට ගියාම මේ ළමයි කොහොමද මෙරටේ නවතින්නේ. පෙනේනේ නැද්ද එක සැරේට ලක්ස 15යි.(නදී)

:       0       0

සෑම් Monday, 08 July 2013 07:13 AM

බොහොම හොදයි. බලන්න, මෙතන එකම එක දේශපාලුවෙක්ගේ ළමයෙක් ඉන්නවද කියලා. තාත්තලා අම්මලා රටෙන් හොරකම් කරන සල්ලිවලින් ඔවුන්ගේ මෝඩ පුතාලා දුවලා පිටරට යවලා කොලෙජේ වලින් සහතික අරගෙන විශ්ව විද්‍යාල වලින් ගත්ත හැටියට මවාපානවා විතරයි. නමුත් මේ දරුවන් රටටම ආඩම්බරයක්. හැබැයි දේශපාලුවෝ පුළුවන් නම් මේ දරුවන්ගේ සහතික ඔවුන්ගේ මෝඩ පුතාලා දුවලා ගත්ත හැටියට නම් වෙනස් කරාවි. මේක තමයි අද රටේ තත්වය. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 08 July 2013 07:20 AM

සද්දේ එපා. අපි කුරුණෑගල හරියේ. සියලුම දරුවන්ට , දෙමවුපියන්ට ,ගුරුවරුන්ට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

පාල Monday, 08 July 2013 03:32 PM

ප්‍රසන්න මහත්තයෝ, රට අමතක කරලා වෙන රටවලට ගියා කියනවාට වඩා නරකද? මේ රටේ ජනතාව ඡන්දෙ දෙන්නෙම බුද්දීමතුන්ගෙන් වැඩ නොගන්න පාලකයන්ට බැවින් ඔවුන් රට අතහැර යන තැනට පත් උනයි" කිවොත් හරි.(නදී)

:       0       0

ජෙරාඩ් Monday, 08 July 2013 07:31 AM

පළාත් සබා වලට ඉල්ලන ඇමති පුතුන්ට වඩා මේ දරුවන් කොච්චර නම් වටිනවද? (නි)

:       0       0

බමුණු Monday, 08 July 2013 07:39 AM

". පදක්කම් ගොඩක් ලැබෙනවා " පදක්කම් කොහොම වෙතත් පඩික්කම් නම් බොහොම ගොඩක් ලැබේවි.(නදී)

:       0       0

බමුණු Monday, 08 July 2013 07:41 AM

"තව අවරුදු කීපයකින් මේ දරුවොත් රටින් පිට වෙලා යාවි" ඔව් ඒ ළමයි කා වෙනුවෙන් වැඩ කරන්නද? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 08 July 2013 08:02 AM

කොහොමද අපේ ගණන්කාරයෝ. (නි)

:       0       0

සෙන්සා Monday, 08 July 2013 08:07 AM

ළමයින්ට තව තවත් ඉදිරියට යන්න අවශ්‍ය කරන මං පෙත් විවර කරමු.රටටම නොව ලොවටම වැඩදායි මෙම දරුවන්ව රැක ගනිමු. නිසි මග පෙන්වමු.ජය වේවා දරුවනි! (නි)

:       0       0

ලසන්ත Monday, 08 July 2013 08:25 AM

මේ පදක්කම් ගොඩක් අරන් දක්ෂකම් දැක්වුවේ නගරේ දරුවෝ නිසා කට්ටිය වැඩි සතුටක් ප්‍රකාශ කරලා නැහැ වගේ (නි)

:       0       0

සුපුන් Monday, 08 July 2013 08:27 AM

දරුවනේ, ඔය රටෙන් ඔය දක්ෂකමත් එක්කම පිටවෙලා චුතවෙලා යත්වා! ඕකේ හිටපු කිසි කෙනෙක්ට හරිගියේ නැහැ. බොරු ජාතිකවාදයක් මවාන දේශප්‍රේමයක් මවාන ඔය රටේ නැවතුන අය අදටත් ඇවඩමින් පිටිපස්සේ යනවා (නි)

:       0       0

ෆ්‍රී Monday, 08 July 2013 08:32 AM

බොහොම සන්තෝෂයි. සුබ පැතුම්! (නි)

:       0       0

අමිල - මෙල්බන් Monday, 08 July 2013 08:40 AM

මුලින්ම මේ දරුවන්ට සුබ පතනවා, මීට කලිනුත් මේ වගේ ගණිතයෙන් අපේ රටට පදක්කම හිමි වුනා. නමුත් ඒ ළමයින්ට මොකද වුනේ කියලා කවුරුත් දන්නේ නැහැ. ගණිතය කියන්නේ විශාල විෂයක්, ලංකාවේ ඇතුලේ එවැනි දෙයක් කරලා ඉදිරියට යන්න අවස්ථාවක් අපේ ළමයින්ට නැහැ. ඒක නිසා මේ දරුවන් ඉංජිනේරුවෝ වෙන එක විතරයි වෙන්නේ. අපේ රටෙනුත් මේ ලෝකයට නව දැනුමක් නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක් බිහි වුනොත් එදාට අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 0 0

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 116 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1059 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 207 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 908 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3621 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site