බල්ගේරියාවේ පැවති අන්තර්ජාතික ගණිත තරඟාවලියෙන් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් ඇතුළුව ජයග‍්‍රහණ රැසක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් විය.
එම ජයග්‍රහණ හිමිකරගත් සිසු සිසුවියෝ අද දිවයිනට ආහ.
ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර කිර්තියක් හිමි කර දෙමින් දිවයිනට පැමිණි මෙම සිසු සිසුවියන් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්.එච්.එම් චිත‍්‍රානන්ද, ගණිත අංශයේ අධ්‍යක්ෂක බී.ඞී චිත්තානන්ද බියන්විල සහ ගණිත ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා පී.පී නිරෝශි යන මහතම මහත්මීන් ඇතුළු ඔවුන්ගේ දෙමවිපියන් විසින් කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී මල්දම් පළඳවා පිළිගනු ලැබූහ.
අන්තර්ජාතික ගණිත තරගාවලයකදී ශ‍්‍රී ලංකාව රන් පදක්කම් හිමි කරගත් ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත, ඇහැලියගොඩ ජාතික පාසැලේ චාරුකා තිශාලා කුලතුංග සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ඩබ්ලිව්.එම්.ඞී සදෙල් සංදීප රණසිංහ යන සිසුහු මෙසේ රන් පදක්කම් හිමිකරගත්හ. මොවුන් මෙම රන්පදක්කම් හිමිකරගත්තේ වයස අවුරුදු 14 න් පහල වයස් කණ්ඩයේ ඒකල ඉසව්වෙනි.
එම වයස් කාණ්ඩයේම රිදි පදක්කම් ලාභීන් අතර කුරුණෑගල මලියදේව විදුහලේ ඩබ්ලිව්.ඒ.එම් සමිත යොහාන්, කොළඹ රාජකීය විද්‍යාලයේ කේ. අයුෂ ශාෂ්ත‍්‍රික ෆොන්සේකා සහ කුරුණෑගල මලියදේව විදුහලේ එච්.එම්.ඒ.වයි හේරත් යන සිසුහු වෙති.
මීට අමතරව එම වයස් කණ්ඩයේම කණ්ඩායම් ඉසව්ව සඳහා ද ශ‍්‍රී ලංකාවට රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිවූ අතර ඒ සඳහා ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත, එච්.එම්.ඒ.වයි හේරත්, එච්.එම්.ඒ.කේ හේරත්, පියුමිණී කවීෂා රණසිංහ, චාරුකා කුළතුංග බංඩාර, ඩබ්ලිව්, එම්.ඞී සඳිල් සංදීප, යොහාන් සමිත සහ අයුෂ ශාෂ්ත්‍රික එක් වූහ.
මෙහිදී වයස අවුරදු 17 න් පහළ වයස් කණ්ඩයේ ඒකල ඉසව්වෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ රුවිමල් යසින්ත පතිරාජ, කුරුණෑගල මලියදේව විදුහලේ මෙවන් නිලූමින්ද විජේවර්ධන සහ ත‍්‍රිකුණාමලය ශාන්ත ජෝෂප් විදුහලේ ලව කුමාර් රිතිකේෂන් ලෝකඩ පදක්කම් හිමිකරගත්හ.
එම වයස් කන්ඩයේ කණ්ඩායම් තරගාවලියෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වූ අතර ඒ සඳහා රුවිමල් යසින්ත පතිරාජ,මෙවන් නිලූමින්ද විජේවර්ධන, චේතන චතු ප‍්‍රභා, ශානුක කමේෂ් දොඩම්පේගම, අරුල් මොලිවර්මන් ක‍්‍රිෂාන්තන්, බාලයියා සනුජන්, ලව කුමාර් රිතික්සන් සහ ඉමාද් බදියුදීන් එක් වූහ.
මෙහිදී එච්.එම්.ඒ.කේ හේරත්, මේනක චතුප‍්‍රභා, ශානුක තමේෂ්, බාලයියා සනුජන් කුෂලතා සහතික හිමිකරගත්හ.
තරගාවලිය සඳහා රටවල් 36 ක සිසු සිසුවියෝ 1080 ක් සහභාගී වූ අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියෝ 16 දෙනෙකු සංචාරය සදහා එක්වූහ.
තරගාවලිය පසුගිය ජුනි 30 වෙනිදා සිට ජූලි 05 වෙනිද දක්වා බල්ගේරියාවේදී පැවැත්විණි.
වයස අවුරුදු 14 න් පහළ ඒකල ඉසව් රන් පදක්කම් ලාභීන්
14 න් පහළ ඒකල රිදී පදක්කම් ලාභීන්
17 න් පහළ ඒකල ලෝකඩ පදක්කම් ලාභීන්
වයස අවුරුදු 14 න් පහළ කණ්ඩායම් රන් පදක්කම හිමිකරගත් කණ්ඩායම
වයස අවුරුදු 14 න් පහළ කණ්ඩායම් ඉසව්ව සදහා ලෝකඩ පදක්කම හිමිකර ගත් කණ්ඩායම
වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් ලෝකඩ පදක්කම් හිමිකරගත් කණ්ඩායම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ආඩම්බරයි ඔබලාගේ දක්ෂතාවය ගැන. අනාගතයට සුභ පැතුම් (නි)
පළාත් සබා වලට ඉල්ලන ඇමති පුතුන්ට වඩා මේ දරුවන් කොච්චර නම් වටිනවද? (නි)
". පදක්කම් ගොඩක් ලැබෙනවා " පදක්කම් කොහොම වෙතත් පඩික්කම් නම් බොහොම ගොඩක් ලැබේවි.(නදී)
"තව අවරුදු කීපයකින් මේ දරුවොත් රටින් පිට වෙලා යාවි" ඔව් ඒ ළමයි කා වෙනුවෙන් වැඩ කරන්නද? (නි)
කොහොමද අපේ ගණන්කාරයෝ. (නි)
ළමයින්ට තව තවත් ඉදිරියට යන්න අවශ්‍ය කරන මං පෙත් විවර කරමු.රටටම නොව ලොවටම වැඩදායි මෙම දරුවන්ව රැක ගනිමු. නිසි මග පෙන්වමු.ජය වේවා දරුවනි! (නි)
මේ පදක්කම් ගොඩක් අරන් දක්ෂකම් දැක්වුවේ නගරේ දරුවෝ නිසා කට්ටිය වැඩි සතුටක් ප්‍රකාශ කරලා නැහැ වගේ (නි)
දරුවනේ, ඔය රටෙන් ඔය දක්ෂකමත් එක්කම පිටවෙලා චුතවෙලා යත්වා! ඕකේ හිටපු කිසි කෙනෙක්ට හරිගියේ නැහැ. බොරු ජාතිකවාදයක් මවාන දේශප්‍රේමයක් මවාන ඔය රටේ නැවතුන අය අදටත් ඇවඩමින් පිටිපස්සේ යනවා (නි)
බොහොම සන්තෝෂයි. සුබ පැතුම්! (නි)
මුලින්ම මේ දරුවන්ට සුබ පතනවා, මීට කලිනුත් මේ වගේ ගණිතයෙන් අපේ රටට පදක්කම හිමි වුනා. නමුත් ඒ ළමයින්ට මොකද වුනේ කියලා කවුරුත් දන්නේ නැහැ. ගණිතය කියන්නේ විශාල විෂයක්, ලංකාවේ ඇතුලේ එවැනි දෙයක් කරලා ඉදිරියට යන්න අවස්ථාවක් අපේ ළමයින්ට නැහැ. ඒක නිසා මේ දරුවන් ඉංජිනේරුවෝ වෙන එක විතරයි වෙන්නේ. අපේ රටෙනුත් මේ ලෝකයට නව දැනුමක් නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක් බිහි වුනොත් එදාට අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. (නි)
සද්දේ එපා. අපි කුරුණෑගල හරියේ. සියලුම දරුවන්ට , දෙමවුපියන්ට ,ගුරුවරුන්ට මගේ සුබ පැතුම්! (නි)
ජයගත් සැමට උණුසුම් සුභ පැතුම් සහ ලංකාවට දුන් ජයට ප්‍රණාමය!!! (නි)
මගේ ඇසට කඳුළු ආවා මෙය දුටුවම. ඔබ සැමට වාසනා වේවා දුවේ පුතේ ! (නි)
මුලින්ම මම සුබ පතනවා. ඒ වගේම ලෝකය බබළවන්න ඉස්සෙල්ල තමන් උපන්න රට බබළවන්න මේ පොඩි දරුවන්ට කියල දෙන්න ඕනේ. මේ ළමය ලොකු උනහම ඔවුන්ගෙන් මේ රටට ප්‍රයෝජනයක් ගන්න ක්‍රමයක් හදන්න ඕනේ. නැත්නම් ඔය වගේ ලෝකෙට වැඩ පෙන්නපු කොච්චර කෙල්ලෝ කොල්ලෝ මේ රටෙන් බිහි උනාද ? ඒ අය අද ඔක්කොම ඉන්නේ පිටරට. තමන් උපන් රට අමතක කරලා. (නදී)
මට හරි ආඩම්බරයි රාජකීයයනි. දැන් මේ රෝයල් එකට බනින අය කෝ ? අනික් දරුවන්ටත් සුබ පැතුම් ! (නි)
ඔය තියන්නේ වැඩ.හරිම ආඩම්බරයි (දී)
දරුවන්ට උණුසුම් සුභ පැතුම්. ඔවුන්ට කරන්න පුළුවන් ලොකුම උපහාරය තමයි ඔවුන්ගෙන් රටට නිසි ප්‍රයෝජනයක් ගැනීම. නමුත් අද රට යන විදියට හිතන්න අමාරුයි.(නදී)
ප්‍රසන්න මහත්තයෝ, රට අමතක කරලා වෙන රටවලට ගියා කියනවාට වඩා නරකද? මේ රටේ ජනතාව ඡන්දෙ දෙන්නෙම බුද්දීමතුන්ගෙන් වැඩ නොගන්න පාලකයන්ට බැවින් ඔවුන් රට අතහැර යන තැනට පත් උනයි" කිවොත් හරි.(නදී)
මේක තමයි රටේ වාසනාව. ප්‍රයෝජනයට නොගැනීම තමයි අවාසනාව. මේ දරුවන්ගේ දෙමුපියන්ටත් දරුවන්ටත් බුදු සරණයි! (දී)
හැමෝටම සුබ පෙතුම් (අ)
කවදාක හරි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මෙවැනි අය මිස නින්දෙන් ඇවිදින අය නොවේ. (නි)
ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් සියලු දෙනාට මගේ ප්‍රණාමය. (ත)
ඔබ සියලුදෙනා ශ්‍රී ලංකාවට වාසනාවක් .ජය!(නදී)
මගේ ප්‍රණාමය ඔබේ සැමට.(නදී)
අනාගත අපේ දූ දරුවන්ට ජයවේවා!(නදී)
අපේ මව්බිමට අවමාන කරන ,අපකීර්තිය ගෙනෙන දේශපාලන උන්මත්තකයන්ට හා ඔවුන්ගේ ගෝල බාලයන්ට මෙම දරුපැටවුන් ආදර්ශයක් වේවා! මෙම දුදරුවන්ට කාගේත් ආශිර්වාදය හිමි විය යුතුයි. (නි)
අර ගුවන් යානයේ දොර අරින්න ගිය දරුවාත් කොච්චර රටට ගෞරවයක් ගෙනාවද? (නි)
සියලු දෙනාටම මගේ ප්‍රණාමය....!!! (නි)
කියන්න බැරි තරම් සන්තෝෂයි. (නි)
එතකොට බ්‍රිටිෂ් එයාර්වේස් එකේ දොර ඇරලා ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනාපු එක ? (නි)
රට බබලන මගේ දයාබර දූ පුතුන්ට ජාතියේ ගෞරවාදර ස්තූතිය හිමිවේවා. ඔබ සෑමට සියලු දෙවි පිහිටයි (ත)
දයාබර දුදරුවන්ට මගේ ප්‍රණාමය.(නදී)
අපේ ගැමි දරුවන්ටත් හොඳ පහසුකම් ලැබෙනවා නම් ලෝකය බබළවන්න පුළුවන්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පහතට වැටුනු කාලයක වුවත් මෙහෙම දේවල් දකින්න අහන්න ලැබෙන්නේ ඒ දරුවන්ගේ,දෙමාපියන්ගේ සහ හොඳ අවංක ගුරු පියවරුන්/ මව්වරුන් ගේ පෞද්ගලික කැපවීම නිසයි. ඒ අයට ජාතියේ ගෞරවාදර ස්තූතිය හිමිවේවා (නි)
දයාබර දුවේ පුතේ, මේ රටේ නියම උරුමක්කාරයින් ඔබ වැනි අවංක දක්ෂයන්ය. ඔබලා ලොකුවුනාම මේ නරුමයින්ගෙන් රට බේරාගෙන නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් බිහිකරන්න.(නදී)
මේ වගේ ජයග්‍රහණ ගැන රටින් පිට ඉද්දි පුදුම සතුටක් දැනෙන්නේ. බුදු සරණයි ඔයාල ඔක්කොටම.(නදී)
පිටිගල,තව අවරුදු කීපයකින් මේ දරුවොත් රටින් පිට වෙලා යාවි. ඒකයි තිත්ත ඇත්ත පිටිගල (නි)
"අර ගුවන් යානයේ දොර අරින්න ගිය දරුවාත් කොච්චර රටට ගෞරවයක් ගෙනාවද?" ඔව් අහම්බෙන් හරි දොර අරුනා නම්. අහන්න දෙයක් නැහැ . පදක්කම් ගොඩක් ලැබෙනවා (නි)
පාලනය ඌරන්ට බල්ලන්ට හොරුන්ට ගියාම මේ ළමයි කොහොමද මෙරටේ නවතින්නේ. පෙනේනේ නැද්ද එක සැරේට ලක්ස 15යි.(නදී)
බොහොම හොදයි. බලන්න, මෙතන එකම එක දේශපාලුවෙක්ගේ ළමයෙක් ඉන්නවද කියලා. තාත්තලා අම්මලා රටෙන් හොරකම් කරන සල්ලිවලින් ඔවුන්ගේ මෝඩ පුතාලා දුවලා පිටරට යවලා කොලෙජේ වලින් සහතික අරගෙන විශ්ව විද්‍යාල වලින් ගත්ත හැටියට මවාපානවා විතරයි. නමුත් මේ දරුවන් රටටම ආඩම්බරයක්. හැබැයි දේශපාලුවෝ පුළුවන් නම් මේ දරුවන්ගේ සහතික ඔවුන්ගේ මෝඩ පුතාලා දුවලා ගත්ත හැටියට නම් වෙනස් කරාවි. මේක තමයි අද රටේ තත්වය. (නි)