IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බුලත් කොළෙන් පැරදුණු 6ක් ලැයිස්තුවෙන් ඇතුළට?

එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, නන්දිමිත්‍ර ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පක්ෂ ආරංචි කියයි.

මේ සියලු දෙනාම පසුගිය 17 වැනිදා මැතිවරණයේදී පරාජයට පත්වූවෝ වෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයක් පිරිසක් පක්ෂයේ සභාපතිද වන මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් තැන දිය යුතු බවයි.

ශ්‍රීලනිපයේ තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි 6ක් පිරවීමට ඉතිරිව ඇත.

පරාජිත අපේක්ෂකයන්ද ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීත්‍යනුකූල බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර කියා තිබුණි.

download-(8)

download-(9)

download-(10)

download-(11)

images-(13)

download-(12)

 

 

     



අදහස් (0)

බුලත් කොළෙන් පැරදුණු 6ක් ලැයිස්තුවෙන් ඇතුළට?

යහපාල Thursday, 20 August 2015 03:12 PM

ඡන්දෙන් පැරදුන මිනිස්සු ලිස්ට් එකෙන් දානවනම් මොන එහෙකටද ඡන්දයක් තිබ්බේ? නිකන්ම ඕන අය දාගන්න තිබුණනේ පක්ෂේ නායකයට.. අනේ මෙහෙමත් විකාර. (බ)

:       0       0

ශාන්ත Friday, 21 August 2015 03:40 AM

ජනාධිපතිතුමනි,ජනතාවගේ කැමැත්තට හිස නමලා පරාදවුණ කිසිකෙනෙකුට ආයේ ලිස්ට් එකෙන් නම් දෙන්න එපා.ඔබතුමා පිළිබඳ මිනිසුන්ට තිබෙන විශ්වාසය නැතිකරගන්න එපා. (නි)

:       0       0

විද්‍යා Thursday, 20 August 2015 03:15 PM

ඕකනේ කියන්නේ ලෝකෙන් උතුම් රට ලංකාව කියල. (බ)

:       0       0

ජනක Thursday, 20 August 2015 03:19 PM

ඕක මහින්ද කළා නම් තමයි බලාගන්න තිබ්බ කට්ටිය කියන කතා දැන් යහපලනයනී (බ)

:       0       0

ඩිල්ශාන් Friday, 21 August 2015 03:45 AM

දැනට පාර්ලිමේන්තුවේ ඉන්න හරකුන්ට තේරෙන්නේ නැද්ද මොවුන් මහජනයාට එපා වෙලා බව? (ම)

:       0       0

චමින්ද Thursday, 20 August 2015 03:25 PM

තුක් නෙදකින් මෙම්හෙමත් රටක් පරද්දලවත් මුන්ව ගෙදර යවන්න බැරි හැටි...කෝ යහපාලනය......මොකටද නිදහස් තීරණ ගන්න පුළුවන් කම තියන කියල කියන්නේ....මේක ජනතාවට ......ද්‍රෝහී වීමක්....නොවෙයිද.....(බ)

:       0       0

අනුශ්ක Thursday, 20 August 2015 03:32 PM

මොකටද එහෙනම් ඡන්දයක් තිබ්බේ? (නි)

:       0       0

ආසික් Friday, 21 August 2015 08:26 AM

ජාතික ලැයිස්තුවෙන් යැවිය යුතු වන්නේ උගත් බුද්ධිමත් මිනිස්සු (ම)

:       0       0

අසේල Thursday, 20 August 2015 03:33 PM

මේ වගේ අයට අකමැති නිසා තමා පැරදුනේ. ඉතින් ආයෙත් ජාතික ලැයිස්තුවෙන් ගන්නවා නම් ඡන්දයක් තියන්නේ මොකටද? හැමෝම කතාකරන්නේ නම් ජනතා කැමැත්ත ගැන (නි)

:       0       0

අමාලි Friday, 21 August 2015 04:02 AM

මට නම් මේවා අහන්නත් අප්‍රසන්නයි (නි)

:       0       0

දුමින්ද Thursday, 20 August 2015 03:37 PM

ජනතා මනාපය විහිළුවක්ද? (නි)

:       0       0

හර්ෂ Thursday, 20 August 2015 03:38 PM

මෙය කොහෙත්ම අනුමත කළනොහැකියි. මේ අය යවන්න ඕනෑ නම් මිනිස්සු ඡන්දෙ දෙනවා. (නි)

:       0       0

එමා Friday, 21 August 2015 08:31 AM

ඡන්දය අප සතු පරම අයිතියක් බව සිතා සිටියෙමි. එනිසා යහපත් සමාජයක් උදාකිරීමට සිතා එම ඡන්දය භාවිත කලෙමි.එසේ නොකිරීම අපරාධයක් බව අසා ඇත්තෙමි.නමුත් එසේ කලානන් හොදයයි දැන් සිතේ.රටේ අධ්‍යාපනය විනාශ කළ එස්.බී වැන්නවුන් ජනතාව ප්‍රතික්ෂේප කරද්දී නැවත කැදවා ගන්නේනම් මම පෞද්ගලිකව ලජ්ජා වෙමි.රටේ ඡන්ද දායකයන් වන අපව සහ අපගේ වටිනා ඡන්දය අවලංගු කාසි වී හමාරය. ඔබට ජය ශ්‍රී ජනපති තුමනි. සිතේ ඇතිවූ බලවත් කණගාටුව නිසා ලිව්වෙමි. නැවත මෙවන් පරිසරයක මාගේ ඡන්දය භාවිත කිරීමට අදහස් නොකරමි. ස්තුතියි. (ම)

:       0       0

නිමල් Thursday, 20 August 2015 03:45 PM

මේ හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවකට පත්කරන්න. මහජනතාව මෝඩයෝ කියලා හිතුවද දන්නේ නැහැ (නි)

:       0       0

මාලක Friday, 21 August 2015 04:17 AM

එස්.බි වැනි බුද්ධිමත් සහ දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුය. මිනිසුන් තේරූ සමහර පුස්සන්ට මෙවැනි පුද්ගලයන් වහ බව අපි දනිමු (නි)

:       0       0

චින්තන Thursday, 20 August 2015 03:48 PM

එතකොට අපිට බලාගන්න පුලුවන් කාගෙ කාගෙත් ඇත්ත මුහුණු (නි)

:       0       0

දිල්ෂාන්ත් Friday, 21 August 2015 04:19 AM

ජනාධිපතිතුමනි, ජනතා පරමාධිපත්‍යයෙන් පරාජය ලැබුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා. ජනතාව දුන්න තීන්දුවට හිස නමන්න. ජාතික ලැයිස්තුවෙන් රට ජනතාව පිළිගත් උගත් බුද්ධිමතුන්ට අවස්ථාව දෙන්න. ඒක යහපාලනයට හොඳ පිළිගැනීමක්. (නි)

:       0       0

දිලිප් Friday, 21 August 2015 04:20 AM

රනිල් මහතා නිවැරදි තීරණයක් ගත්තා. ඔහු ජනමතයට ගරු කළා. නමුත් එහි රෝසි සේනානායක මහත්මිය වැදගත්, වැඩක් කළ හැකි චරිතයක්. නමුත් යහපාලනය පිළිබඳ බලාපොරොත්තු බිඳින්නට ඔවුන් ඉඩ තිබ්බේ නැහැ. මෙහි එස් බී ඇමතිතුමා නම් පාර්ලිමේන්තු යවන්න සුදුසුම නැති කෙනෙක්. නමුත් මගේ මතය නම් මේ කිසිවෙකුට නැවත අවස්ථාව නොදියයුතු බවයි. (නි)

:       0       0

බන්දුල Thursday, 20 August 2015 03:54 PM

පැරදුනු අය පාර්ලිමේන්තුවට ලිස්ට් එකෙන් යැවීම ජනතා මතයට ගරු කිරීමක්ද? (නි)

:       0       0

දිසානායක Thursday, 20 August 2015 03:56 PM

අවස්ථාවක් ලබාදීම හොඳයි (නි)

:       0       0

හෆීල් Friday, 21 August 2015 04:27 AM

මම නම් හිතන්නේ නැහැ එස්.බී. වගේ අයව සම්බන්ධ කරගන්න එක යහපාලනයට හොඳයි කියලා. තවද මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට කරන අගෞරවයක් මේක. (නි)

:       0       0

සචිත් Thursday, 20 August 2015 04:00 PM

නියම යහපාලනය! (නි)

:       0       0

ගුණවර්ධන Friday, 21 August 2015 04:36 AM

යහපාලනය කියන්නේ ජනතාව එපා කියපු දේශපාලකයන් යළිත් පාර්ලිමේන්තුවට ගෙන ඒම නොවේ.යහපාලනය පිළිබඳ අදහස මෙය නම් එය රටට යහපතක් උදා නොකරයි.ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආදර්ශය බලන්න. කිව්වා. කිව්ව විදියටම කළා. අන්න එහෙමයි නියම මහත්වරු වැඩකරන විදිය (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 20 August 2015 04:03 PM

කියන්න කණගාටුයි... ඔය මුහුණු එකක්වත් අපි ජීවිත කාලය පුරා අමතක කරන්නේ නැහැ මහත්වරුනේ.. (නි)

:       0       0

කමල් Friday, 21 August 2015 04:41 AM

ජනතාවට අපි කිවුවා ජවිපෙට ඡන්දෙ දෙන්න කියලා... (නි)

:       0       0

කුමාර Friday, 21 August 2015 04:42 AM

එස්.බී. නැවත ගැනීම යහපාලනය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ නුවර ජනතාවටත් සමස්ත ශ්‍රී ලාංකීය යහපාලනයක් උදෙසා ඡන්දය භාවිතා කළ ජාතික හැඟීමක් ඇත්තවුන් හටත් කරනු ලබන මහා පාවාදීමකි.ජනපතිඳුනි, පක්ෂයේ හා ඔබතුමන්ගේ මතය පවත්වාගැනීම උදෙසා පක්ෂයේ එස් බී රඳවා ගන්න. එහෙත් පාර්ලිමේන්තුව තුළට එසේ කරන්නේ නම් එය සමස්ත ජාතියටම කරනු ලබන ගෞරවයකි. ජනපතිඳුනි, ඔබට දීර්ඝායු වේවා...!!!! (නි)

:       0       0

උපුල් Thursday, 20 August 2015 04:16 PM

එහෙනම් මහින්දවත් නැවත පත්කරන්න පුළුවන්නේ (නි)

:       0       0

ගාල්ලගේ Thursday, 20 August 2015 04:32 PM

ජනතාව එපා කිව්වා නම් මොකද ලිස්ට් එකෙන් යවන්නේ? සමරසිංහ මහත්තයා නම් කමක් නැහැ කියමු. ඔය අනෙක් කට්ටිය ගෙවල් වලට යැව්වහම මොකෝ. (නි)

:       0       0

රන්ජිත් Friday, 21 August 2015 04:49 AM

ගරු අගමැතිතුමනි, පසුගියදින අවසන්වූ මහා මැතිවරණයෙන් පසුව දැන් උදාවී තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කිරීමයි. ඉහත අයවලුන් සමඟ ගත් කල අප රුක්මන් සේනානායක මහතා වැනි වැදගත් නිහතමානී අල්ලසින් දුෂණයෙන් වංචාවෙන් තොරවූ ජනතා හිතවාදී මානව හිතවාදී මිනිසුන් පිවිතුරු පාර්ලිමේන්තුව සදහා යැවිය යුතුමය. මැතිවරණයට දින කිහිපයක් තිබියදී ඔහු කෑගල්ල දිස්ත්‍රික්කය සදහා පත්කරන ලද නමුත් වර්තමානයේ මෙන් ඔහු කිසිදින මනාප පසුපස හඹාගෙන ගිය අයකු නොවුණි. මෙම මැතිවරණයේදී අඩුම වශයෙන් ඔහුගේ මනාප අංකයවත් කිසිදු රැස්වීමක ඔහු සඳහන් නොකරන ලදී. ඔහු වැනි ගෞරවනීය දේශපාලනයක නිරතුරු යෙදෙන අයවලුන් සිටිය යුත්තේ කොතැනකද? දේශපාලනයට නොගැළපෙන අයවලුන් අතරේ ඔහු වැනි උගත් මිනිසුන් හට නිසි තැන ලබාදීම ඔබ සතු යුතුකමකි. ඔබගේ කාරුණික අවධානය යොමු කරනු මැනවි. (නි)

:       0       0

සිරි Friday, 21 August 2015 04:49 AM

මේකද යහපාලානය? මහින්ද සමරසිංහ නම් තව කමක් නැහැ (නි)

:       0       0

රවී Thursday, 20 August 2015 04:46 PM

එස්.බී. වැන්නෙක් නැවත පාර්ලිමේන්තු ගෙන ඒම තරුණ කොටස් වල අප්‍රසාද්‍යට හේතුවනු ඇත.සමාජ ජාලා වෙබ් අඩවි බැලුවොත් තේරෙයි. (නි)

:       0       0

කැටවල Thursday, 20 August 2015 04:58 PM

ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අය ගෙදර යැවිය යුතුයි ... (නි)

:       0       0

සම්පත්-ඩුබායි Thursday, 20 August 2015 05:06 PM

ඡන්දදායකයන් එපා කියලා එළවපු අය ඇයි නැවත පත්කරන්නේ? එතකොට මෙයාලව එළවන්න විදියක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

සුනිල් Thursday, 20 August 2015 05:19 PM

මගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙලා. පුරවැසියෙක් හැටියට මට සල්ලි නැහැ නඩු කියන්න. මම නීතිඥයෙකුත් නෙවෙයි මේ තීරණ වලට විරුද්ධව නඩුවක් දාන්න. මීටවඩා හොඳ මිනිස්සු නැද්ද රටේ? (නි)

:       0       0

විජේසුන්දර Thursday, 20 August 2015 05:21 PM

මෙවන් රටකට බුද්ධිමත් ඡන්දදායකයන්ගෙන් පලක් නැති බව පෙනේ. හැබැයි පැරදුනු මහින්ද ගෙදර ගිහින් නැවත දේශපාලනයට එන එක මහා බල තණ්හාවක් ලෙස සළකා නොයෙක් අවලාද එකවරක් දෙවරක් නොව ජනවාරි 8 වෙනිදා සිට අද දක්වාම කරගෙන ගිය සියලුම දෙනා දැන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදුනු අය කෙරෙහි දක්වන වෙනස් ආකාරය බල තණ්හාව නොවේද කියා කියන්න. ඉහත විස්තරය එක වැකියකින් කියන්නේ නම් කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කරගන්න න්‍යාය නොවේද මේ යහපාලකයන් ක්‍රියාත්මක කරන්නේ කියා නොතේරෙන්නේ කාහටද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 20 August 2015 05:23 PM

ගීතාටත් පැරදුන පියසේන ගමගේලා මොන හේතුවකට ලිස්ට් එකෙන් පත්කර ගන්නවද? (නි)

:       0       0

සෙව්මිණ Thursday, 20 August 2015 05:28 PM

මධ්‍යස්ථ තරුණයෙක් හැටියට මට පෙනෙන විදියට මනාප ක්‍රමයේ ඇති අඩුපාඩු මේවායි. හඳුන්නෙත්ති සහෝදරයාට හා රෝසිටද මෙම ක්‍රමය නිසා අසාධාරණයක් වී ඇත.මෙම පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටියයුතු අයයි. ගාල්ලෙන් පාර්ලිමේන්තු යවපු අය හා සසඳා බැලූවිට අපිට එහෙම සිතෙන එක සාධාරණය (නි)

:       0       0

කුමාර Thursday, 20 August 2015 05:35 PM

මෙහෙමත් රටක්! පැරදිලාවත් ගෙදර යවන්න බැරි හැටි? කෝ යහපාලනය.....? මොකටද නිදහස් තීරණ ගන්න පුළුවන්කම තියනවා කියලා කියන්නේ? මේක ජනතාවට ද්‍රෝහීවීමක් නොවෙයිද....? (නි)

:       0       0

අසෝකා Friday, 21 August 2015 09:39 AM

මහජන මුදල් නිකරුනේ වියදම් කලේ ඇයි? මෙහෙම පරාජිත අයව පත් කරනවා නම් ජන්දයක් තියන්න ඕනෙද? (ම)

:       0       0

ප්‍රමිලා Thursday, 20 August 2015 05:50 PM

ඡන්දෙ නොතියාම ඔයාලට කැමති අය දාගත්තා නම් ඉවරනේ! (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 21 August 2015 05:08 AM

පරාජය වුණ අය නැවත පාර්ලිමේන්තු යවන්න නම් රුපියල් කෝටි ගානක් වියදම් කරලා ජන්දයක් තිබ්බේ මොකටද? (ම)

:       0       0

සමන්ත Thursday, 20 August 2015 06:24 PM

හෙට තව මොනවා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 21 August 2015 05:09 AM

මෙතන ඉන්න කිසිම කෙනෙක් ඕනේ නැහැ. (ම)

:       0       0

පෙරේරා Thursday, 20 August 2015 06:39 PM

"පැරදුනත් දිනුම්" සංකල්පය විදහා දැක්වීමක්. (නි)

:       0       0

හර්ෂ Thursday, 20 August 2015 06:50 PM

අපිට මොකටද? අපි ඡන්දෙ දුන්නේ මේ පැරදුන අය ආයේ පාර්ලිමේන්තුවට යවන්නද? (නි)

:       0       0

නිරෝධා Friday, 21 August 2015 05:14 AM

එදා වගේ නොවෙයි අද මිනිස්සු බුද්ධිමත්. හැබැයි තව වසර 5කින් එ් බුද්ධිය මුහුකුරායන පිරිසක් ලංකාවේ වැඩිවෙන බව විශ්වාසයි. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 20 August 2015 07:02 PM

මීළග පාර්ලිමේන්තුවේ පළමුවන පනත වියයුත්තේ පරාජිත පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කිරීමට ඇති හැකියාව නතර කිරීමයි. එසේ නොවන්නේ නම් තමන් කැමති පුද්ගලයෙක් තෝරාගැනීමට හෝ ඉවත් කිරීමට ඡන්දදායකයට ඇති පරම අයිතිය උල්ලංගනය වන්නේය. (නි)

:       0       0

දුමින්ද Thursday, 20 August 2015 07:02 PM

හරිම කණගාටුයි මේ ගත් තීරණය ගැන.පැරදුනේ ජනතාවගේ තීරණය නිසා. (නි)

:       0       0

ටෝනි Thursday, 20 August 2015 07:13 PM

මේකටද යහපාලන ආණ්ඩුවක් ඇතිකළේ? මොනවද මේ කරන පිස්සු වැඩ? ජනතාව එපා කියපු අය ඇයි නැවත ගන්නේ... (නි)

:       0       0

දිනේෂා Thursday, 20 August 2015 07:34 PM

සදාචාරයට පටහැනි ක්‍රියාවක්. ඕනෑ ඕනෑ අය පාර්ලිමේන්තුවට යවන්න නෙමෙයි ලැයිස්තුව තිබෙන්නේ (නි)

:       0       0

ගයාන් Thursday, 20 August 2015 07:57 PM

මට නම් ඡන්දය දුන් එක ගැන දැන් දුකයි (නි)

:       0       0

තුෂාර Thursday, 20 August 2015 08:06 PM

මමත් මහින්දගේ පැත්තේ. නමුත් ජනතාව එපා කියනවා නම් ඇයි මේ අය ඇතුළට ගන්නේ? (නි)

:       0       0

සිසිරි Friday, 21 August 2015 05:25 AM

හොද අනාගතයක් (ම)

:       0       0

ඉරෝෂා Friday, 21 August 2015 05:25 AM

මෙහෙම ජාතික ලැයිස්තුවක් යහපාලනයෙන් අපි බලාපොරොත්තු වුණේ නැහැ. ඇත්තටම කණගාටුයි.අපේ බලාපොරොත්තු සුන් කරන්න එපා....... හිතන්න තවම පුළුවන්.........(ම)

:       0       0

රුවන් කොටුවෙල්ලේ Thursday, 20 August 2015 09:01 PM

සෑම ඡන්දයකට පසුවම ඡන්දදායකයාව අවමානයට ලක්කළා. මෙවරත් වෙනසක් නැත. (නි)

:       0       0

සඳරුවන් Thursday, 20 August 2015 11:02 AM

එස්.බී දිසානායක වැන්නවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සඳහා ජනවාරි 8 වැනිදා යහපාලනයක් උදෙසා ඡන්දය භාවිතා කළ අපි යහපාලනය අනුමත කළේ බදුල්ල රනිල් වික්‍රමසිංහයන්ට ලියා දෙමිනි...එහෙත්...සිදුවන්නේ අනෙකක් නම්...ජනාධිපතිතුමනි ,අගමැතුමනි අප තොපිලාට දුන්නු ඡන්දයෙන් ඵලක් නැත.. අනික් අයවලුන් කම් නැත...එස්.බි වැන්නෙකු යලිත් පාර්ලිමේන්තුවට යනවාට බහුතර ජනතාව අකමැතිය..ජාතික ලැයිස්තුව කෙසේ හෝ පිරවීමට අවශ්‍ය නම්..සමන්ත විද්‍යාරත්නයන්ට ඔබෙන් අවස්ථාවක් දෙන්න ජනාධිපතුමනි...වැරදි තීරණ ඔබගේ ජන අප්‍රසාදට හේතුවනු ඇත....(බ)

:       0       0

චතුර Thursday, 20 August 2015 09:36 PM

මොවුන්ව නැවත ගන්න එපා (නි)

:       0       0

ඩෙස්මන් Thursday, 20 August 2015 09:48 PM

හොඳ වැඩේ ඡන්දෙ දීපු අයට.තාම තේරෙන්නේ නැහැ ඔවුන්ට ඇත්ත (නි)

:       0       0

සමන් Thursday, 20 August 2015 11:33 AM

මේ ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන අය නේ (මහින්ද සමරසිංහ හැර ) යවන්න යවන්න ..(අ)

:       0       0

රෝහණ Thursday, 20 August 2015 10:18 PM

ජනතා පරමාධිපත්‍යයට ගරුකරන්න. නැත්නම් වෙනසක් නැත. (නි)

:       0       0

නිරෝෂි Friday, 21 August 2015 05:40 AM

මීට වඩා වැදගත් බුද්ධිමත් මිනිස්සු ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 21 August 2015 05:41 AM

ජනතාව ප්‍රතික්ෂේප කළ ජනමතයත් එක්ක කරන මේ සෙල්ලමට වැඩි ආයුෂ නම් නැහැ මහත්තයෝ... (නි)

:       0       0

චානක. ලොස් ඇන්ජලිස් Thursday, 20 August 2015 11:13 PM

මොකටද එහෙනම් මේ මනාපයක් ලකුණු කිරීමේ තේරුම? (නි)

:       0       0

වසන්ජය Friday, 21 August 2015 05:42 AM

පරාජිතයන් ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනොකර විද්වතුන් පත්කර ගන්න. සරත් එන්. සිල්වා මහතාත් සුදුසුයි (නි)

:       0       0

රණතුංග Thursday, 20 August 2015 11:22 PM

අපේ කතිරය කුමටද එහෙනම්? (නි)

:       0       0

කෝනාර Thursday, 20 August 2015 11:42 PM

මේ අය අහම්බෙන් පැරදුනා නෙමෙයි, හිතාමතාම ජනතාව පරද්දපු අය. ආයෙත් ගන්නවා කියන්නේ ජනතා මතයට පයින් ගැහුවා කියන එකයි. යහපාලනය වැඩ පටන්ගන්නේ මෙහෙම නම් අපිට දෙවියන්ගේම පිහිට තමයි. රනිල් වගේ එක ප්‍රතිපත්තියක් ඇතුව වැඩකරන්න. පැරදුනු අය ගන්න එපා.එපා...එපාමයි.... අනික මෙතන ඉන්න 99%ක්ම සතපහක වැඩක් නැහැ. ඒ පැත්තට මේ පැත්තට පැනලා තමන්ගේ බඩ වඩාගත්තා පමණයි. (නි)

:       0       0

සම්පත් Thursday, 20 August 2015 11:45 PM

ගන්නවා නම් ගන්න තියෙන්නේ සමරසිංහ මහත්තයා විතරයි. එයත් මහා ලොකුවට කළ දෙයක් නැහැ. ඒ නිසා ජනතාව ප්‍රතික්ෂේප කළා නම් ගෙදර ඉන්න කියන්න. මීට වඩා හොඳ තරුණ ජවයක් ඇති අයට ඉඩක් දෙන්න. (නි)

:       0       0

ලලිත් Thursday, 20 August 2015 11:47 PM

ජනතාව පැරැද්දුවේ එපා නිසා. ආයෙත් ගන්නවා කියන්නේ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්. ජනතාවට කොකා පෙන්විමක්. (නි)

:       0       0

සනත් ඉන්දික Thursday, 20 August 2015 11:55 AM

අයියෝ අපේ කතිරය ඇයි මේ ජනතාව ප්‍රතික්ෂේප කරන උදවිය නැවතත් පාර්ලිමේන්තුවට ගේන්නේ හැමෝම එකම වැරැද්ද කරන්නේ බලන්ගියම ජනතාව පුන්නක්කු කන්නේ (අ)

:       0       0

සඳුන් Thursday, 20 August 2015 11:49 PM

සත පහක වැඩක් නැහැ. ජනතාවට එපා නම් ආයේ වද්දගන්න එපා. එහෙම කළොත් ජනතාව ඊළඟ පාර එපා කියන්නේ මේ අයව නෙමෙයි, මේ වගේ අයව ආයෙත් ගත් අයවයි. (නි)

:       0       0

එච්. චමින්ද Thursday, 20 August 2015 11:56 AM

මහින්ද සමරසිංහ ජාතික ලයිස්තුවෙන් පත්විය යුතුයි (අ)

:       0       0

කරුණාදාස Thursday, 20 August 2015 11:52 PM

සම්ප්‍රදායික විධියට හිතලා අද කාලේ වැඩ කරන්න බැහැ කියලා මම කියනවා බුලත් කොළයට. එහෙම වුණොත් ජනතාව පිළිකුල් කරනවා. මොකටද මේ ජනතාව ඡන්දෙන් පරද්දපු අය ගන්නේ. කලින්ම ජාතික ලැයිස්තුවෙන් එන්න තිබුනනේ. මහා ලොකුවට ඡන්දෙට ඇවිල්ලා පැරදුනා. ආයේ කොහොමහරි රිංගගන්න බලනවා. රටට කරන්නද? අනේ මීට වඩා රටට කළ හැකි වියත් හා ජවය ඇති අය රටේ ඕනෑතරම් ඉන්නවා. ආයේ නම් ගන්න එපා. ජනතාව ඇස් ඇරගෙන බලාඉන්නවා මේ තීරණය ගැන (නි)

:       0       0

යමුනා Thursday, 20 August 2015 11:53 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද? අනේ ජනපතිතුමනි, ඔබ මීටවඩා ශක්තිමත් තීරණ ගත යුතුයි (නි)

:       0       0

සෑම් Thursday, 20 August 2015 12:02 PM

කවුරු හරි කියන්න බලන්න මේ අය පසු ගිය අවුරුදු 5 තුල රට වෙනුවෙන් කරපු හොඳ වැඩක්? (අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 20 August 2015 11:57 PM

"මහින්ද සමරසිංහ ජාතික ලැයිස්තුවෙන් පත්විය යුතුයි" කියන මහත්මයාගෙන් මම අහන්නේ, ඒ ඇයි කියලා. සමරසිංහ මහතත්යා මුලින්ම ජාතික ලැයිස්තුවෙන් එන්න තිබුනනේ. පැරදුනාම ආයේ එන්න ලැජ්ජාවක් නැද්ද ඇත්තටම. යූඑන්පී එකේ නම් පැරදුන අය ආයෙ ගන්නේ නැති ප්‍රතිපත්තිය මුලින්ම කිව්වා. (නි)

:       0       0

උපුල් Thursday, 20 August 2015 11:59 PM

අම්මපා ...! ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද? මොනවා ඇඳගෙනද දන්නේ නැහැ පාර්ලිමේන්තු යන්න හිතා ඉන්නේ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 21 August 2015 06:15 AM

එස්.බී එපා... එස්.බී එපා...එස්.බී එපා... (බ)

:       0       0

අතීෆ් Thursday, 20 August 2015 12:16 PM

මහින්ද සමරසිංහ වැනි දේශපාලඥයන් අවශයයි (නදී)

:       0       0

චාමි Friday, 21 August 2015 06:17 AM

ඔක්කොම වැඩක් නැති කට්ටිය. ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ආයිත් ගෙනාවොත් ජනතාවට කරන අපහාසයක් මේ ගොල්ලෝ එලවලාම දාන්න ඕන (බ)

:       0       0

මංගල Friday, 21 August 2015 01:21 AM

මෙයයි ලොකුම විහිළුව. කතිරය ගසන්න යන්නේ ඇයි එහෙනම් ජනතාව? (නි)

:       0       0

සුපුන් මධුරංග Friday, 21 August 2015 06:18 AM

සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේවත් මැදිහත් වෙලා මේකට විසඳුමක් දෙන්න ඇයි එස්බී වගේ මිනිස්සු නැවත ගන්න එපා කියන්න (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 12:24 PM

මේ ක්‍රමය අසාධාරණයි කියලයි මගේ නම් හැගීම.ජනතාව මොනයම් හෝ කෙනෙක් ප්‍රතික්ෂේප කළා නම් ඒ පුද්ගලයා ජාතික ලැයිස්තුවෙන් ගොඩ දැමීම අනුමත කල හැකිද.අඩුම තරමේ පරාජිතයෝ ජාතික ලැයිස්තුවෙන් එනවා නම් මෙයාලට අවම මනාප ප්‍රතිසතයක් හදුන්වා දියයුතුයි එහෙම ජාතික ලැයිස්තුවෙන් එන්නනම්.(අ)

:       0       0

ඩී.එම්.සී.එම් දිසානායක Thursday, 20 August 2015 12:27 PM

ඡන්දේ දීපූ අයට පස්ස පැත්ත කා ගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද ? (අ)

:       0       0

ජගත් Friday, 21 August 2015 06:22 AM

ඔසාමා පාර්ලිමේන්තුවට එව්වත් කමක් නෑ.....එස්.බී මහත්තයව එපා...(බ)

:       0       0

අනිල් මාතර Friday, 21 August 2015 01:42 AM

අපරාදේ ඡන්දයට ගිය වියදම! අපි අපටම ගහගන්නවා...... (නි)

:       0       0

චමිලා Friday, 21 August 2015 12:22 PM

මම කවදාවත් රනිල් මහතාට ඡන්දය දීලා නැහැ. නමුත් මේ වෙලාවේ එතුමා ඔය සන්ධානේ ඉන්න අයට වඩා දාහකින් හොඳයි. එතුමාට මගේ ආචාරය! (නි)

:       0       0

තුසිත Friday, 21 August 2015 01:45 AM

ඇයි කාන්තාවන්ට අඩු සැළකිළි? කාන්තා අයිතිවාසිකම් කෝ? (නි)

:       0       0

රම්‍යා Friday, 21 August 2015 06:27 AM

ජනාධිපතිතුමනි, එස්බීට තියෙන අකමැත්ත හොයලා බලන්නකෝ (ම)

:       0       0

මහින්ද Friday, 21 August 2015 06:32 AM

ජගත් කියන කතාව සහතික ඇත්ත.....ඔසාමා හොඳා එස්.බි ට වඩා......(ම)

:       0       0

ගමගේ Friday, 21 August 2015 02:14 AM

මේ අය මොන පක්ෂයේ වුණත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජ්‍යෙෂ්ඨයෝ. කුරුණෑගල මොකද වුණේ? මහින්දට මනාප දෙන්න කිව්වා. මනාප පොරේ නිසා එදා ඉඳලා දරදිය ඇදපු ශ්‍රී ලංකා එකේ අය ගෙදර ගියා. අද ඉඳලාවත් "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තමන්ගේ පක්ෂය පිරිසිදු කරගන්න උත්සාහ කරන්න. ඊළඟ ජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට වියහැකියි. (නි)

:       0       0

එස්.එස්.අබේරත්න Thursday, 20 August 2015 12:40 PM

විජිත් විජයමුණි සොයිසා මහත්මයා බිබිලට යම් කිසි සේවාවක් කරපු අයෙක් නමුත් කට සහ වටේ ඉන්න අය නිසයි පැරදුනේ (නදී)

:       0       0

සත්‍යයා Friday, 21 August 2015 02:18 AM

හරිම ලස්සන වැඩේ වුණේ. වහසි බස් දොඩවපු කෙනෙක් ජනතාව ප්‍රතික්ෂේප කළත් එයාව නොගෙන ඉන්න අමාරුයි වගේ.අනේ මගේ රටට ගිය කලක්! (නි)

:       0       0

ෆයිසාර් Friday, 21 August 2015 02:24 AM

ගන්න එපා. අලුත් මොළ ටිකක් යවන්න. මේගොල්ලන්ගේ දැන් මොළ වැඩ කරන්නේ නැහැ අලුත් දේවල් වලට (නි)

:       0       0

අවන්ත Friday, 21 August 2015 02:32 AM

ජනතා මනාපයේ වටිනාකම කුමක්ද? (නි)

:       0       0

රණසිංහ Friday, 21 August 2015 02:39 AM

කණගාටුයි. ඒ අතින් රනිල් මහත්තයාට මම සිය වාරයක් ගරු කරනවා. (නි)

:       0       0

ජයසිරි විදාන පතිරනගේ Thursday, 20 August 2015 12:53 PM

බණ්ඩාරගම ලලිත් එල්ලාවල පත් කරන්න (නදී)

:       0       0

රංගනී Friday, 21 August 2015 02:40 AM

එස්.බී.වගේ මහත්වරුත් නැවතත් පාර්ලිමේන්තුවට යවනවා නම් අපේ ඡන්දෙන් වැඩක් නැහැ නේද ජනාධිපතිතුමනි. මහින්ද සමරසිංහ නම් නැවත යවන්න ඕනෑ කෙනෙක්. (නි)

:       0       0

ගැමුණූ Friday, 21 August 2015 02:40 AM

මාතලේ නන්දිමිත්‍ර අනිවාර්යයෙන් පාර්ලිමෙන්තුවට ගතයුතුයි.එම තීන්දුවට ජනාධිපතිතුමාට මාතලේ අපේ ස්තුතිය! නන්දි මාතලේට වැඩක් කරපු නායකයෙක්.සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඔහු මාතලේට ගෙනාවා.මාතලේ රෝහල සියලු පහසුකමි සහිත රෝහලක් කළා.මාතලේ පොලිසිය සංවර්ධනය කළා.මාතලේට ජාත්‍යන්තර හොකී ක්‍රීඩාපිටියක් ලබාදුන්නා.මාතලේට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ලබාදුන්නා.සෑබැවටම ජනතා සේවයක් කළා ඔහු.මාතලේ අනිත් අය කළ වැඩක් නැහැ.මොහු මාතලේට ඇවැසි නායකයෙක්. (නි)

:       0       0

මහිලාල් Friday, 21 August 2015 02:42 AM

පැරදුනු අය ජාතික ලැයිස්තුවෙන් දැමිම ජනතා පරමාධිපත්‍යයට නිගාකිරීමක් ලෙසයි මම දකින්නේ (නි)

:       0       0

දේවින්ද Friday, 21 August 2015 06:48 AM

එකසත් ජාතික පෙරමුණ පත්කල ජාතික ලයිස්තුව දෙස බලන්න. (නදී)

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 21 August 2015 02:47 AM

පැරදුන අයව ගෙදර යවන්න. රටට වැඩක් කරන්න පුළුවන් උගත් බුද්ධිමත් අලුත් මුහුණු 12ක් පාර්ලිමේන්තු යවන්න. අවුරුදු ගානක් එකතැන පල්වුණ පරාජිතයන්ගේ කාලය ඉවරයි. ඔවුන් පාරජය වුණේ ජනතාවටවත් රටටවත් සෙතක් කිරීමට නොහැකිවුණ නිසයි. සන්ධානේ ඉන්න පළාත් සභා මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙන්න. මේ හයදෙනාටම නිවාඩු දෙන්න. (නි)

:       0       0

දොන් Friday, 21 August 2015 02:47 AM

ජනතා අයිතිය වෙනස් නොකරනු ....!!!! (නි)

:       0       0

පාල Friday, 21 August 2015 02:47 AM

ජනතාව එපා කිවුවා නම් මොකද ලිස්ට් එකෙන් යවන්නේ? (නි)

:       0       0

අසංක Thursday, 20 August 2015 01:20 PM

මේ අය පැරදුනා නෙමෙයි පැරැද්දුවා හිතාමතාම පහුගිය යහපාලන ආණ්ඩුවට සහයෝගය දුන්න නිසා. ඒකත් පලිගැනීමක්. ඉතින් ජාතික ලැයිස්තුවට යන්න ඹ්නේ. හැබයි එස් බි ඇර. (නදී)

:       0       0

අර්ජුන රණවන Friday, 21 August 2015 02:53 AM

එස්.බී. නම් ගන්න එපා (නි)

:       0       0

චන්න බුවනක Friday, 21 August 2015 07:08 AM

බලන්නකෝ රනිල්ගේ ජාතික ලැයිස්තුව. අන්න නියම නායකයෝ. (ම)

:       0       0

ශෂී Friday, 21 August 2015 07:09 AM

සමහර වෙලාවට රටගෙන , ප්‍රජාතාන්ත්‍රවාදය ගැන කළ කිරනවා (ම)

:       0       0

නිමල් Friday, 21 August 2015 02:58 AM

ගැමුණු, මේ සේරම කළේ එයාගේ පුද්ගලික මුදලින්ද? මට සල්ලි දෙනවා නම් මමත් හදන්නම්. (නි)

:       0       0

ටොම් Friday, 21 August 2015 02:59 AM

බලාගෙන ගියාම ,අන්තිමට පරාද වෙලා තිබෙන්නේ මේ රටේ ජනතාව. ඔවුන් පැරදුනත් දිනුම්. මොකටද මෙච්චර වියදම් කරලා ඡන්ද තියන්නේ?යු එන් පී එක නම් තීරණයක් අරගෙන,පරාද අයට ලැයිස්තුවෙන් නොදෙන්න.එයට ප්‍රණාමය! (නි)

:       0       0

කුමාරිහාමි Friday, 21 August 2015 03:09 AM

එස්.බී. ඇතුළට ගත්තොත් නැවත කිසිදා ශ්‍රීලනිපයට කතිරය ගහන්නේ නැහැ (නි)

:       0       0

මහේෂ් Thursday, 20 August 2015 02:00 PM

ජනතාව ප්‍රතික්ෂේප කළවුන් නැවතත් පාර්ලිමේන්තුවට යවන්නේ ඇයි? (නි)

:       0       0

ඉසුරු Friday, 21 August 2015 03:12 AM

පැරදුනා නම් ගෙදර යන්න (නි)

:       0       0

ශක්ති Friday, 21 August 2015 03:12 AM

මහින්ද සමරසිංහ අවශ්‍ය කෙනෙක්. සරත් ෆොන්සේකා මහතා වැනි අයටත් අවස්ථාවක් ලබාදිය යුතුය. අනෙකුත් පරාජිතයන්ට අවස්ථාව ලබාදී අපේ ඡන්දය හෑල්ලු නොකරනු! (නි)

:       0       0

විමුක්ති Friday, 21 August 2015 03:13 AM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 20 August 2015 02:05 PM

සියලු සන්ධාන නායකයින්ගෙන් හා මහින්ද මහතාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඡන්දයට සාධාරණත්වය ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියලයි (නි)

:       0       0

සචින්ත Thursday, 20 August 2015 02:07 PM

මිනිස්සු උදේ ඉඳලා අවුවේ පෝළිමේ ඉඳලා නිවාඩු දාගෙන කතිරය ගහන්නේ තමන්ට වැඩක් වන අයට. පරාද වෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරන අය. ඒ අය කවුරු වුණත් ජාතික ලැයිස්තුවෙන් ගැනීම වැරදියි. ඒක ජනතාවට කරන නිගාවක්.ජාතික ලැයිස්තුවට එන්න ඕනෑ බුද්ධිමත් පිළිගත් චරිතවත් දේශපාලන චරිත. මේක නොකළ යුතුම දෙයකි. (නි)

:       0       0

ගැමුණු Friday, 21 August 2015 03:18 AM

නිමල්,අපි මොඩයෝ නෙමෙයි.අපිත් දන්නවා නන්දිමිත්‍ර පුද්ගලික මුදල් වලින් නෙමෙයි කළේ කියලා.ඒ වගේම අපි දන්නවා පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් අයටත් මෙවැනි දේවල් කරන්න පුලුවන් කියලා.ඒත් ප්‍රශ්නේ එතුමා සමඟ මාතලේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු හිටියා.ඇයි එයාලට එහෙම කරන්න හිතුනේ නැත්තේ?එහෙම ජනතා සේවය කළයුතුයි කියලා හිතන අයයි අපිට ඕනෑ. තමන් ජනතාවගේ ඡන්දේ අරන් තමන්ට හෝටල් හදපු අය තමන්ගේ ව්‍යාපාර දියුණු කරගත්ත අය අතර සෑබැවටම ජනතාව වෙනුවෙන් සේවයක් කළ අය අඩුයි නිමල්. නමුත් ජනතා සේවය ප්‍රතිපත්තිය කරගත් නායකයෙක් ඔහු.ඔහු අපිට අවැසියි. (නි)

:       0       0

අසංක Friday, 21 August 2015 03:21 AM

මාතලෙන් නන්දිමිත්‍ර ගත්තට කමක් නැහැ.ඔහු සැබෑ දේශප්‍රේමි නායකයෙක්. ලෝකය දිනු උගතෙක්.88-89 කාලයේ පක්ෂය රැකගත් අවංක මිනිසෙක්.මාතලේට අපි දන්න විදිහට වැඩක් කළ එකම නායකයා.ඒත් එස්.බි.ගැන දෙපාරක් හිතන්න වෙයි. (නි)

:       0       0

සුරන් Friday, 21 August 2015 03:21 AM

මෙම සිදුවීම ජනතාවගේ මතයට පිටුපෑමකි. පසුගිය කාලේ ඒ ඒ පළාත්වලට සේවය නොකළ මන්ත්‍රීන්ව, අයථා ක්‍රියාවන්හි යෙදුන සමහර මන්ත්‍රීන්ව ජනතාව ප්‍රතික්ෂේපකර ඇත. එවැනි පුද්ගලයන් නැවත පාර්ලිමේන්තුවට යැවීමද යහපාලනය. (නි)

:       0       0

රොෂාන් Friday, 21 August 2015 03:22 AM

අපිට එපා හින්දනේ මේ කටිටියට ඡන්දෙ දුන්නෙ නැත්තේ? ඇයි ආයෙත් මේ? (නි)

:       0       0

ටිකිරි Friday, 21 August 2015 03:23 AM

අයියෝ අපේ අයිතිය! (නි)

:       0       0

දිල්හානි Friday, 21 August 2015 03:23 AM

අපි රනිල් මැතිඳුන්ට මෙවෙලේ හිස නමා ආචාර කරමු (නි)

:       0       0

සෙන්සා Friday, 21 August 2015 07:52 AM

වැරදි තීරණ දී ජනමතයට නිගා කිරීම හෙණ ගහන අපරාධයක්. (අ)

:       0       0

ලසන්ත Friday, 21 August 2015 03:26 AM

ප්‍රතික්ෂේපිතයන්ට අවස්ථා නොදී ජනතවගේ තීරණයට ගරු කරන බව පෙන්විය යුතු නේද? ඉදිරියේදී මනාප ක්‍රමයේ ඇති අඩුපාඩු නිවැරදි කර නව ක්‍රමයකට යා යුතු බවද පෙනේ. (ම)

:       0       0

ප්‍රසන්න Friday, 21 August 2015 03:33 AM

චන්ද්‍රිකාගෙන් අහලා පත්වීම් ටික දෙන්න.(ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 21 August 2015 08:08 AM

මේ පරාජිතයින් නැත්නම් තෝරන්න කෙනෙක් ජනාධිපතිතුමාට ඇත්තෙම නැද්ද? නිහඩ බුද්ධිමතුන් තෝරාගන්න. (ම)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 20 August 2015 02:55 PM

කියන්න කණගාටුයි... අප්‍රසන්නයි.... (නි)

:       0       0

විජයබාහු Thursday, 20 August 2015 02:55 PM

ඉතින් අසංක ජනතාවනේ පැරැද්දුවේ. වෙන කවුරුත් නොවේනේ. ජනතාව කැමති නම් පරද්දන්නේ නැතුව ඉන්න තිබුනා (නි)

:       0       0

නාරද Friday, 21 August 2015 03:36 AM

එස්.බී දිසානායක වැන්නවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සඳහා ජනවාරි 8 වැනිදා යහපාලනයක් උදෙසා ඡන්දය භාවිතා කළ අපි යහපාලනය අනුමත කළේ මේකටද? අපිට වහබොන්න තමා වෙන්නේ..... (නි)

:       0       0

ඩෙස්මන් Friday, 21 August 2015 03:40 AM

එයාලා පැරදුනත් දිනුම්! (නි)

:       0       0

කාශ්‍යප Thursday, 20 August 2015 03:10 PM

වෙන ඕනෑ වැඩක් කළාට කමක් නැහැ. මේ වගේ වැඩ නොකර ජනතාවට තීරණය කරන්න කියලා දැන් මේ මොකක්ද කරන්නෙ? (නි)

:       0       0

රේණු Friday, 21 August 2015 03:40 AM

මහජනතාව පරදී. සුපුරුදු ලෙස අතිඋතුම් දේශපාලනය දිනුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 223 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 857 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 199 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 14 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 414 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1596 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14588 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 182 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 145 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site